අවදි සිහින

අවදි සිහින ගැන, මේක කරන විදිහ ගැන ගොඩක් අය අහල තියෙනවා දැක්කා. මේක සිහින පාලනය කියලත් හදුන්වනවා. මෙහෙමයි මේක වෙන්නෙ. අපි නිදා ගත්තම අපේ උඩු හිතත් නිදාගන්නවා. ඊට පස්සෙ යටි හිත ක්‍රියාත්මක වෙනවා. අපේ මේ යටි හිතේ තියෙන දේවල් තමයි අපිට හීනෙන් පේන්නෙ. සාමාන්‍යයෙන් අපිට නින්ද ගියාම අපේ ඇග අංශභාගෙ හැදුන වගේ වෙනවා. ඇග හොලවන්න බෑ.

ඉතිං මේ සිහින පාලනයෙදි වෙන්නෙ අපේ හීන අපිට ඕනි විදියට පාලනය කරන එක. මේකෙදි අපිට ඕනි දෙයක් කරන්න පුලුවන් වෙනවා.
පියාඹන්න වුනත් පුලුවන්. කැමති කෙනෙක් හම්බෙන්න පුලුවන්. මේක කරන්න නම් හීන පේද්දි අපේ උඩු හිත අවදි කරගන්න ඕනි.

හැමෝටම රෑට අඩුම තරමෙ හීන 3 ක් 4 ක් වත් පේනවලු. ඒත් ගොඩක් ඒවා ඇහැරුනාම මතක නෑ. මේ හීන පේද්දි අපිට හිතෙන්නෙ ඒක ඇත්තට වෙනවා කියලා. ඇහැරුනාම ඒක හීනයක් කියල තේරුනාට හීන පේද්දි ඒක තේරෙන්නෑ. ඉතිං මෙහෙම හීනයක් පේද්දි ඒක හීනයක් කියල තේරුම් ගත්තොත් අපිට ඒ හීනෙ පාලනය කරන්න පුලුවන්. ඒ කියන්නෙ නින්දෙදි උඩු හිත අවදි කරගන්න ඕනි. ඒක කරන්නෙ මෙහෙමයි.

අපිට හීන අදුරගන්න පුලුවන් ක්‍රම තියෙයි. හීන වලදි අපේ අත් දෙකේ ඇගිලි 10 ට වඩා තියෙයි. අපිට හීන වලදි ඕනි තරම් වෙලා හුස්ම නොගෙන ඉන්න පුලුවන්. කෙනිත්තුවම රිදෙන්නෑ. ඉතිං මේ පරීක්ශනයක් හීනෙදි කරල බැලුවොත් අපිට පුලුවන් ඒක හීනයක් කියල තේරුම් ගන්න. මේ කිව්ව ක්‍රම වලින් තමන්ට පහසු ක්‍රම දෙකක් තෝරගෙන අඩුම තරමෙ දවසට පස් සැරයක්වත් චෙක් කරන්න ඕනි ඉන්නෙ හීනෙකද කියලා. ඊට වඩා කරන්න පුලුවන්නම් තවත් හොදයි. පැය 2 කට සැරයක් වගේ. මේකෙදි ඇගිලි ගනං කරනව නම් එකේ ඉදන් 10 ට ගනං කර කර ඇගිලි නවන්න. ඊට පස්සෙ 10 ඉදන් 1 ට ගනං කර කර ඇගිලි දිගාරින්න. ඇගිලි 10 ට වඩා තියෙයි නම්, කෙනිත්තුවම රිදෙන්නැත්තන් ඒක හීනයක්. හීනයක් නෙමෙයි නම් හිතන්න මේක ඇත්තක් කියලා. නිදාගන්න කලිනුත ඇදේ ඉදන්ම මේක කරල බලල නිදාගන්න. නිදාගන්න කලින් හිතන්න මං අද හීනයක් දැක්කොත් ඒක හීනයක් කියල තේරුම් ගන්නවමයි කියලා.

ඉතිං මෙහෙම ටික දවසක් කරද්දි ඒක පුරුද්දකට ගිහින් අපි මේ පරීක්ශන හීන වලදිත් කරන්න පුරුදු වෙනවා. එතකොට අපිට තේරුම් යනවා ඒක හීනයක් කියලා. තව මේක පහසු කරගන්න උදේ නැගිට්ටම, හීනයක් දැකලා ඇහැරුනාම දැකපු හීන පොතක ලියන්න පුලුවන්, අදින්න පුලුවන්. ඊට පස්සෙ ඒවා නිතර නිතර බලන්න ඕනි. මෙහෙම සති 3 ක් විතර කරද්දි වැඩේ සාර්තක වෙනවා කියලා තමා කියන්නෙ. රෑට එක පාර ඇහැරුනාම, හිනයක් දැකල ඇහැරුනාම දැකපු හීනෙ මතක් කර කර නිදා ගන්න. හීනයක් දැක්කෙ නැත්නම් කැමති දෙයක් හිතින් මවාගෙන නිදාගන්න.

ඉතිං කොහොම හරි ඉන්නෙ හීනෙක කියල දැනගත්තම තියෙන්නෙ තමන්ට ඕනි දේ හිතන එක විතරයි. ඒක වෙයි. පියාඹන්න, ෆ්ලෑශ් වගේ දුවන්න ඕනි දෙයක්. ඕනි තැනකට යන්නත් පුලුවන්. මුල්ම පාර නම් හීනෙදි ඒක හීනයක් කියල තේරුම් ගත්තම සතුටට ඇහැරෙනවලු. පස්සෙ හරි යනවලු. මාත් ට්‍රයි කරන්න ඉන්නෙ. වැඩේ කියන්නෙ මට ඕක දවසට පස් සැරයක් කරන්න අමතක වෙනවනෙ.


No comments:

Powered by Blogger.