සූරිය කන්දේ නිහඩ ඌ ආත්මයන්ගේ විලාපය

වර්ශය වශයෙන් සදහන් කල හැකි කාලයක 1994 වර්ශයේ ජෙප්පන් විසින් කරන ලදයැයි සැලකෙන මිනීමැරැම් විශාල ප්රමානයකට සම්බන්ද,සූරියකන්ද අදටත් නිහඩ ඌ ආත්මයන් ගේ විලාප හඩ සුලගත් සමග ඇසෙනා පාළු පෙදෙසකි.

 මා ගමන් ගත්තේ මාතර බලාය එකල මඩු⁣වන්වෙල දිසාවේගේ බල පෙදෙසක් වූ මෙය අදවන විට පාළු පාරක් පමනක් ඇති ඉදහිට පෙම් වතුන් යතුරැපැදිවලින් සැරිසරනා මූදු මට්ටමේ සිට අඩි 800ක් පමණ ඉහලින් පටු
වංගු වලින් ද සුද්දන්ගේ යටත් විජිතයක් බව⁣ට නිහඩව සාක්කි දරනා කුඩා පාලම් වලින්ද සමන්විත මගකි. නිතරම පාහෙ ඇද හැලෙනා සීතල හිරිපොදත් දෙසවනට ඇසෙනා තරමට හඩ ඇසෙනා සීතල සුලගත් අඩු නැත රක්වානේ සිට පැමිනෙන විට මාතර නගරය⁣ට ලග පාර පෙන්නූවේ මෙයයි නැවිගේටරය පෙන් වූ පාර දිගට ඒමට සිදු වූයේ හැන්දෑවෙ හයට පමනය රක්වානේ සිට පැමිනි වෙහෙසකර ගමන තවමත් නිමක් නැත.ගමනාන්තය අහවර කර දමා දිනක් එකදිගට නිදාගැනීම මාගේ අරමුන විය. මග දිගට කනා මැදිරි එලි ආලෝකය ත් ඝන අදුර කපා හරිමින් යතුරැපැදියේ හැලජන් ලාම්පුවෙන් නිකුත් වූ ආලෝකය විහිදුනු මාවත දි⁣ගේ ඉදිරියට ඇදුනි ඕෆ් ලයින් මැප් එක නිසාවෙන් දුරකතන සං්‍යාත අවහිර වුවද ගැටළුවක් නොවුනි අතරින් පතර ඇති ඇතම් කුඩා නිවස් තුල දැල්වෙනා ආලෝකය කෙමෙන් ඈත්විය පටු මාවතින් පහල ප්රපාතය ද එක් පසක ඇත ඈතින් සූරිය කන්දෙහි ජායාව ලාවට පෙනෙන මාර්ගයේ පැයට කිලෝමීටර 30ක වේගයෙන් ගමන් කලෙමි කන් අගුල් වැටෙනා තරමට සීතලය මදක් නැවතී මග ගිමන් හැරීමට සිතා නැවත් වූ තැන පහල තෙරක් නොපෙනන අන්දුරැ ප්රපාතයකි මදක් ඔබ්බට ඌ පහත් තැනක යතුරැපැදිය නතර කර කුඩා උණුවතුර ප්ලාස්කුව ගෙන මග කඩයකින් ගත් උණුසුම් මෝල්ට් කෝප්පය ට වත්කර

තොලකට තෙමා ගතිමි.මදකට හිස පැලදි හෙල්මටය ගලවා අතට ගත් සැන සුලගේ ශබ්දය ඉතා තියුනු ලෙස ඇසින වහා යලි පැලදගෙන උගුරට දෙකට බී යලි ගමනට සැරසුනෙමි එහෙත් යතුරැ පැදියේ යතුර නොමැත ගැල වූයේ ද නැත. නවීන පන්නයේ යතුරැ පැදියක් වූ බැවින් යතුර නොමැතිව වයර් ගලවා කෙසේවත් පන ගැන්විය නොහැක දුරකතනයේ ප්ලෑශ් ලයිටය දල්වා සෙවීමි නැත කුමක් සිදු වූවාද සිතා ගත නොහැකි විය යලිත් වරක් යතුරැ සිදුර දෙස නැමී බැළුවෙමි... මදක් ඉදිරියට නිකමට යොමුකල ආලෝකයෙන් කී දිලිදෙන දෙය වෙත බැළුවෙමි කී ටැගය රහිත යතුර පමණක් ඇත. මොන සමයමක්ද ⁣යකෝ මා මටම කියාගති ... මොකෙක් හෝ අළුගුත්තේරැවකු මෙතනට පැමින ඇත ඇතම් විට කුඩා කොළු ගැටයෙකු විය හැකිය.. කෙසේ උවද මා යලි යතුරැ පැදිය පනගන්වා මා සිටගෙන සිටි තැන දෙස අවසන් වරට නෙත් යොමා බැළුවෙමි කුඩා කොල්ලන් දෙදෙනකු මා දෙස බලා ඇත.

කුණු හර්ප දෙකක් කියා මා බැස ගත්තේ රෑ හොල්මන් කල මුන් දෙන්නාට ටොක්කක් ඇනීමටය උන් දෙන්නා එය තේරැනා සේ එතනින් පැන ප්රපාත මාවත දිගේ හීයක වේගයෙන් අතුරැ දන් වූයේ මා විස්මයට පත් කරමිනි ගන අදුරැ ප්රපාතය මත පාරක් තිබීමට හැක පහල ගම්මානයක් තිබීමට හැක..එය ද සැනසීමකි මා ගමන යලි ඇරබීය.සිග්නල් එක කට්ටක් පැමින තිබුන තැන අම්මි 2ගෙන් මැසේජ් 30ක් පමන ඇවිත් අැත එකක් ප්ලෑශ් මැසේජයකි "කොහෙද රජ්ජුරැවො ඉන්නෙ දඩයමේ ගිහින් පාර වැරදිලාද ? උම්මා 100යි හාදු 5යි බුදුසරණයි තාත්ති යෝ .. පරිසමට එන්න ඇවිත් c me/,ඒ ආදරණීය ඇයයි මා කොහේ සිටියත් නිතරම සොයන ඇයයි .. පාළුව මනෝ ලෝකයක තනිව ගමන් කලෙමි පාරෙහි එකදු වාහනයක් වත් හමු නොවින ඉන්නා ගමනෙන් බාගයක් ම දුර මේවන විට ඇවිත් අැත පසුවන වංගුව මිනිසුන් කීපදෙනෙක් අැත දෑත පිටුපසට කර බැද ඇත කුමක් අරබයා හෝ මොවුනට කරදරයක් වී ඇත ඇගෙහි නූල් පටක් නැත එක් මිනිසකු නිරැවතින් පැමින පැදිය හරස් කර නැවත් වීය බ්රේක් පහර ගසා නවතා ගත්තේ මා නැවත්වීමටත් පෙරය "අනේ මහත්තයෝ අපිව ලිහන්න අපිව ලිහන්න. අපිව ලිහන්න අරැන් එන්න කලින් බැසගත් මා වහ වහා ඔවුන්ගේ දෑත් ලිහීය එකිනෙකා වහ පාර දිගට දිව ගියේ කුමන හෝ තැතිගැන්මකටය අවසන් පුද්ගලයා මා දෙස බලා හිද මහත්තයෝ ඔය මහත්තය දන්නවද අපිට උනේ මොකක්ද කියල කලබල වෙන්න කාරි නෑ මෙහෙන් ඈදිගන්න ඔය මහත්තය බොහොම හොද කෙනෙක් මහත්තයෝ මහත්තයගේ යතුරැ කැරල්ල නැති උනා නේද ඔව් ඔව් ආහ් ඒ කැරල්ලෙ මොකක්ද තිබුනෙ ...ඒක ජ වි පෙ පක්ශ කාර්‍යාලයක් මගින් දී තිබුන කුඩා කී ටැගයකි. මහත්තයෝ අපි ඔය කාලකන්නි හැතිකරේ එක්ක ජන්ම වෛරයි මහත්තයෝ මහත්තය මේ පාර පහුකොරල ගියානම් මහත්තය ආයෙ ගෙදර යන් නෑ හහ් හහ් හහ් ආ ....

අමුත්තා නැගූ සිනා හඩ හාත්පස පුරා විහිදින කෙමෙන් මිනිසුන් රැලක් මා දෙසට පැමිනේ අපිව අමු අමුවේ ඝාතනය කලේ ඔය කාලකන්නි රැල ඒ මැරැන ආත්ම තාමත් මේ කදුකරයෙ ඉන්නව මහත්තයෝ මා සියොලග තෙත්ව ඇත කරකියා ගන්න⁣ට දෙයක් නැත. මිනිසුන් රැසක් මා වටා ඇත අයියෝ අයියෝ මාව මරන්න එපා මා කෑගස බිම වාඩිවින මාව මරන්න එපා එපා එපා එක්වරම පරිසරය තුල යලිත් නිහඩ බව ඇතිවින කිසිවෙක් නැත.... මා වටා සිටි මිනිස් අවතාර අතුරැදන්ව ඇත. කෙසේ නමුදු අමාවක රැයෙහි මැදියම මා මාරක අපලයකින් දිවි ගලවාගෙන ඇත...

ඒ සාපලත් ජීවිත මේ කදු මිටියාවතේ එදා බීශණ සමයේ නිස්කාරණයේ තම ජීවිත අවසන් කරන්නට ඇත. ඒ සාපය තවමත් මේ පෙදෙස පුරා ඇත.කෙමෙන් මා යලිත් ගමන් ඇරබීය. මා ගමන් මග පසුකර ගියානම් ඒ අවසන් ගමන විය හැක අදද හේතුවක් නොමැතිව මේ මාර්ගය මේ අවට පාළුවට පත්ව ඇත කිසිදු දියුනුවක් නොමැත. විදුලිය අැත පලින් පල ⁣එක යායට ගෙවල් ඇත. ඒ ඉන්නා මිනිසුන් ද එක්තරා ගැම් ජන ජීවිතයකට හැඩ ගැසී ඇති පිරිසක් බව වැටහේ.. එල් ඊ ඩී බලුබ් ක⁣ඩේ එක නාම පුවරැවක තීන්තෙන් ඇද ඇත මෙවන් ඌ පෙදෙසක් දැනුදු ග්රාමීයව තිබීම පුදුමයකි. දුහුවිල්ලෙන් තොර පිරිසිදු වාතයෙන් අඩු නූනු අත්බූත නිම්නයක් වැන් සූරියකන්ද අදද නිසොල්මනේ අතීත වග විත්ති ගැන මුවින් නොදොඩා බලා හිදී..........

සත්‍ය සිදුවීමක නිර්මානාත්මක ඉදිරිපත් කිරීම කි .... විශේශ ස්තූතිය හිතාදර පී .එල්. ටී.අයි වැලිකොරටුව සහෝදරයාට




No comments:

Powered by Blogger.