දෙබිඩි ආත්මයේ අවතාරය

" සේන.. මොනාද අර මිනිස්සු වට වෙවී බලන්නෙ මේ රෑ.. මොකද උනේ .."
" කාවද  මරල දාලලු මහත්තයා .. මං තව දැක්කෙත් නෑ මේ ආරංචිය ආපු ගමන් දුවගෙන ආවෙ.."
මගේ වත්තේ මිනිහෙක් මරලා දාලා.. මේ මොන මගුලක් ද.. සිතමින් වාහනය පසෙකට කර නවත්වා ඒ දෙසට ඇදුනෙමි.. සෙනග පීරාගෙන
ඉදිරියටම ගිය මා දුටුවේ මෙතෙක් මා දුටු පිලිකුල්ම බයම විරූපීම දර්ශනය යයි...
" දෙයියනේ මේ ..........."
සිද්ධිය ට මසකට පෙර....
සාර්තකත්වයේ අරමුණු පසුපස පමනක් හමා ගිය මා හට ජීවිතයේ තවත් වැදගත් දේ බොහොමයක් මග හැරී ඇති බව වැටහුනේ තරමක් ප්‍රමාදවය... එමනිසා ආදරනීය ජීවිතයක් උරුමකම් නොකී මාගෙ ජීවිතයේ තනිකම මැකීමට හැකි වූයේ යෝජිත විවාහයකිනි. කෙසේ වුවත් ඈ සුන්දර තරුනියකි.. වයසින් තරමක් ලාබාල වුවත් කාන්තාවක් සතු විය යුතු සියල්ල ඈ සතුව තිබිණ .

සරල ලෙස චාරිත්‍ර පමනක් සිදු කර ඈ මා මාගේ රබර් වතු යාය මැද  අනෙක් ගෙවල් වලට බොහෝ ඈතින් නිස්කලංක ව පිහිටි ඉපැරණි තාලයේ  නිවසට කැදවාගෙන ආවේ මෙතැන සිට මා ජීවිතය කලඑළි වනු ඇතැයි සිහින දකිමින්‍ ය.
පලමු මංගල රාත්‍රිය උදා විය.. නමුත් ඈ මා සමග හැසිරුනේ ආගන්තුකයෙක් මෙනි.. ඇය සාදාරනය.. වයසින් මේරූ මට ඈ වැනි ලාබාල තරුනියක් කෙසේ හීලෑ වන්නද.. නමුත් ඈ සිතේ තිබූ අදහස මට සිහිනිකින් වත් සිතා ගත නොහැකි විය.
" සදු... ඔයා මාත් එක්ක ආවෙ අකමැත්තෙන් ද...??
" එහෙම දෙයක් නෑ..."
" එහෙනම් ඇයි මේ ....."
" මට බයයි ලජ්ජයි.. කවුරු හරි බලන් හිටියොත්..."
පිටතින් ආ සිනහව පාලනය කර ගත නොහැකි වුවත් හදවත ඇතුලත " මොකක්ද මේ කියන්නේ" කියන ප්‍රශ්නය මමම අසා ගතිමි..
" මොකක් ... මේ ගෙදර කවුරු බලන් ඉන්නද..? හ හ හා..."
" ම්ම්ම් මුකුත් නෑ අපි නිදා ගමුද...?
එතැනින් එහාට කිසිවක් නොකියා ඇයගේ නිදහස ඇයට ලබා දුනිමි.. සිත තුල දහසක් සිතුවිලි පොදි බැදගෙන මාගේ අලුත් ජීවිතයේ පලමු රාත්‍රිය පහන් කලෙමි...
දෙවන තෙවන සිවුවන රාත්‍රි වලත් ඇයට ලං වන්නට උත්සහ කලත්
ඇගේ ආගන්තුක බවේ කිසි වෙනසක් නොවීය මා ද ඉවසීමෙන් බලා සිටියෙමි.

වෙහෙස නිසාම මා තද නින්දකට වැටී සිටියද හිටි හැටියේ අවදි වූයේ නිදි යහනේ මා තනිවී ඇති බව දැනීම නිසාවෙනි . දෑස්  පියාගෙනම දෙතුන් වරක් ඇද අතගා බැලුවද ඇය සිටියේ නැත.. අඩවන් වූ දෑසින් වටපිට බැලුවෙමි ගේට්ටු කණුවේ පහන් එලිය යාන්තමින් කාමරයට වැටී ඇත.. දුටුවේ එකම දෙයකි.. ඒ ගැහැනියක ගේ චායාවකි..
" සදු..."
කිසිදු හැලහොල්මනක් නැත.. මා සීරුවෙන් ඇදෙන් බැස ඈ අසලට ගියෙමි.. ඈ සිටියේ වසා තිබූ දොරට හිස නලල තබා දෑත් පණ නැති කර පහලට එල්ලා ගෙනය. නමුත් ඇගේ දෑස් මදක් විවරව පැවතිය..
" සදූ... මොකද මේ.."
ඇයට මා ඇසෙන්නෙ නැත.. සිදුවන දේ පැහැදිලි ය.. ඇය නින්දෙන් ඇවිදින්නට ඇත.. හෙමින් සීරුවේ නින්ද නොකැඩෙන පරිදි මා ඇය නැවත ඇද මත තැබුවෙමි.. එතැන් සිට අවදානය ඈ කෙර් තිබූ නිසා මට නින්දක් ද නොවීය..
"සදූ... දෙයක් අහන්නද..."
උදෑසන අවදිව හිස පීරමින් සිටි ඇගෙන් මා ඇසුවෙමි..
" කියන්න මොකක්ද....?"
" ඔයාට නින්දෙන් ඇවිදින ලෙඩක් තිබ්බද..?
" අයියෝ.... ඒක ආයෙත් ඇවිත් ද.. පොඩි කාලෙ තිබිලා හරි ගියා.."
ඈ වැඩි සැලකිල්ලක් නොදක්වාම කියා දැම්මාය..
" හ්ම්ම් බය වෙන්න එපා අපි හොද කර ගමු..."
" ආ මේ මං කියන්න හිටියෙ... කොහෙද මන්ද ඉදලා පූසෙක් ඇවිත් හොරා කනව අනේ.. දවස් 2ක් 3ක් ම එලෙවුවා ... ඒත් ඌ දැන් මෙහෙටම පුරුදු වෙයි වගේ . අනේ අපි පූසන්ට කැමති නෑ..."
" අනේ ඕක ඔහෙ හිටියාවෙ.." මා තැකීමක් නොකලෙමි
එසේ පටන් ගත් සියලුම රාත්‍රීන් ඉතාමත් වෙහෙසකර වූත් කලකිරවන සුලු වූත් රාත්‍රින් විය..

කෙතරම් අවදිව සිටින්නට උත්සහ කලත් නිදි දෙවුදුව පරාද කිරීමට මට හැකියාවක් නැත.. නමුත් විටින් විට ගැස්සෙමින්  ඇහැරෙන්නෙ ඇය කොහේ හෝ ගොස් ඇතැයි සිතෙන නිසාය.. ඒ සිතුවිල්ල නිවැරැදි ය.. අදත් ඈ නැත.. ක්ෂණිකව ඇදෙන් බැස ඈ සොයා ගියෙමි.. එය ඉදිකටුවක් බිම වැටුනත් හඩ ඇසෙන තරම් නිහඩ රාත්‍රියකි.. නමුත් හිතේ සැකය නිසාදෝ මට කට හඩක් ඇසේ .. ඒ හඩ ලුහුබැඳ ගියෙමි ... එය ඇසෙන්නෙ කුස්සිය දෙසිනි.. හොදින් කන් දෙමින් ඒ දෙසට ගමන් කරද්දී මට ඇසුනේ ඒක පාර්ශ්වික කාන්තා දෙබසකි.. නමුත් එය තේරුම් ගැනීමට තරම් පැහැදිලි නොවිය.
මා කුස්සියට ඇතුල් වීමි.. කිසිදු ශබ්ධයක් නැත... කුස්සියේ ජනේලයක් ද හැර තිබින ... නැවත ඈ සොයා යාමට පෙර කුස්සියේ දොර වැසීමට තැත් කලෙමි...
" මොන මගුලක් ද....?"...
මට කියවිනි.. ඈ පෙර පරිදිම බිත්තියට නලල තබා දොර මුල්ලේ සිටිනු දැක මගෙ රෝමකූප ඩැහැ ගැන්විය.. ඇය අවදි නොකර ගෙනගොස් නැවත ඇදෙන් තැබුවෙමි.. නැවත ඈ යයි දෝ කියන බයෙන් ඇගේ අතකින් අල්ලාගෙන නිදා ගතිමි..
" එපා.... එපා.... අනේ එපා...." ගැහැණියක් යටි ගිරියෙන් කෑ ගසනු ඇසී උඩ විසි වී ඇහැරුනු මා ඇදෙන් නොවැටී බේරුනේ යාන්තමිනි .
විනාසයි... ඇය නැවත අතුරුදහන් වි ඇත... ඇදෙන් බැස දිවුවෙමි.. ඒත් සමගම අධික වේදනාවෙන් කෑ මොර දුන්නෙ බලලෙකි.. නමුත් එය තපරයක්වත් පැවතියේ නැත.. කෙලින්ම කුස්සිය දෙසට දිවූවත් ඈ සිටියේ සාලයේ මහ දොර අසලය..  දොරද විවෘත ව ඇත.. හිස පහතට යොමා දොර අසල මට පිටුපා දණ ගසා සිටි ඈ ලගට හැකි සැනින් දිව ආවෙමි නමුත් එය කිසි සේත්ම බලාපොරොත්තු නොවූ දසුනකි...
ඈ දණ ගසා සිටියේ ලේ විලක් මැදය.. ගලා යන උකු ලේ වලින් ඇගේ රාත්‍රි ඇදුමද තෙත් වී ඇත.. ඈ නිසොල්මන්ව සිටි නමුත් ඇගේ දෙපාමුල හිස නැති බලලෙක් වැටී සිටියහ.. යමකින් ඇද කඩා දැමු උගේ හිස තරමක් දුරින් විය.. පිලිකුල නිසාම ඇතිවූ වමනය පාලනය කරගෙන ඈ ඔසවා ගතිමි.. ඒත් සමගම නින්දෙන් අවදි වූ ඇය ඉකි ගසා හඩන්නට විය..
" මට සමාවෙන්න.... මට සමාවෙන්න ..."
" සදු .. සදු .. මොකද මේ... "
" එයාට තරහ ගිහින්... අනේ අපිට සමා වෙන්න... "
" හරි හරි ඔක්කම ඉවරයි ... අඩන්න එපා.. උදේම අපි යමු ඩොක්ට ලගට..."
ඉතාමත් අපහසුවෙන් ඇයව සනසා නිදි කර මහ රෑ ම ලේ සෝදා මල කුන වලලා දැමීමට වත්‍ත පහලට ගියෙමි.. කෙතරම් අමතක කිරීමට උත්සහ කලත් ඇගේ වචනත් ඒ සිදුවීමත් ප්‍රෙහෙලිකාවක් මෙන් සිතේ රැව් පිලි රැව් දුනි . සිතේ තැවුල නිසාමදෝ කවුරුන් හො මා දෙස බලා සිටින හැගීම නිතරම දැනුන නිසා වට පිට නොබලා සිටීමට නොහැකි විය.. කවුරුන් හෝ මගෙ ඉඩමේ මගෙ නිවසේ අනවසරයෙන් රැදී සිටින හැගීමක් හිත තුල කැකෑරෙමින් වද දුනි.
පසුදා උදෑසනම ඇය රැගෙන පුද්ගලික රෝහලකට රැගෙන ගියේ චැනල් කල යුත්තේ කුමන වෛද්‍යවරයකු දැයි නොදන්න නිසාවෙනි ඔවුන් අපව පලමුව සාමන්‍ය වෛද්‍යවරයකු ලගට යොමු කලත් කරුණු විමසීමෙන් පසු ඔහු ඇයව මානසික වෛද්‍ය වරයෙක් ලගට යොමු කරවිය. පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු මා වෙනම කැදවා විස්තර කරන්නට විය
" Mr. ඉදුනිල්... කලබල වෙන්න එපා . Wife ට තියෙන්නෙ ටිකක් බරපතළ මානසික ගැටලුවක් "..
" මොනවා අනේ dr ඇයි එහෙම වෙන්නෙ..."
" ඒකට හේතු ගොඩක් තියෙන්න පුලුවන් . මෙයා හිතන් ඉන්නවා එයා ලග තව කෙනෙක් ජිවත් වෙනව කියලා.. එයාට පිටින් හෝ එයගෙ ඇග අතුලෙම.. මේ වගෙ අය දෙයක් කරල එයාගෙ යාලුවට නැත්තම් එයා ලග ඉන්නව කියල හිතන් ඉන්න මනොමය චරිතෙ ඒක කලා කියල පෙන්නන්න උත්සහ කරනවා... "
මට සියල්ල එකපෙලට සිහි විය
[ අනේ මට බයයි ලැජ්ජයි කවුරු හරි බලන් හිටියොත්... / අපි පූසන්ට කැමති නෑ / අනේ එයාට තරහ ගිහින් අපිට සමාවෙන්න .]
ඈ කී සියලු දෙබස් බහු වචන වලින් කී බව මට තේරුම් ගියේ දැන් ය
එහෙනම් ඒ සියල්ල මේ රෝගයේ අතුරුඵල විය යුතුය.. මානසිකව ඉතා අන්තයට වැටුනත් හිතේ තිබූ ගැටලු වලට පිලිතුරක් ලැබීම සහනයක් විය..
" ඉතිං Dr අපි මොකද කරන්නෙ මේකට. "
" මං දැනට බෙහෙත් ටිකක් දෙන්නම්.. එත් ඉක්මනට Admit වෙලා treatments කර ගන්න. ඔයා එ ටික arrange කර ගන්නකම් මේ බෙහෙත් වලින් control වෙයි "
ඈ නිසා කලඑළි වූ මගේ නිවස ඈ නිසාම මිනියක් නැති මල ගෙයක් මෙන් පාලු වී ඇත... ලබා දුන් බෙහෙත් නිසාදෝ ඈ අද සුව නින්දක පසු වේ..
දින කිහිපයකට පසු රබර් වත්තෙ කාර්‍යාලයට ගියේ  මගේ වැඩ වෙන කෙනෙකුට පවරා දීමේ අදහසිනි. නමුත් එහිදී වුයේ තවත් සිත අවුල් වීම පමණකි..
" මහත්තයා කලබල වෙන් නැත්තම් දෙයක් කියන්නද..."
" මං මොකට කලබල වෙන්නද"
" අනේ මන්ද මේක කේලමක් වෙයිද කියල.."
" අනේ මේ තටඹන් නැතුව කියනව අයිසෙ"
"  මහත්තයා ගෙදර නැත් වෙලාවට නෝන තනියමනෙ මහත්තය.. අර අල්ලපු රබර් කට්ටියෙ ක්ලාක් මහත්තය නිතර නිතර මහත්තයලගෙ ගෙවල් පැත්තෙ කැරකෙනවා අපේ ගෑනි දර කඩන්න යද්දි දැකලා තියනවා"
මට කෝපාවිෂ්ඨ විය
" අනුන්ගෙ රෙද්දවල් හොයන් නැතුව යනව අයිසෙ යන්න මෙතනින්..."
ඔහුව එලවා දැමුවද මගේ සිහි විකල් වී ඇත.. මගේ බිරිදට ලෙඩක් නැද්ද.. ඈ මට බොරු කරනවද .. කෝපය ඉහ වහා ගිය මම කෙලින්ම ඇදුනේ නිවසටය . වාහනය ට නැග ගත් මා හට පාර පෙනුනු නොපෙනුනු තරම් සිතුවිලි වලින් අන්ධව ඇත... මා නිවසට යන විටත් ඈ තවකෙක් සමග සිනාසෙන ලෙස තනිවම සිනාසෙමින් සිටියාය.
" මොකක්ද මේකෙ තේරුම..."
" ඇයි ...  මොකද මේ.."
" කවුද මම නැති වෙලාවට මෙහෙ එන්නෙ.."
" මොනාද මේ කියවන්නෙ... අනික කවුරු ආවත් මං බය නෑ එයා මට මුකුත් කරන්න දෙන් නෑ... "
එතැනින් මගේ ඉවසීමේ සීමාව නිමා විය..
" කවුද ගෑනියෙ එයා... මොකා ගැනද මේ කියවන්නෙ.. බලනව හොදට මේ මං විතරයි මෙතන ඉන්නේ.. බලනව බලනවා...." මා ඇගේ උරහිසෙන් අල්ලා සෙලවීමි.
" නෑ එයා ඉන්නව.." ඈ ඉතා පහත් හඩින් කීවාය
" නෑ එයා ඉන්නවා.." එක එල්ලේ මගේ දෑස් දෙස බැලූ ඇය කෑ ගැසීය.
" නෑ එයා ඉන්නවා ......" මා තල්ලු කර දැමූ ඇය කෙස් අදිමින් යටි ගිරියෙන් කෑ ගසමින් බඩු මුට්ටු පොලවේ ගැසිමට පටන් ගත්තාය... යකෙක් වැහුනා සේ මර හඩ දෙමින් කෑ ගසනු ඇසි අසල රබර් කට්ටියක කිරි කපමින් සිටි කාන්තාවන් තිදෙනෙකු පැමිනීම සිතට ලොකු සහනයක් විය..
ඔවුන්ගේ උදවුවෙන් ඇයව පාලනය කරගෙන ලගම තිබූ රෝහලට රැගෙන ගියේ වෙන කිරීමට කිසිම දෙයක් කල්පනා නොවූ නිසාවෙනි . මා සමග ආ කාන්තාවන් කුලී රියක පිටත් කර හැර රෝහලේ රැදී සිටියේ තත්වය සමතයක් වන තෙක් ය.
" ලග කවුරුත් ඉන්න ඕන නැති වෙයි
නින්ද යන්න බෙහෙතක් දුන්න ගිහින් හෙට උදේ එන්න"
මා රැදී සිටිනු දැක හෙදියක මා පිටත් කර හැරීය. ගෙදර යන අතරතුර ඇගේ පවුලේ අයටත් සිදුවු දේ දැන්වීමට අතපසු නොකලෙමි
කුමක් කරන්නදැයි සිතා ගත නොහැකිව නිවෙස බලා යනවිට රාත්‍රි 9  ට ආසන්නය. මාගේ රබර් ඉඩම තරමක් ඇතුලට වන්න විදුලි පන්දම් රැගෙන මිනිසුන් වටවී කුමක් හෝ කරනු දැක වාහනය නවතා බලා සිටියෙමි.. ඒත් සමග කඩිසර ගමනින් මගේ සේවකයෙක් වූ සේන පැමිනෙන බව මා පැති කණ්ණාඩියෙන් දුටිමි
" සේන.. මොනාද අර මිනිස්සු වට වෙවී බලන්නෙ මේ රෑ.. මොකද උනේ .."
" කාවද  මරල දාලලු මහත්තයා .. මං තව දැක්කෙත් නෑ මේ ආරංචිය ආපු ගමන් දුවගෙන ආවෙ.."
මගේ වත්තේ මිනිහෙක් මරලා දාලා.. මේ මොන මගුලක් ද.. සිතමින් වාහනය පසෙකට කර නවත්වා ඒ දෙසට ඇදුනෙමි.. සෙනග පීරාගෙන ඉදිරියටම ගිය මා දුටුවේ මෙතෙක් මා දුටු පිලිකුල්ම බයම විරූපීම දර්ශනය යයි...
" දෙයියනේ මේ ......... අර ක්ලාක් කාරය නේද"..
කලන්තෙ දමා වැටේ යැයි බියෙන් මා ගසකට හේත්තු විය... ඔහු මරා දමා තිබෙන බව සහතිකය.. නමුත් උගේ
හිස පිට පැත්තටම අඹරවා ඇත.. ඒ හෙයින් ඉලිප්පුනු නහර වල ලේ ගල් වි ඒ භයංකාර බව දෙගුණ තෙගුණ කරවීය. උගේ විවර වූ ඇස් එක එල්ලේ මා දෙස බලා සිටියේ මෙයට වගකිව යුත්තේ මා යැයි කියන්න ට මෙනි.තවත් මෙය බලා සිටි නොහැකි හෙයින් මා රථය වෙත ආවෙමි
මෙ සිදුවන්නේ මොනවාද මට කිසිවක් වැටහෙන්නේ නැත.. ඔහු නිසා ප්‍රශ්නය ක් වූ දිනම ඔහු මෙලෙස මරා දැමුවේ කවුරුන් ද .කුමක් නමුත් අත්භූත යමක් අප වටා කැරකෙන බව පැහැදිලිය .

නිවස තනිකරම අපායක් මෙනි අඩිය තබන තබන තැන කුඩු පට්ටම් වූ බඩු කැබලිය. බලන බලන තැන ක්ලාක් කාරයාගේ බෙල්ල ඇඹරුනු මිනියත්,කවුරුන් හෝ හිද අතුරුදහන් වන බව පෙනුනත් බය වීමට තරම්වත් සිතේ ශක්තියක් නැත.  වෙනදා නිහඩ පරිසරයම අද නරියන්ගේ හූ හඩින් මූසල වී ඇත.
රෝහලට යාමට අවශ්‍ය බඩු මුට්ටු සකසා ඇදට වැටුනත් ඇසුනු විකාර ශබ්දත් හැගුනු විකාර සිතුවිලිත් නිසා නින්ද යනු තහනම් දෙයක් විය. ඒ නිසාම සදු ට ලබා දී තිබූ නිදි පෙති වලින් 2 බී නින්දට වැටුනේ මේ මොහොතේ වූ වටිනාම දෙය එය නිසාය.

රාත්‍රියේ මා ගැස්සී ඇහැරුනේ කකුලේ සීතල යමක් වැදීමෙනි.... ඇස් හැර බැලුවෙමි.....
" අම්මෝ...." මා යටි ගිරියෙන් කෑ ගසා පස්සට විසි වී ඇදෙන් බිමට වැටුනේ බය දරා ගැනීමට නොහැකිවයි...
මගෙ දෙපා අසල ඇද උඩ උත්කුටුපයෙන්  දණහිසට ඇණ තබා වාඩි වී ඇසි පිය නොහෙලා බලා සිටියේ අවුරුදු 10 ක පමණ පිරිමි ළමයෙකි.. ඔහුගේ තොල් පවා කිරි මැටි ගෑවාක් මෙන් සුදු පැහැතිය.. මා ගැහෙමින් බලා සිටියේ කොයි මොහොතේ ඔහු ඇද උඩ සිට එබී මා දෙස බලාවි යන බියෙනි. නමුත් මද වේලාවක් ගතවූ හෙයින් මා සෙමින් නැගිට බැලුවෙමි... කිසිවක් නැත

වේලාව 4 කණිසම ට ආසන්නය. තවත් මෙහි සිටිය නොහැක... අවශ්‍ය සියල්ල රැගෙන මා පිටත් වුයේ රෝහලටයි

රෝගින් බලන වේලාව පැමිණිමට තව පැයක් පමණ ඇත.. වාහනයට වී කල් මරමින් සිටියේ කොයි මොහොතේ හෝ බිරිද ගේ ගෙදර අය එම බව දන්නා නිසාය.. අද වෙලාව ගත වන්නේද සෙමිනි.. රෝගීන් බලන වේලාවට පැය කාලක් තිබියදී ඔවුන් කලබලෙන් මෙන් පැමිණියහ..
" මොකක්ද ඔයාල මට මෙහෙම කලේ.. ඇයි මාව රැවැට්ටුවෙ .. ඇයි මට නොකිවුවෙ මෙයාට ලෙඩක් තියනව කියලා.."

" අනේ පුතේ අපි රැවැට්ටුවෙ නෑ අපි හිතුවේ දැන් ඒ ඔක්කම ඉවරයි කියලා..."
වේලාව ආ නිසා ඈ බැලීමට ගියෙමු.. ඒ වන විටත් ඈ නින්දේ පසු වූ නිසා අපට කල හැකි යමක් නොවීය.. ඇගේ මව ඈ අසල නතර වීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ නිසා ඇගේ පියා සමග ඔහු නිවසට ඇරලීමට පිටත් වීමි

ගමන මගදී ඔහු හඩ අවදි කලේය..

" පුතාට මං ඇත්තම කියන්නම්... මේ මගෙ එකම දරුවා නෙමෙයි.. අපිට ලැබුනෙ නිවුන්නු ... ඒත් අනිත් දරුව පිරිමි ලමයෙක්.. කොහොම උනත් මේ දෙන්න පුදුමාකාර බැදීමකින් හිටියෙ.. ඒත් ධෛවය අපි හිතන විදියට ලියවිලා තිබ්බේ නෑ.. මේ දෙන්නනෙ සෙල්ලමට වෙලාවක් තිබ්බේ නෑ.... කන බොන වෙලාවෙත් නිදා ගන්න වෙලාවෙත් කොයි වෙලාවෙත් පුදුම දැගලිල්ලක් තිබ්බෙ. අපිත් ඒ දිහා ගොඩාක් ආසවෙන් බලන් හිටියේ.. ඒත් එක දවසක් එයාල කාමරෙ කොට්ට වලින් ගහ ගන්න සෙල්ලම කර කර හිටිය ඇදේ උඩ පැන පැන.. එක පාරම කාමරෙන් ලොකු සද්දයක් ආව.. මොකක් හරි වැටෙනවා වගේ.. එත් එක්කම කෙල්ල අම්මේ... කියල කෑ ගැහුවා.. අපි එතනට දුවනකොට වෙන්න ඕන ඔක්කම වෙලා පුතේ.. කොල්ල වැටිල ඇද පත්තේ ඔලුව වැදිලා ලේ පෙරාගෙන් ෆිට් එක හැදිල වගේ ගැහෙනවා..."
ඔහු මදක් නිහඩ විය.. මාද ඔහුට බාධා කලෙ නැත..
" ඒක මතක් වෙද්දිත් වාවන්නෙ නෑ පුතේ.. ඒකෙන් කොල්ල අපිව දාල ගියා.. මේක වෙද්දි අවුරුදු 10යි.. කෙල්ලට මේක දරා ගන්න බැරි වුනා.. මාස ගානක් යනකන් කතා කලේ නෑ ඒත් පස්සෙ තනියම සෙල්ලම් කරන්න ගත්‍තා.. මල්ලි එක්ක සෙල්ලම් කරනවා වගේ තනියම කතා කර කර.. අපිට මේක අමුත්තක් වුන නිසා ඉස්පිරිතාලෙ ගෙනිච්චා එයාල දුවව පුනරුත්ථාපනය දැම්ම.. අවුරුදු ගානකට පස්සෙ හොද වෙලා ගෙදර ආව. අපි හිතුව හැම දේම ඉවරයි කියලා...."
කතාවත් සමගම අප නිවසට ලං විය.. නිහඩ ව සිටීම හැර වචන ගලපා ගැනීමට මට නොහැකි විය. මංද මොන තත්වයේ හිටියත් ඈ අත් හැරීමට තරම් මා නරුමයෙක් නොවීය
" පුතා ඇතුලෙන් වාඩි වෙන්න.. දෙයක් පෙන්නන්න තියනවා.. "
ඔහු දිනපොතක් ද රැගෙන පැමිණියේය.
" මේක ගත්තෙ කෙල්ලයි කොල්ලයි ශිෂ්‍යයත්වෙ පාස් වෙච්ච සතුටට ගත්‍ත party එකෙදි"
වර්ණවත් චායාරූපයක් ඔහු මගේ අතේ තැබීය...
මා අසුනින් නැගිටුනෙ ඉබේමය... එහි වූයේ ඇද උඩ සිටි සුදුමැලි කොල්ලාය...

එසේ නම් මේ සියල්ල ඇත්තද....... ප්‍රෙහෙලිකාවක ආරම්භ ය එයයි...
නිමි..




1 comment:

Powered by Blogger.