තම භූමියේ රාත්‍රිය පුරා ගැවසෙන බලලෝභිණිය

මගේ ලඟම ඥාතිවරියක් අත් වින්ද පුංචි සිදුවීමක්.මෙම සිදුවීම සිදුවී දැනට වසරක් පමන ගතවෙනවා. මාගේ ඥාතිවරිය එසේත් නැති නම් මාගේ නැන්දනිය මේ සිදුවීම වන විට රැකියාව සිදු කරේ ලංකාවේ ප්‍රසිද්ධ රක්ෂණ සමාගමකයි.
මාසේ අවසන් දිනයන් ගෙවී යන දිනක මාගේ නැන්දනිය රාත්‍රී රාජකාරි කටයුතු සඳහා එදින තම ආයතනයේ තවත් මිතුරු මිතුරියන් 4 දෙනෙකු සමඟ මාසික වශයෙන්ම අවසන් කර යුතු වැදගත් ලිපි ලේඛන කිහිපයක වැඩ කරමින් සිටියා. වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබෙන අතර
වේලාව පිළිබඳවත් අවබෝධයක් නොවුන ඔවුන් තම වැඩ වලට හිත් යොදවා සිටියි. ඔවුන් අතර අයෙක් තම වැඩ අවසන් වු නිසා කාමරයෙන් පිටත ඔවුන් සිටි කාමරයට ඉදිරිපස කාමරයට ගොස් මුහුණුපොතට යොමු වී කාලය ගත කරන්නට ගන්නේ තම මිතුරු මිතුරියන් තම තමන්ගේ රාජකාරි නිමා කරන තෙක් කාලය ගෙවා දැමීමටයි.
කාමරයට පැමිණ විනාඩි දහයක් යන්නට තරම් වේලාවක් ගත වුයේ නැත. තනිව කාමරයේ තනි වු මිතුරා හට අමුත්තක් දැනුනේ නිමේෂයකිනි. දුරකථන වෙතටම හිස යෙමා සිටි ඔහු ඒ සැනින් හිස එසවීය. වටපිට බැලූ ඔහු දකින්නේ කිසිම දිනක තම රාජකාරි ස්ථාන තුල දැක නොමැති නමුත් අසා දැන ඇති දෙයකී.
සුදු පැහැති යමක්. ඔව් ඒ ගැහැණු රුවක් විය යුතුයි. රූපයෙන් සුන්දර ද තරුණ ද කියා නිගමනයට පත් වෙන්න තරම් කාලයක් ඒ ඡායව ඔහුට ලබා දුන්නේ නැත. මීට පෙර තමන් ද මිතුරන් හා එකට සිටි කාමරය ඉදිරිපිට මිතුරාටත් මිතුරියන් දෙදෙනාටත් පිටුපසින් කවුරු හෝ සිටිනවා. නමුත් ඒ තම සගයන්ගෙන් අයෙක් නොවන බව හොඳින් ම වැටහුන ඔහුට තමන් කුමක් කළ යුතුද කියා සිතා ගැනීමට කාලයක් වත් නොදී ඒ සුදු පැහැති කාන්තා ඡායාව කාමරය පසු කර යන්නේ විදුලි සෝපානය දෙසටයි. කාමරයෙන් පිටතට ආ ඔහු කලබලයනේ විදුලි සෝපානය දෙස බලා සිටි අතර ඒ දුටු ඡායාව විදුලි සෝපානයට ඇදුනු අතර එය ක්‍රියාත්මක වී පහලට ගිය වග ඔහුට පසක් විය.
ඒත් සමඟම මිතුරන් තමාගේ කලබලයට කාරණා විමසා සිටියත් කරුණු කාරණා පැහැදිලි කිරීමට මත්තෙන් ඔහු තම ආයතනයේ රාත්‍රී මුර සේවයට වාර්තා කර සිටි මුරකරු උඩුමහලේ ඔවුන් සිටි ස්ථානයට කැදවා සිටියා.

"අයියේ ඔයා හරි වෙන කෙනෙක් හරි දැන් විනාඩි දෙක තුනකට කලින් ලිෆ්ට් එක පාවිච්චි කරාද?"

හොදාකාරයෙන් තමා ඒ දුටුවේ මුරකරු නම් නොවන බව දන්නා නමුත් ඔහුගෙන් ප්‍රශ්න කලේ සැක සංකා නැති කර ගන්නයි. ප්‍රශ්න නගන ඔහු කුමක් හෝ දැක ඇති බව හඳුනා ගත් මුරකරු, ;

"නෑ සාර් මං නම් ආවේ නෑ. ඇයි මොකද වුනේ "

පැවසීය. තමන්ගේ දෑස ඉදිරිපිට සිටි ඒ ඡායාව සත්‍ය වශයෙන්ම කුමක් හෝ අදෘශ්‍යමාන බලවේගය බව නියත ලෙසම අවබෝධ කර ගත් ඔහු සියලු දෙනාගේ හිත් සලිත කරන සිදුවීම හෙලි කලේය.

"ගොඩක් දවස් වල රෑට මේ වගේ දේවල් වෙනවාලු. ලිෆ්ට් එක නිකන් ම උඩට ගිහින් නිකන්ම පහලට එනවාලු. සුදු පාට ගැහැණු ඡායාවක් වගේ දෙයක් සර්ලා වගේ නයිටි ටයිම් හිටපු සාර්ලා මිස්ලා දැකලා තියවාලු. මං නම් දැකලා නෑ ඒත් සද්ද රෑට ඇහිලා තියනවා. මාත් පිරිත් දාන් තමා එලි වෙනකම් ඉන්නේ සාර්"

මුරකරු කී දෙයින් පසු ඔහු දුටු දෙය සත්‍ය වශයෙන්ම ආයතන පුරා පැතිරී තිබුණ කතාවට සාක්ෂියක්ම වුනා. එදින තම රාජකාරි පිරිත් දමා හිතේ බය නැයි කර ගනිමින් අවසන් කල සිවු දෙනා ඒ අමතක නොවන භයනකර වූත් අත්භූත රාත්‍රීයට සමු දෙන්නා.
පසුදින හිතේ සැකයට ආයතනයේ ප්‍රධානියාගේ අනුමැතිය ලබා ආයතනයේ ආරක්ෂක කැමරා පරික්ෂා කර ඔවුන් දැක ගන්නේ රාත්‍රී 11 පසු වී විනාඩි 20ක් ගත වන විට විදුලි සෝපානයේ දොර කිසිවකුගේ අනු දැනුමකින් තොරව විවෘත වන අතර එය ඔවුන් සිටි 4 වන තට්ටුව ගොස් විවෘත විය. නැවත 11 පසුවී විනාඩි 27ක් ගත වන විට විදුලි සෝපානය නැවත පහලට ගිය අතර එහි දොරටුව විවෘත වනවාත් සමඟ ම මුරකරු එයට ඇතුල් වූ බවත්ය. ඒ අනුව විනාඩි හතක් ඒ ඡායාව ඔවුන් අසල ගැවසී ඇතත් ආරක්ෂක කැමරාවට කිසිදු ජායවක් හසුවී තිබුනේ නැත.
මීට පෙරද විදුලි සෝපානය මෙසේ මධ්‍යම රාත්‍රියේ කිසිම අනුදැනුමක් නොමැතිව ක්‍රියාත්මක වීම නිසා ඒ ගැන විදුලි සෝපානය අලුත් වැඩියා කරන සමාගම හා සාකච්ඡා කර තිබූනත් එහිදී ඔවුන් කියා සිටියා මෙහි කිසිදු වරදක් නොමැති බවත් මෙවැනිම රාත්‍රියේ අනුදැනුමක් නොමැතිව ක්‍රියාත්මක වන විදුලි සෝපානයක් පිළිබඳව මීට පෙරත් ලංකාවේ එක් ආයතනයකින් පමණක් වාර්තා වී ඇති බවත්ය.
මීට පෙර රාජකාරියේ නිරතව සිටි මුරකරුවන් කිහිප දෙනෙකුම ආයතනය අත හැර වෙනින් තැනක රැකියාවක් සොයා ගෙන ඇත්තේ ද මේ කාන්තා ඡායාව හේතුවෙන්. බොහෝ දෙනෙකුගේ මතය අනුව මේ කාන්තාව වෙන කවුරුත් නොවන අතර මෙම ආයතනය සෑදීමට පෙර අතුව මේ භූමිය තුල තිබූ පැරණි නිවසේ අයිතිකාරියයි. කලක් තනිව වාසය කර මේ තැනැත්තියගේ මරණින් පසු ඒ නිවස කඩා එහි තට්ටු 4ක ගොඩනැගිල්ලක් නිම වන අතර එය ඒ වන විට මාගේ නැන්දනිය සේවා කල ආයතනය වේ. කිසිවෙක් හට හානියක් නොවූ මේ කාන්තා ඡායාව දුටු බොහෝ දෙනා සිටියි.
බලලෝභිත්වය සමඟ මරණය වැලද ගත් ඇය මෙසේ තම භූමියේ රාත්‍රිය පුරා ගැවසෙන බව ආයතනයේ ප්‍රසිද්ධ රහසකි. මේ සිදුවීමෙන් මාසයක් හෝ දෙකක් ගෙවන තැන මාගේ ඥාතිවරිය එම ආයතනයේ රැකියාවෙන් ඉවත් විය.දැනට වසරකට පමණ ඉහතදී මේ වූ සිදුවීම ඉන් අනතුරුව තවත් කී වරක් එහි සිදු වූවුද ආයේ කෙදිනකවත් සිදු නොවූනා ද කියා මා නොදනිමි. නමුත් අදද ඒ ආයතනය තුල එදා මෙන් සියයකට ආසන්න පිරිසක් සේවයේ නිරත වේ.
අදෘශ්‍යමාන බලවේග මේ ලියන මා සත්‍ය ලෙසම විශ්වාස කරමි. කිසිදු දිනක දැක නොමැති නමුත් ඒ දෙස කුතුහලයෙන් බැලීම තුලින් බිය නැති වන බව මාගේ විශ්වාසයයි.




No comments:

Powered by Blogger.