ටියුඩර් මාමා ගහපු මහසොහොන් දිශ්ටිය






















මේ කතාව උනේ මීට අවුරුදු කීපයකට කලින් අප නිවසේ සේවය කල පුද්ගලයෙකුට.. ඔහු නමින් ටියුඩර්.
කතාව මෙසේ පටන් ගමු.ටියුඩර් මාමා යනු බීමත් කමට දැඩිව ලොල් වු සහ සූදුවටද හපනෙකී..

දිනක් එ මාමා හොද පදමට මත් වී රබර් කැලේ පොලිසියට හොරාට පවත්වන් ගිය බුරු පිටියට ගියේ පිනට හො දිනුමක් ලදොත් කුට්ටිය පිටින් ලැබෙන බව සිතා වෙන්න ඇතී.. එත් එ මාමාට යන්න තියෙන්නේ ගාල්ලේ හයි වේ එක ලගින් හැරිලා රබර් කැලෙකටයි.එතනයි බුරු පිට්ටනිය තියෙන්නේ. ඔහොම යන ගමන්
එ මාමට එක පාරටම පරිසරයේ විශාල වෙමසක් දැනිලා..

ගෙම්බන්ගේ මෙන්ම රැහෙයියන්ගේ සද්දෙත් නෑලු..
ඉතින් එක වෙන්න බැරි වැඩක්නේ රබර් කැලෙක එහෙම වෙන්නෙ කොහොමද කියලා හිතලා කකුල් ඉක්මන් කරලා ගිහින් රෑ වෙන් නැතිව ගෙදර යන්න.යනකොට පාර ඉස්සරහ කලු කොට මිනිහෙක්ලූ.ටියුඩරුත් බීලනේ මෙ මාමා කියලා "අඩෝ අයින් වෙයන් ####### "

ඊට පස්සෙ පාරේ ඉදපු කෙනා ටිකෙන් ටික ලොකු වෙලාලු මෙය ඉස්සරහට යන්න යන්න.කකුල් දෙක පාරේ දෙපැත්තෙලු.

මෙ මනුස්සය බය වෙලා ඉට පස්සෙ..කකුල් ඉක්මන් කරල ගිහින් එයා යනකොට අර රූපෙත් ඉස්සරහට ඇදිලා ඇදිලා යනවලූ.. මූන පේනෙත් නැති තරම් උසලු.මෙයා ඊට පස්සේ කුණුහර්ප කියන්න පටන් ගත්තම එ රූපේ නෑති වෙලා. ඇස් ඇරලා බලකොට මාමා ඉන්නෙ කවදාවත් නොගියපු තැනක.. ලොකු වැවක් වගේලූ දැක්කේ. ඝන කැලැවලූ.යන්න පාරක් නෑලූ.

ගස් අස්සෙන් ඇතින් ඇතින් චායවක් එයා දිහාට එනකොට එයා අයේ පිටිපස්ස හැරිලා දුවලා එයා පාරට ඇවිත්... වෙරි බැහැලා එතකොට... මිනිහට ඇහෙනවලු පිටිපස්සෙන් ගොරවන හඩක්.ඇස් නිලංකාර වෙනවා විතරලූ මතක. උදේ ඉදලා තියෙන්නේ පොලිසියේ..

පාරේ වැටිලා ඉන්නකොට එතනින් ගිය මොබයිල් එකෙන් එයාව දාගෙන ගිහින්.බීපු නිසා.මාමට නූලක් බැන්දා... 7 දවසකට දින තියලා.. එ ටිකේ මාත් ගියා බලන්න.

මිනිහට සිහිකල්පනාවක් නෑ වගේ හරියට.අන්තිමට තොවිලයක් කරා.මහසොහොන් දිශ්ටිය ගහලලු.මාමා බීලා මස් බැදපුවා කාපු නිසාලු අව්ල.

තොවිලය කරාට පස්සේ හොදයි.එදා ඉදන් මේ වෙනකන් අරක්කූ සිගරට් බොන් නැති තරම්..

1 comment:

Powered by Blogger.