බිත්තර සුවදට ගෙදරට ආ කොට කුරුම්ට්ටා

මෙ සිද්ධිය වෙද්දී මට අවුරුදු 14යි.

දවසක් රැ 9.00 විතර අම්මා කන්න කථාකළා ..එදා මට බිත්තර කන්න හිතුණා . අම්මාගෙන් ඇහුවා බිත්තර තියෙනවාද කියලා . ඔව් කිව්වට පස්සෙ මම කුස්සියට ගිහින් තනියම ඔම්ලට් එකක් හඩගත්තා.

මම සාලෙට අවිත් බතුත් කාලා ටීවි එකත් බලලා නිදියන්න ගියා .
මම නිදියන්නෙ තාත්තාගාව. ගෙදර හැමොම නිදි. වෙලාව 11.30යි අපි
ඉන්න කබරෙට සාලෙ පෙනවා. මෙට්ටෙ බිම දාගෙන තමයි නිදියන්නෙ.තාත්ත මෙට්ටෙ ,මම එතනම බිම.පුන්චි කාලෙ ඉදන් පුරුදු වෙලා.

මන් එදා අහරගෙන නින්ද යනකල් කල්පනා කර කර හිටියෙ. නයිට් බල්බයත් දාලා තිබ්බෙ කාබරයට හොදට එලිය වටිලා.

ඔන්න ටික වෙලාවක් යද්දී මට පේනවා ඔලුවට උල් තොප්පියක් දාගෙන ,කොට කුරුම්ට්ටෙක් ,හරිම කතයි...විරුපියි ....මම බය උන පාර දාඩිය දාගෙන ආව තත්පරයට . ඔන්න එ හොල්මන් මිනිහා ටික ටික මෙට්ටෙ ලගට ආව.

හරියට මහත මිනිස්සු අමාරුවෙන් අවිදින්නෙ එ වගෙ .
මම තාත්තගෙ අස්සට ගියා. අඩියක් උසති එ මිනිහා . මෙන්න මු මෙට්ටෙට අමරුවෙන් නගිනවා. මගෙ පපුවේ සද්දෙ පිටට දොන්කාරය වගෙ.බාගෙට පෙරවන් හිටපු ශිට් එක ඔලුවෙ ඉදන් දාගත්තා. එවෙලෙම මගෙ එක කකුලකින් තාත්තාට ගහගෙන ගහගෙන ගියා. ඔන්න තාත්තා මට බනින්න පටන්ගත්ත. එක පරම රෙද්ද අහකට ගත්තා ඌ ඉන්නවද බලන්න ඌ අතුරුදන් .....
එ වෙලෙ ඉදලා ගෙදර අයියලා ,අක්කලා හැමෝම බයවෙලා .ඊටපස්සෙ මට නින්ද යනකල් අම්මාට නිදියන්න දුන්නේ න.

ඔන්න පහුවදා උදෙ හොදටම උන.....
අම්මා කියනවා පාන්දර 3.00ට මම හිනෙන් ගිහිල්ලා ලිපෙ අලු අතගානවලු.ඊට පස්සෙ තෙත් කරපු ගොනි තියල දොරවල් ලග.

මට නුලකුත් දාලා .
මා බියටපත් අවස්ථාව කියවා අවසන් කල යලුවන්ට ස්තුතිය ......


No comments:

Powered by Blogger.