ලස්සන මුහුණ පිටුපස සැඟවුණු වියරුව (ටයිටැනික් නැවේ අභිරහස)

ආමන් රැජින මීට වසර 1500 පෙර ඊජිප්තුවේ රජකළ මනස්කාන්ත රූ සපුවක් හිමිකම් කිව් රැජිනකි.ඇය මිය යාමෙන් පසු සිරුර මමියක් බවට පත් කොට ඇගේ රුව හා සමානව පින්තාරු කැරුණු අලංකාර මමි ආවරණයක බහා ඊජිප්තුවේ ලස්කම්බර්ග් හි නයිල් ගං තීරයේ සුරක්ෂිතව තැන්පත් කෙරුණි .පසුව 1890 දී කල කැනීම්වලින් ඇගේ මමිය හමුවෙනවා .අලංකාර හා ඉපැරැණි මමියක් නිසා කැණීම් කල පිරිස විසින් ඇගේ මමි ය වෙන්දේසි කරනවා .ඉතා ධනවත් තරුණයන් හතර දෙනෙකුට මෙය මිලදී ගැනීම සඳහා ඇරයුම් ලැබෙනවා .වෙන්දේසිවලදී පවුම් දහස් ගණනක මිලක් නියම කර එක් තරුණයෙක් ඇගේ මමි ය මිලදී ගෙන එය තමන්ගේ හෝටලයට රැගෙන යනවා .
පැය කිහිපයකට පසුව ඔහු කාන්තාරය දෙසට යන ආකාරය පිරිසක් දැක තිබෙනවා ඉන්පසු නැවත කිසිදු දිනෙක ඔහු ආපසු පැමිණි නෑ.ඊට පසු දින තරුණයන් සිවුදෙනා ගේන් තවත් අයෙක් ඊජිප්තු සේවකයකු ගේ වෙඩි පහරක ට ලක්වී අනතුරකින් මිය යනවා .ඔහුගේ මළසිරුර අත් කපා වෙන් කිරීමට තැත් කල යැයි සිතිය හැකි ආකාරයට භයානක ලෙස තුවාල වී තිබෙන අයුරු පසුව දක්නට ලැබෙනවා .තරුණයන් සිවුදෙන ගෙන් තවත් අයෙක් ගේ බැංකු ගිණුම් අසාර්ථක වීම හේතුවෙන් සියලු ගිණුම් බැංකුව විසින් අවලංගු කරනවා .ඔහු දුප්පතකූ බවට පත්වෙනවා .අවසන් පුද්ගලයාට දරුණු රෝගයක් වැළදීම හේතුවෙන් රැකියාව අහිමි වි මහා මාර්ගයට වැටෙනවා .

මේ අතර තුර මමි ය එංගලන්ත ධනවතෙකු මිලදී ගෙන එංගලන්තයට රැගෙන යනවා .පසුව ඔහුගේ පවුලේ තිදෙනෙකු රිය අනතුරකට ලක් වෙනවා .ඔහුගේ නිවස ගින්නෙන් විනාස වෙනවා .ඉන්පසුව ඔහු මමි ය එංගලන්තයේ කෞතුකාගාරයක ට ලබා දෙනවා .මමි ය රැගත් රථය කෞතුකාගාර මිදුලේ නවතා තිබියදී ඉබේම පසුපසට ගමන් කර ගස් දෙකක් අතර සිර වෙනවා .පසුව සේවකයන් දෙදෙනෙකු විසින් මමි ය ඔසවාගෙන තරප්පු පෙළ මතින් ඉහළ මලයට රැගෙන යන ලදී .ඉහළ මාලයේ තැන්පත් කර ආපසු එන ගමනේදී එක් අයෙකු තරප්පු පෙළින් වැටී පාදය බිඳෙන වා.මනා සෞඛ්‍ය තත්වයන් සිටි අනික් පුද්ගලයාගේ සිරුර පසුව දා හමුවෙනවා .ඔහු මිය යාමට හේතුවක් සොයා ගැනීමට ලැබෙන්නේ නැහැ .

මින්පසු තත්වය තව තවත් භයානක වුණා .දිනක් රැයෙහි කාන්තාවක් ඉකි ගසමින් හඬන හඬක් කෞතුකාගාරයේ ඉහළ මහල දෙසින් ඇසුණා .කාමරයට ඇතුළු වෙත්ම ඔහුට දක්නට ලැබුණේ අනිකුත් කෞතුක වස්තූන් ඉතා වේගයෙන් සෙලවෙන අයුරුය .එ සමගම මමි ය දෙසින් ඉතා වියරු ඉකි ගැසීම කෑ ගැසීමක් බවට පත්වුණා .අනික් මුරකරු එය ඇසී ඉහළ මලයට දිව එන විටදී ඔහු දුටුවේ අනෙකා කාමර තුළ මියගොස් සිටි ආකාරයයි .රැයෙහි පුරාම මෙම වියරු අඳෝනාව හා සෙළවීම පැවතුණා .අනිකුත් මුරකරුවන් බිය නිසා පහත මලයට වි සිටියා .තවද පිරිසිදු කරන්නන් පවා මෙම මමි ය තිබෙන පෙදෙසට යාමට බය වුණා .දිනක් කෞතුකාගාරය ට පැමිණි පුද්ගලයකු අතින් දූවිලි සහිත රෙදි කඩක් මමි යේ මුහුණ නිරූපිත පෙදෙසට වැදුණා .ඒ සිද්ධියෙන් දවස් කිහිපයකට පසුව ඔහුගේ පුතා අවාසනාවන්ත ලෙස රෝගයකින් මිය ගිය .

පසුව කෞතුකාගාරයේ බලධාරීන් විසින් තීරණය කෙරුණ මමි ය පහත මාලයේ ගබඩා කාමරයක තැබීමට .සතියක් යන්නට මත්තෙන් සේවකයෙකු දරුණු රෝගයකින් කෞතුකාගාරය තුළම මියගොස් සිටියා .කෞතුකාගාරයේ පරිපාලක වරයාද තමන්ගේ ලියන මේසය මත මියගොස් සිටියා .මෙම සිද්ධීන් පුවත්පත් වලට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව එක් පුවත්පත් වේදියෙකු මමි යේ ජායාරූපයක් ගැනීමට පැමිණිය .මමි ය මත මොහොතක් බලා සිටි ඔහු නික්ම නිවසට පැමිණි කාමරයට වැද හිසට වෙඩි තබාගෙන මිය ගිය .

පසුව කෞතුකාගාර බලධාරීන් විසින් මෙය කෞතුක භාණ්ඩ රැස්කරන පුද්ගලයකු ට විකුණුව .ඉන්පසුව ඇතිවුණ අවාසනාවන්ත සිදුවීම් වලින් අනතුරුව ඔහු නිවසේ අට්ටාලයක් සාදා ඒ මත තැන්පත් කරා .මේ අතර තුර ගුප්ත විද්‍යා පිළිබඳ හසල දැනුමක් ඇති මැඩම් හෙලේනා නම් කාන්තාවක් මමි ය පිළිබඳ ආරංචි වි ඔහුගේ නිවසට පැමිණෙනවා .මමි ය ඇති භූමියට පැමිණෙන විටම ඇය වෙව්ලමින් සිහි මූර්ජාවෙන් වැටෙනවා .පසුව ඇය මමි ය ඇති අට්ටාලය මතට නැගී එයට ළංවී සිටිනවා .ඔබට මෙම යක්ෂ ආත්මය පලවා හැරීමට පුළුවන්ද ? නිවසේ හිමිකරු ඇයගෙන් විමසන වා.........,,කිසිදු කලක නොහැකියි .නපුරු ආත්ම යේ නෂ්ටාවශේෂ තිබීමෙන් නපුරු දේ සිදුවෙයි .ඇගේ නින්දට බාධා කෙරෙන සියල්ලන්ටම සුවසේ නිදා ගැනීමට ඉඩ නොලැබෙයි ,,,, ඇය අඩ සිහිය තුළ පවසා සිටිනවා .......

ඉන්පසුව ඔහු නැවතත් මමි ය බාරගන්නා ලෙසට කෞතුකාගාරයෙන් ඉල්ලා සිටිනවා .එහිදී නැවත බාරගැනීමට ඔවුන් අකමැති වෙනවා .ඉන් ටික කාලයකට පසුව ඇමරිකානු පුරාවිද්‍යාඥ යකු විසින් සාධාරණ මුදලක් ද මෙය මිලදී ගන්නවා ..ඔහු මමි ය නැවක නග්ගා නිව්යෝර්ක් දක්වා ගෙන යාමට තීරණය කරනවා .............

.............1514 දෙනෙකුගේ අවාසනාවට ඔහු එය සඳහා තෝරා ගන්නේ 1912 අප්‍රේල් 10 තමන්ගේ මංගල චාරිකාව අරඹන RMS ටයිටැනික් නැව.තමන් සමඟ යක්ෂ වියරුව ඇති ආත්මයක් නැව් ගත වන බව ඔවුන් දැන නොසිටි කාරණයක් .පුරාවිද්‍යාඥ යා විසින් නැවේ පහත මාලයේ මිලදී ගත් කාමරයක මමි ය සුරක්ෂිතව තැන්පත් කෙරෙනවා .1914 අප්‍රේල් 14 දින රැයෙහි ආමන් රා රැජිනගෙ ආත්මය යක්ෂ වියරුව නොගි ලෙන නැව එහි මගින් සමගම සාප ලබනවා .ටයිටැනික් අනතුරකට භාජනය වීමෙන් පසුව කැපර්තීකා කාර්ය මණ්ඩලය එහි අයිතිකරු සමග මමි ය නැවතත් සුරක්ෂිතව බේරාගෙන නිව්යෝර්ක් බලා ගෙන යනවා

ඉන්පසුව ඇතිවු අවාසනාවන්ත සිදුවීම් වලින් පසුව මමි ය නැවතත් යුරෝපය බලා නැව් ගත කෙරෙනවා .1912..5..29 වන දින මගින් 840 ගේ ජීවිත අහිමි කරමින් ඒම නැව ද මුහුදු බත් වෙනවා .කෙසේ හො මමි ය නැවතත් සුරක්ෂිතව යුරෝපය බලා ගෙන යනවා .පසුව සිදුවන අවාසනාවන්ත මරණ හේතුවෙන් මමි යේ නිජබිම වු ඊජිප්තුව ට ආපසු ගෙන යාමට තීරණය කෙරෙනවා .මමි ය රැගත් නැව ඊජිප්තුව ට යන අතර මඟදී ජර්මානු සම්බැරින යක පහරකට ගොදුරුව දරුණු ලෙස හානි වි එහි මිනිසුන් දහස් ගණනකගේ ජීවිත උදුරාගෙන වියරුව සිටි යක්ෂ ආත්මයද රැගෙන ආමන් රා රැජිනගෙ මමි ය සමඟ මුහුදු පතුලේ තැම්පත උණු බව විද්‍යාඥයෝ විස්වාස කරනවා

(උපුටා ගැනීමකි)



No comments:

Powered by Blogger.