උපාසක අම්මාගේ මළයක්ෂ ආත්මය දරුවන් මරා දමයි

පන්සලේ ප‍්‍රධාන දායිකාව නිසාම ගමේ සියල්ලෝම ඇයට සැලකුවේ මහත් ගෞරවයෙන්. ඇය එතරම්ම දැහැමි විය. බෝධි පූජාවක්, පහන් පූජාවක්, භාවනා වැඩසටහනක් වැනි  ඕනෑම පින් අතේ කටයුත්තකදී නිතැතින්ම එයට මුල් වූයේ ඇයයි.

‘ලොකු උපාසක මැණියෝ’ යන නමින් ගමේ සියල්ලෝ ඇය අමතන්නට වූයේද මේ නිසාය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ඇය තම සියලූ ඉඩකඩම් තම ¥ දරුවන් අතර බෙදා දුන්නේ සියලූ වගකීම්වලින් නිදහස් විය යුතු යැයි සිතූ නිසාය. තමන් මෙතෙක් ජීවත් වූ මහගෙය තම එකම පිරිමි දරුවාට ලබා දුන් ඇය ජීවිතයේ අවසන් කාලය ලොකු දුවගේ නිවසේ ගත කිරීමට තීරණය කළාය.

මවක ලෙස තම යුතුකම් මැනවින් ඉටු කරමින් සිය ඉඩකඩම් සම සමව දරු තිදෙනාට බෙදා දුන් ඇය ටික දිනක් ඇවෑමෙන් ලොකු දුවගේ නිවසට පැමිණියාය. නිවසට පැමිණි මුල් කාලයේ ලොකු දුවගෙන් ඇයට ලැබුණු සැලකිලි කල් ගතවත්ම ටිකෙන් ටික අඩු වී ගොස් අවසානයේ ලොකු දුව විසින්ම ඇයට පල නොකියා පලා බෙදන්නට වැඩි දවසක් ගත වූයේ නැත. තම දරුවන්ගේ සියලූ කටයුතු අම්මාට පැවරූ ඇය එම කටයුතු මවගෙන් ම`ගහැරෙන විට අම්මාගේ ඇ`ගට කඩාගෙන පැන්නේ, ආවේශ වූ යකින්නියකගේ විලසටය. මේ හේතු හමුවේ මෙතෙක් කල් ඇය සිදු කරගෙන ආ ආගමික කටයුතු සීමා කරන්නට උපාසක මෑණියන්ට සිදුවිය. එහෙත් ඇය අඩදබර කර ගැනීමක් හෝ තම දරුවන්ට වෛර කිරීමට උත්සහ නොගත්තේ සත්‍ය ලෙසම ජීවිතයේ අනිත්‍ය අවබෝධ කරගෙන සිටි නිසාය.

මේ ආකාරයට වසරක කාලයක්වත් ඇයට ලොකු දුවගේ නිවසේ සිටීමට අවස්ථාව සැලසුණේ නැත. ඉන්පසු ඇය පොඩි දුවගේ නිවසට පැමිණියේ හිතේ ඇති වුණු කලකිරීමත් පොදි බැදගෙනය. විදුහල්පතිනියක් ලෙස සේවය කළ මේ උපාසක අම්මාට ප‍්‍රමාණවත් විශ‍්‍රාම වැටුපක්ද හිමිවිය. ඇය එම මුදල් බොහෝ විට වැය කළේ පින් අතේ වැඩවලටය. සිය දරුවන් යහපත් ආර්ථික පසුබිමක සිටි නිසා ඔවුන්ට මුදලින් උපකාර කිරීමට තරම් මේ අම්මා කටයුතු කළේ නැත. බාල දියණියට කෙසේ වෙතත්, ඇයගේ සැමියාට නම් මෙය ඉවසිය හැකි කාරණාවක් නොවීය. හවසට මත්වතුර කටගාගෙන ගෙට ගොඩවදින පොඩි බෑණාගේ ප‍්‍රධාන මාතෘකාව බවට පත් වූයේ නැන්දම්මාගේ විශ‍්‍රාම වැටුපය.

‘මේ ගෑනි මෙහේ ලැගගෙන ලෝකෙට සල්ලි බෙදනවා’
‘ඈ යකෝ අපි මෙහේ දන්සලක් දාලද?’
‘ගෙවල් දුන්නේ වෙන එකෙක්ට. හැබැයි අපි තමයි බලා ගන්ඩ  ඕනේ. මේක මාර නීතියක්නේ.’

මෙලෙස ඇරඹි වාදය ටිකෙන් ටික වර්ධනය වෙමින් බෑනණ්ඩිය අවසානයේ සිය නැන්දම්මාට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම දක්වා දුරදිග යන්නටද විය.
මේ අපවාද අසා ඉන්නට බැරිම තැන ඇය තම විශ‍්‍රාම වැටුපෙන් වැඩි කොටසක් තම පොඩි දුවට දීමට තීරණය කළාය. එහෙත් බෑණාගෙන් ඇතිවන හිත් පීඩා අඩු කිරීමට මෙය ප‍්‍රමාණවත් වූයේ නැත. අවසානයේ ඇය එම නිවසින්ද නික්ම යෑමට තීරණය කළාය. තම එකම පුතාගේ නිවසට නැතහොත් මහගෙදරට යළි ඇය පැමිණියාය. එහෙත් ලොකු පුතාගේ ලේලිය පිළිබද නම් ඇය තුළ පැවතියේ යහපත් හැගීමක් නොවේ. ඇය මහගෙදරින් පිටව දියණියන් වෙත යෑමට තීරණය කිරීමට හේතු වූයේද මෙයයි. එහෙත් අවසානයේ යළි ලේලිය ළගටම පැමිණීමට ඇයට සිදුවිය. ඇයගේ ලොකු ලේලිය වූ කලී සෙල්ලක්කාර ගති ඇත්තියකි. තම දරුවා රවටමින් සෙල්ලක්කාරී ලෙස ගත කරන ජීවිතයටත් ගම පුරා ඇය පිළිබඳ පැතිර යන කටකතා නිසාත්, මේ අම්මා හසුවූයේ දැඩි කලකිරීමකිනි. නැන්දම්මාගේ යළි පැමිණීම ලේලියගේ ඇෙග් මාළු නටන්නක් බවට පත් වූයේ, නැන්දම්මාගේ පැමිණීමත් සමගම තම නිදහස සීමා වන බව ඇය අත්දැකීමෙන්ම දන්නා නිසාය. ලේලියගේ වෙනස්කම් ඉවසා සිටීම ඇයට ඉතා අපහසු විය. එයට හේතු වූයේ, තමන් මෙතෙක් ජීවත් වූ නිවසේ සිටම ලේලිය ඇයට දිගින් දිගටම පීඩා කිරීමයි. දහවලට ඇයකුසගින්නේ සිටි දින ගණන ආහාර ගත් දින ගණනට වඩා වැඩි වූයේ ලේලිය තමා ආහාර ගෙන නිම වූ සැණින් භාජනවලට වතුර දමන නිසාය. දහවල් කාලයේ නිවසේ තනි වූයේ නැන්දම්මා හා ලේලිය පමණක් වූ නිසා ලේලියගෙන් ඇය වෙතට එල්ල වූ පීඩාව තව තවත් ඉහළ ගියේය.

හිත් පීඩා හේතුවෙන් ඇය වේගවත්ව දුර්වලව වන්නට විය. ශාරීරිකව ඉතා දුබල වූ අය රෝගියකු බවට පත්වූවාය. අසනීප වී ලෙඩ ඇ`දට වූ ඇයට ඇප උපස්ථාන කරන්නට ඇයගේ දරුවන් තිදෙනාගෙන් එක් අයකු හෝ ඉදිරිපත් වූයේ නැත. අවසානයේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙන් ඇය වැඩිහිටි නිවාසයකට ඇතුළත් කෙරිණි. ඇය එන්න එන්නම දුර්වලව අවසානයේ ඇයගේ ජීවිතය ලෙඩ ඇදට පමණක්ම සීමා විය. මුල් කාලයේදී මාසයකට වරක් පමණ ඇය බැලීමට වැඩිහිටි නිවාසයට පැමිණි දරුවන් තිදෙනාටද ටිකෙන් ටික ඇය අමතකව ගියේය.

එය සීතල දෙසැම්බරයේ හිමිදිරි උදෑසනකි. ඇයව සෝදා පිරිසුදු කරන වැඩිහිටි නිවාසයේ උපස්ථායිකාව සුපුරුදු ආකාරයට ඇය වෙත පැමිණියේ ඇය සෝදා පිරිසුදු කිරීමටය. වෙනදා සිනාසී තමා පිළිගන්නා මේ වැඩිමහල් අම්මා එදින ඇ`දට වකුටු වී නිදා ගන්නේ මන්දැයි සේවිකාව විමසා බැලූවාය. ඇයගේ ශරීරය දරදඩු වී ගොසිණි. ඇත්තටම ඇය මිය ගොස් සිටියාය. මේ ගැන  දරුවන්ට දැනුම් දුන් පසු ඔවුහු එක්ව තම මවගේ දේහය මහ ගෙදරට ගෙන ගොස් මහ ඉහළින් අවසන් කටයුතු සිදු කළහ. කාලය ගෙවී ගියේය. ඇයගේ මරණය සිදු වී තුන් මසක්වත් ගෙවී ගියේ නැත.

ලොකු ලේලිය සුපුරුදු ලෙස දහවල් ආහාරයෙන් පසු මදක් විවේක ගැනීමට නිදි යහනට ගොඩ වූවාය. එක්වනම පරිසරය ටිකෙන් ටික අදුරු වන බව වැටහුණි. ඒ වැහි බීරමක් විය හැකි බව සිතූ ඇය ඇදටම වී සිටියාය. ඒ සමගම ඇය අඩ නින්දකට වැටුණාය.
‘හි......... හි.......... හි’

ඇයගේ කාමරය තුළින්ම නැගුණු වියරු හිනා හඩකින් ඇය තිගැස්සී ගියාය. ඒ සමගම ඇය කලබලයෙන් නැගී සිටින්නට තැත් කළාය. එහෙත් ඇයට නැගී සිටින්නටවත් අවස්ථාවක් ලැබුණේ නැත. කාමරයේ වහළය දෙකට කැඞී උළු කැට ඇයගේ දෙපා ඉදිරිපිටම බිම පතිත වන්නට විය. කිසිවක් සිතාගත නොහැකි වූ ඇය භුමිකම්පාවක් සිදු වන්නේදැයි යන්න සිතා කිසිදු අරමුණකින් තොරව ඇද යටට රිංගීමට උත්සහ ගත්තාය. ඒ වනවිටත් ඇය ප‍්‍රමාද වූවා වැඩිය. වහළයේ වූ විසල් පරාලයක් ඇයගේ කකුල් මතට ඇද වැටුණි. ඇයට මතක
එපමණය. යළි සිහිය එන විට ඇය සිටියේ රෝහලේය.

පළමුව නිවස පිටිපස වූ විශාල පොල් ගස ඉදිරි නිවසේ යටලීයද කඩාගෙන නිවසට පතිත වී ඇත. වැස්සක් හෝ හුළගක් නොතිබුණු ගිනි දවාලක මහා ගසක් මුලින් ඉදිරී බිම පතිත වීම සියල්ලන් තුළම ඇති කළේ පුදුමයකි. හදිසියේ සිදු වූ අනතුරින් ලේලියගේ පා දෙකම බිඳී ගොසිණි. මාස කිහිපයකට ඇයට දෙපයින් නැගී සිටීමට නොහැකි බව වෛද්‍ය නිගමනය විය.

මේ අතරතුර දිනක් ලොකු දුවගේ නිවසේ ඉදිරි දොර දෙසින් කිසිවකු හෝ තට්ටු කරන හඩක් ඇසුනේය. ඒ වෙද්දී වෙලාව පස්වරු හතට පමණ ඇත. ඒ මොහොතේ නිවසේ රැදී සිටියේ ඇය පමණි. ඇය ඉදිරියට ගොස් දොර හැරියේ පන්ති ගිය තම දරුවා ගෙදර පැමිණ ඇතැයි සිතූ නිසාය. එහෙත් කිසිවෙක් නැත.
ටක්. ටක්. ටක්. යළිත් පිටුපස දොරට තට්ටු කරන හඩ ඇසෙන්නට විය.
‘පුතා... මොකද වෙලා තියෙන්නේ’ ඇය ඉදිරි දොර වසාදමා කුස්සියේ දොර ළගට ගොස් දොර හැරියාය.
‘බුදු අම්මෝ’

ඇය දොර ඇරි වේගයෙන්ම වසා දැමුවාය. දොර අසල සිටියේ කවුද? ඇය කුස්සියෙන් සාලයට වේගයෙන් දිවවිත් පුටුවේ වාඩි වූවාය. හදිසියේම දුටු දසුනින් ඇය කෙතරම් බිය වූවාද යත් ඇය වෙව්ලන්නට වුවාය.
කළු දිග ගවුමකින් සැරසී පහතට කඩා හෙළුෑ දිග කොණ්ඩයකින් හා ගිනි රත් පැහැ ගැන්වුණු ඇස් දෙකකින් යුතුව දොර ළග සිටගෙන හුන් රුව ඇයට මැවි මැවී පෙනෙන්නට විය. එම රුව වෛරයෙන් මෙන් තමා දෙස බලා සිටි අයුරු මතක් වනවිට ඇගේ ශරීරයෙන් ඩහදිය ගලා යන්නට විය.
ටක්. ටක්. ටක්.
යළිත් ඉදිරි දොරට තට්ටු කරන හඩ ඇසෙයි. ඇය දෑතින්ම කන් දෙක වසා ගත්තාය.
ටක්. ටක්. ටක්.
ඇය නැගිට්ටේ නැත.
අම්මේ....... අම්මේ........ ඇයගේ හිතට තරමක සහනයක් දැනුණි. ඒ තම පුතාගේ කටහඩය. ඇය බියෙන් බියෙන් ගොස් දොර හැරියේය. පන්ති ගිය දරුවා පැමිණ සිටියේය. දිනෙන් දින ඇගේ නිවසේ මෙවැනි අද්භූත සිදුවීම් ඉහළ යන්නට විය.

මේ අතරතුර පොඩි දුවගේ සැමියාගේ රස්සාවටද හෙනහුරා හඩන්නට පටන්ගෙන තිබුණි. රැකියා ස්ථානයේ ඇති වූ මුදල් වංචාවකට මැදි වී ඔහුගේ රස්සාව අහිමි විය. මේ සමගම ඔහුගේ බේබදුකම ඉහළ ගියේය. දවස තිස්සේ නිවසේ අඩ දබර අවසන් වූයේ ගුටි බැට හුවමාරුවකින්ද පසුවය. ඔවුන්ට ගමේ තිබූ තත්ත්වයද දිනෙන් දිනම පිරිහී යන්නට විය. ? එළි වන තෙක් අසාගෙන සිටිය නොහැකි අසභ්‍ය වචන කියනා පොඩි දුවගේ සැමියා ගමටම පිළිලයක් වන්නට වැඩි දිනක් ගත වූයේ නැත.මේ සියලූ සිදුවීම් එක දිගට සිදුවීම සියල්ලන්ටම මහත් ගැටලූවක් විය. ගමේ අය මෙයට විවිධ කතා කියන්නට විය. දිනෙන් දින පවුල් තුන තුළම ගැටුම් සහගත තත්ත්වයන් මෙන්ම, ආර්ථික ගැටලූද වේගයෙන් වර්ධනය වන්නට වූයේ පවුල් අතර සබදතාව බිද දමමිණි.
මේ සියලූ කරදර අතරින් ලොකු උපාසක මැණියන්ගේ තුන් මාසේ දානයද ගෙවී ගියේය. එහෙත් දරුවන්
තිදෙනාගෙන් එක් අයකු හෝ තම මව වෙනුවෙන් කුඩාවට හෝ දානයක් දී පිනක් අනුමෝදන් නොකළහ.
ටිකෙන් ටික පවුල් තුන තුළම ප‍්‍රශ්න ඉහළ යමින් පැවතුණි. එක්තැන් වූ ලේලිය දැඩි ලෙස මානසිකව දුර්වල වන්නට වූයේ, වරින් වර ඇසෙනා ආවේකගාරී අද්භූත හිනා හඩ හේතුවෙනි. ඇයට හැර වෙනත් කිසිවකුට මෙය නොඇසීම හේතුවෙන් ඇය අනතුර නිසා කම්පනයට පත්ව ඇතැයි වෛද්‍යවරු සිතූහ.
අවසානයේ ඔවුන් සාස්තරයක් අසන්නට ගියේ මේ කරදර නිමාවක් නැති නිසාය.

‘තමුන්ගේ නෑ කෙනෙක් ළගදී නැති වුණා නේද?’
‘ඔව්’
‘බොහොම පින් කරපු කෙනෙක්. ඒත් තමුන්ලා එක්ක දැඩි වෛරයෙන් ඉන්න මළයකෙක් වෙලා ඉන්නේ. මෙයා පවුල් ඔක්කොම විනාශ කරන්නයි බලන් ඉන්නේ. කවුද ඒ’
‘අම්මා’
‘එයා පිටද හිටියේ’
‘ඔව්’
‘බොහොම දුක් විදලා මැරිලා තියෙන්නේ’
ලේලිය නිහඩව බලාගෙන සිටියා විනා කිසිවක් කතා කළේ නැත.
‘උන්දෑ මැරෙන වෙලාවේ අධික තිබහකින් ඉදලා තියෙන්නේ, වතුර ටිකක් දෙන්නවත් ළමයෙක් නැති එක ගැන අධික තරහක් ඇති වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඉඩකඩම් මෙච්චර තිබිලත් අවසානයේ අනාථ නිවාසයක මැරෙන්ඩ වෙච්ච එකන ගැන ලොකු දුකකින් ඉදලා තියෙනවා.
ඒ හින්දම මළයක් ආත්මයක් බවට පත් වෙලා එයාව ඉවත් කරන්ඩ ගොඩක් අමාරුවෙයි. එයා ගොඩාක් ප‍්‍රබලයි.

සාස්තරකරුගේ ඒ ප‍්‍රකාශයන් ලොකු දුවගේ ඔළුව අවුල් වී ගියා සේ දැනුණි. ඇය කල්පනා කරමින් මාර්ගයට පැමිණියාය. ඇය සමග තනියට ගිය අසල්වාසී නිවසේ කාන්තාව සමග සිදුවීම පිළිබද කතා කරමින්ම පාර පැන්නේ බසයට ගොඩවීමටය.
...... පීප් ........
...... ක්රාස් .

හැරෙන්නටවත් මොහොතක් ඇයට ලැබුණේ නැත. පස් ගෙනියන විශාල ලොරියක ගැටුණු ඇය විසි වී ගොස්
පාර මැද ඇදගෙන වැටුණේ යළි කිසිදු දිනක නොනැගිටිණ ලෙසටය.
දරුවන්ට යුතුකම් ඉටු කළ, දරුවන්ගෙන් යුතුකම් ඉටු නොවුණු මවගේ ආත්මය තවමත් නිවෙස් තුන අතර වරින් වර ගැවසෙමින් දරුවන් කළ වරදට දඩුවම් දෙමින් සිටියි.


No comments:

Powered by Blogger.