රෝද තුනේ බයිසි⁣කලෙන් ඇහෙන දෝන්කාරය


























මීට අවුරැදු 20කට විතර කලින් නොච්චියාගම පැත්තෙ වුන සිදුවීමක් තමයි මේ සැරේ මම ඔයාලට කියන්න යන්නෙ. ඒ පැත්ත ඒ කාලෙ ගොඩක් දුෂ්කරයි. ⁣එහෙ හිටියා අපේ නෑදෑ වෙන නැන්දා කෙනෙක්. එයාල ගොඩක් ලඟින් ආශ්‍රය කරපු ඒ පැත්තෙම ඉඳපු තරමක් සල්ලි එහෙම තියෙන පවුලක් මුහුණදීපු සිදුවීමක් තමයි මේ කියන්න යන්නෙ. ඒ ගෙදර ඉඳපු අඹුසැමියන්ට සල්ලි තිබුනට දරැවො ඉඳල නැහැ. රටේ හැම තැනම ගිහින් භාරහාර පුදපූජා කරල තියෙනව දරැවෙක් ලැබෙන්න කියල. අර මම කිව්ව නැන්දත් ඒ හැමදේටම උදව් කරල තියෙනව. ඒ එක තැනකදි කිව්වලු එයාලට කවදාවත් දරැවෙක් හිමි නැහැ කියල. යම් විදියකින් දරැවෙක් ඉපදුනත් ඒ දරැව මැරෙනව කියල.

මළ ගිය ප්‍රාණකාරයෙක් දරැවෙක්ගෙන් බිල්ලක් ගන්න බලන් ඉන්නව කියල. ඒ කතාව මෙයාල ඒ තරම් ගනන් අරන් නැහැ. කොහොමහරි දන්න කියන ආගමික වතාවත් සහ සෙත්ශාන්ති සේරම කරල කාලයක් ගියාට පස්සෙ එයාලට පිරිමි දරැවෙක් ලැබිල තියෙනව. හරිම ලස්සන හුරතල් දරැ පැටියෙක්ලු. මේ ගෙදර දෙන්නට එයාගෙන් තොර ලෝකයක් තිබිල නැහැ. ඒ අතරතුර අවස්ථා කීපයකදිම අනාවැකි, සාස්තර කියන තැන් කීපයකින්ම අර මුලින් කියපු විදියට දරැව නැතිවෙනබව කියල තිබුනත් මේ අය ඒක ගනන් අරන් නැහැ.

 ඒක සිද්දවෙන්නෙ එයාලගෙම පවුලෙ ජීවත්වෙලා ඉඳල මැරිච්ච මළගිය ප්‍රාණකාරයෙක්ගෙ බලපෑමෙන් කියලයි සඳහන් කරල තිබිල තියෙන්නෙ. එක දවසක් දරැවගෙ අම්ම දරැවට කිරි එකක් හදාගෙන එන කොට රෝද තුනේ පුංචි බයිසිකලේ මිදුලෙ පැද පැද හිටපු දරැව එයාලගෙම මිදුලෙ තිබුන පොකුණට වැටිල මැරිලලු. පුදුමෙ කියන්නෙ ඒ පොකුණ වටේට අඩියක් විතර උස සිමෙන්ති බැම්මකුත් තියෙද්දි තමයි බයිසිකලේ පිටින්ම දරැව පොකුණට වැටිල තියෙන්නෙ. එතනින් පස්සෙ ඒ පවුල විනාශම වෙලා ගියාලු. ⁣දරැවගෙ මරණයත් එක්ක හැමදේම එපාවෙලා තියෙනව එයාලට.

 ගොඩාක් කල් රහසක් විදියට රැකගෙන ඉඳපු මේ සිදුවීම් පෙළ අපේ නැන්ද මට කිව්වෙ මීට අවුරැදු 8කට විතර කලින්. ඒ වෙනකොටත් ඒ ගෙදර කිසිම කෙනෙකුට ඉන්න බැහැලු. කොයි වෙලාවෙත් රෝද තුනේ බයිසි⁣කලේකින් ඇහෙන කිරි කිරි ශබ්දයක් තැන් තැන්වලින් ඇහෙනවලු ඉන්න අයට. පොඩි ළමයෙකුගෙ හිනා හඬක් ඇහෙනවලු තැන් තැන්වලින්. ඒ නිසා කවුරැවත් ඒ ගෙදර ඉන්නෙ නැහැලු. අදටත් අවුරැදු ගාණකින් එලිපෙහෙලි නොකරපු ඝන මූකලානක් මැද්දෙ තියෙන පාලු අම්බලමක් ⁣වගේ වෙච්ච ඒ ගෙදර මට පෙන්නන ගමන් තමයි නැන්ද ඒ කතන්දරේ මට කිව්වෙ.





No comments:

Powered by Blogger.