මියෙන අයගේ අවතාර (හොල්මන් ආවේශ සහ යලි උපත )

මට වයස පහළොවේදී විතර මං එංගලන්තයේ දොස්තර ජී ගේ ගෙදර ගියා.එහිදී එයාගේ ඤාතී සහෝදරයෙක් (බර්ටි) සිටියා.අවුරුදු දාහතරක් විතර වයසැති .මං එයත් එක්ක මිතුරු උනා.අපි දෙන්නා වෙන් කරන්න බැරි තරමට යාළුවෝ උනා.

එක් රාත්‍රියක දොස්තර ජී ට බර්ටි බලන්න යන්න සිදු උනා.බර්ටි ට හොදටම අසනීප වෙලා.පෙණහලු ඉදිමිලා .ඒ අසරණ කොලුවා පහුවදා
රාත්‍රියේ මැරුණා.මට ඒ අය කියුවේ නැහැ එයාගේ අසාධ්‍ය තත්වය ගැන.ඒ නිසා වෙන්න ඇති වෙන්න යන අන්තරාය ගැන මම නොදැන සිටියේ.

එයා මැරුන රාත්‍රියේ මම සාලයේ ගිනි මැලයේ ආධාරයෙන් පොතක් කියවමිනුයි සිටියේ.එතකොටම බර්ටි ....ඇවිදගෙන ආවා.මං එකපාරටම නැගිටලා එයාට ගිනිමැලය ලග අත්පුටුවක් දෙන්න හැදුවේ.එයාට හීතල වගේ දැනුනේ.එයා දිගු කබායක් ඇදගෙන හිටියෙත් නැහැ .එතකොටම හිම වැටෙනවා.මං එයාට බනින්න ගත්තා හරියට උනුහුමක් නැතිව මේ සීතලේ ආවාට.එයා කතා නැතුව අත් දෙක පපුවට තියාගෙන ඔළුව හෙලෙව්වා.මං හිතුවේ එයාගේ හෙම්බිරිස්සාව පපුවේ කියලා.එයාට ඒක නිසා කතා කරන්න බැහැ කියලයි මං හිතුවේ .ඉතිං මං ආයෙත් සැර කරා එයාට.

එයාගේ මුරණ්ඩු කමට.එයා කාමරය හරහා ගිනි පෙදෙසේ අනෙක් පසට ගිහින් එතැන වාඩි උනා.එයාට කතා කරන්න අපහසු නිසා මම හිතාමතාම ප්‍රශ්න නොකර හිටියා.එයාට කතා කරන්න පහසු වෙනකම්ම මම විතරක් කතා කරා.සාමාන්‍ය පෙනුමෙන් වෙන කිසිම අමුත්තක මට පෙනුනේ නැහැ .එකම වෙනසයි.සුදුමැලි පාට.නිහඪතාවයයි.

දොස්තර ජී ඇවිත් මගෙන් ඇහුවා කාටද කතා කරේ කියලා.මං කියුවා 'අර වෙහෙස උන ලමයාට කෝටි එකකුත් නැතුව.එයාට කතා කරන්නත් බැහැ.එයාට හොදටම හෙම්බිරිස්සාව .එයාට කබායක් දීලා එයාව ගෙදර යවන්න ' කියලා.

ඒත් ඒ වනවිට බර්ටි මිය ගිහින් අඩපැයකි.ඔහුගේ සිරුර කට්ටි කීපයකින් ඈත උවද,ඔහුගේ අවතාරය කොතරම් ජීවමාන වූයේද යත් ඔහුගේ මිතුරා ජීවතුන් අතර නොවෙන බව දැන ඔහු හා මිනිත්තු පහක් පමණ කතා කලේය.





No comments:

Powered by Blogger.