පෙරේත භන්ධනය

මේ කතාව සිද්ධ වෙන්නෙ 2015 එතකොට අපි ඕ ලෙවල්..
අනික තමයි මේක උනේ මට නෙමෙයි මගෙ යාලුවෙකුට මේකයි සීන් එක

මගෙ යාලුවෙකුගෙ නෑදෑයෙකුට (ඌ නම් කියන්නෙ ලොකු අම්ම කියල) ඉතිම් යාලුවගෙ ලොකු අම්මලගෙ ගෙදර තියෙනව හරක් පට්ටි ඒම
උදේට හරක් තනකොල තියෙන තැනක බැදල හවසට ලිහාගෙන ගෙනත් පට්ටියෙ ගාල් කරනව.. කතාවට අදාල නිසයි හරක් ගැන කියන්නෙ

ඉතිම් මේ යාලුවගෙ ලොකු අම්මලගෙ ගෙදරට වැලි තලප පාර්සලයක් හම්බවෙනව එයාලගෙ නෑදෑ කෙනෙකුගෙන් රාජාන්ගනේ තමයි ඒ නෑදෑයො ඉන්නෙ ⁣(මගෙ කතාවක් විදිහට මෙතනින් එහාට කියන්නම්) ලොකු අම්මල රාජාන්ගනේ ඉන්න නෑදෑයො එක්ක වැඩිය හිත හොද නෑ ඒ නිසා ඒ වැලි තලප ගෙදර කවුරැත් ඒව කාල නැහ් ලොකු නැන්ද විතරක් පෙරේත කමට කාල..

වෙනද වගේම ලොකු නැන්ද හරක් ටික ආපහු ගේන්න ගිහින් හවස් වෙලා.. දැන් හරක් ටික ගේන්න ගියපු ලොකු අම්ම රෑ හත අට වෙනකනුත් නෑලු ඊට පස්සෙ ගෙදර අය බය වෙලා හොයන්න ගිහින් ඒත් හරක් ටික ඉන්නවලු බැදපු තැන් වල ලොකු අම්ම නෑලු..

ඊට පස්සෙ එයාලගෙ ගෙදර අය මගෙ යාලුවගෙ ගෙදරටත් කෝල් කරල සංජු (මගෙ යාලුව) පොඩ්ඩක් එන්න ලොකු අම්ම ආගිය අතක් නෑ කියල යාලුවත් 3වීල් එකේ උන්ගෙ තාත්ත එක්ක ගියාලු ලොකු අම්මව හොයන්න...

කට්ටියම එයාව හෙව්වලු ඒත් යාලුවගෙ තාත්ත විතරක් යාලුවවයි ලොකු අම්මගෙ පුතාවයි එක්කගෙන ගිහින් කිලෝ මීටර් එකහමාරක් විතර ඈතින් හොයන්න ඇයි මේ පැත්තට යන්නෙ ඇහුවම තාත්ත කිව්වලු මට හිතෙනව මෙහෙම තමයි ඇත්තෙ කියල කිව්වලු...

යාලුවගෙ තාත්ත ගිහින් තියෙන්නෙ පාලු ගෙදරකට ඒක වහල දාල හුගක් කල්ලු දොරවල් එහෙම ඇරලලු තිබ්බෙ යද්දි යාලුවයි තාත්තයි යාලුවගෙ ලොකු අම්මගෙ පුතයිලු ඉන්නෙ දැන් තුන් දෙනා ඒ ගේ ගාවට ගිහින් යාලුවයි අයියයි ඇතුලට යන්න අදි මදි කරාලු කට්ට කරැවල නිසා පෝන් එකේ ටෝච් එකත් ඔන් කරගෙන යාලුවගෙ තාත්ත ඇතුලට ගිහින් තියෙනව ඇතුලෙ ගිහින් විනාඩියකින් විතර ඇවිත් කිව්වලු සංජු මෙහෙ කවුරැත් නෑ ආපහු යන් කියල...

කට්ටියම දැන් නැන්දව පාන්දර පහමාර විතර වෙනකම් හෙව්වලු ඒත් නෑලු අන්තිමට නැන්දගෙන් කෝල් එකක් ආවලු... කොහෙද ඉන්නෙ ඇහුවම කිව්වලු ඉන්න තැන... පුදුමෙ කියන්නෙ යාලුවයි තාත්තයි අර අයියයි කලින් දවසෙ රෑ හොයලු තැනමයි ඉදල තියෙන්නෙ ඉතිම් ගිහින් ලොකු නැන්දව එක්කන් ආවලු...

කොහෙද ඔය ගෙවල් අස්සෙ රිංගන්න ගියෙ කියල ගෙදර හැමෝම බැනල ඊට පස්සෙ නැන්ද කිව්වලු මං හරක් ටික ගේන්න ගියපු වෙලාවෙ මට පිටිපස්සෙන් කවුරැ හරි ඉන්නව වගේ දැනුන එතනින් එහාට මට කිසි දෙයක් මතක නෑ කියල...

පස්සෙ ප්‍රසිද්ධ කට්ටඬි නෝන කෙනෙක් ගෙන්නල ගෙදරට ඒ නෝන ඇවිත් කිව්වලු මෙයාට පෙරේතයෙක් බන්දල එවල තියෙනව වැලි තලප වල දාල ඔයාලගෙම නෑදෑයො කට්ටියක් ඉඩම් ආරවුලකට තමයි මෙහෙම කරල තියෙන්නෙ කිව්වලු... තව කිව්වලු මේකනම් ටිකක් අමාරැ වැඩක් මොකද මේක රොඩී දැහනක් කිව්වලු...

පස්සෙ මේක ඇගෙන් අයින් කරල දාමු කියල බිත්තර හතලිහකුයි දෙහියි ඔහොම මොනවද අඩුම කුඩුම වගයක් කියල තිබුන තොවිලෙට ඕනෙ කරන හෙට රෑට වැඩේ පටන් ගමු කිව්වලු කියල ඒ කට්ටඩි නෝන ලොකු අම්මගෙ අත පය කඩල දාල තියෙනව එහෙම තමයි මට කිව්වෙ ( ඇග ඇතුලෙ ඉන්න පෙරේතිගෙ) අත පය කඩල ගැටගහල මන්තර බලෙන්ම තමයි එහෙම කරල තියෙන්නෙ මමනම් දන්නෑලු ඕව ඉතිම් කතාව ලියනව විතරයි...

එහෙම ගැටහල ගෙදර සාලෙ අයිනක දැන් මේ පෙරේති වැහිල ඉන්න ලොකු නැන්ද ගුලි වෙලා වගේ ඉන්නවලු ඒ කට්ටඩි නෝන කියල තියෙනව කන්න බොන්න දෙන්න ලං උනාට කමක් නෑ කවුරැවත් මෙයාව අල්ලන්න එපා කිව්වලු ඉතිම් ගෙදර කවුරැත් මෙයාව අල්ලල නෑ පහුවදා වැඩේට ලෑස්ති වෙලා යාලුව කිව්ව විදිහට මේ තොවිලෙට හතලිස් දාහක බඩු ගෙනාවලු කට්ටඩි කුලිය පනස් දාහක් කිව්ව.. ලොල් මාසයක් කාල බීල ඉන්න තිබ්බ සල්ලි..

දැන් වැඩේ පටන් ගන්න නියමිත දවසෙ හවස මගෙ යාලුවයි තව කොල්ලො දෙන්නෙකුයි හරක් ටික ගේන්න ගිහින් තියෙනව මේක හින්ද හරක් බඩගින්නෙ තියන්න පලුවන් වැහ් යන්න හදද්දිම "හරක් ටික ගේන්න නේද පොන්@$& තුන් දෙනා යන්නෙ" කියල අර පෙරේති ඇහුවලු අරෑට කට උත්තරලු නෑලු ලොල්..

ඊට පස්සෙ හරක් ටික ඒම ගෙනාවට පස්සෙ යාලුවගෙන් යාලුවගෙ අම්ම අහල තියෙනව පුතේ අයිය කොහෙද ගියෙ කියල (යාලුවගෙම අයිය) ඊට පස්සෙ එක පාරට පෙරේති කිව්වලු "තොගෙ ලොකු එකා දේවාලෙ ගියා මාව අයින් කරන්න හහ් බලමු කරන හැටි" කියල ගෙරෙව්වලු (අයිය ගිහින් තියෙන්නෙ කට්ටඩි මෑනියො එක්ක එන්න 3වීල් එකේ)

කොහොම හරි මෑණියො ඇවිත් වැඩේ පටන් ගන්න අඩුම කුඩුම සේරම රැස් කරල පටන් ගන්න වෙලාව ආවම මන්තර අනන්මනම් කියල දුම්මල ගහනවලු ගෝලය බෙර ගහනවලු මෑනියො මන්තර කියන අතරෙ ඔය වෙලාවෙම පෙරේති හයියෙන් හිනා උනාලු වෙලා කිව්වලු තොපිට මාව යවන්නත් බෑ මට යන්නත් බෑ කියල මෑණියො කිව්වලු තෝ වගේ ඕනෙ තරම් උන් එක්ක හැප්පිලා තියෙනව අපි බලමු කියල ඒ ඇයි කියනවනම් මෑණියො යාලුවගෙ තාත්ත එක්ක කිව්වලු "මේක ලේසියෙන් කඩන්න පුලුවන් බණ්ඩනයක් නෙමෙයි මේක තමයි මං කරන්න අත ගහපු අමාරැව වැඩේ මේක රොඩී දැහනක් කොහොම හරි මේකිව යවනව නැත්නම් මං දේවාලෙ වහනව" කියල....

කොහොම හරි දැන් පෙරේති ලගට ගිහින් මෑනියො ඒකිගෙ ඇගට දුම්මල ගැහුවම මේකි කියනවලු පුච්චන්න එපා මාව මට යන්න බෑ පුච්චන්න එපා කියල මෑනියො කිව්වලු තෝ ගියෙ නැත්නම් පුච්චල මරනව කියල ආයෙ දුම්මල ගහල ඊට පස්සෙ පෙරේතිගෙ කට අඩු උනාලු ඒකි කියනවලු මාව වැලි තලප වල බන්දල එවුවෙ මට යන්න වුවමනාව තිබ්බත් යන්න බැරි වෙන විදිහට බැදල කිව්වලු....
මෑනියො කිව්වලු මං තෝව යවන්නම් තෝව කොහෙ ඉදලද මේ පරානෙට බැන්දුවෙ ඇහුවම උපන්ගම මීගමුව කියල විස්තර කියල එකපාරට මේ පරාන කූඩුවට ඇදිල ආව මට කියන විදිහටයි මම වැඩ කරන්නෙ කිව්වලු...

තොට කුකුල් බිල්ලක් දෙන්නම් පලයන් කිව්වම ගෑනි හිනා වෙලා යාලුවගෙ ⁣තාත්ත දිහා බලල කිව්වලු "තෝ ඊයෙ මාව හොයන්න ආවෙ බීල නේද... තෝ තාම පොඩි වැඩියි නැත්නම් මං තෝව එවෙලෙ බය කරනව" කිව්වලු තව කිව්වලු "මං තොගෙන් මාව වහන් කරල තිබ්බෙ මාව බණ්දපු කෙනා මට කතා කරා එවෙලෙ මං මේකිගෙන් අයින් උනා ඊට පස්සෙ තමයි මේකි උඹලට කෝල් කරල තියෙන්නෙ කිව්වලු...."

අන්තිමට මතුරල මතුරල පාන්දර හතර විතර වෙද්දි කුකුල් බිල්ල අරන් යන්න කැමති වෙලා තියෙනව ඒ වුනාට බිල්ල විතරක් මදි කිව්වලු උනුවෙන් බත් හැලියකුත් ඕනෙ කිව්වලුබත් හැලියත් මේක උනුවෙන්ම කාල බලාගෙන හිටිය උන්ට හිතා ගන්න බෑලු ඊට පස්සෙ කුකුලගෙ කරමල පිහියක අගිස්සෙන් විදල ලේ ටික බොන්න දීල කුකුල මැරිල වැටෙනකම්ම ලේ බීල තමයි ගිහින් තියෙන්නෙ...

ඔන්න ඕකයි කතාව

No comments:

Powered by Blogger.