කන්දේඇල ජලාශය අයිනේ සැරි සරණ මිනිස් රුව

මා මෙි කියන මිතුරා ඔහුටම අයත් බවුසර් රථයක සේවය කරන අයෙක් . ඔහු මෙයට වසර 10 කට පමණ පෙර කොළඔ සිට නුවරඑළියේ අඹෙිවල හයිලන්ඩි කිරිපිටි සමාගමට කිරි පුවාහනය කරමින් සිටියදි මුහුණ දුන් සිද්ධියකි.

බොහෝ බවුසර් රථ රියදුරන් රාතිු කාලයට රථ ධාවනය කරන අතර මොහුත් එදින සවස කිරි රැගෙන තම බවුසර් රථයෙන් අඹෙිවල බලා
පිටත්වි ඇත. හැටන් පාරේ සිට පැමිණ නානුඹය හරහා අඹෙිවල දක්වා ධාවන කරමින් සිටියදි වෙලාව මධ්‍යම රාතිු 12.45 පමණ පසු වි ඇති අතර අඹෙිවල පාරේ කන්දේඇල ජලාශය ලංවත්ම දෙපස දැඩි රක්ෂිත වනයක් හමුවෙි . රිය සහායකුද එදින නොමැතිව රථය ඉදිරියට ධාවන කරද්දි කන්දේඇල ජලාශය ලංවනවිටදි රථයේ විදුලි පහන් අලෝකයට පැහැදිලිව ජලාශය අයිනේ මිනිස් රැවක් දිස් වි ඇත.

කඑ පැහැති ජැකටිටුවක් පැලද සිටි එකි මිනිසා ජලාශය අයිනේ පිහිටි ගාඩි ගලක් මත වාඩි වි සිටිනු මා මිතුරා පැහැදිලිව දැක ඇති අතර මහ රැ තිනවම මෙම ස්ථානයේ සිටිනුයේ කවුදැයි සැක හැර බලා ගැනිමට හෝන් ගසා බවුසරයේ වෙිගය අඩු කරත්ම අර පුද්ගලයා එක වරම ජලාශයට පැන දිය යටට නොපෙනි ගොස් ඇත.

සිතා ගත නොහැකි ලෙස සිදුවු මෙම සිදුවිමෙන් මහත් ලෙස බියට පත්වු මිතුරා බවුසරය රැගෙන අඹෙිවල හයිලන්ඩි ආයතනයට ගොස් තමා මුහුණ දුන් සිදුවිම පවසා ඇති අතර පසු දිනෙක දැන ගැනිමට හැකි වි ඇත්තේ මෙම සිදුවිමට මාසයකට පමණ පෙර පුද්ගලයෙක් මෙම ස්ථානයෙන් ජලාශයට පැන සියදිවි නසාගෙන ඇති බවත් එකි පුද්ගලයා මෙකි ස්ථානයේ අවතාරයක්ව පෙනි සිටින බවත් රාතිුයේ ගමන්ගත් රියදුරන් කිප දෙනෙකු මෙම සිදුවිමෙන් බියට පත්ව අැති බවත්ය.



No comments:

Powered by Blogger.