මහ වනයේ හමු වූ ආගන්තුන්කයා





















හාත්පස ඝන අන්ඳකාරය ගිලගෙන හමාරය..සඳ පායා ඇතත් සඳ එළිය බිඳකුදු පොළවට පතිත වීමට රාක්ශ වෙස් ගත් මහා වනස්පතීන් ඉඩ නොදී.. තම දැවැන්ත හස්තයන් විදහාගෙන අන්ඳකාරය,තැතිගැන්ම මිහිමත රජකරවන්නට වෙහෙසෙති..කොහේ හෝ තැනක සැඟව මිනිස් ගඳක් නැහැපුඩු වලට වදින තුරු ඉව කරන ගුප්ත ආත්මයන් එකක් නොව සිය ගනන් මේ මහා වෘක්ශයන්ට අරක්ගෙන ඇතැයි බැලූ බැල්මට කිව හැකිය..
වනය සිසාරා ඇසෙන්නේ භයංකාර වන මෘගයන්ගේ ගෙරවිලි හඬත්..හඳුනාගත නොහැකී මේ යැයි කිව නොහැකි හඬකුත් පමනි.ඒ කසු කුසු ගා රහස් මුමුනන හඬකට සමීප හඬකි.

මෙතෙක් වේලා වනයේ තිබූ නිශ්චලත්වය බිඳිමින් එක්වරම මහා ඝර්ජනාවක් ඇසින.අතු පතර මත් හිඳ නින්දට වැටී සිටි පක්ශීන් තම විශාල පියාපත් ගසමින් ඒ මේ අත ඉගිල ගියහ.

මෙතෙක් වේලා බියපත්ව යන එන මගක් හරි හැටි නොදැන ඇස් අයාගෙන ඒ මේ අත විපරම් කරමින් සිටි මා මෙන්ම මිතුරන්ද සිතුවේ මේ අප විසින් ගෙවා දමන අවසාන රැය වන බවය.
අප එකිනෙකාට සමීප වෙමින් කිටි කිටියේ වැළඳ ගනිමින් අවසන් හුස්ම පොද හෙලීමට සූදානම් වීමු.

එක් වරම අප අසලින් අනපේක්ශිත සිනා හඬක් ඇසුනි.මෙවන් මහා වනයක මෙවන් අඳුරු මූසලක මහ රෑක තැති ගැන්මකින් තොරව සිනාසෙන්නේ කව්දැයි සිතා ගත නොහැකිව අන්ඳකාරයේම හඬ ඇසුනු ඉසව්ව විපරම් කලෙමු.

අප ඉදිරියේ සිට ගත්තේ මිනිසෙකි.කලු පැහැති කමීසයකින් හා කලිසමකින් සැරසී සිටි ඔහු බැලූ බැල්මට ගුප්ත මිනිසෙකි.බළලෙකුගේ මෙන් දිලිසෙන ඇස් ඔහුගේ ගුප්ත බව දියුනු තියුනු කරන්නට විය..අප කිසිත් නොදොඩා භීරාන්තව ඔහු දෙස බලා සිටියෙමු.

"මොනවද උඹලා මේ මහ රෑ මේ ඝන කැලේ කරන්නෙ?" ඔහු තම හඬ අවදි කලේය.
මුහුනේ හා දෑස්වල තිබූ රෞද්‍ර බව ඒ හඬෙහි නොතිබීම මට මෙන්ම මිතුරන්ටද මහත් අස්වැසිල්ලක් විය.
අප නොදොඩාම ඔහු දෙස බලා සිටියෙමු.

කිසිදු අවසරයක් නොමැතිව අප ගමන් ගත් රථය ඇර බැලූ ඔහු එහි තිබූ සත්ව අං තට්ටු,සත්ව හම්,දඩයම් කල සතුන් දෙස මද වේලාවක් බලා හිඳ

"මිනීකන මූසල යක්කු"යි කියමින් දඩාස් ගා දොර වසා දැමීය.

"මාත් මේ කැලේ අතරමං උනු එකෙක්..ඒත් අද වෙනකම් සතෙක්ගෙන් වත් වෙන කිසිම දේකින්වත් මට කිසිම අනතුරක් වෙලා නෑ..
.අද වෙනකම් මං කෑවෙ මේ ගස් වල ගෙඩි කොළ,බඩගින්නටවත් පුංචි හා පැටියෙක්ව විනාශ කරේ නෑ මං.

ඔහු කියාගෙන ගියේය.
ඔහු සැබැවින්ම සැබෑ මිනිසෙකු යැයි අප සිතා ගතිමු.
බොහෝ වෙලා අප සමග දොඩමලු වූ ආගන්තුකයා අපට ආපසු යන්නට පාර සොයා දෙන්නටද පොරොන්දු විය.

පසුදා පහන් වූවත් අන්ධකාරය එලෙසින්ම පවතින්නට විය.සඳ රැස් මෙන්ම හිරු රැස් බිඳකුදු පොළොවට පත්ත නොවීය.
පිපාසයෙන් හා සා ගින්නෙන් හෙම්බත්ව සිටී අප ගිනිමැලයක් ගසා අප විසින් දඩයම් කල මුවෙකු බරු ගසා පුලුස්සන්නට පටන් ගත්තෙමු.

එක්වරම මාරාවේශයෙන් මෙන් අප වෙත කඩා වැටුනු ආගන්තුකයා දෙපයින් පාගමින් ගිනි මැලය පාගන්නට විය.
ඔහුගේ දුඹුරු වන් ඇස් දිලිසෙන්නට විය.
කිටි කිටි ගා ඔහු දත් කන හඬ මදක් නුදුරෙහි සිටි අපටද ඇසෙන්නට විය.
ගින්න නිවා දැමූ ආගන්තුකයා කිසිවක් නොවුනු ගානට

"හා දැන් ගමන පටන් ගමු"යිකීය.
මෙතැනින් එහාට ගමන් කල යුත්තේ වන සතුන් රිංගා යන කුඩා අඩි පාරක් ඔස්සේය.වාහනයකට තියා අපටවත් ආපදාවකින් තොරව ගල්මුල් අතරින් රිංගමින් ගමන් කල හැකිදැයි අවිනිශ්චිතය.

ඔහු අප ඉදිරියෙන් ගමන් කරයි.අප ඔහු පසු පසින් ගමන ඇරඹුවෙමු.මද දුරක් ගමන් කල අප ගිමන් හැරීමට සුදුසු තැනක් දැක ඒ මේ අත වැටී හතිලමින් ගිමන් හරින්නට වීමු.
හදිසියේම එක් මිතුරෙකු දක්නට නොවූ හෙයින් කලබලෙන් මෙන් ඔහු සොයන්නට පටන්ගතිමු.
පෙනෙන තෙක් මානයක ඔහු නැත.සියල්ලොම ආපසු හැරී ඔහු සොයා දිවගියෙමු..

බොහෝ දුරක් ඔහු සොයා පැමිණියද ඔහුගේ සලකුනකුදු නොවීය. ආගන්තුකයා අකුලක් තුලටවැද යමක් ඇදගෙනම අප දෙසට පැමිනියය.
දුටු දෙයින් අප සියල්ලන්ම භීරාන්ත වීය.

දරුනු සතෙකුගේ පහර කෑමට ලක්වී මිතුරා මියගොස් හමාරය.දෑත් බැඳ ඔහු වෙනුවෙන් යාඥා කරනු හැර කිසිවක් ඔහු වෙනුවෙන් කිරීමට ඉතිරි නොවීය.

සියල්ලන්ම මුනිවත රකිද්දී ආගන්තුකයා සිය හඬ අවදි කලේය.

"මේ යන ගමනේදි එක්කෙනෙක් නෙවෙයි
බුරුතු පිටින් උනත් මාරයා ලඟට ගන්න පුලුවන් ඒත් වාසනාව තියෙන එකෙකුට හරි අරමුණට ලඟා වෙන්න පුලුව්න් ඒ හින්ඳා උත්සහය අත් නොහැර අපි ගමන යමු."ඔහු සිනාසෙමින් කීය.

අරමුනකින් තොරව භීතියෙන් ඇලලෙමින් අප නැවතත් ගමන් ඇරඹුවෙමු. රහස් කියන්නාක් මෙන් මුමුනන කසු කුසු හඬත්..දැවැන්ත ගස් එකිනෙකට ඇතිලෙමින් නගන භියකරු හඬත් ඇරෙන්නට කිසිදු ශබ්දයක් ඇසෙන්නට නැත.
කොයින් කොයි ඉසව්වට යන්නේදවත් නොදැන ආගන්තුකයා පසු පස අප උදාසීනව ගමන් කලෙමු .

අහරක් නොමැතිව දිය බිඳක් නොමැතිව අධික වෙහෙසකර ගමන් මගක් පසුකල අප නැවතත් ගිමන් හරින්නට වීමු.රාත්‍රිය උදාවන්නට ඇතැයි සිතූ අප ගල්මත හෝ ගස් මුල් මත වැටී නිදන්නට වීමු.

හදිසියේම මා නින්දෙන් අවදි වූවේ වැහි බිඳුවක් වැනි කිසිවක් මුහුන මතට වැටීමෙනි.දෑතින්ම එය පිසදාගත් මා නැවත නිදන්නට වීමි.

හිරු කිරණ ගස් අතරින් පෙරී මිහිමතට වැටෙන්නට විය.එය දුටු සැනින් අප සිත් ප්‍රීතියෙන් පිනා ගියේ ගුප්ත වනයෙන් මිදී එලිමහනට සමීප වන්නට ලැබූ හෙයිනි.
අප ලැබූ සතුටට වැඩි ආයුශ නොවීය.
ගස් කොල පුරා තැවරී ඇති ලේ බිඳු කවරෙකුගේදැයි මිතුරෙක් මොර දෙන්නට විය.

මා නැගිට බලන විට මගේ මුලු සිරුරම ලෙයින් තෙත්ව තිබුනි..රැයෙහි මුහුන මතට වැටුනේ මේ රුධිරය නොවෙද
මා එක්වරම උඩ බැලීමි.
රැයෙහි මා අසලම නිදා සිටි මිතුරා මස් වැදැල්ලක් අයුරින් ගසෙහි එල්ලී ඇත.ඔහුගේ කඳෙන් පහල කොටසට උනුදෙයක්වත් සොයන්නට නැත.

සිදුවන කිසිවක් වටහා ගත නොහැකිව අප උන්මත්තකයන් මෙන් හැසිරුනෙමු.
දෙවන බිල්ලද මහා වනයට පුදා අප ඉදිරියට ඇදුනෙමු.
ඉදිරියට ගමන් කරද්දි අප නෙත ගැටුනේ දිය පිරුණු පොකුනකි. පිපාසය ඉවසුම් නොදුන් සියල්ලන්ම පොකුනට එබී දිය බී එතැනම වැතිර සිටියෙමු.

සිදුවන්නේ කුමක්දැයි සිතමින් මා නිශ්චල පොකුන දෙස බලාගෙන කල්පනාවේ නිමග්න උනිමි. හදිසියේම දුටු දසුනින් මා භීරාන්ත උනිමි
.
පොකුන තුල අප සියල්ලන්ගේම පැහැදිලි චායාවන් දක්නට තිබුනත් ආගන්තුකයාගේ චායාව එහි නොවීය.
සිදුවූ සියල්ලම ආගන්තුකයාගේ උවමනාවෙන් සිදුව් ඇත.

ඔහු කී පරිදි එකෙකු හෝ අරමුණට ලඟාව ඇත.ඒ අන් කිසිවෙකු නොව ඔහුමයි සිතමින් මා පැලඳි ජප මාලය අතටගෙන අවසන් වරට යාඥා කලෙමි.


No comments:

Powered by Blogger.