කෙල්ලන්ට වැහෙන කලු යකා

මේකයි කතාව මේත් කටුවන මෑණියෝන්ගෙ වැඩක් මේ වැඩේ කලේ කටුවන 20 කනුවේ ඔයාල දන්නෙ නැතුව ඇති ඇඹිලිපිටිය කිට්ටුව තියෙන්නේ මේ අයගෙ නම් මට කියන්න බෑ මේ ගෙදර ඉන්නව කෙල්ලො දෙන්නෙක් එක්කෙනෙක්ට 22යි අනිත් අක්කා 28යි අක්ක බැදල ඉන්නෙ පට්ට සල්ලි කාරයෙක් හැබැයි උන්ට ලමයි නෑ නංගි තාම පාවෙනවා කොක්ක දාන්න හිතයි ඒත් බයයි මමත් ගියා ඉතින් මේ වැඩේ බලන්න ගියේ හවස 4ට විතර ගිහින් අපි පෙරේත තටු හදල ගොක්කොල
වලින් මන්ඩප්පයක් වගේ එකකුත් හැදුවා ඒ ගෙදර අය ඔක්කොම දේවල් හොයල මේ කෙල්ලගෙ ඇගේ ඉන්නෙ කලු යකා කලු යකා කියන්නෙ කාමයෙන් පිරිච්ච යකෙක් මමත් මැරුනු කාලෙක මෙහෙම පොරක් වෙයිද කියල මටම බයයි ඉතින් අපි කාල එහෙම වැඩේට බැස්සා ඒ කෙල්ල ඇදල හිටියේ දිග සුදු සායක් යටට තව අර කෙල්ලො නටන කොට අදින්නෙ ඒවගේ සුදු කලිසමක් ඉතින් ඉස්සෙල්ලා මෑනියෝ සාස්තරය කිව්වා ඔක්කොම ඇත්තලු එයාලට පුදුමයි ගෙදර නිතරම රන්ඩු වෙන ඒවා ඔක්කොම කිව්වම,උන්ට පුදුමයි උන්ට මෑනියෝ ගොඩක් හිතට ඇල්ලුවා පස්සෙ 7ට විතර රෑ වැඩේට බැස්සා මෑනියෝ දැන් නටනවා දෙරන කනවා හූ තියනවා ලග ඉන්න මනුස්සයො බය කරනවා බෙර සද්දෙට ගොඩක් මනුස්සයෝ ආවා දැන් ටිකක් වේලා මෑනියෝ නට නට ගිහින් මහා සද්දෙට කෑ ගහගෙන අර කෙල්ලගෙ ඇගට පනිනවා මට තව පොඩ්ඩෙන් චූ යනවා දුර හිටී මට චූ යන්න ගියානම් ලග හිටපු කෙල්ලට මොනව යන්න ඇද්ද දාන්නෝ දනිති 😂😂

 පස්සෙ අර කෙල්ල ආරුඩ උනා නටනවා පිස්සු හැදෙනවා පට්ට ලස්සනට නටනවා බලන් ඉන්න ආසයි කෙල්ල ආයෙත් කෙදිරි ගාගෙන බිම දිගෑරුනා මෑනියෝ දැන් කලු යකා වගේ මූන පුරා දැලි ගාගෙන කලු ඇදුමක් ඇදගෙන හූ තියාගෙන ගිනි හුල් පත්තු කරන් දිව ඇදගෙන නටාගෙන ආව අර කෙල්ල දුවන්න හදනවා ඒත් දුවන්න බෑ අම්මේ කියල කෑ ගහනවා ඒකි බය වෙලා හොදටම පස්සෙ අර මෑනියෝ සිගරැට් එකක් අරගෙන තටුවෙන් බොනවා කිරි කෑවා තලප කෑවා බය හිතෙනව දැක්කම දැන් අර මෑනියොන්ගෙ ඇගේ ඉන්න,කලු යකා කතා කරන්නේ මෙන්න,මෙහෙම ( මම කෙල්ලොන්ට ආසයි මම කෙල්ලො නානව හොලෙන් බලන්න ආසයි මට කිලි වෙච්ච කෙල්ලො බදාගන්න ආසයි ඉබින්න ආසයි මම ඉන්නෙ දිය කඩිති ගාව කෙල්ලො එනකන් බලාගෙන කිලි වෙච්ච කෙල්ලෙක් ආව,ගමන්,ඇගට පනිනවා මම මේ කෙල්ල නානව හැමදාම බලන් ඉන්නවා මට ආසයි මම ආඩරෙයි මට වඩාගන්න හිතෙනව ) කියලා විලාප දීගෙන අර කෙල්ල වඩාගෙන ඉම්බා මෑනියෝ ගෑනියෙක් නිසා ගෙදර අයටත් ගානක් නෑ පිරිමි ඇදුරෙක් වගේ එහෙම කලානම් අපිටත් ගුටි කන්න,තිබ්බා පුදුම වැඩේ කියන්නේ ඒ වෙලාවෙ මෑනියොන්ට පුදුම හයියක් තිබුනෙ අර කෙල්ල මහතයි ටිකක් කිසි ගානක් නැතුව ඉස්සුවා ආයෙත් අර මෑනියොන්ගෙ ඇගේ ඉන්න කලු යකා කතා කරනවා ( මම මේ කෙල්ලට ගොඩක් ආස හොතුනේ දවසල් ඉස්කොලේ ගිහින් එද්දි සුදු ගවමට ගොඩාක් ලස්සනයි මට ආස හිතුනා එතකොට කෙල්ල පොඩී මම ඉවසන් හිටියා පස්සෙ ආයෙ එතනින් එන,ගමන් බැදපු ඉරිගු කකා ආව මය ඊට වැඩිය සතිටක් නෑ මම පැන්නා ඇගට )

ඒ කතාව ඇත්තලු ඒ කෙල්ල එහෙම ඉරිගු කකා ඇල ලගින් ආවලු ( මම,හැමදාම මේ කෙල්ල නානව බලන් ඉදල සතුටු උනා මේ කෙල්ලයි මිනිහයි හොර වැඩේ කරනව බලන් හිටියා මම,ඇගේ ඉද්දි කොහොන්ද,බොල,තොපිට ලමයි කියල ඇහුවා අහල නට නට යනවා ) දැන් අපි එලියෙ පුටු තියාගෙන වාඩි වෙලා හිටියා හූ තියාගෙන අපේ පාරෙ අබවගෙන ආවා අපි දිව්වා ගෑනියෙක් උනත්,යකෙක්,නෙ,බන් බයට දිව්වා මටම,හිනයි අපි එක්ක ආපු මනුස්සයට බයේ අපි දුවනවා කෑලි ටිකකුත් හිටියා උන් හිනා උනා වස නෝන්ඩිය අපි රෑට බොන්න සිගරැට් ගෙනත් තියන් තිබ්බා මෑනියෝ අපි සිගරැට් බොනවට කැමති නෑ කුරුදු පැලයක් අස්සෙ.අපි හංගල තිබුනෙ සිගරැට් හත්තු දෙය්යනේ නට.නට ගිහින් අර සිගරැට් ටික ගත්ත අරන් ඔක්කොම පොඩි කරල දැම්මා ආරුඩ උනාම පෙනිලා කෝකටත් කියල කුඩු ටික ඇහිද.ගත්ත මම දැන් ආයෙත් අර කෙල්ල නටනවා මෑනියොත් නටනවා අර කෙල්ල හිනා වෙවී දුවන්න හදනවා මෑනියෝ කොන්ඩෙන් ඇදල ගන්නවා පස්සෙ දෙන්නම හොද සිහියට ආව කට්ටිය තේ බොනවා අපි කුරුදු කැලෑවට ගිහින් සිගරැට් කුඩු පත්තර.කොල වල ඔතන් බුව්වා රෑ 12 විතර වෙලා මොකුත් නොකර ඉන්න බෑනෙ පස්සෙ.

12 30ට වගේ ආයෙත් පටන් ගත්තා ආයෙත් නටල නටල කෙල්ලටම ඇති උනා පස්සෙ මෑනියෝ බුදු ගුණ වලින් කිව්වා පස්සෙ කලු යකා කුකුලගෙ ඇගට ගියා කුකුල දොරකඩ ලගින් තියල දුම්මල ගැහුවා මෑනියෝ තටුවට.පයින් ගහගෙන කුකුලත් අරගෙන දිව්වා අපිත් දුව්වා මෑනියෝ ගෑනු කෙනෙක් නිසා අපිත් දිව්වා බෙර ගහපු එකා හනික කහ වතුර ගෑවා හොද.සිහිය ආව අපිට කිව්වා අර.බෙර ගහපු මාම අර මෑනියෝ දුවන්න හැදුවෙ කලු යකා හිටපු ඇල ලගට එහෙමම අපි.නවත්තන්නෙ නැතුව දිව්වනම් මෑනියොන්ගේ බෙල්ල.කඩනවලු අම්මෝ.මයිල් කෙලින් උනා බයටම ඉතින් පහුවදා උදේ ගෙදර ආවා.දැන් අර කෙල්ල.අම්ම කෙනෙක් වෙන්න යනවලු මෑනියො බලන්නත් ඇවිත්  💐💐💐 කතාව ඉවරයි මේක කියවන කෙල්ලොන්ට.කියන්නෙ කොල්ලොන්ට අදාල.නෑ කෙල්ලනේ ඔයාල රෑ වෙලා ලිදවල් ලග ඇලවල් ලග නාන්න යන්න.එපා අජීර්ණ වෙන කෑම පාලු තැන් වල කන්න එපා ඔයාලට.අමුතු හැගීම් එනවනම් ගෙදර අය දැනුවත් කරන්න ඔන්න ඕකයි කතාව



No comments:

Powered by Blogger.