7 දවසේ දානෙට ආ මැරුණු මාමාගේ චායාව

මේ සිදුවීම උනේ මීට අවරුදු 3කට වගේ කලින්.මගේ හොදම යාළුවෙක්ගේ ගේ මාම නැති උනා.. එයා ජීවිතේ නැතිකරගත්තා වහලේ බාල්කෙක එල්ලිලා...ගෙදර තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ද පාලමක් ලග.ගග අයිනේම තමයි ගෙදර තියෙන්නේ.කාටවත් කිසිම කරදරයක් නැති මනුස්සයෙක් .ඒ මාම බුලත් විට කනවා දවසෙම..ඒ කෙනා පුළුවන් විදියට ගෙදරට සැලකුව.එත් අන්තිමට දේපල ප්‍රශ්නයක් නිසා ඒ
මනුස්සයාගේ දුවයි ,එයාගේ පව්ලයි ඒ මනුස්සයාගේ අත කඩලා එක්තැන් කරා.ඊටපස්සේ අම්මයි දුවයි එයාලගේ මහගෙදර පදිංචියට ගියා මේ මනුස්සයට කන්නත් නෑ.අහල පහලම එයාගෙම නෑයෝ ඉදියට බැලුවේ නෑ අර දේපල ප්‍රශ්නේ නිසා..එය තනිවෙලා සතියකට විතර පස්සේ එයා බාල්කෙ කොක්කේ ලනුවක් දාල එල්ලිලා තිබුන.

මළගෙදර වැඩ එහෙම ඉවරවෙලා 7 දවසේ දානෙට දවස් දෙකකට කලින් ගෙදර තීන්ත ගන්න මමයි මගේ තව යාළුවෙකුයි එහෙ ගියා.තීන්ත ගාල වැඩ ඉවරවෙලා රෑ 10 ට විතර මල් පොඩ්ඩක් ඔතාගන්න කියල ගේ පිටිපස්සේ පිළිකන්නේ නොපෙනන තැනක් අල්ලලා වාඩි උනා.මම මල් ටික ඔතනවා යාළුවා අතින් එලිය කවර් කරන් ටෝර්ච් එක ගහන් ඉන්නවා ගෙදර එදා ඉදපු කට්ටිය දැක්කොත් අපි කරන දේ වසල හමාරනේ..මම දිව්රලා කියන්නම් එදා කිසිම හුලගක් තිබුනේ නැහැ ගග අයිනේ උනත්..එකපාරටම හුලගක් අව අපි කපල ඔතන්න ලෑස්ති කරලා තිබුණු මල් ටික සේරම හුළගේ ගියා.ගෙදර පිළිකන්නේ සිමෙන්ති පොලවට විසිරිලා ගිය මල් කෑල්ල කෑල්ල ටෝර්ච් එකේ එළියෙන් අපි හෙව්වේ හුලන් පාරේ අම්ම මතක් කරකර.(පට්ට කට්ටක්නෙ).

ඔහොම ටෝර්ච් එක ගහගෙන බිමටම අවදානය තියාගෙන එහෙට මෙහෙට වෙවී හොයනකොට ටෝර්ච් එලියට මම දැක්කේ සරමක චායාවක් ..එත් එක එකපාරටම ගානක් උනේ නෑ.අපේ සම්පුර්ණ අවදානය තිබුනේ මල් ටික එකතුකරගෙන ඔතාගෙන ගහල ගුවන් ගත වෙලාම ගෙදර යන්න .මොන කරුමෙකටද මද්න්ද මම ටෝර්ච් එක ඉස්සරහට ගැහුවා..අර මැරුණු මාම ඉන්නවා අපේ ඉස්සරහ හිටගෙන .මම දැකපු ගමන්ම යාලුවත් එක දැක්ක.(මිනිස්සු කියනවා හොල්මන් දැක්කම කතාකරන්න බැරිවෙනවා,ඇග ගල් වෙනවා කියල.මම හිතන හිට්යේ ඒවා බොරු කියල).එත් එක ඇත්ත අපිට ඉන්න තැනින් හෙලවෙන්න්නවත් කෑ ගහගන්නවත් බැරි උනා..ඒ මාමගේ බෙල්ල හීනි වෙලා ඇදිල අඩියක් විතර එතන මහා බලන්න බැරි රූපයක් තිබුනේ.කටින් රතුපාටට කෙල වැක්කෙරනවා බිමට.මම දන්නේ නෑ කොයිතරම් වෙලාවක් එතැන ගල් රූප වගේ ඉදියද කියල .එත් එක වෙලාවක රූපේ නැතිවෙලා තිබුන..ජීවිතේ පුදුම තරම් බයුඋනු අපි ගේ ඉස්සරහට යනකොට ඇදන් ඉදපු ශර්ට් වැස්සේ තෙමිලා වගේ දාඩිය දාල...

කොහොමහරි මගේ හොදම යාලුවට මම මේ කතාව කිව්වා.. අදටත් වූ විතරයි දන්නේ .මේ කතාව අපි කට්ටියට කිව්වනම් ඒ මාමා හොල්මන් කරනවා කියල වටේම ප්‍රචාරය යයි..අදටත් ඒ ගෙදර කව්රුවත් පදිංචි වෙලා නෑ . ඒ ගෙදර වෙනුවෙන් දේපල වෙනුවෙන් මරාගත්තු මිනිස්සු පවා ඒ ගේ දිහා බලන්නේවත් නැහැ..මහා මුසල ගතියක් තියෙන්නේ ගෙදර වත්තේ ඉදන්ම..සමහරවිට අපි දැකපු දේ වගේම දෙයක් එයාලත් දැකල ඇති.එක මම දන්නේ නැහැ..

හොල්මන් කියන්නේ බොරුවක් නම් නෙමෙයි..එකට මුහුණ දෙන්නම ඕනි බය නැතිව වගේ දෙයක් විස්වාසයෙන් කියන්න.ඉස්සර ඕන වෙලාවක ඕන කැලේක තනියෙන් යන්න බයනැති මම දැන් නම් මහා රැක එහෙම ගමනක් යන්න උනොත් දෙපාරක් හිතනවා...
සැ.යු(උ.ගැ)


No comments:

Powered by Blogger.