හොල්මනක් එක්ක හයර් යන තරුණයා

ඊයෙ හවස පොඩි ඩ්රිංකල් පාටියක් සෙට් වුණා. කොල්ලෙක්ගෙ අයියා රට ගියා...ඕක තමා බීමට වස්තු බීජය වුනේ. මම පහු ගිය දවස් ටිකේම ඉතිං හොල්මන් කතාවක් හොය හොය පිස්සෙක් වගේ.... පිස්සෙක් වගේ.... ගමේ කැරකුණා.අන්තිමට සොයන්නාට හම්බවුණා.ඉතිං අපි කොහොම හරි ගේමට සෙට් වුනා... කොල්ලොන්ට ලොකුම ගැටලුව බ්‍රැනඩ් එක මොකක්ද කියලනේ.... බ්‍රැන්ඩ් එක තමා ගැලරියක්... බොතලේ ගෙනාව කොල්ලගෙ අයියා පහු ගිය දවස් වල ගමේ නම
ජාත්‍යන්තරේට අරන් ගියා. මොකද අවුරුදු 2ක් රට ඉදලා ගෙදර එද්දි බදින්න හිටපු කෙල්ල පැනල ගිහිල්ලා... ඒ හින්දා උ හෙන famuse වුණා. කෙල්ලොනේ....ඔහොම්මමනේ.... හැටිනේ....
මම ප්‍රතිපත්තියක් විදියට බොතලේ කඩන්නැ... ඒ හින්දා වෙන එකෙක් පටං ගත්තා මැච් එක ගහන්න. බොතලේ ගෙනාපු එකා හෙන අවුලක ඉන්නෙ කියලා මට තේරුනා. උ වැඩිය මගේ බොක්කක් නෙමේ..
අනිත් පොර මන් ගැන හොදට දන්නවා... උ තමා බොතලේ open කරේ.... උ තමා මුලින්ම කතාව ඇද්දේ...
"අඩෝ මේ දින්නා ඉන්නවා නේද.... උ හෙන කතා කාරයා.... අර අයියගෙ සිද්දිය කියහංකෝ මුට"
නිකන් සූජීව ප්‍රසන්න ආරච්චි හදුන්වලා දුන්නා වගේ මාව අරූට හදන්වලා දුන්නා. දැන් අරු කතාව කියනවා.
"මචන් අයියා බදින්න හිටපු කෑල්ල පැනල ගිය අප්සට් එක හින්දා පොර ආය රට යන්නැ කිවයලා පොඩි වීල් කෑල්ලක් අරන් හයර් දුව දුව හිටියා.පස්සෙ කර්මාන්තපුරේ night එක වැඩ කරන්නත් ගියා. පොර මන් වගේ නෙමේ.... අවංක මිනිහා... ඌ ගාව නැනෙ ඔය කුපාඩි ගති"

ඔහොම කතාව යද්දි අපි දෙවනි ෂොට් එකත් ලග නැමුවා... අරූ දිගටම කතාව කියනවා.....
"ඉතිං අයියා දවසක් වැඩ ඇරිලා එද්දි පාර අයිනෙ කෙල්ලෙක් හිට ගෙන ඉන්නවාලු.... පාන්දර 2ට විතර. මිනිහ හොල්මන් ගැන එහෙම වැඩිය විස්වාස කරන පොරක් නෙමේ... යකාටවත් බයත් නැ... කිසි කලබලයකුත් නැ... මු පාඩුවෙ ගෙදර ආවා...ඔහොම දවස් දෙකක් තුනක්ම කෙල්ල ඉන්නවා දැක්කලු. එක දවසක් වීල් එක එද්දි එක පාරම මේකි පාරට පැනලා. වීල් එකේ ගෑවි නො⁣ගෑවි තමා බේරිලා තියෙන්නෙ.."
"නෑ..... ඉතිං ඉතිං....."

මම බයිට් කෑල්ලක් කටේ ඔබා ගන්න ගමන් පොරව උනන්දු කරා නැත්තන් හරි නැනේ.....
" ඉතිං මේකි බස් එකට පරක්කු වෙලා.... ඒකයි දඩ බඩ ගාලා පාර පැනලා තියෙන්නේ....කොහොම හරි බස් එක ගිහින්.... අයියත් වීල් එක කැලේට කපල බේරිලා තියෙන්නෙ. පස්සෙ කෙල්ල වීල් එක ගාවට ඇවිත් වීල් එකට එබුනලු. අයියා කියනවා නිකන් ලාම්පුවක් මූණට කිට්ටු කරා වගේ වීල් එක එලිය වුනාලු. කෙල්ල කිව්වලු....

"අනේ සොරි මට බස් එක අල්ල ගන්න හදිස්සිය⁣ට ආවෙ පාර බලන්න බැරි වුනා" කියලා.
අපේ අයියගෙ සෙවල ගති නැ මචන්... ඌ ඊට පස්සෙ
"ආහ් හරි අවුලක් නැ නංගි... කාටවත් කරදරයක් නැනේ.... පරිස්සමින් යන්න"
කියලා අහපවු එන්න හැදුවලු.එතකොට අර කෙල්ල ආයෙත් කිව්වලු
"අනේ අයියෙ අන්තිම බස් එක තමා මගෑරුනේ.... තරහ නැතුව මාව ටවුන් එකට ඇරලවනවද මම හයර් එක දෙන්නම්" කියලා.

කාට වුනත් ඉතිං ප්‍රශ්නයක් වුන වෙලාවක්නෙ කියලා අයියත් ගිහින් දාන්න කැමති වෙලා. යනකන් ඉතිං දෙන්න චැට් එකක් දාගෙන ගිහින්. දෙන්න ෆුල් ඕපන් කතා කරලා තියනවා. ඒ හින්දා පට්ට ෆිට් වෙලා. අයියත් හෙන ගති පොර ඉතිං ⁣කොහොම හරි කෙල්ල අහලා තියනවා
"අයියට පුලුවන්ද හැමදාම මේ හයර් එක යන්න" කියලා.
රු300 විතර හයර් එකක් අයියත් හා කියලා.

පස්සෙ දිගටම හයර් එක ගිහින් තියනවා. කොහොම උනත් අයියා කවදාවත් ඒ කෙල්ලගෙ නම්බර් එකක් වත් ඉල්ලගෙන තිබ්බෙ නැ. මොකද පොරගෙ හිතේ වෙන කිසිම අදහසක් තිබිලා නැ.... කොහොම හරි ටික දවසක් ⁣ඔහොම යන කොට දෙන්න අතර මොකක් හරි දෙයන් ඇති වෙලා තියනවා. අයියගෙ boot mood සම්පුර්ණයෙන්ම නැති වුනා. පොර මාර හැපි එකේ හිටියෙ. ඒ කෙල්ලත් මාසයකින් රට යනවා කියලා මූත් අහපවු රට යනවා කියලා මට කිව්වා. රට යන වැඩ ටිකත් ආය කතා කරලා හදාගෙන හිටියේ... මට තේරුනා දෙන්නා ලව් තමා කියලා. ඒ්ත් කවදාවත් ඒක ගැන දෙන්නා කතා කරලා තිබුනෙ නැ."
කතාව ඉතාම සංවේදි වේගෙන ආවේ ඒ අස්සේ අපේ එකෙක වෙරි මර ගාතේ පට්ට ඉමෝසනල් වෙලා පස් කකා අඩනවා. මට ඉතිං අදාල නැනෙ.... මම දිගටම අඩිය දානවා. අරූ තාම මංගල සොට් එකවත් නොදා කතාව කරනවා.

"එක දවසක් කෙල්ල කියලා තියනවා අයියට ඒකි අයියා ගැන බලාපොරොත්තුවක් තියන් ඉන්නවා කියලා. අයියත් කැමැත්තෙන් හිටියට එයාගෙ කටින් ඒ වචන ටික බලපොරොත්තු වෙලා නැ. ඒ හින්දා මිනිහට කෙලින් උත්තරයක් දෙන්න බැරි වෙලා. මිනිහා කියලා හෙට කියන්නම් කියලා. කොහොම හරි හෙටත් උදා වුනා... එදා අයියා වැඩ ඇරිලා යන්න හදද්දිම වීල් එකෙ රෝදෙ හුලන් ගිහින්.... කරන්න දෙයක් නැනෙ. මු වීල් එක ෆැක්ටරියෙ දාලා මට කොල් කරා ඉක්මනට අසංකයාගෙ වීල් එක අරන් වරෙන් කියලා
මම කිව්වා

"ගෙවල් ගානෙ යන්න බැ බං මේ පාන්දර. බයික් එකේ එන්නම්"කියලා.
එත⁣කොට මට කිව්වා
"එපා බං අර කෙල්ලව ගිහින් දාන්න ඕනෙ උබ එන ගමන් තිහේ ඇල වංගුවෙ නයිට් කඩේ ගාව ඒ කෙල්ල ඇති. මම කිව්වා කියලා ඒකිවත් දාන් වරෙන්" කියලා.
මමත් ඇදලා ආවා නයිට් කඩේ ගාව අද ටිකක් වැඩියෙන් සෙනග ඉන්නවා මම දැක්කා. ඒත් එක්කම කොල්ලෝ දෙන්නෙක් පාරට පැනලා වීල් එක නැවැත්තුවා. එක පාරම දඩ බඩ ගාලා මුන් කෙල්ලෙක්ව පැටෙව්වා වීල් එකට.
"මල්ලි ඉක්මනට හොස්පිටල් යමන්....."
කියලා මුන් කෑ ගැහුවා.... මමත් ආතක් බූතක් දන්නැ වීල් එක අරන් ආවා. මම ඇහුව මචන් මොකෝ සිද්දිය කියලා.
මුන් කිව්වා

"බලහන්කො මල්ලි මේ නයිට් නඩේ වැඩ කරපු කෙල්ලව බයික් කාරයෙක් වද්දන් ගිහින් නෙ" කියලා.
බඩු බනිස් නෙ.. මට සුවර් මේ අර කෙල්ලමයි කියලා. ඉතිං මම ටිං ගාලා cl එකක් ගහලා අයියට සීන් එක කිව්වා. මූත් මගින් වීල් එකට නැග්ගා. අපේ එකාගෙ කරුමෙට හොස්පිටල් යද්දිත් කෙල්ල නැති වෙලා. මූ හොස්පිටල් එක දෙක කරලා ඇඩුවා.
කොහොම හරි මල ගෙදර වැඩ වලටත් මූ බැහැල සප් එක දුන්නා. පස්සෙ ටික දවසක් ඉදලා මූ වැඩට ගියා. වෙනක එන වෙලාවටහ ගෙදර ආව මූ ඇදේ වාඩි වෙලා හොල්මනක් දැක්ක වගේ බලා ගත්ත අත බලාගෙන ඉන්නවා. මමත් ඇහැරලා ඇහුවා ඇයි කියලා.
"අර කෙල්ල වීල් එකට නැග්ගා බං"
මම අමු හොල්මන් වුනා.

" තොට පිස්සුද යකෝ...."
"අම්මා පල්ල ඒකි වීල් එකට නැග්ගා. මම ඒකිට කිව්වා රට යන දවස වෙනකන් දිගටම ඒකිව එක්කන් යනව කියලා ඉතිං මම පොරොන්දුව ඉස්ට කරන්න ඕනෙ නිසා අදත් හයර් එක ගියා"
එහෙම කියලා මූ නිදා ගත්ත. ඒත් මට නම් එලි වෙනකන් නින්දක් නැ. මූ දිගටම රෑට අර හොල්මනක් එක්ක හයර් එක ගියා. මූ එන්න එන්න ඇට සැකිල්ල වගේ වුනා. මට මේක ගැන කාටවත් කියන්න එපා කියපු නිසා කට වහන් හිටියා. එත් මම හිටියේ මාර බයකින්. කොහොම හරි මු පෙරේදට කලින් දවසේ හරි සතුටින් ගෙදර ආවා. ඇවිත් කිව්වා

"අපි අනිද්දා රට යනවා"
කියලා. ඉතිං කිව්වා වගේම ඊයෙ රට ගියා.ඒ වෙනකන් හැමදාම පුරුදු විදියටම මැරිච්ච කෙල්ල එක්ක හයර් එක ගියා. මු තමා හොල්මනක්ගෙ හයර් එකක් දුවපු පලවෙනි එකා."
කියලා මු කතාව නවත්තලා කෝප්පෙ අතට ගත්තෙ සොට් එකක් ගහන්න. ඒත් අවාසනාව කියන්නෙ ඒ වෙද්දිත් අත්භුත විදියට බොතලේ ඉවර වෙලා තිබුනා......
-නිමි-



No comments:

Powered by Blogger.