බිරින්දෑගේ ආත්මය මධුසමයට එයි

සීතල මීදුම අතරින් පතිත වන ආලෝක කිරණ නිලීකාගේ ඇද මතට පතිතවන්නට විය. තවත් අලූත් දවසක් උදා වී ඇත. නිලීකාට නම් එය ඇත්තෙන්ම අලූත් දිනයකි. ඒ, ඇය පිරිමියකු සමග එකම යහනක සැතපුණු දෙවැනි දිනයයි. පළමු දිනය වූයේ පෙර දා රාත‍්‍රියයි. විවාහ චාරිත‍්‍ර නිම කර මධුසමය ගත කරන්නට කොළඹ සිට නුවර හෝටලයකට
පැමිණෙනවිටත් රාත‍්‍රිය එළඹී තිබුණි. අධික වෙහෙස හේතුවෙන් ඔවුනට ආදරයෙන් කතා කරමින් ඔවුනොවුන් හදුනාගැනීමට තරම්වත් කාලයක් පියවි ලෝකයේ සිටින්නට නොහැකි වූයේ අධික වෙහෙසක් සමග ඔවුන් නින්දට වැටිණි.

අශෝක - නිලීකා විවාහය සිදුවන්නේ මවුපිය යෝජනාවක් මතය.හිරු එළිය ඇදට පතිත වුවත්, ඇගට දැනෙන්නා වූ තරමක අපහසුව හේතුවෙන් ඇය ඇෙදන් නැගිටින්නට සිතුවේ නැත. නාන කාමරය දෙසින් ඇසෙන ශබ්ද හේතුවෙන් අශෝක කලින් නැගිට ඇති බව ඇයට සිතුණි. ඇයගේ පපුව හා කලවා ප‍්‍රදේශයෙන් සියුම් වේදනාවක් දැනෙන බව ඇයට හැගුණි. ඇය ඇද සිටි රාත‍්‍රී ඇදුම අතරින් ඇග දෙස බැලූවාය. ඇය තිගැස්සි ගියා ය. ඇගේ පියයුරු දෙක පුරා සීරුම් පහරවල්ය. නියපොතු වැවූ ඇගිලි පහරකින් සූරන්නා සේ ඇයගේ පියයුරු සූරා ඇත. ඒ සැණින් ඇය ඇයගේ කලවා පෙදෙස ද බැලූවා ය. කලවාවල ඇතුළු පැත්තද එලෙසම සූරා දමා ඇත. පෙර දිනයේ නින්දට යනවිට නොතිබුණු සීරුම් කැලල් ඇති වූයේ කෙලෙස ද? ඇයගේ මනස අවුල් වන්නට විය.

ඇයට ඉබේට ම කෑ ගැසුණි.”අශෝක....”මෙය සිදුවූයේ කෙලෙස ද? මධුසමය සම්පූර්ණයෙන්ම අවුල්ව යන්නට ඒ සිදුවීම හොදින්ම ප‍්‍රමාණවත් විය. නිලීකාම මෙය කරගන්නට ඇතැයි අශෝකගේ ඥාතීන් අතර කුසුකුසුවක් පැතිර ගියේය. ඇය මානසික රෝගයකින් පෙළෙන්නියක හෝ නොඑසේ නම් විවාහය කඩාදමන්නට ර`ගපෑමක් කරන එකියක ලෙස ද කතා පැතිරෙන්නට විය. නිලීකා අශෝකට චෝදනා එල්ල නොකළා ය. ඇයට කිසිවක් සිතාගත නොහැකි විය. පෙර දින රාත‍්‍රී වනතුරු එකිනෙකා ගැන කතාබහ කරමින් සිටි ආශෝක ඇය පිටට වරද පැටවූයේ ද නැත.දින තුනක මධුසමය නිම වී ඔවුහු නිවසට පැමිණියහ. එදින සිදු වූ සිදුවීම හේතුවෙන් දෙදෙනා අතර ඉන්පසු ශාරීරික සබදතාවක් ඇති වූයේ ද නැත. නිලීකාට ද පෙර මෙන් අත්දැකීමකට මුහුණදීමට ද සිදුවූයේ නැත. දින කිහිපයක් ගෙවී ගියේය. එදින ද සුපුරුදු ලෙස නිලීකා අවදිවිය. ඇයගේ ශරීරයෙන් ඇති වූ වේදනාවත් සමග ම අගේ සිත සලිත වන්නට විය. එදින ද ඇයගේ ශරීරයේ සීරුම් පාරවල් රැුසක් දැකගත හැකි විය. සමහර තැන්වල සීරුම් පහරවල් ලේ කැටි ගැසී ඇත. ඇගේ පැහැපත් ඡුවි වර්ණය නිසා ඒ සීරුම් පහරවල් තදින් මතු වී පෙනෙයි. අශෝකගෙත්, නිලීකාගෙත් මනස අවුල් වූයේ යළිත් ඒ පෙර දිනයේ රාත‍්‍රිය මධුසමයෙන් පසු ඔවුන් දෙදෙනා එකට ගත කළ දිනයේම මේ සිදුවීම වූ නිසාය.පවුලේ වැඩිමහල් පුද්ගලයන් මෙය කළු කුමාර දොෂයක් විය හැකි යැයි අනුමාන කළේය. කළු කුමාර දෝෂය ලෙස හදුන්වන්නේ වැඩිවියට පත්වන ගැහැනු දරුවකු ඒ අවස්ථාවේ තනිවීම හරහා ශරීරයට බැල්ම හෙළනා මළයක් ආත්මයක් ලෙස ගැමියෝ විශ්වාස කරති.

එසේ බැල්ම හෙළුෑ තරුණියන් සමග ඔහු සහවාසයේ යෙදෙයි. එවැනි තරුණියක් වෙනත් තරුණයකු සමග ලිංගික සබ`දතා පැවැත්වීමෙන් කළු කුමාර යක්ෂයා කෝපයට පත් වන අතර, එම තරුණියට ද`ඩුවම් දීමත් රෝගීභාවයට පත් කිරීමත් සිදුකරනු ලබයි. වැඩිහිටියෝ සිතුවේ මෙය එවන් තත්ත්වයක් ලෙසිනි.අශෝක පදිංචිව සිටි ගමේ සිටි යන්ත‍්‍ර මන්ත‍්‍ර වැඩ දන්නා හෙළ වෙද මහතකු වෙත නිලීකාව රැුගෙන යන්නේ ඒ අනුවය. වෙද මහතා ඇයට දෙහි කැපීම් ඇරඹුවේ ය. එකින් එක කපන දෙහි ජලයට දමා ඒ දෙස මදක් බලා සිටියේය. වෙද මහතාගේ මුහුණේ කුතුහලයක් ඇතැයි සියල්ලටම වැටහුණි. හතරවැනි දෙහි ගෙඩිය අතට ගත් වෙද මහතා එය නොකපා පසෙකින් තැබුවේ ය. දෙහි කපන ගිරයෙන් දෙහි කපා දැමූ වතුර බ`දුන වටයට කැලතුවේය. දෙහි බෑ පිහිටන අයුරු දෙස බලා සිටි ඔහු මහත්තයෝ මේක කළු කුමාර දෝෂයක් නෙමෙයි. මළගිය දෝෂයක්. මේක මොකක්ද කියලා බලාගන්න එක හො`දයි.”කොහොමද වෙද මහත්තයෝ ඒක කරන්නේ.””අපිට මේ දැරිවිට කරදර කරන කෙනාව කතා කරවන්න වෙනවා. මහත්තෙයලා කැමැති නම් ඒක කරන්නම්.””කමක් නෑ””මහත්තයා මේ දැරිවි ළ`ගින් වාඩි වෙන්න””වෙද මහතා දෙහි ගෙඩියක් අතට ගෙන මතුරන්නට විය. ඉන්පසු එම දෙහි ගෙඩිය තම සරමේ ඉණ ප‍්‍රදේශයේ ගසාගත්තේ ආරක්ෂාව ස`දහා ය. ඉන්පසු තවත් දෙහි ගෙඩියක් ගිරය තුළ සිර කරගෙන නිලීකාගේ හිස මත තබාගෙන මතුරන්නට විය. විනාඩි කිහිපයක් මැතිරීම කරගෙන යද්දී ටිකින් ටික ඇයගේ ශරීරය අඹරවන්නට විය. අතපය බෙල්ල සහ ඇ`ග ප‍්‍රදේශය ඉතා අපහසුවෙන් ඇඹරුවාය. ඉන්පසු හෙමින් හෙමින් වාඩි වී සිටි පැදුරට බර වුණාය. වෙද මහතා දෙහි ගෙඩිය කපා දැමුවේ ය.””ඔහොම පොඞ්ඩක් හිටපුදෙන්””විනාඩි කිහිපයක් ඇය දෙස බලා සිටි වෙද මහතා නයි හිසක් සහිත බස්තමක් අතට ගෙන එය ඇයගේ හිස මත තැබුවේය. ඇය ඊයක වේගයෙන් කෙළින් වූවාය. වෙද මහතා කතාකරන්නට විය.””තමුන් ආව ද? ආපුඑක හො`දයි තමුන්ට පේනවනේ මම කවුද කියලා. ඔළුවේ තියෙන්නේ මොකක්ද කියලා දන්නවනේ. මට අවශ්‍ය ප‍්‍රශ්න ටිකට උත්තර දුන්නොත් හො`දයි. නැත්තම් පාර වදියි.””අනේ දෙයි හාමුදුරුවනේ මම කියන්නම්””තෝ කවුද””මම තිසා””මොන තිසා””හෝමාගම””ඇයි මේ දැරිවිට වද දෙන්නේ””මගේ මිනිහත් එක්ක මේකි බුදියනවා. ඒකයි මට තරහා. ඌත් ඒ ගෑනිගේ ලස්සනට වශීවෙලා.””අශොකගේ ඔළුව විකාර වන්නට විය. තමන් දන්නා කසාදයක් ඔහුට නැත. පවුලේ සියල්ලෝ ඔහු දෙස බලන්නට විය.””මොකක්ද මේ හතර බීරි කතාව””මේ මගේ කලින් ආත්මේ මිනිහා අපි එකට හිටියේ, මම අලියා ගහලා මැරුණා. මම එදා ඉ`දන් මෙයාගේ පස්සෙන් ඉන්නවා. එයා අයිති මට විතරයි.”සියල්ලන්ට ම කාරණය පැහැදිලි විය. වෙද මහතා ඉතුරු දෙහිටික කපා දමා ඇයට ආරක්ෂා නූලක් දැම්මේය.”මහත්තයෝ මම ඔය කරදරය මාස තුනකට අයින් කළා. එතැනින් එහාට මට වග කියන්න බෑ. හො`ද තැනකින් ඔය මළගිය දෝෂය අයින් කරලා දා ගන්න” යැයි පැවැසුවේය...




No comments:

Powered by Blogger.