මහසොහොන් යක්ෂාධිපතිගෙන් පලි ගත් රිටිගල ජයසේන

වසර 3000 වැඩි දීර්ඝ ඉතිහාසයක් ඇති රිටිගල අංගම් කලාවේ ස්වර්නමය යුගය රාවනා රජුගේ අවධියයි..පසුව ලංකා ඉතිහාසයේ අංගම් සටන් හා බැදෙන ප්‍රභලම නාමය ""රිටිගල ජයසේන" යි..

දුටුගැමුණු යුද්දයේදී ප්‍රභල සංධිස්ථානයක් වන විජිතපුර බලකොටුව අත්පත් කරගැනීමට ජයසේන යක්ශාධිපතිගේ උපකාර ලැබුන බව සදහන් වේ. මෙම රිටිගල අංගම් ශාස්ත්‍රයේ ආරක්ශකයා වන රිටිගල

යක්ශාධිපතිගේ සහ මහසොහොන් යක්ශයාගේ පුරාවෘත්තය මෙසේය...
රිටිගල මහාකන්ද අසල පුංචි ගමකි.එය නමින් "කළු එබේ" නම් විය. මේ ගමේ මව පිය සහ පුතු වාසය කල පුංචි පවුලක් විය.කුඩා දරුවාගේ නම ජයසේන විය..පියාට විශාල ගව පට්ටියක් සිටියේය..මවගේ කාර්යය වූයේ මේ පට්ටියෙන් කන්නා කිරි මිදවීමයි..දිනක් පට්ටිය දක්කාගෙන එන ජයසේනගේ පියාට කෙනෙක් පහර දුන්නේය..

ජයසේනගේ පියත් අර පුද්ගලයා සමග සටන වැදිනි..අවසානයේදී සතුරාගේ බල පරාක්‍රමය පෙන්නමින් ජයසේනගේ පියාව අහසට ඔසවා පොලවේ ගසා මරා දමන ලදී.. පුංචි ජයසේන මෙම සිද්ධිය බලාගෙන සිටියේය..තම පියා මැරූ ආගන්තුකයා මව දෙසට ගමන් කලෙය.. සිද්ධිය වූ දෙසට පිටුපස ලා හට්ටි වලට කිරි වත්කරමින් සිටි මව මේ කිසි දෙයක් නොදැන සිටියාය..

තමා සකස් කරන ලද කිරිහට්ටි පාගා පොඩි කරමින් තම දෙසට එන පුද්ගලයෙකු දැක බයට පත් වී එක කිරි හට්ටියක් තමා දෙසට ලං කරගනිමින් එය තාමාගේ පුතාට බවත් එය විනාශ නොකරන ලෙස කියත්ම ඇයට පහර දී මරා දමන් ආගන්තුකයා ආපසු හැරී වනයට නොපෙනී ගියේය..
මේ සිද්ධිය පුංචි ජයසේන සියසින් දුටුවේය..මිය ගිය මවත් පියාත් දේවත්වයට පත් විය..පුංචි ජයසේන තරුණයෙකු වන තුරු මවත් පියාත් දෙවත්වයෙන් සිට ඔහුව රැක බලා ගත්තේය..තරුණ වියට පත් වූ ජයසේනගේ සිතේ වූයෙ එකම බලාපොරොත්තුවකි..

ඒ තම දෙමාපියන් තමා ඉදිරියේම ඝාතනය කාල වුන්ගෙන් පලිගැනීමටයි..දිනක් තම අවශ්‍යතාවය ආරක්ෂක දේවතාවන් වශයෙන් පෙනී සිටින බවට හා පියාට සැල කර සිටියේය..ඔවූහු මොහුගේ අදහ්ස දැන මහත් කම්පාවට පත් විය..තරුණ ජයසේනට මෙම අදහස අත් අරින ලෙස ඉල්ලිම් කරද එය අසාර්තක විය.
එදා තමන්ව මරා දැමුවේ මහසොහොන් යක්ශයා බවත් ඔහු සමග සටනට තබා මුන ගැසීමටවත් නොසිතිය යුතු බවත් ඔවුහු ජයසේනට සැලකර සිටියේය.නමුත් ජයසේනගේ අදහස වෙනස් කිරීමට ඔවුනට නොහැකි විය..තම දිවි දෙවැනි කොට තම මව්පියන් මැරූ පලිය ගැනීමට ඔහු තීරණය කර හමාරය..පසුව දෙමාපියන් තම දරුවා බේරාගැනීමට අවශ්‍ය නිසා මහසොහොනාට දඩුවම් දීමට ක්‍රමයක් යෝජනා කලේය..
එය මෙසේය.. ජයසේනගේ ශරීරයට මහසොහොනා ආරූඪ කරගෙන මහත් විශාල පාපකර්ම සිදුකරමින් මහසොහොන්ට පව් පුරවා අපායට යැවීමටය.ඒ යෝජනාවට ජයසේන එකග විය මවගේත් පියාගෙත් දේව බලයේ උපකාරයෙන් ජයසේන මහසොහොන් යක්ෂාධිපතියාව ආරූඪ කරගන්නා ලදී..
ඉන්පසු ප්‍රදේශයේ සතා සිවුපාවා මරමින් රිටිගල වනය හරහා යන මිනිසුන් මරා දමමින් ගෙවල් දොරවල් විනාශ කරමින් පාපකර්මයන් වල නියැලිනි.. මෙසේ වසර ගනනාවක් ගත විය ""ජයසේන යක්ෂයා වෙලා "" යැයි මිනිසුන් අතරේ බිය පැතිරී ගියේය.. ඔවුන් දන්නේ තරුණ ජයසේන මෙම වැඩ කරණ බවයි මහසොහොන් යක්ෂයා ආරූඪ වී ඇති බව ඔවුන් නොදැන සිටියේය..ජයසේන යන නමට පවා බිය වූ මිනිසුන් එම ප්‍රදේශය ජන ශූන්‍ය පෙදෙසක් විය..

මේ අතරේ කොතරම් පාපක්‍රියා සිදුකලත් මහසොහොන් අපායට නොයන බවත් ඔහුගේ කර්ම විපාක වල ශක්තියෙන් මෙවැනි පාපතර ක්‍රියා ඔහුට කල්ප ගනනාවක් සිදුකල හැකි බව ජයසේනගේ මවට පියාට අවබෝධ විය..එම නිසා මහසොහොන් ආරූඪයෙන් ඉවත් විය යුතු බව ඔව්න් ජයසේනට කියා සිටියේය.. කිසිදා මෙම වෛරය නොසන්සිදෙන බව දැනගත් ජයසේනද මව්පියන්ගේ බසට අවනත වී ආරූඪයෙන් ඉවත් වීමත් උත්සහ ගත්තේය..

එහෙත් එය කලනොහැකි දෙයක් බවට පත් වී හමාරය.මහසොහොනා විසින් ඉවත්වීම #ප්‍රතික්ශේප කරණ ලදී..ඔවුන් දෙදෙනාගේ බැදීම ඒ තරමටම ශක්තිමත් වී තිබිණි..පසුව මෙම පවුකාර ජීවිතයෙන් ගැලවීමටත් මිනිසුන්ගේ බිය නැතිකිරීමටත් පරිසරය කලින් තිබුන ලෙස සැකසීමටත් තමා මිය යා යුතු බව ජයසේන තීරනය කලේය..

එම අභිප්‍රාය මුල් කරගෙන ජයසේන ගෝඨයිම්බර යෝදයා සමග සටනකට මුල පිරුවේය (ඒ ගෝඨයිම්බරගේ බිරිද මුල් කරගනිමින් ඇති කරගත් සටනක් වේ.) මෙම සටන විශාල ජනකායක් ඉදිරියේ සිදුවිය..පසුව ගෝඨයිම්බර යෝදයා අහසට පැන නැග එල්ල කල පහරකින් ජයසේනගේ හිස කදෙන් වෙන් වී ගියේය..මෙම සිද්ධිය දුටු මිනිසුන් ප්‍රීති ගෝසා නැගීය..රිටිගල ගම්මානය නැවතත් සාමාන්‍ය අතට හැරිණි.. ජයසේන යක්ශයාට සත්ව හිස ලැබෙන්නේ එහිදීය.. පසුව යක්ශයෙකු වන ඔහු රිටිගල වනයේ සැගව සිටියේය..
තමන් සිදුකල පාපකර්මයන්ගෙන් මිදීමට ජයසේන භාවනාවේ යෙදිනි මිනිසුන්ගෙන් ඈත්ව සිටි ඔහුගේ වාස භූමිය රිටිගල වනය විය.. දිනක් ඉන්දියාවේ මලය දේශයේ සිට පැමිණ රිටිගල වණය හරහා යමින් සිටි අයෙකුට බලවත් යක්ශයෙකුගේ ඉවක් වැටිණි..ශාස්ත්‍රානුකුලව සොයා බලා ඔහු ජයසේන යක්ශයා පිළිබද තොරතුරු සොයා ගත්තේය..

පසුව එම අසල වනයේ ගම් නායකයා හා එක්ව රිටිගලවනයේ යක්ශයා සෙවීම ආරම්භ කරණ ලදී..මාස ගනනාවක් සෙවීමේ ප්‍රතිපලයක් ලෙස දිනක් ඔවුනට ජයසේන යක්ෂයාව මුණ ගැසුන ලදී..ඔහු බලවත් වී සිටින්නේ මහසොහොනා හා සමග එක් වී සිටින බව නිසා දැන ගත් ශාස්ත්‍රවරයා එම බලය ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය..

ජයසේන යක්ශයා එය ප්‍රතික්ශේප කලේ මෙම අසිමිත බලය නිසා තමා පව්කාරයෙකු වී සිටින බවත් තවත් එවැනි පව්කාරයන් බිහිකර නොහැකි බවත් ඔහු පවසා සිටියේය.. එවිට සාස්ත්‍රකරු යක්ශයාව බන්දනයකට හසු කරගැනීමට උත්සහ කලේය.. එවිට යක්ශයා එම බලය ඔහුට නිව ගම්නායකයා වෙත ලබාදීමට කැමතිවිය
මෙම ශිල්පය භාවිත කර පාපකර්ම නොකරන බවටත් කල්පයක් යනතුරු සටනට අදිපති සටන් දේවතාවාට පින්පෙත් අයිතිකරදෙන ලෙසත් පොරොන්දුකරවා ගනිමින් ශිල්පය ලබා දෙන ලදී ගම්නායකයා මෙම ශිල්පය ලබාගෙන ඔහුගෙන් එම ශිල්පය ලබාගත් නායක පරපුර නොකඩවා ශිල්පය රැකගනිමින් පවත්වාගෙන ආහ. පරම්පාරාවෙන් උරුමය ගන්නා සටන් නායකයා සමග ජයසේනගේ ආත්මය සැරිසැරුවේය . එම නිසා සටන් ශිල්පයේ ප්‍රබලත්වය එක ලෙසම පැවතිනි..



රිටිගල විශුද්ද අංගම් සාස්ත්‍රයේ සහ මහසොහොන් ආත්මයේ පුරාවෘත්තය මෙයයි. රිටිගල ජයසේන හා මහසොහොනා යන්න එක්කෙනෙක් නොවන බව මෙයින් පැහැදිලි වේ.. මහසොහොන් ආත්මය ඊටත් පැරණි අතීතයකට දිව යයි



2 comments:

  1. එකත් මරු ගොටයිම්බර කෙලියයින් පස්සෙ තව මොන අංගම්ද --

    ReplyDelete

Powered by Blogger.