නිෂාදිගේ නිරුවතට වහවැටුණු පේ‍්‍රතයා

දින කිහිපයක සිට වෙනදා නොදැනෙන කුමක් හෝ අමුත්තක් සිදුවෙමින් පවතින බව වරින්වර ඇගේ සිතට දැනුණි. එහෙත් සිදුවන්නේ කුමක්දැයි කියා අවබෝධයක් ඇයට නැත. සිතේ පැවතියේද මහා මූසල ගතියකි. අගනගරයේ සරසවියක ඉගෙනුම ලබන නිෂාදි රූපයෙන් මෙන්ම දක්‍ෂතාවලින්ද සපිරුණු ශිෂ්‍යාවකි. කොළඹට ආසන්නයේ ඇගේ බෝඩිම පිහිටියද එයට යාමට ප‍්‍රධාන මාර්ගයේ සිට මීටර් තුන්සියයක් පමණ ඇතුළට යායුතු විය. එදිනද ඇය කල්පනාවක නිමග්නව හිමින් හිමින් පැමිණෙමින් සිටියාය. වේලාව රාත‍්‍රී අටට පමණ ඇත. සිහින් පොදයක්
සමග වෙනදාට වඩා වැඩි අඳුරකින් පරිසරය වෙලී පැවතුණි. මහා වැස්සක ඉඟි හතරවටින් මතුවෙමින් පැවතුණි.
ටික... ටික්... ටික්....
පිටුපසින් ඇසෙනා අඩි ශබ්දයෙන් ඇයගේ කල්පනාව බිඳවැටුණි. නිකමට මෙන් ඇය පිටුපස හැරී බැලූවාය. ඇයගේ පපුවේ වේගය ටිකෙන් ටික වැඩිවන්නට විය. කිසිවෙකුත් ඇයට පසුපසින් පැමිණෙමින් සිටියේ නැත. එසේනම් ඇසුණේ අඩි ශබ්දයක්මද? ඇය සිතමින්ම අඩි ඉක්මන් කළාය. ඇයට යාහැකි වූයේ පියවර කිහිපයකි. යළිත් පසුපසින් අඩි ශබ්දයක් ඇසුණේය. ඇය එක්වරම පසුපස හැරී බැලූවාය. යමකු ඇයව බියකිරීමට උත්සහ ගන්නේදැයි ඇයට සිතුණි. එහෙත් කිසිවකු හෝ පෙනෙන්නට නැත. එවර නම් ඇයගේ සිතට දැනුණේ දැඩි බියකි. සෙරෙප්පු දෙක ගලවා අතට ගෙන බෝඩිම දක්වාම ඇය දිවගියාය. ගේට්ටුව අසලදී මොහොතක් හති ඇරීම උදෙසා නතර වුවත් සිතේ බිය පහව ගොස් තිබුණේ නැත. ගේට්ටුව අසලදී තද සීතලකින් ඇයව එතීයන්නා සේ ඇයට දැනුණි. එය වැහි සීතලට වඩා වැඩි සීතලකි. ගේට්ටුව ඇරගෙන බෝඩිමට ගිය නිෂාදි මඳ වේලාවක් ඇඳ උඩ වාඩිවී කල්පනා කළාය. ටික වේලාවකින් එය එක් සිදුවීමක් ලෙස සිතූ ඇය නාන කාමරයට පිවිස ඇඳුම් උනාදමා වතුර මල යට සිටගත්තාය. දවසේ මහන්සිය නිමවන තුරු වතුර මල යට වැඩි වේලාවක් සිටීම නිෂාදිගේ පුරුද්දකි. එදිනද නිදහසේ ඇය ටික වේලාවක් වතුර මල යටටවී සිටියාය. නාන කාමරයේ වා කවුළුව පිහිටා තිබුණේ ඇයට පිටුපසිනි. වතුර මලේ කරාමය වසා දැමූ ඇය ඇඟ පිසදා ගැනීමට තුවාය අතට ගත්තාය. හැරදමා ඇති වා කවුළුව අසල කුමක් හෝ ඡුායාවක් ඇතිබව ඇය එක්වරම දුටුවාය. ඒ මිනිස් ඔළුවකි. තමා නාන දෙස කිසිවකු හෝ බලාසිට ඇත. ඇය මොහොතකට
ගල්ගැසී ගියාය. ඉන්පසු මුවින් පිටවූයේ ගෙය දෙදරවන කෑගැසීමකි.
කෑගසමින්ම තුවාය ඇඟ වටා දවටාගත් ඇය නාන කාමරයෙන් එළියට පැන්නාය. ඇය නතරවී සිටියේ නිවසක කාමරයකය. ඇයගේ කෑගැසීමේ ශබ්දයට නිවසේ සියල්ලෝම ඇගේ කාමරය අසලට දිවආහ.
ඩික්... ඩික්.... ඩික්....
දොරට ගසන හ`ඩින් ඇය තිගැස්සී ගියාය.
‘දුව... ඇයි... මේ දොර අරින්ඩ’
‘බාත් රූම් එකේ ජනේලයෙන් කවුද එබිලා බලන් හිටියා’
නිවැසියෝ වහ වහා ගේ වටේ පරික්‍ෂා කර බැලූවද කිසිවකුත් දැකගත හැකි වූයේ නැත. නිවස වටා ඇති තාප්පයෙන් පැනීමෙන් මිස ගේ තුළට කිසිවකුටවත් ඇතුළු විය නොහැකිය. එසේම යම් කෙනකු නාන කාමරයට එබුණා නම් ඔහු පිටව ගොස් ඇත්තේද තාප්පයෙන් පැනීමෙනි. මධ්‍යම රාත‍්‍රිය කිට්ටුවන තුරුම නිවැසියෝ කතා කරමින් සිට නින්දට ගියහ. එදින නිෂාදි රැුය පහන් කළේ නින්දත් නොනින්දත් අතරය.
දින කිහිපයක් ගෙවී ගියේය. එක් දිනක් ඇය රාත‍්‍රියේ එක්වරම නින්දෙන් ඇහැරුණේ ශරීරය පුරා ඇදීයන සීතලක් හේතුවෙනි. ඇය පුරුද්දෙන්ම කාමරයේ විදුලි පහන් නිවාදමා නිදාගැනීමට හුරුවී සිටියාය. කාමරයේ අඳුරත් එළියේ සඳ එළියත් හේතුවෙන් ජනෙල්වලට ඉහළින් සවිකර තිබූ කම්බි කූරු අතරින් යමෙක් තමා දෙස බලා සිටිනා අයුරු පැහැදිලිවම ඇයට දැකගත හැකි විය. අන්ධකාරය තුළ හඳුනාගත නොහැකි වුවත් එය පැහැදිලිවම මිනිස් රුවකි.
‘අම්මෝ.... මෙන්න හොරේක්...’
ඇය වේගයෙන් ඇඳෙන් පැන විදුලි බුබුළ දැල්වූවාය.
‘ඇන්ටි හොරේක්... හොරේක්...’
‘ඇයි දුව ඇයි....?’
‘කවුද ජනේලෙ උඩින් බලන් හිටියා....’
‘දුව හොඳටම දැක්කද?’
‘ඔව්... ඔළුව මම හොඳටම දැක්කා...’
නිවසේ අවට බැලූවද කිසිවකු හෝ සොයා ගැනීමට හැකිවූයේ නැත. මේ සිදුවනුයේ කුමක්දැයි කිසිවෙකුට හෝ සිතාගත නොහැකි විය. නිෂාදි කිසිවකට හෝ බොරුවට බියවී ඇතැයි නිවැසියෝ පවසන්නට වූහ. වේලාව කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ඇය සිටියේ තද නින්දේය. ගත පුරා ඇදී ගිය සීතල නිසා ඇය එක්වරම අවදි වූවාය. නමුත් ඇය එක්වරම ඇස් හැරියේ නැත. පසුගිය සිදුවීම් දෙක එකවර ඇයගේ සිතට පැමිණීමත් සමග ඇය ඇස් කිටි කිටියේ තද කරගනිමින් නිදි විලසම සිටියාය. ඇයගේ සිරුර පුරා ඒ මේ අතට ඇදීයන සීතල ඇයට හොඳින්ම දැනෙයි. ඇයගේ සිරුරේ රහස් තැන්වලින් පවා ඇදීයන සීතල ගැන එක්වරම වෙනස් ආකාරයේ බියක් ඇති විය. කිසිවකු හෝ කාමරයට ඇතුළුවී ඇතිදැයි සිතා ඇය වහා ඇස් හැරියාය. ඇයගේ සිරුරට පහත්වී සිරුර සිපගන්නා අඳුරු ඡුායාවක් ඇය හොඳින්ම දුටුවාය.
‘බුදු අම්මෝ....’
ඇය දෙඇස් ඇරි සැණින් එම රුව අතුරුදන්වී ගියේය. ඇය ඇඳෙන් බහින්නට උත්සහ දරනවිට ඈ සිටියේ සම්පූර්ණ නිරුවතිනි. ඈ හැඳ සිටි ? ගවුම බෙල්ල ළඟටම ඔසවා ඇත. මෙය ඉබේ සිදුවන්නක් යැයි කිසිසේත් සිතිය නොහැකිය. මෙයට පෙර කිසිම දිනක මෙවැන්නක් සිදුවී නැත. මේ සිදුවීමෙන්
පසු ඇය අධික ලෙස බියවී සිටියාය.

නිශාදිගේ කථාව පිළිබව ගුප්ත ගවේෂකයකු දැනුවත් වන්නේ ඉන් අනතුරුවය.

‘කවුද ඹබත් ඒක්ක එහේ මෙහේ යන අර උස කෙට්ටු පිරිමි ලමයා’
‘කවුද?’
‘කොණ්ඩෙ දෙකට බෙදපු ’
නිෂාදි ඇයගේ පේ‍්‍රම සබඳතාව ගැන කිසිවක් නිවසට කියා තිබුණේ නැත. ඇයට කරකියාගත හැකි දෙයක් නොවීය. මේ අසන්නේ ඇයගේ පෙම්වතා පිළිබඳවය.
‘ඒ අපේ කැම්පස් එකේ ළමයෙක්...’
’එයත් එක්ක වැව් ගාණේ කරක්ගහන්නේ මොකටද?’
‘නෑ...’
‘නෑ... වැව් ගාණේ ගියාට කමක් නෑ. වැව් පිටියේ පඳුරු අස්සේ රිංගන්නේ මොකටද?’
නිෂාදිට කරකියාගත හැකි දෙයක් නොවීය. මවුපියන් ඉදිරියේ සියල්ල හෙළිවෙමින් පවතී. ඇය බිම බලාගෙනම සිටින්නට විය.
‘කාමර ඇතුළේ වෙන්ඩ ඕනේ දේවල් කැලෑවල් අස්සේ වෙනකොට මේ වගේ දෝස ඇතිවෙනවා තමයි. ආසාවල් හිරකරගෙන අකාලේ වැව් පිටිවල මැරිච්ච එවුන් ඕන තරම් ඉන්නවා. ගෑනු ඇඟක් දැක්කම උන් ඒකට කෙළ හළනවා. තමුන්ට වෙලා තියෙන්නෙත් ඒකම තමයි. තමන්ගේ ඇඟට වශීවෙච්ච මළ පෙරේතයෙක් තමුන්ගේ පස්සේ එනවා.
මීට පස්සෙවත් පඳුරු අස්සේ රිංගන්නේ නැතිව හිටියනම් හොඳයි’ මෙන්න මේ ආකාරයෙන් ලවණ ශෝදනය සිදුකරන්න එ හරහා ඔය ආත්මය ඉවත් වෙයි . තොවිල් පවිලි නටන්න අවශ්‍ය නෑ.
නිෂාදි බිම බලාගෙන ආශ‍්‍රමයෙන් එළියට පැමිණියාය. තමා කළ වරදේ ප‍්‍රතිඵලය කොතරම් දරුණුද යන්න ඇයට තේරුම් ගියේ එවිටය.




No comments:

Powered by Blogger.