මේ පුටුවෙ ඉදගන්න හැම කෙනෙක්ම අකාලෙ මැරිල යන්න ඕන (මරණයේ පුටුව)

ඔන්න මේක සිද්ද වෙලා තියෙන්නෙ 1702 දි..
එංගලන්තෙ උතුරු යෝක්ෂයර් වල තර්ස්ක් පලාතෙ උන්නලු
තෝමස් බස්බි කියල මනුස්සයෙක්..
එයා අවන්හල් අයිතිකරුවෙක්..
හැබැයි එයා කළේ හොද ව්‍යාපාර එහෙම නෙවෙයි..
ඒ වගේම බස්බි නොම්මර එකේ බේබද්දෙක්..
ඒ හින්ද එයාගෙ මාමණ්ඩි එයා එක්ක හැම තිස්සෙම
නොහොද නෝක්කඩු උනාලු..

තමන්ගෙ දුව මේ බේබද්දගෙන් ඈත් කරන්න මාමන්ඩිට උවමනා වෙලා තිබුනලු..
දවසක් දා..බස්බිගෙ අවන්හලේ..බස්බිගෙ කැමතිම පුටුවෙ වාඩි වෙලා උන්නු මාමන්ඩිත් එක්ක බස්බි රන්ඩුවක් ඇති කරගත්තා..දෙන්නගෙ රණ්ඩුව දුරදිග ගියා..එදා රෑ බස්බි මාමණ්ඩිගෙ ඔලුවට මිටියෙන් ගහලා
මාමන්ඩිව මරා දැම්මා...

මේ අපරාධයට බස්බිට එල්ලුම්ගහ නියම වුණා..බස්බිව එල්ලා මරන්න කලින් දවසේ බස්බිගෙ අන්තිම කැමැත්තට ඉඩ ලැබුනා..
“මට මගේ අවන්හලේ මං කැමතිම පුටුවෙ ඉදන් බීර එකක් බොන්න ඕන“. ඒක තමයි බස්බිගෙ අන්තිම ඉල්ලීම..

ඒ අන්තිම බීර එක බීලා ඉවර වෙලා එල්ලුම් ගහට යන්න නැගිටින්න කලින් බස්බි ශාප කළා.. ඒ ඉදගෙන උන්නු පුටුවට..“මේ පුටුවෙ ඉදගන්න හැම කෙනෙක්ම අකාලෙ මැරිල යන්න ඕන..“ කියලා.

බස්බිගෙ මරණෙන් පස්සෙ මේ පුටුව මතක සටහනක් විදිහට බස්බිගෙ අවන්හලේ තියලා තිබුණා..
බස්බිගෙ ශාපය ගැන අහපු අය මේ පුටුවෙ ඉදගන්න බය වුණා..ඒත් බය නැති අයත් හිටිය.. දවසක් දා බස්බිගෙ අවන්හලට ආපු සොල්දාදුවො දෙන්නෙක් ඒ කතාව අහලා හිනාවෙලා
“ශාපයක්.. මොන බොරුද.. එහෙම ඒවා මේ ලෝකෙ නෑ..“ කියලා ඒ පුටුවෙ ඉදගත්තා..

ඒ සොල්දාදුවො දෙන්නා පහුවදාම යුද්දෙදි මැරුම් කෑවා..ඊට පස්සෙ බස්බිගෙ අවන්හලේ චිමිනිය හදන්න ආපු බාසුන්නැහේ.. මේ පුටුවෙ ඉදගත්තා..චිමිනියෙන් වැටිලා බාසුන්නැහේත් නොඑන ගමන් ගියා..
ඔය විදිහට දිගින් දිගටම මේ පුටුවෙ ඉදගන්න අයට මරණය අතවනන්න පටන් ගත්තා..මේ පුටුව ගැන මේ බිහිසුනු කතාව හැම තැනම පැතිරිලා ගියා..පුටුවේ ඉදගන්න මිනිස්සු මැරෙන නිසා කාටවත් ඉදගන්න දෙන්නෙ නැතිව අවන්හලේ අය මේ පුටුව ගබඩා කාමරයට දැම්මා.. දවසක් බඩු අහුරන්න ගබඩා කාමරයට ආපු අලුත් සේවකයෙක්ටි කකට මහන්සි අරින්න මේ පුටුවෙ වාඩි වුණා..බඩු ටික බාලා ආපහු යනකොටම අනතුරකින් ඒ සේවකයත් මැරිලා ගියා..මේ වැඩේ හරියන්නෙ නැහැනෙ..ඒ හින්දා අවන්හලේ අය එකතු වෙලා

මේ පුටුව ඒ පලාතේ කෞතුකාගාරයට දුන්නා..පුටුවේ ඉතිහාස කතාවත් එක්කම පුටුව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තිබ්බා..දවසක් දා..කෞතුකාගාරය පිරිසිදු කරන සේවිකාවක්බි  ම පිරිසිදු කරනකොට ලිස්සලා ගිහින්මේ පුටුව උඩ ඉන්දවුණා..එදාම කෞතුකාගාරයේ උඩ තට්ටුවෙන් වැටිලා
ඒ සේවිකාවත් නොඑන ගමන් ගියා..ඉතින් එදා ඉදන්..මේ පුටුව
අඩි පහක් උසින් එල්ලලා තියෙන්නෙ...තාමත් ඒ පුටුව එල්ලලා තියෙනවා
එංගලන්තයේ උතුරු යෝක්ෂයරයේතර්ස්ක් කෞතුකාගාරෙ..පුටුව හරි ප්‍රසිද්ධයි..

මේකට කියන්නෙ “මරණයේ පුටුව“ “Chair of Death“ කියලා..

No comments:

Powered by Blogger.