නාදන්ගෙන් පලිගන්න ආ හරක් අවතාරයේ මර ලතෝනිය

‘හූ’ ‘හූ’ වැවට එපිටින් ඇති මහ මූකලාන දෙසින් නරින්ගේ කෑගැසීම වරින් වර ඇසෙයි. නරින්ගේ ‘හූ’ හඬ කන වැකෙත්ම ගමේ බල්ලෝ උඩුබිරීම ආරම්භ කළහ. රාත‍්‍රී අන්ධකාරය දසත වෙළාගෙන පැවතියත් මලානික සඳකිරණින් වැව මැද නිසලව ඇති බෝට්ටුව දැකගත හැකිවෙයි. ඒ නාදන්ගේ බෝට්ටුවයි.

පුරුද්දක් ලෙස නාදන් මාළු ඇල්ලීමට දැල් එලීම රාත‍්‍රී කාලයේ සිදුකළේ වැඩිපුර මාළු අල්ලාගැනීමේ අරමුණෙනි. නාදන් මුස්ලිම් ජාතික මුදලාලි කෙනකුගේ ගෝලයකි.

මේ අතරතුර වැව් පිටියේ නිදැල්ලේ ගැවසෙමින් සිටි හරක් රංචුවේ හරකුන් එකා දෙන්නා අඩුවන්නට විය. එහෙත් ගැමියන්ට එය එතරම් නොදැනුණි. එයට හේතු වූයේ එම ගවයන් නිදැල්ලේම සිටීමය.
වැව් බැම්මේ කෙළවරට වන්නට රූස්ස ගසක් විය. වැව් බැම්ම නිමවූයේ කුඩා කඳු ගැටයකිනි. නිදැල්ලේ යන හරක් හැන්දෑ වනවිට මේ ගස යටට පැමිණ ලැඟුම් ගනිති. බොහෝ කාලයක පටන් සිදුවන මේ සිදුවීම් ගමේ ගැමියනට හොඳින් හුරුපුරුදුය. ගවයන්ට එය හොඳ ආරක්‍ෂිත ස්ථානයක් විය.

වැව මැද දැල් එලූ නාදන් හෙමින් සීරුවේ පාරුව පදවාගෙන වැව් කණ්ඩිය දෙසට පැමිණියේය. නාදන් ගොඩට එනතෙක් වැව් කණ්ඩිය අසල රැුදී සිටි පිරිසක්ද විය. ඒ නාදන්ගේ මුදලාලිගේ ගෝලබාලයන් පිරිසයි. ගම දෙසින් ඇසෙනා බල්ලන්ගේ උඩුබිරුම මෙන්ම ඈතින් ඇසෙනා නරින්ගේ කෑ ගැසීම අසුබ සිදුවීමක පෙරනිමිත්තක් බවට වූ ගමේ වැඩිහිටියන්ගේ හඳුනාගැනීම සැබෑවන්නට වැඩි කාලයක් ගතවූයේ නැත.

නාදන් ඇතුළු පිරිස අන්ධකාරය මැදින් හොර රහසේ පැමිණ රූස්ස ගස යට සිටි හරක් තිදෙනෙක් අල්ලා ගත්හ. ඒ සමගම අනෙක් හරක් කලබල වී දසඅතට දිවගියහ. වැව් බැම්මේ කෙළවර කඳුගැටය අසලට රැුගෙන ගිය හරක් තිදෙනා එහි වූ ගසක ගැටගසා පහරදී මරා දැමුණි. ඒ අහිංසක සතුන්ගෙන් පිටවුණු මර ලතෝනිය ගමේ කිසිවකුටත් ඇසුනේ නැත. වහ වහා මස් කෙරුණු එම සතුන් තිදෙනාගේ මස් හොර පාරෙන් ගමෙන් නගරයට ගෙන යන්නටද වැඩි කාලයක් ගත වූයේ නැත.

පසුදා වැවට පැමිණි ගැමියන්ට දැකගත හැකි වූයේ වැවට විසිකර දමා ඇති, මරා දමන ලද ගවයන් තිදෙනකුගේ හිස්ය. එම සිදුවීමෙන් ගමම කම්පාවට පත්විය. කෙමෙන් කෙමෙන් රාත‍්‍රිය එළඹුණි. සඳ ඇති දිනයක් වුවද එදින වලාකුළුවලින් හඳ වැසී ගොස් තිබුණ අතර, මූසල බවක් මුළු ගමම වෙළාගෙන තිබුණි. අන්ධකාරයේ ගුප්ත බව බිඳ දමමින් කිසි දිනක නොවූ ආකාරයට හරක් රංචුවම කෑගසන්නට වූයේ මර ලතෝනි දෙමිනි. රැය පුරා මෙම විලාපය ඇසෙන්නට විය. ගමේ ගැමියෝ හුළුඅතු දල්වාගෙන පැමිණියේ තවත් හොර හරක් ඝාතනයක් සිදුවන්නේදැයි කියා සොයා බැලීමටය. එහෙත් ගැමියෝ දුටු දෙයින් තුෂ්ණිම්භූත වූහ. සුපුරුදු ආකාරයට ගවයන් ලැග සිටින මහා රූස්ස ගස අසලට රැස්වූ ගවයෝ උඩ බලාගෙන මහා හඬින් මොරදෙති. කිසිදු ගවයකු පෙර මෙන් එහි නිදි නැත. සියලූ ගවයෝ සිටගෙන සිටිති.

පළමු දිනය ගෙවී ගියේය. දෙවැනි දිනයේදීද එම සිදුවීම ඒ ආකාරයටම සිදුවිණි. තෙවැනි දිනයේ රාත‍්‍රිය උදාවිය. මේ සිදුවීම් පෙළ සමගම මහා භයානක සිදුවීමක් අතළඟ බව ගැමියෝ තේරුම් ගත්හ. ගමේ දරුවන් මෙන්ම ගැහැනුන්ද බියෙන් ගැහෙමින් පැදුරු කඩමාලූවලට වී නිදිවර්ජිතව රාත‍්‍රිය ගත කළහ. නාදන් සුපුරුදු ලෙස පාරුවේ නැගී දැල් ගැසීමට වැව මැදට පාරුව පදවන්නට විය.
හවස් යාමයේ සිට දසතින් ගලා ආ වැහි වලාකුළින් මුළු ගමම ගිලීගොසිනි. එක් වනම මහා වැසි කඳක් කඩා වැටුණි. කිසිදු ඇළක හෝ ජල පහරකින් පෝෂණය නොවුණු වැවේ ජල කඳ නිමේෂයකින් ඉහළ යන්නට විය. වැව මැදට පාරුව පැදි නාදන්ට කර කියා ගත හැකි දෙයක් නොවුණි. පරිසරයම දෙදරවමින් හෙණ ගසන්නට විය. මහා වැසි අතරින් හරකුන්ගේ මර ලතෝනියද වරින් වර මතුවෙයි.

ගතවූයේ නිමේෂයකි. හෙණ හඬ නංවමින් වැව් බැම්මේ රූස්ස ගසත් පස් කන්දත් අතර වේල්ල පුපුරා ගියේය. වේගයෙන් ඉහළ නැගි ජලකඳ පුපුරා ගිය වේල්ලෙන් එළියට පැන පහළින් වූ කුඹුරු යායවල් මෙන්ම ගම්මාන කිහිපයක්ද යටකරමින් දෙගොඩතලා ගියේ මිනිස් ජීවිත අහිමි කරමිනි. ජල පහරට අසුව ගසාගෙන ගිය නාදන්ගේ මිනීයවත් සොයාගත නොහැකි විය.
හරක්ගේ කෑගැසීම ඉන් පසු යළි මතුවූයේ නැත. හරක් ඝාතකයාට දඬුවම් හිමිවිය. දින කිහිපයකට පසු වේල්ල සෑදීමට පැමිණි නිලධාරීන් පිරිස කැඞී ගිය වේල්ල ඈත සිට ඡුායාරූපගත කළෝය. එක දිගට ගත් ඡයාරූප අතර එක් ඡුායාරූපයක මහා රූස්ස ගස මුදුනේ සිටින ගවයකුගේ රූපයක් දැකගත හැකිවිය. එසේම වැව් බැම්ම පිළිසකර කිරීම සඳහා වැව්බැම්ම හාරන විට රූස්ස ගස අසල කළු ගලක කොටන ලද ගව රූපයක්ද හමුවිය. ඒ වසභ රජුගේ රාජකීය ගවයාගේ සොහොන බවට වූ මතයක් ගැමියන් අතර පවතී.

කෙසේ හෝ වසර සිය ගණනක් තිස්සේ ගවයන්ට ආරක්‍ෂාව සැලසූ කුමන හෝ බලවේගයක් විසින් කළ අපරාධයට පලියගත්තේ එසේය.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර







No comments:

Powered by Blogger.