සමන්ගේ හොල්මන

මට උණ හැදුනෙ ගිය සතියෙ සදුදා.. එදා කෝම හරි මම හිටියෙ ගෙදර.. හිටියෙ මම තනියෙම කස්ටිය ඔක්කොම ගිහින් වැඩ රාජකාරි වලට.. උදේ ඉදන් තිබ්බ උණ මම ගණන් ගත්තෙ නැතත් ටිකින් ටික අමාරුව වැඩි වුනා.. බුකියෙ දන්න කියන යාලුවො කීප දෙනෙක් එක්ක සාමීචියේ හිටිය මට එකපාරට කලන්තෙ වගේ ආවා එහෙන්ම ඇදේ ඩවුන් සිහිය එනකොට නැගිට ගන්න බෑ ඒ තරන් ලෙඩේ දරුනු වෙලා..

මට නැගිට ගන්න බෑ කෑගහුවා කවුරුත් ඇහෙන මානෙක නෑ .. ගෙදර දොරත් අගුලු දාලා තිබ්බෙ ඉතින් ඔහොම ටික වෙලාවක් කෑගැවුවා වැඩක් නෑ කෙලත් හිදිලා.. මම දැන් මැරෙයි තමයි මට හිතුනා ඇස් නිලංකාර
වෙලා නැගිටින්න තියා හැරෙන්නවත් පන නෑ.. ඒත් එක්කම සද්දයක් ඇහුනා මේ වතුර ටික බීපන් මටත් එවෙලෙ ඒහැටි සිහියක් නෑ.. ඌ මට වතුර පෙව්වා.. එතකොට මට ටිකක් පන ආවා.. වෙලාව 11.45යි එතකොට මීටර් උනේ මගෙ යාලුවෙක් (උට සමන් කියමු) සමනා තෝ කොහොමද ආවේ ගේත් අගුලු දාලා තියෙද්දී

ඌ .. ආපු විදිය අදාල නෑනේ දැන් බොගෙ අම්මලා එයි කිවුවා මටත් ගානක් නෑ එහෙන්ම ආයෙත් ටිකක් නින්ද ගිහින්.. ආයෙ ඇහැරුනෙ අම්මා ඇවිත් මේකට හොදටම උණ අරන් යමන් ඉස්පිරිතාලෙ කියනකොට Odiclone දාලා ඔලුව තවලා වීල් එකෙන් එක්කන් ගියා හොස්පිටල් මලා ඩෙංගු!! කොමහරි දවස් 4ක් ඉදලා ආවා ගෙදර.. ආපුදා මම අම්මට කිවුවා සීන් එක... කෝ සමනා මට පොරට ස්තූති කරන්නත් බැරි උනා කියලා..

මොකක් එහෙම එකෙක් හිටියෙ නෑ අනික මම අගුලු දාලා යතුර අරන් ගියා මමමනෙ ඇවිත් දොර ඇරියෙත්... ඒක නෙවෙයි බන් සමන් කොලුවා මැරුනෙ මාසෙකට කලින් ඇක්සිඩන්ට් වෙලා බයික් එකෙන් උඹලා මලගෙදර වැඩත් කරේ.. උඹ ඕවා අමතක කරපන්.. දෙයියන්ගෙ පිහිටෙන් මගේ කොලුවට දැන් හොදයිනෙ
අම්මා කියාගෙන යද්දී මට දවල් තරු පෙනුනා එතකොට මට කවුද 11.45ට වතුර දුන්නෙ
දොර හොදට අගුලු දාලා ගෙදරත් මම විතරයි
අම්මා ඇවිත් තියෙන්නෙ 2.40ට


No comments:

Powered by Blogger.