රතු ඕලු වැවට උරුම බිල්ල


























මහත් වෙන්ඩ බොන්ඩ හදන කසාය මුට්ටිය තම්බ ගන්ඩ නිම්නික ට තව ඕන වෙලා තිබ්බේ රතු ඕලු දන්ඩක් විතරයි. ඒත් නිම්නික කොච්චට අවාසනාවන්ත ද කිව්වොත් ඇත් දෙමට පොතු , සියඹලා පොතු බිං කොහොඹ ,අමුක්කරා මුල් ඇතුලු අනිත් කසාය මුට්ටිය තම්බ ගන්ඩ ඕන ඖෂධ හොයාගත්තත් රතු ඕලු දඩු හොයා ගන්ඩ පුලුවන් වුනේ නෑ.

මේ බේත දැනගත්ත දවසෙ ඉදන් නිම්නික ඒ පැත්තෙ තිබ්බ හැම වැවකටම බැහල අගලක් නෑර පිරල බැලුවත් එක රතු ඕළු මලක් හොයා ගන්ඩ පුලුවන් වුනේ නෑ. ඒ හැම වැවකම තිබ්බේ සුදු ඕලුයි. දම් ඕලුයි විතරයි.

"වෙද අත්තේ මේ කසාය මුට්ටිය හදාගන්ඩ ඕනා රතු ඕලු දණ්ඩක් මද,,සුදු ඕලු හරියන්නෙ නැද්ද ?"

නිම්නික බැරිම තැනයි මේ බේත හදාගන්ඩ කිව්ව වෙදරාලවව හොයාගෙන ගිහින් ඇහුවේ "

"නෑ නෑ සුදුඕලු වත් වෙන ඕලුවත් හරියන්නෙ නෑ ,,මේකට ඕන රතු ඔලු දඩුම හතක් ඕනා දවස් හතට, වෙන
ඒවා දැම්මට ඒකෙ ගුනේ ලැබෙන්නේ නෑ. කොහොම හරි කොල්ලො හොයාගනින්" 🐘

වෙද රාල කිව්වේ නිම්නිකගේ හිත හැදෙන එකක් නෙමේ.

"රතු ඕලු මල් තියෙන දඩු හතක් හොයාගන්නේ කොහෙන්ද ,මේ රතු ඕලු මෙච්චර වටින මලක් කියල දැනන් උන්නනම් ,මේ පැත්තෙ තියෙන හැම වැවකම මම රතු ඕලු බෝකරනවා.."

නිම්නික ට හැම වෙලාවේම වගේ හිතුනේ ඒක.

නිම්නිකට මේ කසාය හදලා බොන්ඩ ඕන වුනේ ඔහුට තියෙන අනිත් අයට නැති කෙට්ටු බව නැති කරගන්ඩයි.

"අම්මො නිම්නිකගේ දැන් හැටි දර කෝටුව වගේ."

"නිම්නික උබේ දැන් ඇගේ නහරත් පෙනවා මොකද බන්."

"මේක මෙහෙම කෙට්ටු වෙන්නේ මොකක් හරි අපි දන්නෙ නැති හොර වැඩක් කරනවා."

තමා දැක්කම යාලුවන් ,නෑදෑයින් කියන මේ වගෙව් දේවල් අහල නිම්නිකට දැන් ඇති වෙලා.

හැම උදේකම නිම්නික රට ඉදි එක්ක එලගි තෙල් කලවන් කරල කෑවෙ, තල ගුලියක් හැම උදේකම කෑවේ , කෝලිකුට්ටු ගෙඩියක් හැමදාම කෑවේ , උදු පිටිවලට මීපැනි කලවන් කරලා 🐎කෑවේ පාමසි වලට ගිහින් විටමින් පෙති බිව්වේ කට්ටිය මෙහෙම දේවල් කෑවම බීව්වම මහත් වෙනවා කියල කිව්ව නිසා. සෑහෙන්ඩ කාලයක් නිම්නික මේව කෑව බිව්වා. ඒත් වැඩක් වුනේ නෑ. අර කෙට්ටු ඇග පොඩ්ඩක්වත් මහත් කරන්ඩ ඒ රට ඉදිවලටවත්, එලගි තෙල් වලටවත් ,තල ගුලි වලටවත් කොලිකුට්ටු , උදුපිටි මීපැනි විටමින් පෙති වලටවත් පුලුවන් වුනේ නෑ...

"උබ යමන් කොල්ලො මාහේනෙ ඉන්නව හොද වෙදෙක් ,වෙදෙක් විතරක් නෙමේ උන්දෑ කට්ටඩි වැඩත් කරනවා උබට කියයි ,ඔය කෙට්ටුට උන්දැ බේතක්, යක්ශ පෙරේත බැල්ම තියෙද්දිත් ඔහොම කෙට්ටු වෙනවලු "

දවසක් නිම්නිකට මේ වගේ දෙයක් ඔලුවට දැම්මේ ගමේ දානේ ගෙයක් තිබිලා ඒකට යද්දි ඒ දානේ ගෙදරට අපු මනුස්සයෙක්.

"අනේ මන්දා මාමෙ මටනම් මේ කෙට්ටුව ගැනගානක් නෑ, ඒත් මේ කට්ටිය මම දැකල කියන ඒවනේ අහගෙන ඉන්ඩ බැරි"

"කොල්ලෙක් වුනාම ටිකක් උසට මහතට ඉන්ඩ ඕනා......එතකොටනේ කෙලෙලෙක් උනත් බලන්නේ , උබ මම කියනවට යමන් මාහේනේ වෙදා ලගට ,උබේ ඔය කෙට්ටුව නැති වෙන විදිහේ මොකක් හරි බේතක් කියයි. 🐤

** ඒ කෙනා කිව්ව වචනේ අහක දාන්නෙ නැතිව මාහෙනේ වෙද ගෙදරට යන පාර අමාරුවෙන් හොයන් දවසක් නිම්නික ගියා.

"කොල්ලෝ මෙන්න මේ ලියල තියෙන බේත් ඖශද හොයාගනින් ඉස්සරවෙලා ඊට පස්සේ ඒව මුට්ටියක් තම්බන්ඩ ඕනා. පත හත එකට හිදවලා බදාදා දවසක පාන්දර ,,ඒ කියන්නේ බ්රහස්පතින්දට එලිවෙන්ඩ යාමේ පාන්දර හතරයි හතලිස් එකට උතුර දිහා බලාගෙන ,ඉතිපිසෝ ගාථව කියලා එදා ඉදන් දවස් හතක් මේ කසාය බොන්ඩ ඕනා..දවස් හතට කසාය මුට්ටි හතක් තම්බන්ඩ ඕනා...."

කාරනය කිව්වට පස්සේ වෙදරලා බේත් වට්ටොරුව දීල නිම්නිකට කිව්වා...

"හරි යයි නේද මේකට"

"ආයේ ,,,හරි යනවද කියලත් අහනවා...හැබයි පොඩි දෙයක් කියන්ඩත් ඕනා..."

"මොකක්ද ඒ "

"මේකයි ඔය කට්ටිය කොච්කර කිව්වත් ,පෙරේතයො යක්කු ඉන්නවා, මම වෙද සාත්තරේ එක්ක ඔය යන්තර මන්තර ගුරුකමුත් කරන හින්දා ඔයදේවල් ගැන හොද අත්දෑකීම් තියෙනවා.,,,සමහර අමුනුස්සයො ඉන්නවා අපේ ඇගට රිංගලා අපේ ලේ මස් උරා බොන උන්. 🐜ගොඩක් අය බොන බේත් ඇගට අහන්නෙ නැත්තේ උන්ගේ බලපෑමෙන්.හැබයි මම දැන් මේ දීපු බේතට අමුනුස්සයෙක්ගේ බලපෑමක් තිබ්බත් මේක බිව්වම ඇගට අහනවා.....මේක හරියට කෙමක් වගේ...අමුනුස්සයෝත් යනවා ඇගෙන් මේ බේතට. හැබයි තව දෙයක්..."

වෙද රාල එක දිගට කියන් කතාව මදක් නැවත්තුවා.

"මොකක්ද ඒ "

"ලොකු අමුනුශ්ය බලපෑමක් ඔය ළමයට තියෙනවනම් මේ බේත ඔය ළමයට උන් බොන්ඩ දෙන්නේ නෑ.....කොහොම හරි මොන ක්රමයක් හරි කරලා වලක්වනවා.."

"අම්මෝ එහෙම දේවල් වෙන්ඩත් පුලුවන්ද "

නිම්නික ඒක කිව්වෙ ටිකක් බයෙන්.

"කිසිදෙකට ඔය ළමයා බය වෙන්ඩ එපා...එහෙම දෙයක් වුනොත් මම ලගට එන්ඩකෝ,, මම ඒකට හොද පිලියමක් යොදන්නම්, "

ඊට හිස වනපු නිම්නික බේත් වට්ටෝරුවත් අරන් ආපහු ආවා. නිම්නිකට නම් ඔය හොල්මන් පෙරේතයෝ ඉන්නව කියලා එච්චර විශ්වාසයක් තිබ්බේ නෑ. මෙ වෙනකම් ඔහු එහෙම දෙයක් දැක්ල තිබ්බෙත් නෑ.

බදාද දවස් කීපයක් හෙවිලා ගියත් ,රතු ඕලු දඩු 🐆හතක් හොයා ගන්ඩ නිම්නිකට බැරි වුනා.

"රතු ඕලු තියෙන වැවක් ගැන දන්නවද "

ඔහු හමුවන හැම කෙනාගෙන්ම වගේ ඇහුවත් හිත හැදෙන පිලිතුරක්නම් නිම්නිකට හම්බවුනේ නෑ.

"මට ලාවට ලාවට මතකයක් තියෙනවා...අපේ පැත්තෙ තියෙන නුගවැවේ රතු ඕලු තියෙනවා වගේ..."

මේ අරංචිය ආවේ නිම්නිකට බදාදා හවසක. ඒකත් කොහෙද මන්දා ගේ ලගින් යද්දි ලොරියක් කැඩිලා ඒකේ ආපු මනුස්සයෙකුගෙනුයි මේ ආරංචිය අවේ. කොහොම වුනත් නිම්නිකට මේ ආරකංචියෙන් ආවේ සතුටක්.

"අද බදාදනේ ,හෙට එලිය වැටෙන්ඩනේ මේ බේත බොන්ඩ කිව්වේ , කොහොම හරි දැන්ම යන්ඩ ඕනා ඔය වැවට."

සිතපු නිම්නිකට අර පුද්ගලයාගෙන් නුග වැවට යන පාර ඇහුවා. මීට කලින් නිම්නික මෙහෙම වැවක් ගැන අහලවත් තිබ්බෙ නෑ. අර පුද්ගලයා කිව්ව විස්තරවලටන්ම් නිම්නිකලාගේ ගෙදර ඉදන් ඒ වැවට සෑහෙන්ඩ් දුරක් තිබ්බා.

"කොහොම හරි අදම මේ රතු ඕලු දඩු හත හොයාගන්ඩ ඕනා...තව සතියක් බලන් ඉන්ඩ බෑ..."

හිතපු නිම්නිකට ගෙදරටත් මේ ගැන ලාවට ලාවට  🐌වගේ කියල එදා හවස ගෙදරින් බයික් එකේ පිටවෙද්දී පහට විතර ඇති.

අර කෙනා කිව්ව පාර ඔස්සේ ගිය නිම්නිකට මගින් හම්බවෙන කට්ටියගෙනුත් නුගවැවේ ගමට යද්දී හොදටම රෑ වෙන්ඩ ඔන්න මෙන්න.

'නුගවෙල උදය අවමංගල්යාධාර සමිතිය'

කියල සමිති ශාලවක ඉස්සර බිත්තියේ ලියල තිබ්බ එක දැක්කට පස්සෙ නිම්නික දැන්ගත්ත දැන් ඔහු ඉන්නේ ඒ ගමේ කියලා. ඒක තිබ්බෙත් පොඩි අතුරු පාරක හැරිලා යද්දියි. ගෙවල් දොරවල් එච්චර තිබ්බේ නැති පැත්තක් වුන ඒ පාරෙ මනුස්සයෙක් එනකනුත් නිම්නිකට සෑහෙන්ඩ වෙලාවක් බලන් ඉන්ඩ උනා.

"මාමේ මට කිය මේ ගමේ වැවට යන්නේ කොයි පාරෙන්ද"

ඉස්සර වෙලාම හම්බවුන වයස අවුරුදු පනහක් විතර මනුස්සයෙක් ගෙන් ඇහුවා. ඔහු ටික වෙලාවක් නිම්නික දිහා බලන් ඉදලයි ඔහුගේ කටහඩ අවදි කෙරුවේ.

"මේ ගමේ වැවට යන්ඩ මේ වෙලාවේ"

"ඔව් මාමේ මම මේ බේතකට රතු ඕලු හොයනවා..මේ ගමේ වැවේ ඒවා තියෙනව කියල මට ආරංචි වුනා."🐋

"දැන් ඔය ළමයා මේ වෙලාවේ රතු ඕලු කඩන්ඩද ඔය වැවට යන්ඩ හදන්නේ "

"ඔව් ඇයි එහෙම ඇහුවේ "

මනුස්සයා අමුතු විදිහට ඒක උච්චාරනය කරපු හින්ඩයි එහෙම නිම්නික ඇහුවේ.

"ඔව්,,මට ගොඩක් හදිස්සියි. අද කොහොමහරි හොයා ගන්ඩ ඕනා...."

"මේ වෙලාවෙ ඒ වැවට තනියම යන එකනම් හොද නෑ. ඒක මහ පාලු වැවක් ,අනික මේ රෑ වෙන්ඩ ඔන්න මෙන්න ඕවා වැවට බැහල හොයන්ඩ පුලුවන්ද??,, ඉස්සරනම් ඔය වැවේ හරියට රතු ඕලු තිබ්බා. ඒත් ජපන් ජබර බොවෙලා දැන් ඒවා හොයාගන්ඩ අමාරුයි මම නම් කියන්නේ දවල් වෙලාවක යනවනම් හොදයි, අනික ඒ වැවේ...."

දිගටම කියාගෙන ගිය මනුස්සයා කතාව මගින් නැවත්තුවා.

"ඔව් එහෙනම් මම හෙට උදේම තව කවුරු හරි එක්ක එන්නම් , මට කියනවද ඒ වැවට මෙතන ඉදන් යන පාර."

නිම්නික ඒ වගෙ දෙයක් කිව්වේ අර පුද්ගලයාගේ කතාවට එකග වෙන්ඩ මිසක් ,හෙට උදේ එන්ඩනම් නෙමේ...

" ඔව් ඒක හොදා...මම කියන්නම් පාර, රතු ඕලු කඩන්න වැව් තාවල්ලෙන් ගියොත් හොදයි. 🐍වෑකන්දෙන් ගිහින් වැඩේ අමාරු වෙයි. වැවේ වතුරත් ගොඩක් තියෙන එකේ වැව් තාවල්ලෙ පාරෙන් යන එක හොදයි.,,, මේ පාර දිගේ කෙලින්ම ටික දුරක් යද්දි ඉස්සරවෙලාම හම්බවෙන් හතරමන් හංදියෙන් වමට හැරෙන්ඩ ,ඒ පාර ටිකක් පාලු පාරක් ඒක දිගේ ගියාම නුගවැවේ වැව් තාවල්ල හම්බවෙනවා."

"ලොකු උදව්වක් කෙරුවේ මාමෙ"

"එහෙනම් ළමයා හෙට උදේම තව කවුරු හරි එක්කගෙන එන්ඩ දවාලක උනත් ඔය වැවට තනියම බහින එක එච්ංහර හොද නෑ.....ඔන්න වැස්සකුත් ආවා කොහෙද ඉදලා ඉදලා"

ඔහු එහෙම කියලා එච්ංහර තද වැස්සක් නොවුන ඒ වැස්සේ තෙමි තෙමීම යන්ඩ ගියා.

"හෙට වෙනකම් ඉදලා බෑ ,, වැස්ස කරුවල බලබල බෑ, දැන්ම වැවට ගියොත් හොදයි, එතකොට රතු ඕලු ත් හොයන් අර කසාය බොන්ඩ පුලුවන් "

හිටපු නිම්නික අර පුද්ගලයා කිව්ව හතරමන් හංදිය හොයන් වැස්සේම ගියා. ඉස්සරවෙලාම හම්බවුන හතරමන් හංදියෙන්වමට හැරිලා ඒ පාරේ යද්දියි ඔහුට තේරුනේ අර පුද්ගලයා කිව්ව කතාව ඇත්ත කියල. ඒ පාර හෙන පාලු පාරක් ආසාවට ගෙවල් දොරවල් නෑ. 🐒

වැස්ස කලුවර අතරින් නිම්නික ඒ පාලු පාරේ තව ටික දුරක් යද්දි අර වැව හම්බවුනා.

**** "මේක වෙන්ඩ ඇති වැව "

වැව ඇතුල දකිද්දීනම් නිම්නිකගේ හිතට දැනුනේ ටිකක් බයක්. එරමිනියා ගෝල් මැදින් වැව ඇතුලට යන්ඩ තිබ්බ පාර තිබෙද්දී වැව ඇතුල සමාන වුනේ හරියට කැලයකට වගේ. ඒ තරම් ගස් කොලන් වැව ඇතුලේ තිබ්බා. හරිම පාලුම පාලු වැවක්. නිම්නිකගේ හිතත් අදිමදි කෙරුවා වැව ඇතුලට ගිහින් වැවට බහින්ඩ.

"කමක් නෑ ආයේ සතියක් ඉන්ඩ බෑ, අදම වැවට බැහල රතු ඕලු හොයා ගන්නවා."

හිතපු ඔහු බයික් එකෙන් බැහල ඒක තැනක් හිට්ටෙව්වා.පෙර සූදානමකට නිම්නික tourch එකකුත් අරගෙන ආවා. ඒකත් පත්තු කරම් වැව ඇතුලට යන පාරේ ගිහින් වැවේ වතුරට බැස්සා.

වැවේ ගොඩාක් තිබ්බෙ ජපන් ජබර. ඒවා මැදින් වැහිපොද අස්සේ කරුවලේම නිම්නික රතු ඕලු හෙව්වේ ඒවා කඩන් හැකි ඉක්මනිම් මේ පාලු වැවෙන් එලියට යන්ඩ හිතන්.

නිම්නික වැව ඇතුලේ සෑහෙන්ඩ දුරක් ගියත් රතු ඕලු පදුරක් හොයා ගන්ඩ පුලුවන් වුනේ නෑ.

"මොනවද හොයන්නේ...."

එකපාරටම නිම්නිකගේ පිටිපස්සෙන් ඇහුන 🏇හඩට ඔහු උඩ ගියා. ඇහුනේ ගැහණු කටහඩක්.මේ වෙලාවේ එහෙම හඩක් කිසිසේත් බලාපොරොත්තු නොවුන නිම්නික පිටිපස්ස හැරිලා බලද්දී දැක්කේ අවුරුදු දහ අටක ,දහනමයක යුවතියක් තමන් දිහා බලන් ඉන්න හැටියි. ඇය කිසිම සද්දයක් නැතිව ලගටම ආවේ කොහොමද කියලා නිම්නිකගේ හිතට ආවේ ලොකුම ලොකු ප්රෙහේලිකාවක්.

හැඩකාර යුවතියක් උන ඇය තෙත වුන කොණ්ඩය කඩාගෙන වතුර මැද හිටියේ නිම්නිකගේ දෑත මානයේ.

"මේ හොල්මනක්ද"

නිම්නික හිතුවේ මේ වැහි වැටෙන කරුවලේ වැවක් ඇතුලේ මේ වගේ යුවතියක් ඉන්න එක ගැන නුහුරු බියක් හිතේ ඇතිවෙද්දී.

"ඇත්තට ඔයා කවුද ,මම මීට කලින් දැකලා නෑ,මොනවද මේ කරුවලේ වැවේ කරන්නේ"

යුවතිය ආයෙත් ඇහුවා.

"මම බේතකට රතු ඕලු හොයනවා. මේ වැවේ තියෙනව කියලා දැනගෙනයි රෑ කියල බලන්නෙ නැතිව ආවේ ,ඔය නංගී මේ ගමේ කෙනෙක්ද"

නිම්නික ඇහුවේ හිතේ බය හංගගෙන.

"හ්ම්ම්ම්ම්ම් මේ ගමේ,,, අද හවස වැවට නාන්ඩ ඇවිල්ලා යද්දි ටිකක් රෑ වුනා , ආපහු යද්දියි මට බයික් එකක සද්දයක් ආවේ , කවුද කියල බලද්දියි ඔයාව දැක්කේ...ඒත් අයියේ තනියම මේ 🐘වගේ වෙලාවල මේ වගේ තැන් වල ඉන්ඩ හොද නෑ...."

"ඇයි ඒ......"

"ගමේ කට්ටිය කියනවා මේ වැවේ අවලම්(හොල්මන්)තියෙනවා කියලා,ගොඩක් අය දැකල බය වෙලාත් තියෙනවා...මේ වැවේ මේ වෙද්දී මමදන්න තරමින් පස් දෙනෙක් වතුරේ ගිලිලා මැරිලා තියෙනවා...ගමේ කට්ටිය කියන්නේ අවුරුද්දකට සැරයක්වත් මේ වැවේ මනුසයෙක් බිලිගන්නවා කියලා..."

යුවතිය කියන විදිහට බය අදුනන්නෙ නැති කෙනෙක් වුනත් බය වෙනවා නිසැකයි. ඒ බය නිම්නිකගේ හිතටත් ඇතුල් වෙලා තිබ්බා.

"ඔයා කියන්නේ ඇත්තනම් මේ වැවේ මේ වෙලාවේ ඉන්න එක එච්ච්ර හොද නෑ වගේ, දවල් වෙලාවක් ආවානම් හොදයි වගේ. අනික මේ රෑ රතු ඕලු හොයන්ඩත් බෑ වගේ..."

Touch එක වැව වටේටම ගහමින් නිම්නික කිව්වා. වැවේ තිබ්බ රූස්ස ගස් මේ වෙලාවෙ ඔහු දැක්කෙ ඔහුව ගිලගන්ඩ බලන් ඉන්න යක්ශයෝ වගේ. හැකි ඉක්මනින් ඔහුට ඕන වුනා මේ වැවෙන් ගොඩවෙන්ඩ.

"ඕනේ නෑ අයියේ ආයේ දවල් වෙලාවකත් ඇවිල්ලා රස්තියාදු වෙන්ඩ , ආපු එකේ කරගන්ඩ ආපු වැඩේ අදම කරන් ගියානම් ඉවරයි. 🐎එන්ඩකෝ මම පෙන්නන්නම් මේ වැවේ රතු ඕලු මල් තියෙන පැත්තක්. ඉස්සරනම් මේ වැව පුරාම රතු ඕලු තිබ්බා. දැන් ඔයා කියනව වගේ බේතකටවත් ඒවා හොයාගන්ඩ බෑ..."

"එක්කො ඕනේ නෑ නංගි ,දවල් වෙලාවකක එනවා,, දැන් වැස්සත් එන්ඩ එන්ඩ වැඩිවෙනවා වගේ ,අපි යමු"

නිම්නික කිව්වේ ඇත්ත ,මෙතෙක් වෙලා තිබ්බ මද වැස්ස දැන් ලොකු වැස්සක් බවට ටික ටික පරිවර්තනය වෙලා තිබ්බා.

" ඔයා ඔහොම හිතුවොත්නම් ඔයාට කොහොමවත් මේ වැවෙන් රතු ඕලු හොයන්ඩ බැරි වෙයි."

"ඇයි ඒ."

"ඇයි ඒ කියන්නේ මේ වහින හැටියට අද දිගටම වැස්සොත් වැව පිරෙයි. වැවේ වතුර වැඩිවුනාම වැවේ රතු ඕලු තියෙන පැත්තට යන්ඩ අමාරුයි. ඔයාගේ වෙලාවටද දන්නෙ නෑනේ මේ රෑම මේ වැවේ රතු ඕලු හොයන්ඩ ආවේ. වැව පිරුනොත්නම් රතු ඕලු තියෙන පැත්තට යනවාබොරු"

යුවතියට ඕනේ වුනේ කොහොම හරි නිම්නිකට රතු ඕලු මල් කඩල දෙන්ඩමයි. 🐤

** "යමු අයියේ එන්ඩ මම පිටිපස්සෙන් ,මෙතන ඉදන් එච්චර දුර නෑ....."

"හා එහෙමනම් යමු"

නිම්නික කිව්වේ එච්චර කැමත්තකින් නෙමේ. ඔහු ගේ කටින් ඒක පිටවෙද්දී ලොකුම ලොකු අකුනක් ලග පාතකින් ගැහුවෙත් ඒ සමගම ගසක විශාල අත්තක් වැවට කඩන් වැටුනෙත් මහ හඩක් නංවමින්.

"මොකකද නංගි ඔයාගේ නම "

අර යුවතිය පිටිපස්සේ ගිය නිම්නික ඇහුවේ නිහඩව ඉන්ඩ අමාරු නිසා.

"දර්ශනී"

මේ වෙද්දී නිම්නික ඇය සමග ජපන් ගොලු මැදින් වැවේ මැදටම වගේ ඇවිත්තිබ්බා. දැන්නම් ඔහුගේ ඉණලගටමවගේ වැවේ වතුර අල්ලලලා තිබ්බා. ඔහුට වඩා මිටි අර යුවතියගේ ඉණත් යටකරමින් වැව් වතුර තිබ්බා.

"කෝ නංගී තව නැද්ද ඔය කියන තැන "

නිම්නිකගේ හිතේ නොසන්සුන් කම මේ වෙද්දී සෑහෙන්ඩ වැඩිවෙලා තිබ්බා. මේ වගේ ගමනක් ආපු මෝඩකම ,ඔහුට හිතුනේ වරක් දෙවරක් නෙමේ.

"ඔයාට තව පොඩ්ඩම පොඩ්ඩ දුරයි මට එක්කගෙන යන්ඩ තියෙන්නේ , එතකොට වැඩේ 🐜ඉවරයි."

ඒක ඒ යුවතිය කිව්වේ අර කලින් කතා කරපු සුපුරුදු හඩ විලාසයෙන් නෙමේ. ඒ හඩේ ගැබ්වෙලා තිබ්බෙ හරි ගුප්ත බවක්.

"හරි මෙන්න මේ හරියේ තමා ඒ තැ...."

අර යුවතියට ඒක කියල ඉවරකරන්ඩ බැරිවුනා. පියවර පියවර ඉදිරියට ගිය ඇය එකපාරටම වතුරට ඇදගෙනවැටුනේ මහ හඩක් නංවමින්.

"නංගී මොකද වුනේ "

නිම්නික කෑ ගැහුවේ මහ වැව මැද කිසිම දෙයක් කරකියාගන්ඩ බැරිව. යුවතිය වැව ඇතුලේ සැගවෙලා තිබ්බ ගැබුරු වලකට වැටෙන්ඩ ඇති කියලයි නිම්නිකට හිතුනේ.

"අයියේ මාව බේරගන්ඩ මම මේ වලකටන්වැටිලා මට ගොඩ එන්ඩ අමාරුයි"

දිය යට ගිය යුවතියගේ මූන එක පාරටම වතුරෙන් මතුවෙලා කිව්ව විතරයි ඇය ආයෙත් යට ගියා. ඒත් වතුරෙන් ඉහලට එසවිලා තිබ්බ අත්නම් එහෙමම තිබ්බා.

Touch එක කටට ගත්ත නිම්නික ලගම තිබ්බ අර යුවතියගේ එක අතකින් ඇද්දේ ඒ මාර්ගෙන් 🐆හරිඇයව ගොඩට ගන්ඩ හිතාගෙන.

ඒත් උනේ ඔහු හීනෙන්වත් හිතපු දෙයක් නෙමේ. අර යුවතියගේ අතින් ඇද්ද විතරයි ඒ අත එකපාරටම නිම්නික හිටපු පැත්තට ඇදිලා ආවා. ඒත් ඒ අර යුවතියගේ සම්පූර්ණ ශරීරයත් එක්ක නම් නෙමේ. නිම්නිකගේ අතට අවේ ඇගේ සිරුරේ උර හිස ලගින් ගැලවිච්ච අත විතරයි.

ඒ අත හරියට සමාන වුනේ දවස්ගානක් වතුරේ තිබිලා නරක් වුන මලසිරුරකින් ගැලවිලා ආපු අතක් වගේ. ඒකෙන් ඕජස් ගලද්දී ආවෙ නහයට කොහොමවත් දරාගම්ඩ පුලුවන් කුනු ගදක් නෙමේ.

"අපොයි....."

භිතියෙන් ඇස් උඩ ගිය නිම්නික අතින් ඒ කුනු වුන අත වැටුනා. තමා අමුනුස්සයකුගේ ග්රහනයට හසුවෙලා බව දැනුන නිම්නික මේ ඉසව්වෙන් දුව යන්ඩ සැරසුනා විතරයි. පිටිපස්සෙන් ඔහුට ඇහුනේ ගත කිලිපොලා යන වියරු හිනාහඩක්.

"හහ් හහ් හා....ඇයි මේ ආපු වැඩේ කරගන්නෙ නැතිව ආපහු යන්ඩ හදන්නේ ,රතු ඕලු එපාද????"

හඩට නිම්නික හැරී බලද්දී හිතුනේ හැරී නොබැලුවානම් මොකද කියලා.ඒ තරම් බිවිසුනු දසුනක් ඔහු අසල දිස්වුනා.

මූනෙ එක පැත්තකින් ඕජස් වැක්කෙරෙන, අනිත් පැත්තේ සුදුපාට ඇටසැකිල්ල පේන.දත් ඉදිරියට නෙරා ගිය අමුනුස්සයෙක් ඔහු දැක්කා. අත් 🐌දෙකින් එක අතක් තිබ්බේ නෑ.

"උබ ආවෙ රතු ඕලු කඩන්ඩ නේද ඇයි එපාද? එවා....ඇයි ඔහොම දුවන්නේ.."

කිය කියා ඒ බිවිසුනු රුව නිම්නික දිහාට කිට්ටු වුනා.

*** ඒ එක්කම නිම්නික පිටිපස්සට ගියා. ඒත් ඔහුට එච්චර වෙලා එහෙම පිටිපස්සට යන්ඩ පුලුවන් වුනේ නෑ. එක පාරටම දිය දෙබෑකරමින් ඔහු වැව මැද තිබ්බ ගැඹුරු වලකට ඇදවැටුනෙ නොසිතූ විදිහට.

පීනන්ඩ පුලුවන් වුන නිම්නික ඒ වලේ අඩියටම ගියා...ඔහු ඊට පස්සෙ උත්සහ කෙරුවේ කොහොම හරි පීනලා ඒ වලෙන් ගොඩට එන්ඩ.

ඒත් ඔහුට එය කරන්ඩ බැරිවුනේ කවුරුන් හරි වතුර යට ඉදන් ඔහුගේ කකුල් දෙක හයියෙන් අල්ලගත්ත නිසා. ඉන් මිදෙන්ඩ කොච්චර ඔට්ටු වුනත් දඩු අඩුවකට අහුවෙලා වගේ තිබ්බ කකුල් දෙක මුදවගන්ඩ නිම්නිකට කොහොමවත් පුලුවන් වුනේ නෑ. සෑහෙන්ඩ වෙලාවක් ඔහු දිය යට ඔට්ටුවුනෙ පෙණහලුවල තිබ්බ වාතය ඉවරවෙනකම්මයි. අවසානයේ වතුර පෙවුන ඔහු හුස්ම හිරවෙල නිසල වුනා.

නිම්නිකගේ නිසල සිරුර වතුර යටට කිදාබහිද්දී ඔහුගේ කකුල් දෙක අත ඇරපු දර්ශනීගේ 🐋අමුනුශ්ය ආත්මය දියෙන් මතුවුනේ තෘප්තිමත් හිනාවකුත් නංවමින්.

"මගේ වැඩේ ඉවරයි. මම දැන් නිදහස් මම මේ වැවට මිනිස් බිල්ලක් හොයලා දුන්නා. මේ වැවට ඊලග මිනිස් බිල්ල හොයල දෙන්ඩ ඕනා දැන් මේ ටිකකට කලින් මගේ ග්රහනයට අහුවෙලා මැරුන කෙනයි. ඔහුටත් මම වගේම අමුනුශ්ය යෙක් වෙලා ඉපදිලා මේ වැවට මිනිස් බිල්ලක් හොයලා දෙන්ඩම වෙනවා. එතකම් ඔහුට ගැලවීමක් නෑ...."

දර්ශනීගේ අමුනුශ්ය ආත්ම මුවෙන් පිටවුනත් ඒක අහන්ඩ ලග පාතකනම් කිසිම කෙනෙක් පණ පිටින් හිටියෙ නෑ..

ඇයත් මීට අවුරුද්දකට විතර කලින් මේ තැනදීම දියේ ගිලී මැරුනේ ඊට කලින් දියේ ගිලිල මැරුන ,ඉන් පසු අමුනුශ්ය යෙක් වෙලා ඉපදුන ඒ අමුනුස්සයා ගේ ග්රහනයට අහුවෙලයි.

මැරුනු නිම්නිකත් අමුනුශ්ය යෙක් වෙලා ඉපදී ඔහුගේ මාර්ගයෙන් මේ වැවට මිනිස් බිල්ලක් ලබාදෙනකම් වැව් දියට සමහරවිට එච්චර කල් බලා සිටීමට සිදු නොවේවි..................ඉවරා........යි.



No comments:

Powered by Blogger.