වියරු වැටුනු ගොදුර






















මේ සිද්දිය වෙලා දැන් අවුරුදු 5ක් විතර වෙනවා.. මාගේ හොදම මිතුරකු වන දිලුම් ගේ මිත්තනියගෙ හදිසි වියොව දැනගත් මා කලබල වී ඒ මොහොතෙම මලගෙදර යාමට තීරනය කලෙමි කොලබින් කිලෝමීටර් 260 පමන දුරක් මට යාමට තිබුනද මා එ දු ර පවා නොතැකුවේ දිලුම් ගේ මිත්තනිය මා පොඩි කල මාගේ කැතකුනු අතගා මා ඇති දැඩිකල මෙහෙකාරිය උවද මට ඇය මාගේ 2නි මව තරම් ලෙන්ගතු වීමය.

 දිලුම් යනුද එසේමය වැලි කෙලියේ පටන් මා සමග අපේ වහල යට දිවි ගෙවූ මාගේම සොයුරෙකි ඔහු ගේ රැකියාව වූයේ මේසන් වැඩය දැන් අපෙ තත්වයන් කොපමන උසස් උවත් අදටත් මා ඔහුහට අමතන්නෙ දිලුමා යන ලෙන්ගතු නාමයෙනි ඔවුන්ගෙ මිත්තනිය අවසන් කාලයේ වෙසුනෙ කැලුම්ගේ මවගේ මහ ගෙදරය මා ඒ ප්‍රදේශයේ මන්මාවත් ගැන මද දැනුමක් තිබුනු නිසා මට රෑ ගමන ගැන අවිශ්වාසයක් ද නොවීය.

හවස 8 ට පමන නුගේගොඩ්න් පිට වූ මා මග කිලෝමීටර් 190 පමන ගෙවා දමන්නට ඇත පාලු සහ ජන ශූන්‍ය පෙදෙස ඉදිරියට තිබුනත් මාහට චකිතයක් නොවීය දැන් වේලාව රෑ දෙගොඩ හරි යාමයය මාගෙ මෝටර් රියේ ලාම්පු එලිය හැරුනුකොට මාවතෙ ලයිට් කනුවක් වත් නොමැත තරමක් තද මීදුමක් පැතිර තිබූ නමුත් මාහට මාර්ගය පැහැදිලිව පෙනේ වල ගොඩැලි මැදින් මා ලන් වූයේ හබරන ප්‍රදාන මාවතටය ප්‍රදානමාවතේ ආයාසයකින් තොරව ගමන් කල මා රාත්‍රී ආපන ශාලාවකට ගොඩවී මාගේ කුසගිනි නිවා ගතිමි නැවටත් ප්‍රදාන මාවතේ 13 km පමන පැමින නැවතත් අතුරු මගකට දමා කෑලි කැපෙන අදුරත් මුසල රැහැයි හඩත් මී දුමාරයත් මැදින් මද දුරක් යම විට වාහනය පැත්තට අදිනවා දැනුනු නිසා මා තරමක් විමසිලිමත් විය

පෙර ගමන් කල අතුරු මග මෙන් නොව මෙය හොදින් කාපට් කර ඇති මාවතකි.එකවරම මාගමන්කල මාර්ගය මැදින් ගමන් ගත් සෙවනැල්ලක් වැනි යමක් නිසා මා හද සලිත විය ඓහෙත් ඒ කුඩා සතකු යැයි හදුනා ගැනීමට මාගේ බුද්දියට වැඩිවෙලා නොගියේය.මග දෙපසම වූයෙ ගන කැලය පමනි මිනිස් වාසයෙන් මදක් දුරස් මෙම ප්‍රදේශයේ විදුලි බලය තිබුනත් ගෙදරක එලියක් වත් පේන තෙක් මානයේ නැත..ගත වූයේ නිමේශයකි ස්ස්ස් ඩෝන්.......කිසි හේතුවක් නැතුව වාහනයේ දකුනුපස ඉදිරි රෝදය ටියුබය පුපුරා ගියෙන් මා හද ගැස්ම තවත් වැඩිවිය...ශික් මේ බම්බුව තදින් ස්ටිරියන් වීලයට පහරක් ගැසූ මා ඉදිරි පහන් දල්වා තිබියදීම වාහනය නවතා වාහනයෙන් එලියට බැසීමි

ටයරයේ කැන්වස් මතුවී ද නැත එහෙත් ටියුබය පුපුරා ගියේ කෙසේද මා සිතේ ඇතිවූයේ කුහුලකි.....ආ ඒ කොහොම උනත් ටයරය මාරු කරගන්නවා යැයි සිතූ මා ආම්පන්න මල්ල ගෙන වාහනයේ නට් බුරුල් කර වාහනය ජැක් කර කෙසේ හෝ ටයරය මාරු කරගතිමි එහෙත් මා හට දැඩි සීතලක් දැනෙන්නට විය රැහැයි හඩද මර ලතොනියකි ඒ අමතරව ඈතින් මූසල උලම් නාදයක් ද ඇසෙයි මා අවාසනාවේ හෝරාවක මහ කැලයේ තනි වූවෙකු මෙන් මට හැගෙයි එහෙත් හිතෙ එක සැනසීමක් ඇත.

ඒ දැන් මා හට වාහනය පනගන්වා යාමට හැකියාව ඇත එක වරම් වේග මීටරයෙ පහ්ස්ලින් ඇති ඔරලෝසුව ට නෙත් යැවූ මා අම්මෙ එකයි විස්සයි මට තනියම කියවුනි......මද වේගයෙන් ඉදිරියට ඇදුනු මා හට හමු වූයේ හතර මන් හන්දියකි එහි එක් පසකින් විශාල වෙරලු ගසක් ද අනෙක් පසින් පැරනි පින්තාලියක් සහිත ගරා වැටුනු අම්බලමකි එකවරම මා නෙත් අමුතු යමකට ඇදිගියේය ඒ අම්බලමෙ කලු ගල් පාදම මත වාඩිවී මා දෙස බලා සිටින තැතිගත් පෙනුමක් ඇති පිරිමි දරුවකුගේ රූපයක් මා නෙත් මත දර්ශනය වීමය....මා ඇස් අදහා ගත නොවීය මේ මායාවක්ද? මේ මැදියම් රැයේ මොහු කුමක් මෙහි කරන්නේද මා නැවතත් ඇස් පිහ දමා බැලීමි මේ මායාවක්ද....

මා රිය නැවැතුවේ නැත එහෙත් මා නොදැනුවත්වම වාහන්යේ තිරින්ග පැඩලය පාගා ඇත නැවතත් මා අම්බලම දෙස බැලීමි පුදුමයකි දැන් එහි ගල් පාදම මත කිසිවෙකු නැත ඇස් අදහාගත නොහැකිවිය නෑ ඒක මගේ හිතේ මායාවක් යැයි මා හිත අස් වසා ගතිමි එහෙත් මාගේ දෙකකුල් පවා වෙවුලයි ඇගම හිරිගඩු පිපී දාඩ්‍ ය වැගිරෙයි....මා ජන්ගම දුරකතනය ගෙන මාගේ මිතුරා ඇමතීමට උත්සහ කලද පලක් නොවීය දුරකතනය ක්‍රියා විරහිත වී ඇත මා වාහනේ කැබිය ඇර එහි වූ අමතර බැටරිය දුරකතනයට දැමුවද පලක් නොවීය දුරකතනය අක්‍රිය වීඇත දෙවියනේ මොන සාපයක්ද මට මේ වෙන්න යන්නේ......

කෙසේ වෙතත් මා ඒ මාවතේ තවත් ඉඩිරියට එන්නට ඇත් මලගෙදරට තවත් 20km ආසන්නව ඇතයි සිතූ මා සින්දුවක් මුමුනමින් දාවනය කරන්නට වීමි එකවරම මට ඉදිරියෙන් පාරෙ කිසිවකු ගමන් කරයි පැහැදිලිව ගැහැනියක් හෝපිරිමියකු දැයි හදුනා ගැනීමට නොහැක උඩු කය පැහැදිලිව නොපෙනුනත් සුඩු සායක් හෝ සරමක් වැනි යමක් පහලට ඇදඇත.....

හෙට මාසෙ පෝය ඒ නිසා මා සිතෙ චකිතයක් ඇති නොවීය සිල් ගන්න උදෙම පන්සලටයන කෙනෙක් වෙන් ඇති මා සිතීමි ඒත් මේ පාන්දර 2 ට කොහේ යනවද මා යටිසිත ප්‍රශ්න කරයි....හොදම කාරනය නම් මා ඒ වනවිට ගමන්ගත්තේ 40kmph පමන වේගයකිනි එහෙත් මා ඉදිරියේ යන එම මිනිසා හෝ ගැහැනියමා හට සමාන්තර දුරකින් ඉදිරියෙන් ගමන් කරයි මා වේගය අඩුකලද වැඩිකලද එය වෙනස් නොවේ එකවරම ඉදිරි විදුලි පහන් නිවීගියේය

මා වාහනය පාලනය කරගත නොහැකිව අසල වූ ගහක් වැනි යමක වාහනය තදින් වැදී නැවතුනි මා විනාඩි 40පමන පියවි සිහියෙන් දුරස්වී සිටියද නැවතත් සිහි එලවා ගතිමි වාහනයෙ බොනට්ටුව නැවී ඇත එතනින් දුමාරයක් පිටවෙයි සිදුවූයෙ කුමක්ද යන්න මට නොවැටහේ නමුත් ඈත සිට මා ගොදුරු කරගන්නට යමෙක් බලා සිටිනවා යැයි මට සිතිනි වාහනයෙන් බිමට බැසගත් මා මිනිස් වාසයක් ඇති තැනක උපකාර බලාපොරොතුවෙන් හෙමින් නොන්ඩි ගසමින් ඉදිරියට ගියෙමි මාරක වන්ගුව ඉදිරියෙන් පාරේ වූ බෝඩ් ලෑල්ල අදුර්රේ වුවද මට පැහැදිලිව පෙනුනි.......

ඊලගට මා නෙත් ගියේ පාරේ පසෙක වූ ලෑලි මඩුවකටය මා ඒ වෙත ගියෙමි....එය අතෑර දමා ඇති සේයාවක් පෙනෙයි කමක් නැ පොඩ්ඩක් ඉදලා යනවා මා මටම කියාගත්තේ මාගේ ඇගම ඇදුම්කන්නට වූ නිසාය. මා එහි ලෑලි දොරට වාරු වී වාඩි උනෙමි එහි වූ යමක් දැක මා සිත තවත් තැතිගත්තේය ඒ ලගදි අලවන ලද මරන දැන්වීමකි එහෙත් එහි මුහුන මට පැහැදිලිව නොපෙනුන නිසා මා හට මද ස්පාසුවක් විය ...........

පාරේ එහා වන්ගුවේ සිට අදුරු සෙවනැලි 3 ක් මා සිටින දෙසට එනු මට පෙනුනි මග්‍රෙ වෙලාව හොදයි මේ අයගෙන් උදව්වගන්න පුලුවන් එසේ සිතූ මා නැගිටින විටම අර ලෑලිදොර මූසල ශබ්දයක් නගා බිම ඇදවැටුනි එයින් මා හිත ගැස්ම තවත් වැඩිවිය මා ගමන ඉක්මන් කලෙමි මන්ද මට අර මිනිසුන් මග ඇරේ යැයි මට සිතුනි කෙසේ හෝ මා ඔවුන් ලගට ලන් වුවද ඔවුන් මා නොදුටුව ගානට හිස නවා බිම බලාගෙන ගමන් කරන්නට විය මා ඒ මුහුනු දෙස බැලුවෙමි විඩාබර සුදුමැලිවූ මුහුනුය ඔවුන් මා පසුකර මදක් ඉදිරියට ගොස් අඩිපාරක් ඔස්සෙ පහලට ඇදුනි පහලින් වූයෙ තද ප්‍රපාතයකි

මා අසීරුවෙන් ඔවුන් පසුපස ඇදුනද ඔවුන් කිසිම හැලහොල්මනක් නොමැතිව ඔහේ ගමන් කරයි මද දුරක් යනවිට ඈතින් කුඩා ලාම්පු එලි කිහිපයක් වැනි යමක් දෙස මගෙ නෙත් යොමුවිය මා එසේ සිතා ඉදිරියේ යන මිමිසුන් දෙස බැලීමි පුදුමයකි උන් හිටි තැනක් නොවීය අතුරුදහන් වී ඇත දෙවියනේ මා මේ දකින්නෙ සිහිනයක්ද මා දෑස් දෙතුන් පාරක් තදින් ඇර බැලීමි කෙසෙ හෝ මාගේ අවසාන තීරනය වූයෙ පහලින් ඇති ආලෝකය දෙස යාමය මා පය ඉක්මන් කලෙමි මා හිතුවා නිවැරදිය එය කුඩා නිවසකි එහෙත් එහි මිදුලෙ බොහො දෙනකු සිටිනු මට පෙනෙ කොටසක් බුරු ගසන අතර කොටසක් කැරම් ගසයි නමුත් ඉත්තෙක් එකට වදින විට නැගෙන ශබ්දය පවා ඇසෙන්නෙ නැත

මැදිවියේ ගැහැනියක් ඔවුන්ට තෙ අල්ලමින් සිටී ඇයගෙ රත් පැහැ තොල් ම්ස්තින් ලේ වැනි යමක් වැගිරෙන බව මට පෙනුනි කෙසේ උවත් මා පැමින ඇත්තෙ මලගෙදරකට යැයි අදුනාගැනිමටමට බොහො වෙලාගතවූයෙ නැත එහෙත් මා හට වෙනසක් දැනෙයි ඒ මොවුන් කිසිම හැල හොල්මනක් නැති නිසාය මා ඒ ගෙදර ඉඩිරිපස දොරටුවෙන් එබී බැලිමි පැට්‍රල් මැක්ස් ලාම්පුවක් වැනි යමකින් එලිය වූ එහි පුදුම කරුන න්ම් මිනී පෙට්ටිය ලනු 4ක් දා වහලෙ එල්ලා තැබීමය ඒ වටට බිම වාඩි වූ මිනිසුන් හා ගැහැනුන් නොසෙල්වී එය දෙස බලා සිටී මා පැමිනිය එක ගැන ඔවුන්ට ගානක්වත් නැත ඔවුන් බලාසිටි ලෙස උඩ මිනී පෙට්ටිය දෙස බලා සිටී එක වරම මා අසල වූ අවුරුදු 8ක පමන වූ පිරිමි දරුවා මා දෙස බැලීය මට දෙවියන් සිහිවිය

ඔහු මා අම්බලමෙ දුටු රුවට බෙහෙවින් සමානය ඔහුගෙ කට දෙකොනෙ පිලිසුම් තුවාල වැනි යමක් ඇත එයින් සැරව හා කෙල ඔහුගෙ කම්බුල් දිගෙ පහලට බේරෙයි දෙවියනෙ මේ මොන මිනිසුන් දැයි සිතූ මා කකුල් වලට දිරිදී මාවත කන්ද උඩ මාර්ගය වෙත දුවන්නට වීමි මා පසුපසිම් බර අඩ් තබමින් කැලෙ බිදගෙන සමූහයක් දුව එන ශබ්දය මට ඇසුනි වියරු වැටුනු ගොදුරකට මා අසුවී ඇත මා තවත් ඉඩිරියට ගොස් මහපාරටම ගොඩ විමි මට වැඩිදුරක් යාමට ඌයෙ නැත ඩඩාස් මා ගෙ ඇස් නිලන්කාර වන එලියත් සමග මා යමක වැදුනි මට මතක එපමනකි දින දෙකක් රෝහලෙ සයනයෙ සිහිසුන්ව සිටි මා හට දැනගන්න ලැබුනෙ මා එද දුවඑන විට වැලිලොරයක හැපී ඇති බවයි......

මට අත්විදීමට සිදුවුන සිදුවීම ගැන මා කිසිවෙකුට නොකීමි ....දිලුමො මගෙ වාහනෙ කො බන් මා බැලීමට පැමිනසිටි දිලුම්ගෙන් මා විමසීමි....වාහනේ එලියෙ තියනවා අද ටිකට් කපන හින්ද ඒකෙ ආවෙ මහත්තය එක්කන් යන්න මා පුදුම වීමි ගහෙ වැදුනු වාහනය මෙ ඉක්මනට හැදුවෙ කොහොමද දිලුම් ....මොන ගහෙ වැදුන වාහනෙද පොඩි සර් ඇයි ඕයි මගෙ කාර් එක ..අනෙ මොනද සර් මේ කියවන්නෙ සර් ගෙ වාහනෙ අර හොදට තියෙන්නෙ මා ඇදෙන්නැගිට දිවගියෙමි සත්‍යකි කිසිම හීරීමක් වත්නැත වාහනෙ එදා ගහෙ වැදුනනෙ දෙයියනෙ මාන් ඇස් 2 ට දැක්කනෙ මට තොන්තුව වගෙ ඇතිවුනි......

හවස මාගෙ ටිකට් කපනු ලැබුනි සර් මොකද වුනෙ ඇයි වාහනෙ පාරෙදාලා පයින් කොහෙද ගියෙ සමා වෙන්නමෙහෙම අහනවට සර් එදා බීල වත්ද හිටයෙ .දිලුම් උබට විකාරද බන්.........

දිලුම් ගෙඅයියා වන මහෙශ් මෙසෙ කිවෙය පොඩි සර් ඔය හැපුනු වන්ගුවෙ මීට අවුරුද්දකට කලින් මලගෙදරක ආපු බස් එකක් පහලට පෙරලිලා මිනිසු 40 විතර ගිනි අරන් මැරිලා අලු උනා දෙවියනෙ

ඒ කතාවට මාගෙ ඇගෙ හිරිගඩු පිපුනි එතකොට මා දුටුවෙ ඒ මිනිසුන්ද මා ගැලවී ඇත්තෙ මාරකයකිනි ඉන් පසු කිසිදක මා රෑ ගමන් නොගියෙමි


1 comment:

Powered by Blogger.