පූල් එක

හොල්මන් භූතයෝ කියන්නෙ පොඩි කාලෙ ඉඳන්ම මම පුදුමාකාර බියක් දක්වපු වචන දෙකක් . ඒකට හේතු වුනේ පොඩි කාලෙ ඉඳං මම අහල තිබ්බ කතා .මේ සිද්දි වසර 20 ක් 30 ක් හෝ ඊට වැඩි මිසක් අඩු නැති කාලෙක සිද්ද වෙච්ච සිදුවීම් .

අපේ අම්මගෙ ගම කොළඹ කොටහේන . අම්මල මුල්කාලේ වාසය කරලා තිබුන ගේ ගාව ඉස්සර ද්‍රවිඩ හින්දු භක්තිකයන් මිනී පුච්චන්න
පාවිච්චි කරපු "සුදු කාට්ටුව " කියන කනත්ත පිහිටලා තිබිල තියනවා .ඒ කාලෙ මිනී පුච්චලා තියෙන්නෙ කනත්තෙ තැන් තැන් වල දර ගොඩවල් ගහල ඒ උඩ මිනිය තියල ලු . පහුකාලෙක ඔය කනත්තෙන් කොටසක් නගර සභාවෙන් පවරාගෙන පොදු පිහිනුම් තටාකයක් එක්ක රික්‍රියේෂන් සෙන්ටර් එකක් විදියට වෙන කරලා තියනව.

පූල් එක හදපු මුල් දවස් වල ගමේ කොල්ලො හැමෝම ඔය පූල් එකේ නාන්න ලොකු උනන්දුවක් දක්වල තියනව . අම්මගෙ පන්තියේ ඉගෙන ගත්තු ජගත් කියන තරුණයත් ඔය ආසාව නිසාම හවසක කොල්ලො ටිකක් එක්ක ඕකෙ නාන්න ගිහින් . අඩි 10 ක් විතර ගැඹුර ඩීප් එන්ඩ් ඒකට පැන්න ජගත් ආයේ උඩ මතු නොවිච්ච නිසා කලබල උනු යාලුවෙක් ජගත්ව ගන්න දිය යට කිමිදිලා . දිය යටදී දැකපු සිද්දියට භය වෙච්චි ජගත් ගේ යාළුවා ආයේ උඩ මතු වෙලා තියෙන්නෙ සිහි විකල්ලෙන් වගේ කෑ ගහගෙන .

දිය යට නිල් පාට මිනිස්සු 4 දෙනෙක් ජගත්ගේ අතපය වලින් අල්ලන් ඉන්නව යාළුවා දැකල තිබුන . දවසෙම උඩ මතු නොවුණු ජගත්ගේ මිනිය ගොඩ අරන් තිබුනෙ නේවි කිමිදුම්කරුවන් දෙදෙනෙක් යොදවල.ඔවුනුත් සිද්දිය දැක්කත් හිත හයිය හමුදා තරුණයෝ මිනියත් අරන් ගොඩ ඇවිත් . පස්සේ බොහෝ කාලයක් වහල තිබ්බ පූල් එක සෙත් ශාන්ති ගොඩක් කරලලු ආයේ මිනිස්සුන්ට විවෘත වුනේ .කොටහේන නගර සභා පිහිනුම් තටාකේ තමයි ඔය සිද්දිය සිද්ද වෙලා තියෙන්නෙ .දන්න කෙනෙක්ගෙන් අහල දැන ගන්න ..!



No comments:

Powered by Blogger.