දෙහි කපලා තනි වුන නැන්දා

මේ සිදුවීම මීට අවුරුදු 36 කට කලින් වෙච්ච සිදුවීමක්... කියන්න ඕන ඒ වෙද්දි මම ඉපදිලානම් නෑ... ඒත් මේ කතාව අපේ අම්මා මට කියපු කතාවක්.

 ඒ වෙද්දි මීට අවුරුදු 36 කට කලින් අපේ අම්මට මුල්ම දරුවා ඒ කියන්නෙ අපේ ලොකු අක්කා ලැබිලා මාස දෙකයි. අපේ අම්මා ඉදලා තියෙන්නේ අම්මගේ මහ ගෙදර තමයි. ඒ කිට්ටුව තව නැන්දා කෙනෙක්ට අපේ ලොකු අක්කා ඉපදිලා මාස දෙකකට පස්සේ තව දුවෙක් ඉපදිලා.  ඒ
ලමයා ගෙදර එක්කගෙන ඇවිත් සති තුනකට පස්සේ ඒ නැන්දට උණ හැදිලා. ඉතින් ඒ කාලේ මොන දේටත් ඒ මිනිස්සු දෙවි කපනවලු . නූල් බදිනවලු.

ඉතින් මේ නැන්දටත් දෙහි කපලා නූල් බදින්න දවසක් රෑක ඒ ගෙදර මාමා ඇදුරෙක්ව එක්කගෙන ඇවිත්. එදා රෑ දෙහි කපලා නූල් කපලා ඉවර වුනාට පස්සේ ඇදුරා කෑම කන අතරතුර මේ නැන්දා කළුවරේ තනියම ගෙදර එහාපැත්තෙ තියෙන වැසිකිලියට ගිහින්. ටික වෙලාවක් ගියාට පස්සේ දෙහි කපපු ඇදුරා කෑම කාලා යන්න හදද්දි ගෙදර ඉන්න අර මාමත් ගියාලු ඇදුරව ගෙදරට ඇරලවලා එන්න .. එහෙම ගිහින් තියෙන්නෙ අර නැන්දයි පුංචි ලමයයි ගෙදර තනියම ඉද්දි . ඒ මාමා ඇදුරව ඇරවලා ගෙදර එද්දි ටිකක් දුරකින් වගේ ඇහුනලු පුංචි ලමයෙක් අඩනවා.

ඊට පස්සේ ගෙදර ඇවිත් බලද්දි එයාගෙ නෝනයි ලමයයි දෙන්නම ගෙදර නැහැලු..... හැමතැනම බලලා .. පස්සේ ගමේ කට්ටියත් එක්ක කදු කැළෑ පීර පීර හොයලා. ඉතින් එළිවෙන ජාමෙ 5ට විතර බට ගාලක ඒ නැන්දා සිහි නැතිව වැටිලා ඉන්නවලු. ඒ ලග බට ගාලේ ගහක අර පුංචි ලමයව එල්ලලා මරලා දාලා. කටේ බට කොලත් තිබුනලු.  පස්සේ සිහිය ආවට පස්සේ ඒ නැන්දට සිහියක් නැහැලු... ඉතින් ටික දවසක් ගියාට පස්සේ ඒ නැන්දා පිස්සුවෙන් අපේ ගෙදරට ඇවිත් අපේ අම්මගෙන් අපේ අක්කව ඉල්ලනවලු.. අපේ අම්මලා බයට ටික දවසක් අපේ ගෙදරින් ගිහින් හිටියලු.. ඊට මාසෙකට පස්සේ ඒ නැන්දත් එල්ලිලා මැරුනලු. අපේ ගමේ අය තාමත් කියන්නෙ ඒ දෙහි කපලා තනි වුන නිසා කියලා එහෙම දෙයක් වුනේ කියලා.


No comments:

Powered by Blogger.