දොලකන්ද වලව්වේ පෙඩ්රික් හාමු ගේ අවතාරය

" ඔය රෙද්දවල් අතෑරල දාපන් බන් ලොකුපුතේ උඹට මම කවදාවත් පාවිච්චි කරපු දේවල් අරන් දීල තියද මට කියපන් .... " අල්ලපු කාමරයේ සිට මට ඔහු ආඩපාලි නගයි අම්මා නිහඩය මා සසලව ඇත. ඈත තේ යාය දෙස මා බලා හිදී මට තාත්තා කුඩා කල අරන් දුන් සෙල්ලම් කාර් වාහන ගස්ටමැජික්• මැවී පෙනින මල්ලී නූපන්නා නම් ඒවා දැනුදු තිබෙනවා ඇත. පාසල් ගොස් පැමිනිඑක් දිනක මල්ලී සිය ප්රතම අපරාදය මා හට
කර තිබින ....අම්මා මාළු ටැංකි කඩයෙන් පොල දා අරන් දුන් සාරි ගප්පියන් දෙදෙනා බෝතලයෙන් අල්ලා මරා ⁣උන් ගේ කැලි ගලවා තිබින. මා ඉකි ගසා හැඩුවෙමි´ සැනසීමට අම්මා කීයේ උෟ පොඩි එකා පුතේ නොතේරෙන කම නේ.... දිනෙන් දින මා සතු සෙල්ලම් බඩු ඒකා කඩා විනාස කලහ, කදුළු දුක ඉතිරිව. මා කල රැකියාවෙන් දුක් විද ගත්තේ ස්කූටියකි එය අළුත්ම එකකි මා රටක් රාජ්ජයක් දිනූවා සේය... එයින් මාකල වැඩ පහසු වින කාලය ගෙවුනි රෝද දෙක හතර කරගැන්මට ඇවසිවින ලක්ෂයක්මා සොයා ගෙන තිබින අරමුන වූයේ කාරයක් ගැනීමය ආසාවකි. මදක් පරන එකක් මුලින් ගෙන පසුව අළුත් හෝ ඊට වඩා එකකට යෑම මගේ අරමුන වූයේ තාත්තාගේ දැඩි විරෝදය මැදය ..ඔහු පවසනුයේ පරන වාහන යා ⁣නොදෙනා බවය ..

උඹට සල්ලි නැත්නම් පහල වෙල ඉඩම විකුනල හරි උකස් කරල හරි අළුතෙන් එකක් අරගිය මාත් පෙන්ශන් එකෙන් ගානක් දෙන්නම් එය මට මදිකමකි. තාත්තා ගේ වචනයට පිටු පා මා හිතුවක් කාර විය මා සිත ඩැහැගත් පැරණි රැජින මගුලක් නොකා රහසේ පන්නාගෙන ආවෙමි. හිතාදර තරිදුවා උඩ පැන ආවේ සාක්ශියට අත්සන් කෙරැමට සේය. ඔහුට ලයිසන් අැත වාහනය පැදීමටද හැක. අනික යහළුවකුගේ දියුනුව දැක සතුටුවන එකම එකා උෟය. පැරනි වුවද එහි රෙපයාර් ඇත එහෙත් හදවත ඇගේ පට්ට සුපිරි බව කීප දෙනෙක්කීය. කළු පැහති ඇම්බර්සර් රථය ලක්ෂයකට ගත්තේ සේල් කාරයාට රොම්බ බේගල් ඇදබාය... ඔහු ඒ සියල්ල අසා අවසන කැමත්ත දුනි 1.20 එකකට අඩුවිය. ජයේ මේක සුප්ප බන් හදල ගනින් ටින්කරින් ටික කරල පේන්ට් එක ගහල ගනින් බන් අළුත් වාහන කැලේ එය රැගෙන එන විට තරිදුවා කී දෑ අදමෙන් මතකය. නිවස ලං ලංව මා බියට පත් විය ඒ තාත්තාගේ වචනයට පිටුපා නාකි ගෑනියක ගෙදරට කැන්දාගෙන අා මෝඩයාගේ චරිතය මා දැන් කල යුතුය. මයි කාර්. මයි මනි . මයි පැට්ටරල් පාකින් බෑ කිවහොත් කුමක් කරම්ද ??? වේලාවට ඔහු ගෙදර නැත. අද පැන්ශන් දවසයි අම්මා ශබ්දය ඇසී බැලින ගැම්මට ආඩම්බර සිනාවක් නංවා 70දසකයේ නළුවා සේ මා ඇම්බර්සන් එකෙන් බැස්සහ... අම්මා ශේප්ය ඈ ට මා කරනා සියල්ල දග වැඩය "හ්ම් යසයි පුතේ කල වැඩේ අප්පච්චි මට කියල ගියේ අළුත් වාහනයක් බලල එන්න අද යනව කියල හවස පුතා එක්ක. අනේ ඕන නෑ අම්මෙ මේක හොදයි දැනට ම් ම් ... අනේ මන්ද අප්පල පුතාල ඕන කුදයක් යැයි කියා ඈ ආසාවට වාහනයේ බොනට්ටුව සෙමෙන් අත ගෑහ . ආහ් ගා එක්වර අම්මා අත බදාගත්හ මල කඩ පතුරකට අැගේ අැගිල්ල සීරින ලේ බිදිති දැක මා හද කීරි ගැසින හ්ම් ඈ වාහනය දෙස බැළු ආදරනීය බැල්ම එක්වර බියමුසු බැල්මක් බවට පත්වින නිවසේ පර්තමාදාර පෙට්ටිය ගෙන මා ඇගේ අත වෙලා බැද,යලි වාහනය වෙත ඇදින.. ටින්කරින් කල යුතු තැන් බොහෝ ඇත සීට් පවා සියල්ල අඹලන්ය.

සවස තාත්තා නිවසට අායේ යකෙක් මෙන්ය මග දිගට මා ගෙනා කාරයේ කතාව පැතිර ගොස්ය ඇතමෙක් හොද කීවද බොහෝ ගුනමකුවෝ දොාස් කියා ඇත. රාත්රියේ මහ වර්ශාවක් ඇදහැළුනේ මගේ හොදටය . වට වැස්සේ ගෝශාවට තාත්තාගේ බැනුම් හඩ දුරලීමට යම් සහනයක් විය ."දැන් ඉතින් පලයන් තෝ, ගරාජ් ගානෙ බලපන් මම ⁣බොට කොයිතරම් කීවද ඔය වලාමවල් එපා කියල . නැවත නැවත මා හට බනී ඒ මදිවට මල්ලී මට නෝන්ඩියට ඔහුත් සමග පරහට කියනා වදන් ඉහිලිය නොහැක" මේ කනේ තාත්තතෙ විද්යානුකූලව අයිය කරල තියෙන්නේ මනෝකායට සම්බන්ද වැඩක් අයිය ගිය ආත්මෙ පැදපු වාහනේ ඔය. මේ ඒකාලේ ගජමන් නෝනත් ඇලපාත නිලමෙ එක්ක ගමන් ගියා කියන්නේ ඕකෙළු අනිවා &&&&&ඒ ඔහුගේ වාජ්ජමයි .තාත්තා කිසිත් නොකියයි මලයා යලි කියවයි ඕක තාත්තෙ මානසික කේස් එකක් මිනිහ ඔය විදියට ගිය ආත්මෙ කසාද ගෑනිවත් උස්සන් ඒද දන්නෙ නෑ. ...%%වහපිය පාහරය ක⁣ට තෝ එනවද මාත් එක්ක විහිළු කරන්න බලපිය ඌට එහෙම හරි එකක් තියනව තොට මොනාද ? තියෙන්නේ යස වැඩේ තාත්තා මගේ පැත්තට හැරී ඇත. එහෙම්ම මලයා නිහඩය ... එදා රාත්රියේ තාත්තා නැගිට එලියට බැස ඇත්තේ එලියෙන් පැමිනි ශබ්දයටය වාහනය ඇති දෙසින් කවුරැන් හෝ සක්මන් කරනවා ඇසී අැත. එහෙත් කිසිවෙක් හිද නැත කුමක් හෝ හේතුවකට තාත්තාද මෙම වාහනයට අකමැතිය .. ආරම්බය සෙමෙන් සිදුවන්නට විය .. වාහනය ගෙනාදා සිට අප නිවසට ආ ගිය උදවිය කෙමෙන් අඩුවිය හිතවත්ව සිටි අය අප සමග අමනාප වූයේ හිටිවනය මල්ලී බයිසිකලයෙන් වැටී බරපතල ලෙස තුවාල විය. ඔහු සුව වද්දී අම්මා අසනීප වූයේ ඇදෙන් නැගිට ගන්නට බැරි තැනට සෑදුනු තුනටිය ආබාදයක් නිසාය තාත්තා මා සමග තිබූ සුහද බව අතරට පැමිනි ඇන්බර්සන් කාරය ඔහුත් මාත් ඇත්කර තිබින දිනක් මහ රෑ වාහනය දෙසින් යමෙකු කහිනා හඩක් ඇසින මා විදුලි පන්දමද රැගෙන එදෙසට යද්දී මද ආලෝකයෙන් මා දුටුවේ යම් අයෙකු වාහනයේ පිටිපස අසුනේ දැත් දෙපසට දම⁣ා වාඩිවී මාදෙස බලා සිටිනා ⁣බවය පන්දම එදෙසට යොමුකල විට එහි හුන් රැව අතුරැදන් වින මා මනසේ ඇදි රැවකට මා බියපත්ව ඇත. එහෙත් මල්ලී මේ දින කීපයේ යමක් මා හට කීමට උත්සහ දරා ඇත එහෙත් ඔහු දකිනා වාරයක් මා ඔහු මග ඇරියේ ඔහුට රිදවීමටය දිනක් අම්මා වෙදනිවසට රැගෙන ගොස් එද්දී වාහනයෙ රෝදයක පැච් එකක් ගොස් ඇත එදින මල්ලී වාහනය රැගෙන ගොස් ඇත. හිටිවනම අම්මා බියව කෑ ගසා ඇත.

චූටි ....චූටි.....මල්ලී දුවවිත් ඇත්තේ අතරැදි බොක්ස් පැනරයද දමාය අම්මා කුමකට හෝ අදික ලෙස බියපත්ව ඇත. කළු කෝට් කාරයකු වාහනයේ ඉදිරිපස හිද අම්මා දෙස හැරී බලා ඇත. අැය දෙරකොඩ ලිස්සා ඇද වැටී ඇත්තේද මේ කළු මිනිසාට බියවය මා ද පියාද අතර ඇති අමනාපය
තවත් වැඩිවනු ඇතැයි ඈ මේසියල්ල මල්ලීට පවසා ඇත. මෙය ඇසුමෙන් මා හට යම් කාරනා මාලාවක් වැටහින එනම් වාහනය ගෙන ආ දින සිට නිවසේ හිටිවනම විදුලිය ඇන හිටීම
උදේ පිසිනා බත් මාළු පිනි ඉක්මනින් නරක් වීම
හිතවත් අය අප නිවසට නොපැමිනීම මල්ලී අම්මා අසනීප වීම
හදිසියේ මා හට හැදෙනා හිස කැක්කම

මා පියා නිතරම නිවසින් බැහරව කාලය ගතකිරීම යනාදී මෙතෙක් සිදු නොවූ දෑය මා මෙහි සුළ මුල සෙවීමට වාහනයයේ පොත ගෙන එහි මුල් අයිතිකරැ සොයා ගියහ පැරනි වලව්වක් වූ එහි සිටියේ එම වලව්ව අයිති දෙවන පරම්පරාවෙ අයයි ආකරැනු කාරනා කතාකරද්දී මා පැවසූ දෑ අසා ඔවුන් කුමනතත්වයට පත් වූවේ දැයිසිතාගත නොහැකි වින ... ඔය කාර් එකමගේ සීයගෙ සීය මේ වලව්ව හදපු කාලෙම ගනිපු වාහනය කලබල වෙන්න එපා සීය ඔය වාහනේ දි තමයි මැරිල තියෙන්නෙ හදිසි පපුවේ අමාරැවකින් අර ෆොටෝ එකෙ ඉන්නෙ එයා අත දිගුකරපෙන් වූ ජායාරැපය දුටු මා සියොලග දහදියෙන් තෙත්විය ඒ රැව මා පෙරදින කීපයකට පෙර දුටු රැවමය කළු කබායක් හැද වැව් උඩු රැවුල .... තනිව සුසුමක් හෙළුවා නොව හෙළින. මා නිවසට යනතුර මනෝ ලෝකයක තනිව කල්පනාවේ නිමග්නව ගියේ කුමක් කරම්ද කියාය අප නිවසේ ඇතිවී ඇති තත්වය සුලගේ වේ⁣ගයෙන් පැතිර ගොස් තිබින මට මාගැන තරහය සියළු කරදර රැගෙන ආවේ මාය මළගිය පරානකාරයකු ත් සමගය රාත්රියේ මා නිදාන්නට ගියද නින්දත් නොනින්දත් අතර තනිවිය වේගයෙන් දඩ දඩ ගෑ දොරක් ඇරෙනා වැහෙනා හඩ රාත්රියේ සිහිනෙන් මෙන් මට ඇසින කාමරයේ අැද යට ඇති බැට් පිත්තද ඇතිව එලියට බට මා හඩ ආ දිසාව දිහා සොයා ගියහ කාරයේ දෙර වරක ඇරෙන අතර තව වරක වැසේ බියත්මැඩ ආ කේන්තියෙන් එදෙසට දිවගිය මා පිත්ත ඔසවා වින්ඩ් ස්ක්රීනයමත පහරක් වැරෙන් එල්ල කිරීමට සැරසුනද එය අගලක් එහා මෙහා ව කෙනෙකු එය අල්ලා ගත්තා සේ දැනින සැනින් වීදුරැව හරහා මතු උන හස්තයක් මා දෙස එල්ල කල අදිසි පහරට මා විසිව ගොස් බිමස ඇද වැටින ඒත් සමගම මතු වූ රැව වඩාත් පැහැදිලිව දැකගත හැකිවිය

දොලකන්ද වලව්වේ පෙඩ්රික් හාමු ගේ අවතාරය මා ඉදිරියේ ඇත. මා මනෝ බ්රාන්තියට පත්ව ඇත්ද හොල්මන් පිලි නොගත් මා හට දෛවය සරදමක් ද ෂනකින් මා වෙත ඇදුන ඔහු ගේ රැදුරැ දෑසේ තිබූ ආවේගය තුලින් මට අනතුරඅ ඇගවීමක් කලා සේ මට දැනින. මෙයට කලයුතු ප්රති කර්මය නම්මෙය විකුනාදැමීමය වාහනය ගත් කාර් සේල⁣යට ගොස් යලි කීවද ඔහු තඹයකට මායිම් නොකලහ විකුනා දෙන තෙක් ගෙනත් දැමීමට කල ඉල්ලීමද ඔහු පරතික්ශේපකලහ.පත්තරේ දැමූ දැන්වීමට පැමිනි අයද අතගා බලා කුමක් හෝ අඩුවක් කියා ගියහ. අම්මා සාත්තු නිවාසයේ නතර කල අතර මල්ලී බෝඩිමට යැවූයේ කල හැකි දෙයක් නොමැති නිසාය. නොගිය දේවාලයක් නැත දෙහි පැන්නුම් ඉරි පන්නා බූතයා පැන්නූ බව කීවද පලක් නොවින ඇන්ඩර්සන් රථය සමග මා නිවසේ තනිවිය. දිනක් සාස්තර කියන්නකු මහ මගදී අත බලා කීවේ ම⁣ට හරියන බවය හරි ගොස් ඇත හරහට ය නැත පරහටය. මේතර දිනක් මාඅහම්බෙන් පත්තරයේ දුටු දැන්වීමක් සොයා ගියේ අවසන් තුරැම්පුවක් ගසා දැමීමටය ද්යානලාබියෙකු සේ සැලකූ ඔහු කාරනා එකිනෙක විමසා කල ප්රතිකර්මය නම් ඉතා සුළු දෙයකි මල ගිය පුද්ගලයා මියගොස් ඇත්තේ අධික හිත් වේදනාවකට පත්වය ⁣මෙම ආත්මයට සැනසීමක් ලබා දීමට නම් අකන්ඩව කල යුතු කරැනු මෙසේය මෙම පුද්ගලයා හට පින් අනුමෝදන් කිරීම සදහා සත් දින බෝධි පූජාවක් තැබීම සහ ඔහු වෙනුවෙන් පුලන්නනට දානයක් දී එම පින් මළගිය ප්රානකාරයාට අනුමෝදන් කිරීමකල යුතු බවයි තුන්මසකට පසු මෙම කරදර අඩුවන බව ඔහු කීය. කොහේවත් ඉන්නා අයෙක් ට පින් දීම මටකල යුතුව ඇත. දුකසේ හම්බකරගත් මුදල ද අතැර දැමිය නොහැක ඔහු කල සේ මා හැකිලෙස බෝධිපූජා පවත්වා පින් අනුමෝදන් කලහ පුලන්නන්ට දානදුන්හ.

ගතවන දින ගනන සම්පුර්නය රාත්රියේ ඇසෙනා ශබ්ද ක්රමයෙන් අඩුවිය දිනක් සිහිනෙන් මා එම පුද්ගලයා දුටුවේය ඔහු වාහනයෙන් එලියේ සිට ඒදෙස බලා සිටින ලෙසය. අම්මා ට හැදී තිබූ ⁣රෝගිතත්වය හිටිවනම සුවවිය. මෙතෙක් නිවසට නොපැමිනි තාත්තා අම්මාද කැටිව නිවසට පැමිනියහ. ඒ හේතුව කොට මල්ලී බෝඩිමෙන් ගෙදර ආයේය. ඇන්ඩර් සන් කාරයේ අයිතිකරැ එය අතැර ගොස්ය වාහනයේ දිරා ගැලවී ගිය සීට් පෙල ගලවා අළුතෙනන් සීට් සවිකල යුතුය.ඉරිදා දිනක එය රැගෙන යාමට එන බවට පවසා ගියනිසා එය කල යුතුව තිබින පැරනි ස්පොන්ජ් කවර ඉරාවිසිකරද් දී තුනී ලෑලි පෙට්ටියක් සීටය මත කුෂන් අතර තිබී හමුවිය එය ඇර බැළු මා ඇස් අදහා ගත නොහැවින එහි රත්තරන් කාසි පුරවා තිබින. එහි වටනා කම මා සදහන් නොකරමි. වාහනය සම්පූර්න ලෙස අළුත්වැඩියා කලහ දැනුදු එය අාඩම්බර ලීලිවෙන් නිවසේ පෝටිපෝවෙහි ඇත. කලක් වදයක් වූ එය දැන් මා ජීවිතය වෙනස් කර ඇත. තාත්තා ආඩම්බරයෙන් වාහනය ගැන කතාකරයි වලව්වේ හාමු ගේ ආත්මය මෙයත් සමග රැදී තිබුනේ මේ වස්තුව මතය මා දුන් පිනට හිලව්වට දෝ මෙය මා හට ලැබින. පසුව වාහනය ඉල්ලා පැමිනි ගනුදෙනු කරැවන් හට හිස් අතින් යෑමට සිදුවිය


No comments:

Powered by Blogger.