සොලමන් හාමුගේ මරනයෙන් පසු ආ අබිරහස් යුවතිය

අභූතගම බාහිර ලෝකයාගෙන් බොහෝ ඈත්ව පිහිටි කුඩා ගම්මානයකි.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ කුඩා ගම්මානයෙහි පැවතියේ අද්භූත ස්වභාවයකි.කඳු පන්ති මතින් නොනැවතී පහලට ඇද හැලෙන දිය ඇළි...ගම්මානය පුරා විහිදුණු කෙත්වතු වලින් සුසැදි එම කුඩා ගම්මානය බොහෝ සුන්දර විය...ගම්මානයේ විසූ ගැමියන් ගොවිතැනින් ජීවත් වූවෝ ය.මොවුන් තම නිවෙස් වලටම සීමා වී සිටි
අතර බාහිර ලෝකය පිළිබඳව දැන නොසිටි තරම්ය.කොතරම් සුන්දර වුව ද යම් අද්භූත බවක් මේ කුඩා ගම්මානය පුරා පැවතුණි...කුඩා දිය ඇලිවලින් වට වූ මේ ගම්මානය මධ්‍යයේ පිහිටි විශාල වලව්වකි.නමින් එය සොලමන් වලව්ව විය.ගම්මානයේ විසූ ගැමියන් සොලමන් වලව්ව දෙස බැලුවෙ ගෞරව සම්ප්‍රයුක්ත මුසු බියකිනි.එහි පැවතියේ ගරා වැටීමට ඔන්න මෙන්න පවත්නා ස්වභාවයකි.නමුත් එහි පෙර පැවති ගාම්භීරත්වය සහ තේජස තවමත් නොනැසී පැවතුනි.එහි හිමිකරු වූයේ සොලමන් එදිරිසිංහ ලොකු හාමුය.සොලමන් පරම්පරාව අනාදිමත් කාලයක පටන් ගම්මානයේ විසූ වලව්කාර පැළැන්තියක් විය.කොතරම් ධනවත් සහ බලවත් වුවත් සොලමන්වරු නොපැකිලිව ගම්වාසීන්ට උදව් උපකාර කලෝ ය.සොලමන් වලව්වේ අවසන් හිමිකරු එනම්, සොලමන් එදිරිසිංහ ලොකු හාමු මිය ගොස් දැනට වසර 20 ක් පමණ ගත වී අවසන්ව ඇත.දුටුවන් මන බදිනා රූ සපුවකින් හෙබි ඔහුගෙ දියනිය අමන්දා අතුරුදන් වී වසරක් ගත වූ පසු සොලමන් හාමු මිය ගියේ තම දියනිය නැති වූ ශෝකයෙන්මය.අමන්දා කුඩා කාලයේදීම ඇයගෙ මව මිය ගොස් තිබිණ. 
අමන්දා අතුරුදන් වන විට ඇය යන්තම් 18 පිරුනු යොවුන් තරුණියකි.අතීත කතාව එය වූ අතර වර්තමානයේ එම වලව්ව වල් බිහි වී තිබිණි.සොලමන් හාමුගේ මරනයෙන් පසු වලව්ව ජරාජීර්ණ විය.වර්තමානයේ හවස 6 පසුවූ පසු කිසිම ගැමියෙක් ඒ අසලින් ගමන් නොකරන්නේ එහි පවතින අද්භූත ස්වභාවය නිසාවෙනි.කෙසේ වුව ද අද එ අසලින් ගමන් කරනා මිනිසෙකි.ගමේ සෙල්ලක්කාරම චරිතයක් ලෙස ප්‍රසිද්ධ සෝමපාල ඒ ගැමියා ය.හවස් වීමට කලින් ගමට පැමිනීමට සිතා සිටියද ගමට තිබු එකම බස් රථයේ ප්‍රමාදය නිසා ඔහු එන විට වේලාව හවස 7 පමන විය.එක්වරම පරිසරය වෙනස් වන බවක් ඔහුට හැගිනි.අමුතු හඩක් නන්වමින් සුලන් පැතිරෙන්නට විය.සුලි කුනාටුවක් එන බවක් දිස් විය.මේ කිනම් අසුබ දෙයක පෙරනිමිත්තක්ද ?? සෝමපාල පය ඉක්මන් කර ගෙදර යාමට පිටත් වුවද ඔහු යන මාර්ගය හරස් කරමින් විශාල මාර ගසක් කඩන් වැටුනි.කිසියම් අනියත බියකින් ඔහුගේ සිත පිරී යන්නට විය.තමන් දෙස කවුරුන් හෝ බලා සිටින බවක් හැගුනු නිසා පිටුපස බැලූ ඔහුගේ ඇගේ ලේ වතුර විය.කටේ කෙල සිදිනි.ඔහු ඉදිරිපස සිටියේ යුවතියකි.නමුත් ඇය සිටියේ පොලවේ නොවේ.පොලවට ඉහලින් අවකාශයේ පාවෙමිනි.සුදු පැහැ ගවුමකින් සැරසී සිටි ඇයගෙ දෑස් වල වූයේ වෛරයකි.......................



No comments:

Powered by Blogger.