මල් ශාලාවේ මෝහිනියට නොදෙවැනි දිෂ්ටිය

මල් ශාලාවට එදා සරු දවසකි. සුනිල් මිනී දෙකක් කපා කොටා එම්බාම් කර පැත්තක දමා සිගරට්ටුවක් දල්වාගෙන තොල් මත රඳවා ගත්තේ තවත් එකක් බලාපොරොත්තුවනි. ඒ ළිඳේ වැටී හුස්ම හිරවීමෙන් මියගිය වයස අවුරුදු විසි දෙකක තරම් යුවතියකගේ වැඩකොටසක් තම අතින්ම
සිදුවන්නට තිබීම නිසාය. මරණ පරීක්ෂණයෙන් පසු එම යුවතියගේ දේහය සුනිල් අතට පත්වන විට රාත්‍රි එකොළහත් පසුවී තිබුණේය. එම්බාම් වැඩේට අති දක්ෂයකු වූ සුනිල් වැඩේට බැස්සේය. සිහින් කොක්කක් සහිත පිහි තුඩ යුවතියගේ ගෙල පටන් උදරය හරහා ගමන් ගද්දී සුනිල්ට දැනුණේ මිනිය දඟලන බවකි. කිසි දිනෙක මෙවන් අත්දැකීමක් ලබා නොතිබුණු ඔහු තරමක් තිගැස්සී තත්පර කිහිපයක් පසෙකට වී සිටියේය. එවේලේ ඔහු දුටුවේ මියගොස් සිටි යුවතියගේ දේහය එලෙස තිබියදී රුව කෙළින් වී සිටගන්නා අයුරකි. අනතුරුව මියගිය යුවතියගේ රුව සෙමෙන් කාමරයේ ‍ෙදාරටුව දෙසට ඇදී ගියේය.

තවත් කල්පනා කරමින් සිටීමේ කිසිම තේරුමක් නැතැයි සිතූ ඔහු වෙන දෙයක් වෙද්දෙන් යන හැඟීම තුළින් තම කාර්යය කිරීම ආරම්භ කළේය. එහෙත් ඔහුගේ සිත දිව ගියේ යුවතියගේ රුව ඡායාව දෙසය. සුනිල්ගේ මතකයට එක්වරම එකතු වූයේ එම්බාම් කාමරයේ අසල බිත්තියේ එල්ලා ඇති රැවුල කැපීමට භාවිත කළ කණ්ණාඩියය. ඔහු වැඩේ කරන ගමන්ම කණ්ණාඩිය බැලුවේය. එතුළින් කාමරයේ ‍ෙදාරටුව හොඳින් පෙණුනත් යුවතියගේ රුව පෙනෙන්නට නොවූවාය.

"මනස්ගාත"

තමන් තමාටම කියාගනිමින් සැකහැර ගැනීමට මෙන් ආපසු හැරී ‍ෙදාර දෙස බැලුවේය. සුනිල්ගේ ඇඟේ මයිල් කෙළින් වී ගියේය. ‍ෙදාර උළුවස්සට හේත්තු වී තමන් කරන දේ දෙස විමසිල්ලෙන් බලා හිඳින මියගිය යුවතියගේ අවතාරයයි. ‍ෙදාර අහුරවාගෙන සිටින ඇයගෙන් මිදී පලා යා හැකි මඟක් නොවුණ තැන සුනිල් තම වැඩේ අහවරයක් වනතුරුම කරගෙන ගියේය. අවසාන සිගරැට්ටුවද දල්වාගත් සුනිල් කළ යුත්තක් නැති තැන කාමරයේ කෙළවරක වූ ලණු පුටුවට වී වකුටු වුණේය.

ඊළඟ මොහොතේ මියගිය යුවතියගේ රුව යළි තම දේහය අසලට විත් නොපෙනී ගියාය. මෝහිනියට නොදෙවැනි දිෂ්ටියක් තමා ඉදිරියේ මෙසේ හැසිරී තිබුණත් ඔහුට නම් කිසිදු අන්තරාවක් හදියක් යුවතියගේ දිෂ්ටි තුළින් ඇති නොවුණේය.




No comments:

Powered by Blogger.