පිල්ලියට බිලිවු ව්‍යාපාරිකයා සහ ඔහුගෙ සගයන්

ලංකාවෙ ප්‍රධාන නගරෙක රෙදි වෙලදාම් කරන ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහු බැලුවොත් හැම අතින්ම සම්පූර්ණය්. කිසිම අගහිගකමක් තිබුන් නෑ. ඒ්ත් මේ කාලෙදිම හරියටම ඔහුගෙ වෙලඳසැලට මුහුනලා තවත් ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒකෙන් වුනේ ඔහුගෙ ව්‍යාපාරයට එන අවස්ථා අඩුවුන එක. අනිත් ව්‍යාපාරිකයත් ඔහුට රිදවීමට වගේ ව්‍යාපාරය කරන්න ගත්තා. ඔහුට මේක ලොකු හිසරදයක් වෙලා තිබුනෙ. ඔහු මේකට යමක් කරන්න හිතුවා.

ඔහු යන්ත්‍ර මන්ත්‍ර ගුරු කම් පිලිගත් කෙනෙක් නිසා කට්ටඩියෙක් ලවා ඔහුට
හූනියමක් කරන්න හිතුවෙ මෙිහුට ඒ ව්‍යාපාරය එපා වුනු නිසායි. නමුත් අන්තිමට මොවුන් පිල්ලියක් යවන්න තීරණය කලා. පිල්ලි ඔය සත්තුන්ගෙන් යවන්න පුලුවන් වුනත් ඔහු තීරණය කලේ මිනිස් පිල්ලියක් යැවීමටයි.
එය ලෙහෙසි පහසු කාර්යක් නොවේ.. එයට පිල්ලිය සදහා තරැණ කෙනෙක්වයි අවශ්‍ය. ඒ වගේම එයට තරුණ මල සිරුරක් තමයි අවශ්‍ය. තවත් දෙයක්. මියගිහින් ශරීරයේ උණුසුම යන්න කලින් තමයි පිල්ලියක් බවට පත් කරන්නෙ.

මේ වැඩේදි වෙන්නෙ යම් යක්ෂ ආත්මයක් එම ශරීරයට ගෙන්වා අවශ්‍ය කාර්යය කර ගැනීමයි.
ඉතින් මේ ව්‍යාපාරිකයට ඒ ගැන කිසිම බයක් තිබුනෙ නෑ. මොකද තමන්ගෙ මැර බලය නිසා.

මේ සඳහා ඔවුන් තරුණ පිරිමිළමයෙක් පැහැර ගත්ත⁣ා. ඔහුව මරා මෙම කාර්යය කරගැනීමට ඔවුන් කටයුතු කලා.කට්ටඩියා මෙහි ඇති භයිනකකම කෙසේ පැහැදිලි කරලා කියන්න උත්සහ කලත්, ව්‍යාපාරිකයා ඒ කිසි දෙයක් ගනන් ගත්තෙ නෑ අවසානෙදි ඔවුන් අර තරුණ ජීවිතය විනාශ කරලා පිල්ලියක් බවට පත් කලා. පිල්ලිය මාර්ගයෙන් අනිත් ව්‍යාපාරය නැත්තටම නැති කරලා දැම්මා..

දැන් වැඩේ හරි. පිල්ලිය නිදහස් කරන දවසෙ වුන වැරැද්දක් නිසා යක්ෂ ආත්මය නිදහස් වුනා. 
යකෙක් කොටින්ම කිව්වොත් කිසිම දේකට බය නෑ. බය මන්ත්‍ර බලයට විතරයි. ඉතින් ඒ වැරැද්දක් නිසා නිදහස් වුනු යකා මොකද කලේ?? ඉස්සල්ලම ඉතා අමානුශික විදිහට කට්ටඩියව මරලා දැම්මා.. වයාපාරිකයත් ඔහුගෙ සගයන් පිරිස සීසීකඩ දුවන්නට වුනත් කිසිම කෙනෙකුට ⁣මේකෙන් බේරේන්න ලැබුනෙ නෑ. දවස් දෙකකට පමණ පස්සෙ ව්‍යාපාරිකයගෙත් ඔවුන්ගෙ සගයන් ගෙත් මලසිරුරු සොයාගත්තා. ව්‍යාපාරිකයගේ සිරුරෙ විතරක් ඉතාම දරුණු සීරුම් තුවාල තිබුනා ⁣. එදයින් පස්සෙ මේක කටකතාවක් විදියට ගම පුරා පැතිරුණා .පොලිසිය ඔවුන්ගේ මරණ අබිරහස් මරණ කියලා සටහන් කරනු ලැබුවා.
මම මේකෙන් කියන්නෙ මේ වගේ භයානක වැඩ තාමත් අපේ රටේ සිද්ද වෙනවා කියලා. නමුත් මේ වැඩ වලින් කරන්නෙ හොදක්ද? මෙයින් ලැබෙන්නෙ මොනවාද? ඔබට සිතන්නට යමක් ඉතිරි කරම්න් මම නවතිනවා.

ස්තුතියි ...

No comments:

Powered by Blogger.