කුනුහරප ටිකට බයවුණු අමනුෂ්‍ය ආත්මය























අපේ කොල්ලෝ කට්ටිය යනවා ඉස්සර මියුසිකල් ශෝ වලට...
ඒම සංගීතයකට ගිහින් අපි බිව්වා.බොද්දී බයිට් වලට ගත්තේ පරිප්පූ වඩේයි තම්බපු කඩලයි වගේ ඒවා.

බීලා ශෝ එකටත් ගිහින් ජොලියක් දාලා බස් නෑ නේ පාන්දර 1,2ට වගේ ටවුන් එකේ ඉදන් පයින්ම ආවා.කොල්ලෝ 7,8ක් වගේ හිටියා.ගමේ කොල්ලෝ ටික.

හොල්මනක්,ඒ වගේ දෙයක් ගැන අදහසක් කාටවත්ම කොතනවත්ම තිබ්බේ නෑ.
ඒම ඇවිල්ලා ගමට යන පාරට හැරිලා ටික දුරක් ආවා.එන පාරේ තමා තියෙන්නේ සොහොනට යන පාරත්.පොඩි රබර් වත්තක් එක්ක තියෙන්නෙ .මමයි තව කොල්ලෝ 2ක් පස්සෙන්ම ආවේ.සොහොන ලග හන්දියේදි කවුරු හරි
"ස්ස්ස්...ස්ස්ස් කියලා අඩහන සද්දයක් ඇහුනා.ඒ වෙලාවේ කවුරුත් ඒම අඩගහන්න චාන්ස් නෑ.මම යාලුවෝ දෙන්නා දිහා බැලුවා උනුත් කතාවක් නෑ.අර සොහොන පාර දිහාවෙන් වගේ තමා මටනම් ඇහුනේ.
තව අඩි දෙකක් තුනක් ඉස්සරහට ගියා ආයෙත් අපේ පිටිපස්සෙන් ඇහුනා ඒ සද්දේ.එතකොට ටිකක් අවුල් මට.

ඒත් යන උන්වත් බය කරන්න ඕන නෑ කියල මොකුත් නොකියා ගියා මාත්.කොල්ලෝ ටික ඔක්කොම එක තැනකින් හැරිලා යනවා මම විතරක් හංදියක් ලග ඉදන් 500m විතර ගෙදරට යන්න එන්න ඕන.අර ගැන කිසි දෙයක් කිව්වෙත් නෑ.අරුන්ටත් සමූ දීලා මම යන්නම් කියලා එන්න ආවා.අඩි 5ක් වත් තියන්න උනේ නෑ පිටිපස්සෙන් සෙරෙප්පුවක් දාගෙන එනකොට සර සර ගාලා සද්දේ ඇහෙන්නේ ඒම සද්දයක් ආවා.අරුන් ටික මාව බය කරන්න හදනවා ඇති කිය්ලා හිතුනා.පිටිපස්ස යන්තම් වගේ බැලුවා මොකුත්ම නෑ.එතකොට මට උන දේවල් තේරුනා.ඇගට ටිකක් අමුතුයි.ආයෙම යන්න ආවා.අමුතුම සීතලයි.

ආයෙත් ඒ සද්දේ ඇහුනා ඒ පාර මගේ ලගින්ම ගොඩක් ලගින් සර සර ගාලා රබර් සෙරෙප්පුවක් ඇදගෙන එනවා වගේ.හරි යන්නේ නෑ කියලා හිතලා මම කුනුහරප වැලක් කියවගෙනම හැරුනා.මෙලෝ හොල්මනක් නෑ.දැක්කෙත් නෑ.කුනුහරප ටිකක් කියලා උගුර හොදට පාදලා කෙල ටිකක් ගහලා මන් ආවා.එතනින් පස්සේ මොකුත් උනේ නෑ.

පස්සේ උදේ 10ට විතර මම අර කියපු යාලුවගේ ගෙදර ගියා.මාත් එක්ක පස්සෙන්ම ආපු එකෙක්ගේ ගෙදර...මම අහන්නත් කලින් ඌ මගෙන් ඇහුව්වා රෑ මොනවා හරි උබට ඇහුනද කියල.මන් දන්නෑ වගේ ඇයි කියලා ඇහුව්වා.ඌටත් අර "ස්ස්..ස්ස්..ගාලා අඩගහන සද්දේ ඇහිලා තියෙනවා සොහොන පාර ලගදී.

ඊට පස්සේ තමා මම මට උන දේත් කිව්වේ.ඒත් ආපු අනිත් එකාට ඒම ඇහිලා නෑ.ඌ දනෙත් නෑ කිව්වා.


හිත් හයියයි නම් කිසිම අමනුෂ්‍ය ආත්මයකට බෑ මනුෂ්‍ය ආත්මයකට බලපෑමක් කරන්න.හේතුවක් දන්නේ නෑ එදා ඇයි ඒම උනේ කියලා.කිසිම දෙයක් දැක්කේ නෑ.හැබැයි දැනුනා...හොදටම විශ්වාසයි ඒක අපේ කාගේවත් වැඩක් නෙවෙයි කියලා.

No comments:

Powered by Blogger.