රයිස් එක පසුපස ලුහුබැදි පෙරේත ආත්මය
























මම කලින් හිටියෙ ඇබිලිපිටියෙ දැන් ඉන්නෙ කලවානෙ මෙහෙට ඇවිත් තාම මාසයක් වගේ වෙන්නෙ ඒත් මගෙ මැට්ටි ඉන්නෙ ඇබිලිපිටියෙ එහෙ ඉන්නකොට යාලු වුන එක්කෙනෙක් මම එදා කොහොමහරි එයාව හම්බෙන්න ඇබිලිපිටියෙ ගිහින් හිටියෙ එයා එක්ක බස් එකේ ගොඩකවෙලට එනකම් ආව එයා බැස්සම මං ඉතින් ගෙදර එන්න ආව එතකොට වෙලාව හවස 3.00 ට විතර ඇති මම ඊට පස්සෙ එයා එක්ක මැසේජ් කර කර ආව රත්නපුරට එනකම් මගෙ පෝන් එකේ බැට්‍ර්ත් හොදටම බහැල ඒ වෙලාවෙ එතකොට වෙලාව හවස 5.00 වගේ වෙලා කොහොමහරි රත්නපුරින් කලවානට යන්න තිබ්බ අන්තිම බස් එක අල්ලගත්ත තව විනාඩියක් පරක්කු වුනානම් බස් එකත් මිස් වෙනව

කොහොම හරි මහන්සියටත් එක්ක පොඩි ඇලට් එකක් දාන් ආව බස් එකට වෙලා කලවානට එනකොට රෑ 7.00 යි ඇවිල්ල රයිස් එකකුත් දාන් ගෙදරට එන පාරට හැරෙනකොට 7.15 වගේ වෙලා ආ කියන්න අමතකවුනානෙ අපේ ගෙදට්ට යන්නෙ තියෙන්නෙ ටවුන් එකේ ඉදන් උඩ පොඩ්ඩක් කැලෑ පාරක මම ඉතින් සිගරට් එකකුත් පත්තු කරන් කරුවලේම ගෙදට්ට එන්න ආව පෝන් එකත් ඕෆ් වෙලානෙ පාර දිගේ උඩටම ආවම තුංමංහන්දියක් තියනව මම එතන්ට එනකොට මම දැක්ක ඉස්සරහින් චායාවක් පෙනිල නැති වෙනව වගේ මං බය වුනා ටසිරිවෙන්නම එහෙමයි කියල ආපහු දුවන්නත් බෑ නෙ පාරෙත් මෙලෝ බල්ලෙක් නෑ ෆට්ටම පාලුයි ඒ හරිය දවල්ටත් මර මූසලයි කොහොම හරි මම ඉස්සරහටම ගියා ඕන මගුලක් කියල ටික වෙලාවක් යද්දි මගෙ පස්සෙන් කවුරුහරි එනව වගේ දැනුන හොදටම දැනුන ඒක ටික වෙලාවකින් ඒ අඩි සද්දෙ මගෙ ලගින්ම ඇහුන මට දෙලෝ රත් වුනා

 පස්සෙ අම්මගෙ ඉදන් අච්චි අම්මට එනකම් එනකම්ම හොද කුනුහරප වැලක් කිව්ව දිව්වෙත් නෑ එතකොට ඒක නැති වුනා පස්සෙ මම මල විකාර කියල මම මටම කියාගෙන සිගරට් එක අදින්න කටෙන් තියාගත්ත විතරයි මොකෙක් හරි රයිස් කවරෙන් ෆට්ටම හයියෙන් ඇද්ද මම අම්මට හු### කියල කෑ ගහන් ගෙදට්ට දිව්ව නැවතුනෙ ගෙදර දොරකඩ සිගරට් එකත් මගෙ අතේ දොර ඇරන් තාත්ත එලියට ඇවිත් මොකද බන් බෙරිහන් දෙන්නෙ ඇහුව මට කියාගන්න බෑ වචනත් පැටලෙනව දාඩිය දාල ඇග තෙත් වෙලා පස්සෙ තාත්ත දැක්ක මගෙ අතේ තියන සිගරට් එක අම්මෝ ඊට පස්සෙ ගැහුව කම්බුල්පාර හොල්මනට තිබ්බ බයත් නැති වුනා තාත්ත මම කිව්ව සිද්දිය සතේකට ගනන් ගත්තෙත් නෑ පස්සෙ එහා ගෙදර අංකල් මොකෝ සද්දෙ බලන්න ආව පස්සෙ පොර තමා කිව්වෙ සීන් එක එතන එහෙම අවුල් වෙනවලු ලගදිනම් කාටවත් වුනෙ නැහ්ලු තනියම කවුරුත් යන්නෙත් නැහ්ලු හවස 6 න් පස්සෙ ඒ හරියෙන්

මම ඉතින් මෙහෙට අලුතෙන්නෙ ආවෙ මම දන්නවෑ ඔය සීන් මට ඊට වඩා බය හිතුන ඒක කිව්වම ඊට පස්සෙ ඒ සීය බුදු පහනෙන් තෙල් ටිකක් අරන් නලලෙ ගාල ගියා එතකොටනම් තාත්තත් විශ්වාස කරා සිගරට් බොන එකත් ගෙදට්ට මාට්ටු වුනා ඒ මගුල නිසා මට අවුලක් ගියෙනම් නෑ ඊට පස්සෙ එදායින් පස්සෙ තාම මම ඒ පාරෙ යන්නෙ නෑ රෑ තනියම මතක් වෙද්දි මයිල් කෙලින් වෙනව අම්මෝ ...



No comments:

Powered by Blogger.