තුන් මං හංදියේ හමු වූ යුවතිය

මේක මීට අවුරුදු 15 කට විතර ඉස්සර පිටිසර ගමක වෙච්ච සත්‍ය සිදුවීමක්ලු. ඔහු නමින් උපාලි විය. උපාලිගේ හොදම යාලුවා වුයේ තිස්සය. දවසක් පොඩි අඩියක් ගැසිම සදහා තිස්ස උපාලිට ආරාධනා කලා උපාලිත් කැමති වුනා. එදා ඉරිදා දවසක රැ 8ට විතර උපාලි තිස්සලාගේ ගෙදර ගියා. ගිහින් තිබුනේ කාර් එකක. උපාලි පොහොසත් පවුලකින් පැවත එන කෙනෙක් වුන අතර එහෙත් උපාලිට සිටියේ ඇගේ මව
විතරයි. ඔහොම ඉතින් දෙන්නා හොදට කාලා බීලා විනෝද වෙමින් හිටියේ. ඒ විනෝදය එතරම් දුර දිග ගෙන යාමට නොහැකි විය. මන්දයත් හදිස්සියේම උපාලිට හොස්පිටල් එකෙන් කෝල් එකක් ආවා. ඔයාගේ අම්මාට පපුවේ අමාරුවක් හැදිලා දැන් හොස්පිටල් එකේ ඉන්නේ වහාම දැන්මම එන්න. ඉතින් උපාලි මහත් කනස්සල්ලට පත්වු අතර ඇයි බන් මොකද කාගෙන්ද කෝල් එක කියා ඇහුවාම මම දැන්මම යන්ඩ ඕනා මගේ අම්මට සනීප නැ බන් හොස්පිටල් එකේ ඉන්නේ දැන්මම යන්ඩ ඕනා කියා ඔහු පිටත් විය. එවිට මධ්‍යම රාත්‍රිය ආරම්බ වීමට ටික වෙලාවයි තිබුනේ. එහේ පිටිසර පලාතක් නිසා රැටත් දවල්ටත් සෙනග අඩුයි ලයිටුත් නැ ඈතින් ඈත තමා ගෙවල් තියෙන්නේ පාර දෙපැත්තේ කැලේ තමා තියෙන්නේ. ඉතින් ඔහොම උපාලි කාර් එක පදවගෙන එන අතරතුර තුන් මන් හන්දියක් හමබවෙලා තියෙනවා. එහෙන් කෙලින්ම දාලා යන අතරතුර ඈතින් පාර අයිනේ කෙල්ලෙක් ඉන්නවා දැක්කා.

කාරය ලන්වනවාත් සමග ඇය අත දිගු කලත් මොහු නතර නොකර චුට්ටක් ඉස්සරහට ගියා. නැවත ඔහු කල්පනා කර පවුනේ මේ වෙලාවේ කෙල්ලෙක් තනියම තියලා යන එක හරි නැ මන් දාන් යනවා කියලා හිතලා රිවස් කරන් ඇවිත් ඔයා මොකද මේ වෙලාවේ? කොහෙද යන්නේ? දැන් රැ 12ටත් කිට්ටුයිනේ නන්ගි කියලා. මට බස් එක මගහැරැනා අයියේ. හා නන්ගි නගින්ඩ කීවාම ඇය පිටිපස්සෙන් නැග්ගා. ඔහොම ඉතින් යන අතරතුර උපාලි නිකමට කන්නාඩියෙන් ඇය දිහා බැලුවා. ඒත් ඇය නැ. ඉබේටම ඔහුට බ්‍රේක් එක පැගුනා. එතකොට හැරිලා බැලුවම ඇය ඉන්නවා.

තිගැස්මක් ඇති වුනත් එතරම් බය වුනේ නැ. මොකද බීලත් එක්කනේ ඉන්නේ මගේ හිත වෙන්ඩ ඇති කියලා හිතලා ටිකක් දුර යන විට ඇය ඔතනින් මාව දාලා යන්න අයියේ කිව්වා. ඔයා මේ හරියෙද ඉන්නේ? ඇය මුකුත් නොකියා කාර් එකෙන් බැස ගියා. උපාලිද කාර් එකෙන් බැස බැලුවත් ඇය නැ. ඔහුට එවිට වෙරිත් සිදි හැකි ඉක්මනින් කාර් එක පදවගෙන වේගයෙන්ම හොස්පිටල් එකට ගිහින් අම්මාව බැලුවා. එවිට දොස්තරලා ඇවිත් අම්මට තියෙන ලෙඩේ ගැන විස්තර කලා. නමුත් උපාලිගේ සිතේ වැඩ කරේ අර සිද්දියයි. දොස්තරලා මොනාද කිව්වේ කියලාවත් ඔහු දන් නැ. දවස් 2ක් විතර හොස්පිටල් එකේ අම්මව තියන්ඩ ඕනා නිසා ඔහු එදා රැ හොස්පිටල් එකේ ඉදලා පහුවදා උදේම තිස්සගේ ගෙදර ගිහින් අර සිද්දිය කියලා මට දැන් එතනට ගිහින් බලන්ඩ ඕනා උඹත් වරෙන් දැන් යමු කියලා ඒ කෙල්ල බැහැපු තැනටම ගියා. මේ දෙපැත්තේම කැලේනේ බන් ඔහේ ඇති කෙල්ලෙක් නැ බන්. ඈතින් පොඩි ගෙයක් පෙනුනා උපාලිට දෙන්නම ගොස් කතා කරා එවිට සීයා කෙනෙක් ඇවිත් මොකද දරුවෝ කියලා අහලා. රැ මාත් එක්ක කෙල්ලෙක් ආවා ඒ කෙල්ල මෙතනින් බැස්සා එයාගේ ගෙවල් දන්නවද? අයියෝ මහත්තයත් එක්කත් ඒ ගැහැනු දරුවා ආවාද? මහත්තයෝ බය වෙන්ඩ එපා.

ඒ ගැහැනු දරුවා මීට අවුරුදු ගානකට ඉස්සර ඔය කැලේ දූශනය කරලා මරලා දාලා තිබුනේ. එය ඇසු විගසම උපාලි හා තිස්ස විමතියෙන් මූනට මූන බලා ගත් අතර උපාලිගේ ඇස් දෙක උඩ ගිහින් ඉහින් කනින් දාඩිය වැගිරෙන්නට විය.


No comments:

Powered by Blogger.