අනූ නවයෙන් බේරුණු සීයා

සාමාන්‍ය පෙල විභාගයට පාඩම් කරන්න මගේ යාලුවෝ හැමෝම අවේ අපේ ගෙදරට.කට්ටිය රෑ 8 විතර වෙනකොට අපේ ගෙදරට එනවා.සිකුරාදා දවස් වල සෙට් වුනාම අපි පහුවදා උදේ වෙනකන් පාඩම් කරනවා.අනිත් දවස් වල පාන්දර 1,2ක විතර වෙනකම් පාඩම් කරනවා.මුලින් පාඩම් කරන්න පටන් ගත්ත කාලේ මිතුරන් දෙදෙනකු පමණක් සිටී අතර මාසයක් දෙකක් ගතවෙත්ම එම ප්‍රමාණය 10 දෙනෙකු දක්වා වර්ඪනය විය.
ඒකට හේතුව විදිහට මා දකින්නේ පාඩම් කිරිමට අමතරව බාහිර ක්‍රියාකාරකම්වල යෙදීමයි.නිදිමත හැදීගෙන එනකොට කවුරු හරි එකෙක් කියනවා අපි කුරුම්බා කඩන්න යමු,අන්නාසි කඩන්න යමු කියලා.....අපේ අයියලාගේ හැටි දන්නවානේ ඉතින්.ඔය වගේ ගමන් ගිහින් පොලු පාරවල් නොකා බේරුණු අවස්ථා අනන්තයි.පාඩම් කරන අතරතුර හොරකමේ යන පිරිසට අමතරව බූරු ගැසීම,දාම් සෙල්ලම් කිරීම,කැරම් ගැසීම ආදියද සිදු කරගෙන ගෙට වෙලා අම්මා තාත්තා ඇහැරුනාද කියලා බලන්න වෙනම සෙට් එකක් හිටියා ඔය හැමෝටම අමතරව නිල් චිත්‍රපට පෙන්නන එකෙකුත් සිටියා.ඉතින් ඔන්න ඔය වගේ සෙට් එකක් එක්ක තමයි සාමාන්‍ය පෙලට මුහුණ දුන්නේ.ඔය විදියට විනෝදෙන් කාලය ගත වුනා.ඒ මොන දේ කලත් හැමෝටම හොදට ඉගෙනගන්න පුලුවන් වුනා.ඉස්කෝල 5කට යන යාලුවෝ හිටියා පාඩම් කරන්න එකතු උන දවසක ගමේ මලගෙයක් වෙලා කියලා ආරංචියක් ආවා..

කට්ටියට ඉතින් ෆුල් හැපි.කට්ටියම මල ගෙවල් පැත්තේ ගිහින් එමු කියලා කතා වෙලා ගෙදරටත් කියලා මල ගෙදර ගියා.ගිහින් කැරම් අතක් ඒම ගහලා බුලත් විටක් ඒම හපලා සෙට් උනා වයසක සෙට් එකක් ගාවට.පොඩි බයිට් පාරක් දාන්න කියලා හිතාගෙන.එතෙන්ට යනකොටත් කට්ටියම ලොකු කතාවක්.වයසක උන්දෑ කෙනෙක් එයාට උන සිද්දියක් කිය කිය හිටියේ..
ඒ සීයා කිය කියා හිටියේ මීට වසර 20කට කලින් තරුණ කාලේ අත්විදපු අත්දැකීමක් ගැන.ඉතින් සීයා ලස්සනට කතාව කිව්වා..මම කියන්න යන මට මුහුණ දෙන්න උන සිදුවීම් මාලාව ආරම්භ උනේ මේ සීයාගේ කතාව ඇහුවට පස්සේ.ඒක නිසා සීයා කියපු කතාව කෙටියෙන් කියන්නම්...
සීයා කොහොම හරි ඔය කියපු කාලේ වෙනකොට ගමේ කාටත් බය නැති චන්ඩියා වගේ හිටපු ඩැල් එකක්.කසිප්පු පෙරපු එකලු රැකියාවට කලේ.එයා කට්ටිය දාලා හොරාට අරක්කු පෙරුවලු.සීයා තමා මුදලාලි වගේ ඉදලා තියෙන්නේ..

පෙරනවා වගේම හොද බීමටත් ඇබ්බැහි වෙලාලු හිටියේ..හැමදාම රෑට සප්පායම් වෙලා කුණුහරුප කිය කිය අහල පහල මිනිස්සුන්ටත් කෑ ගහලලු ගෙදර යන්නේ.අම්මා තාත්තා කුඹුරු වැඩ තමයි කරලා තියෙන්නේ..සීයාගේ පවුලට හොදට සල්ලි බාගේ තිබිලා තියනවා.ඒවා කොච්චර තිබ්බත් කෑල්ලක් ඒම සෙට් කරගන්න බැරිලු..

සීයාගේ කල් කිරියාව හොද මදි නිසා කවුරුත් කැමති වෙලා නෑ.ඉතින් කෝම හරි සීයාගේ තාත්තා ලොකු ගේමක් ගහලා වැදගත් පවුලකින් සීයාට කටයුත්තක් සූදානම් කරලා දුන්නලු.වැඩේ ඉතින් ස්ථිර වෙලා.ඊට පස්සේ කෙල්ලගේ ගෙදරින් කිව්වලු අතන මෙතන හම්බවෙන්න එපා.ඕනේ වෙලාවක ගෙදර ඇවිත් කතාබහ කරලා යන්න කියලා..

ඔන්න ඉතින් සීයා බොන එක එහෙම ටික ටික අඩු කලාලු අරක්කු පෙරන රැකියාවත් අත් හැරලා සීයත් තාත්තගේ කුඹුරු වැඩට එකතු වුනාලු.(ඔන්න ඉතින් කෙල්ල හින්දා සීයා හොද කෙනෙක් වෙලා..😂😂)
මාස කීපයක් සීයා කෙල්ලගේ ගෙදර ආවා ගියාලු.දවසක් සීයා කෙල්ලව හම්බවෙන්න අවේලාවේ ගිහින්.(රෑ12ට විතර)අපි නම් ඔව්වට කියන්නේ කොටු පනිනවා කියලනේ..😂මල කෙලියක් තමයි එදා රෑ වෙලා තියෙන්නේ.

කොහොම හරි දෙන්නව එදා මාට්ටු වෙලා කෙල්ලගේ තාත්තාට..දෙන්නටම හොදටම වැටමාර පොල්ලකින් ගැහුවලු.බදින්න දවස් තුනලු තියෙන්නේ..සීයාට වස නෝන්ඩියලු.උදේම සීයලාගේ තාත්තා හම්බවෙන්න අර කෙල්ලගේ තාත්තා එනවා කියලත් කිව්වලු.සීයාට ඉතින් ෆුල් අවුලලු.එක නිසා බොන්න කියලා හිතලා සීයා දන්න පොට් එකකට ගිහින් හොදටම බිව්වලු.බීලා පලපුරුදු පාරෙන් ගෙදර එන්න පිටත් වුනාලු.
යද්දි තියනවා ලොකු කනත්තක්..සීයා ඒ ටික පහුකරගෙන එනවලු ඉස්සරහට.සීයාට දැනෙනවලු යනවා යනවා ඉවරයක් නෑ කියලා.(ඔය පාරේ මස්,මාලු,බැදුම් ආදිය කාලා යන මිනිස්සුන්ව යම්කිසි බලවේගයකින් මං මුලා කරනවා කියලා ජනප්‍රවාදයක් අපෙව් ගමේ තියනවා.)ඔහොම ටික දුරක් යනකොට ගොඩක් උස කලුම කලු මිනිහෙක් පාරේ හිටගෙන ඉන්නවලු.කකුල් දෙක පාර දෙපැත්තෙලු.සීයා යකාටවත් බය නැති මිනිහා වුනාට හීන් දාඩිය දැම්මලු.සීයාගේ වෙරි තත්පරේට හිදුනලු.ඕන මගුලක් කියලා සීයා රිංගුවේ අරෑගෙ කකුල් දෙක යටින්.රිංගලා ඉවර උනා විතරලු මෙන්න ආයෙත් ඉන්නවලු ඉස්සරහට වෙලා.දෙතුන් වාතාවක් රිංගපු සීයාට දැන් බයටත් වඩා තියෙන්නේ තරහක්..හිරේ යන්න හරි කමක් නෑ අනිනවා කියලා හිතාගෙන ගත්තලු ඉනේ තිබ්බ කිනිස්ස.ඇන්නලු යකාගේ කකුලාට.යකාත් දුන්නලු පාරක්..සීයා ගිහින් ඇලට වැටුනලු.සීයත් චන්ඩියනේ ඉතින්.ඇතැරියේ නැලු ගේම.ඇන්නලු අනිත් කකුලටත්..ඔන්න දැන් දෙන්නා සටනලු.ඔය අතරේ සීයාට තේරුනාලු මේකා එක්කනම් සටන් කරලා දිනන්න බෑ කියලා.ඔය අතරේ සීයාට කවුරු හරි කොදුරලා කියලා තියනවා “පුතේ මම උඹට පොඩි කාලේ කියලා දීපු මන්තරේ මතක් කරගනින් කියලා.”

එත් එක්කම සීයාට මතක් උනාලු මේ වෙලාවට එන්නේ සූනියම් දෙවියන්ගේ වෙස් ඇති දරුණු අවතාරයන් බව.සූනියම් දෙවිදුන්ගේ අවතාර වලින් බේරිමට අවශ්‍ය ශ්‍රි විෂ්ණු කාලම සීයාට මතක් වෙලා.සීයා පට ගලා වැලි අහුරක් අරන් ශ්‍රි විෂ්ණු කාලමෙන් වැලි අහුරට මතුරලා ගැහුවලු අවතාරේ දිහාවට.අවතාරේ ක්‍රමයෙන් වෙනස් වෙලා සාමාන්‍ය මනුස්ස ස්වරුපයක් මවාගෙන “උඹ උඹේ මුත්තා නිසා බේරුනා”කියලා අතුරුදහන් උනාලු.පස්සෙලු සීයාට කල්පනා වුනේ සීයාට රහසින් වගේ ඇහිලා තියෙන්නේ සීයාගේ මුත්තාගේ කටහඩ කියලා...

ඔය කතාව ඉවර වෙලා අපි සෙට් එකම මල ගෙදරින් එන්න පිටත් වුනා.ගෙදරට එනකොට පාන්දර 3 විතර ඇති.අපි පාඩම් කලේ නෑ.තව තවත් හොල්මන් කතා කිය කියා හිටියා.............




No comments:

Powered by Blogger.