අාප්ප වල සුවඳට වහ වැටුණු පෙරේත අාත්මය

මම මේ ගෘප් එකට ලියන පළවෙනි කතාව. මම හොල්මන් දැකලා නැති නිසා එ් තරම් විශ්වාස කරන්නේ නෑ. එ්ත් මගේ සමීපතමයන් දැකලා තියෙන නිසා අවිශ්වාස කරන්නෙත් නෑ. මේ කතාව මම හොඳින්ම දන්න මාමා කෙනෙක්ට වුන දෙයක්. එයා නිමල්. එ් මාමා මේ සිද්ධිය වුණ කාලේ වැඩ කළේ කලාප අධ්‍යාපන කාර්යාලයක. මේ මාමා බැඳලා ඉන්න නැන්දාගේ අක්කගෙ පුතා හමුදාවට බැඳෙන්න කලින් ඉඳලා තියෙන්නේ මේ
නැන්දලාගේ ගෙදර. හමුදාවට බැඳිලා අවුරුද්දක් යන්නත් කලින් එ් අයියා නැතිවෙලා තියෙනවා. එ් එල්. ටී. ටී. ඊ ප්‍රහාරයකට ලක්වුණ එ් ප්‍රදේශයේ පළවෙනි හමුදා නිලධාරියා විදිහට. එ් අයියගේ නම චාමර. චාමර අයියා නැතිවෙලා අවුරුද්දේ දානේ දීලා ටික කාලෙකට පස්සෙ නිමල් මාමා රෑ වැඩ අැරිලා කෙටි පාරකින් ගෙදර යන්න අැවිත් තියෙනවා. එතකොටත් එයා ඉඳලා තියෙන්නෙ ටිකක් බීලා වෙරි වෙලා. ගෙදර ගේන්න බිත්තර අාප්පත් අැරගෙන මම කලින් කියපු ෂෝට් කට් එකේ හිමීට ටික දුරක් එනකොට චාමර අයියව හම්බ වෙලා. වෙරි වෙලා හිටපු නිසා චාමර අයියා නැති වුණා කියලා අමතක වුණ මාමා හොඳට කතා කර කර ගේ ළඟට අැවිත්. මාමලගේ ගෙදරට යන්න පොඩි අැළක් පහු කරන්න ඕනි. චාමර අයියා මොකක් හරි හේතුවක් කියලා අැළෙන් එහා නතර වෙලා.
"පුතා යමු ගෙදරට." කියලා මාමා කියද්දි චාමර අයියා කියලා තියන්නේ "බාප්පා යන්නකෝ.. දැන් මම අායේ යන්න ඕනි" කියලා.

කොහොම හරි මාමා ගෙදරට ගිහින් දොරට තට්ටු කරපුවහම නැන්දා දොර අැරලා. දොර අැරපු නැන්දට මාමා,
"අාන් මං එක්ක චාමර පුතා අාවා. අැයි දන්නෑ අැළෙන් එහා පැත්තේ නැවතුනා. කතා කරන්න මං කතා කළාට අාවේ නෑ." කියලා.

"මොන චාමර පුතාද? " කියලා නැන්දා අහද්දි මාමා ටිකක් සද්දෙට බැනලා "වෙන මොන චාමරයෙක්ද බං. හමුදාවේ එකා" කියලා. වෙලා තියෙන දේ තේරුම් ගත්ත නැන්දා ඉක්මන්ට මාමාගේ අතේ තිබුණ අාප්ප මල්ල විසි කරලා මාමාව ගෙට අැරගෙන. අදටත් චාමර අයියගේ රූපෙන් එ් අාවේ කවුද කියන්න කවුරුත්ම දන්නේ නෑ. එ් චාමර අයියගේ අාත්මේ හොල්මනක් වෙලා කියලනම් කොහොමවත් හිතන්නෑ. හැමෝගෙම නිගමනේට අනුව එ් අැවිත් තියන්නේ අාප්ප වල සුවඳට වහ වැටුණු පෙරේත අාත්මයක් චාමර අයියගේ රූපේ අැරගෙන. එ්කේ අැත්ත නැත්ත මොකක්ද කියලා මම දන්නේ නෑ. මම මීට අවුරුදු ගාණකට කලින් අහපු එ් කතාවේ අැත්ත කියලා හිතුන නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. (මේ කතාවට යොදාගත්ත නම් මනඃකල්පිත බව සලකන්න)




No comments:

Powered by Blogger.