බෝතලයට දමා මුහුදට දාපු සන්ජීවනීගේ ආත්මය

මම මගේ නෝනයි දරුවයි එක්ක පරන ගෙදර විකුනලා ආවා කුරුණෑගලට.එහෙන් ලස්සන ගෙයක් එක්ක ඉඩමක් අරගෙන අපි සතුටින් ජීවත් වුනා.මගේ රස්සාව තමයි ඇදුම් මහන එක.ලගකදි ඉදල මට ගොඩක් සරුයි.ඒ සල්ලි වලින් තමයි මම මේ ඉඩමයි ගේයි ගත්තෙත්😀
"අම්මේ ඇයි මේ කෑම මේ තරම් පිලුනු වෙලා??මටනම් කන්න බෑ මේ කෑමනන් බඩගින්නෙ හිටියත්"දවසක් අපි රෑ කෑම ගනිද්දි මගෙ පොඩි
පුතා බෙරිහන්දුන්නෙ තරමක් කලකිරීමෙන් වගේ.
"ඒක වෙන්න බෑ පොඩී!!මන් බත උයලා තාම පැයක්වත් ගියේ නෑනෙ!!"මගේ බිරිද ශානි කිව්වෙ තරමක කෝපයෙන්.

"පොඩී බොරු නෙමෙයි කියන්නෙ ශානි මේ බත් එක ඇත්තටම නරක් වෙලා"මමත් පොඩ්ඩක් මැද්දට පැන බත් එක පරික්ශා කරලා බැලුව.
"ඒත් ඒක කොහොමද වුනේ!!"ශානි තරමක් බියෙන් වගේ
"ආහා ඒකට කමක් නෑ මන් හවස ගෙනාපු පාන් ගෙඩිය කපලා ගන්නකො"
මෙහෙම බත් හෙම පිලුනු වෙන්නෙ මලපෙරේතාත්ම ගෙදර හිටියොත් කියලා අපෙ අම්මල ඉස්සර කියපු කතා මතකෙට ආවත් මන් මේ කතාව මීට වඩා දුර ගෙනියන්න කැමති වුනේ නෑ.මන් එදා හිතාගත්තා මේ සිද්දිය අමතක කරලා දාන්න

ඒත්
තව දවසක් තවත් මහ අපූරු වැඩක් වුනානෙ
මන් බාරගත්තු ඕඩරයක් ඉවර කරන්න ඕන නිසා ටිකක් රෑ වෙනකන් කඩේට වෙලා ඉන්න වුනා.මන් ඇදුම් ටික මහලා ඉවර වෙද්දි රෑ දොලහට කිට්ටුයි වගේ
"අදනම් හිතුවට වඩා පරක්කුයි"
කඩේ ඉදලා හෙදරට මහා දුරක් නැති හින්දා මන් ගෙදර යන්නෙ පයින්.ඔන්න මන් එදත් පයින්ම ගෙදර යන්න පිටත් වුනයි කියහන්කො😂
මන් දුර තියාම දැක්කා සුදු පාට චායවක් වගේ දෙයක්.වීදි පහන් දල්වා තිබුනත් අවට තිබුනු දැඩි මීදුම නිසා මට ඒක හරියට පෙනුනේ නෑ.මන් ඒ ලගටම ගියාට පස්සෙයි දැක්කෙ මේ මහ රෑ පාරට වෙලා සුදු ඇදගෙන ඉන්නෙ කෙල්ලෙක් බව
"නන්ගි මොකෝ මේ මහා රෑ? මේ වෙලාව ගෑනු ලමයින්ට පාරෙ යන්න සුදුසු වෙලාවක් නෙමෙයිනෙ?"මන් ඇය ලගට ගිහින් විමසුවා
"අනේ අයියේ අද මන් ක්ලාස් ගිහින් එනකොට පරක්කු උනා ඒකයි."අසාමාන්‍ය ලෙස සුදුමැලි ස්වාභාවයක් තිබුනු ඒ කෙල්ල කිව්වෙ දුකින් වගේ
"කොහේද නන්ගිගෙ ගෙදර තියෙන්නෙ?"
"ඔය ඉස්සරහ හන්දියෙ"

"ආ මාත් එක්ක යන් මාත් යන්නෙ ඔය පැත්තට තමයි"කෙල්ල පවු කියල හිතපු මම කිව්වා
යන අතරමගදී ඇය මුනිවත රැක්ක නිසා මාත් මොනවත් කතා කරන්න ගියේ නෑ
"ආ නන්ගි මෙන්න අපි ආවා"මන් පසුපස ආ තරුනියට කිව්වෙ අපි හන්දියට ආපු පසුවයි
මොනවා මේක වෙන්න පුලුවන් දෙයක්ද??මගේ කොන්ද දිගේ සීතල දාරාවක් ගාලා යනවා වගෙ දැනුනා කකුල් හිරි වැටුනා මන් බය වෙච්ච තරමට.මෙච්චර වෙලා මාත් එක්ක ආපු තරුනිය එක් වරම අතුරුදහන් වෙලා!!!!!මන් පසු නොබලා දිව්වා. ගිහින් නැවතුනේ ගෙදර


මන් ඊයෙ වුන සිද්දිය ගෙදර අයට කිව්වෙ නෑ.මොකද මන් හිතුවෙ නිදි මරගාතෙ හිටපු මට ඇයව කොහේදි හරි මගඇරෙන්න ඇති කියලයි.

ඒත් ඇයව නැවතත් දවසක මට මුනගැහුනා!!!!!
මන් සාමන්‍ය පරිද්දෙන්ම රෙදි කඩේ වැඩ කරමින් ඉන්නකොට අර කෙල්ල ආවනේ මගේ කඩේට!!!!!!ඔය ගොල්ලොන්ට කියන්න එදත් ඔය කෙල්ල ඇදන් හිටියෙ සුදු ඇදුමක්මයි!
"නන්ගි එදා එකපාරටම කොහේටද අතුරුදන් වුනේ මන් හොදටම බය වුනා"මන් කිව්වෙ තරමක කෝපයෙන්
"අනේ සොරි අයියේ මන් ටක්ගාලා එතනින් ගියේ අපේ තාත්තා දැක්කනම් මට ප්‍රශ්නයක් වෙන නිසයි"
"ආ ඒකට කමක් නෑ.දැන් නන්ගි මොකො මේ පැත්තට ආවෙ"
"අයියේ මට සුදු පාට සාරියක් ඕනේ"
"ආ ඔහොම්ම ඉන්න මන් අරන් එන්නම්"කියල මන් ගියා පිටිපස්සෙ කාමරේට
ඔයාලට හිතා ගන්න පුලුවන්ද වෙච්ච දේ?
එදා වගේම අදත් මන් එන කොට ඇය අතුරුදහන්.මුලු කඩේම කනපිට හරවලා.රෙදි ඉරලා බඩුමුට්ටු පොලවෙ ගහලා.ඒ සේරම පැත්තකින් තියමුකො

සුදු බිත්තියෙ ලේ වලින් අත් දෙකක් සලකුනු කරලා තිබුනා!!!!!!😱
මට ක්ලාන්තය ආවත් හිතට දයිරිය ගත්ත මන් කොහොම හරි කඩේ වහල ගෙදරට ආවා.

අද වෙච්ච දේවලුත් මන් ගෙදර අයට කිව්වෙ නැත්තෙ ඒ අයව අනවශ්‍ය බියකට පටලවන්න ඔනෙ නැති නිසයි.ඒත් තවත් දවසක් අර කෙල්ල ආයෙ ආවා ඒත් මගෙ ඉස්සරහට නෙවෙයි මගෙ පොඩි එකාගෙ ඉස්සරහට.

යන්තම් කලුවර වැටුනා විතරයි .පොඩී කෑ ගහන්න ගත්තා .
"තාත්තේ අර අක්කා අර ගහ උඩ අර"
"පොඩී ගෙට යන්න"
මා එසේ පැවසූයෙ මා බිය වූ තරම ඔහුට නොපෙන්වීම සදහායි
හෙදර ඉස්සරහ තියෙන කෝන් ගහේ සුදු ඇදගත්ත අර කෙල්ල බෙල්ල වැල දාගෙන ඉන්න හැටි කලුවරෙම වුවත් සද එලියෙන් මට පෙනුනා
මමත් හැකි ඉක්මනින් ගේ ඇතුලට ඇවිත් දොර වහගත්තා.මේ කිසි දෙයක් මන් නෝනට කිව්වෙ නෑ
"හූහූහූහාහාහ්හ්හූහූහූ තොපි මේ ගෙදරින් පලයල්ලා මේක මගේ ගෙදර තොපි මේ ගෙදරින් පලයල්ලා මේක මගෙ ගෙදර හූහූහූහාහාහාහ්හ්හාහූහූ"

මුලු ගෙදරම දෙවනත් කරමින් මගෙ කාමරේ පැත්තෙන් ඇහුනා
මහ රෑ කියලා බැලුවෙ නෑ දරුවයි ශානිවයි අරගෙන මන් පුලුවන් තරම් ඉක්මනට ගියේ කට්ටඩි මහත්තයයි ලගට

"අනේ කට්ටඩි මහත්තයො අපේ ගෙදරට ප්‍රේතාත්මයක් ඇවිත් මොනවා හරි කරල මගේ ගෙදර බේරල දෙන්න මහත්තයො පින් සිද්ද වෙයි!!"මන් දරුවෙකු වගේ වැලපෙයි
"හ්ම්ම් යමන් බලන්න"කට්ටඩි මහත්තයා නැගිටලා යන්න ලෑස්ති වුනා.නෝනයි දරුවයි කට්ටඩි මහත්තයගෙ ගෙදර නවත්තලා අපි දෙන්නා ආවා මගේ ගෙදරට
"මේක තමයි මහත්තයෝ ගෙදර"
"හ්ම්ම් වරෙන් මගේ පස්සෙන්"කට්ටඩි මහත්තය කිව්ව
"කවුද බොල මේ ගෙදරට අරක් අරගෙන ඉන්න පෙරේතයා වරෙන් බොල එලියට"කට්ටඩි මහත්තයා දෙතුන් වතාවක් එහෙම කිව්ව
"හූහූහූහාහාහ්හ්හූහූහූ මේක මගේ ගෙදර මේකට එන හැම මිනිහෙක්ම ගෑනියෙක්ම මගෙන් මැරුන් කනව හූහූහූහාහාහ්හ්හූහූහූ "
කොහෙන්ද මන්දා එක පාරටම සද්දයක් ආවා
"ආ එහෙමද බොල තෝ හදන්නෙ මාත් එක්ක සෙල්ලන් කරන්නද තෝව හිරකරලා ගිහින් දානවා මුහුදට දැන ගනින්"
"එපා එපා මන් සේරම ඇත්ත කියන්නම්"
"කරන්න දෙයක් නෑ මට තෝව හිරකරල දාන්න වෙනවා"කට්ටඩියා කිව්වා
එපා එපා ඒ දේ කරන්න එපා එපා එපා එපා..............
කට්ටඩි මහත්තයා බොතලයක් ගෙන මතුරන්නට විය
මුලු ගෙදරම දෙවනත් කරමින් ප්‍රේතාත්මය වියරුවෙන් කෑගසන්නට විය.බඩු මුට්ටු පෙරලා කුඩු කර දැම්මා බිත්ති සියල්ලේම අමු කුනු ලේ වලින් අත් පහරවල් ගාසා තිබුනා
කට්ටඩි මහත්තයා දිගටම මතුරයි

"එපා එපා..........."වියරු හඩත් ක්‍රමයෙන් නෑසී ගියේ මගේ ඇගේ වතුර ලේ කරමිනි😰
"ඕන් දැන් උබලට කරදරයක් නෑ මේ බෝතලේ ගිහින් දාපන් මුහුදට"
"හොදමයි කට්ටඩි මහත්තයො.ඒත් මේ ප්‍රේතාත්මය මොකද මෙහෙටම අරක් ගත්තෙ?"මන් ඇසුවෙ හිතට පැන නැගුනු කුතුහලය නිසාවෙනි.

මන් උබට සම්පූර්ණ විස්තරේම කියන්නම්කො.මීට අවුරුදු 10කට විතර කලින් මේ ගමේ ජීවත් වුනා සන්ජීවනී කියලා කෙල්ලක්.ඔය කෙල්ල අඩු වයසෙන්ම කසාදෙකුත් කරගත්තා.ඒත් ඒ කෙල්ලගෙ කසාද ජීවිතෙ සාර්ථක වුනේ නම් නෑ.ඒ කෙල්ලගෙ මිනිහා මේකිට ගොඩක් වද දුන්නා.අවසානෙදි පවුලේ අග හිග කම් නිසා මේ කෙල්ලට රට යන්නත් වුනා.ඒකි හම්බ කරපු සල්ලි වලින් තමයි මේ ගෙදර හදල තියෙන්නෙ.ඒත් මේ කෙල්ල ආයේ ලන්කාවට එන කොට මේකිගෙ මිනිහා වෙනත් කසාදයක් කොරගෙන.ඒ දුකට මේ කෙල්ල ඔය ගේ ඉස්සරහ තියෙන ගහේ බෙල්ල වැල දාගෙන.ඕන් ඕකයි කතාව.මේකි මැරෙන කොටත් මේ ගෙදරට ආසවෙන් තමයි මැරිලා තියෙන්නෙ ඒකයි ඔය උබලට කරදර කලේ."කියූ කට්ටඩි මහත්තය වතුර කෝප්පයක්ම බිව්වා.

කොහොම වුනත් පසුවදාම ගොස් මේ බෝතලය මුහුදට දැමීමට මම තීරනය කලා.

නිමි


No comments:

Powered by Blogger.