කය වටා ඇති රශ්මි වළල්ලේ අබිරහස

මොකක්ද මෙි ඔිරා (Aura) කියන්නේ ඒ පිළිබද තොරතුරු ඔබ දන්නවාද ඔිරා කියා හදුන්වන්නේ අපේ සිරුර වටා ඇති වලාකුලක් වැනි ද්‍රව්‍යයකින් සමන්විත රශ්මි වලල්ලක් මෙය ශක්ති ජනකයක් (Energy Field ) වශයෙනුත් හදුන්වනවා.

සැම ප්‍රාණියෙකු මෙන්ම වස්තුවක් වටාද මෙම රශ්මි වලල්ල පිහිටා
තිඛෙනවා සාමාන්‍යයෙන් කෙනෙකුගේ ශරිරයේ සෙ මි 30-40 ක ප්‍රමාණයක් වටා මෙම රශ්මි වලල්ල විහිදි පවතිනවා අධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන්ගේ මෙහි පරාසය විශාල වන්නට පුලුවන්.

බුදුරජාණන් වහන්සේ කි්‍රස්තුස් වහන්සේ ශාන්තුවරයන් වැනි අධ්‍යත්මික වශයෙන් දියුණු අයගේ ප්‍රතිමා සහ පින්තුර වලද හිස හෝ සිරුර වටා රශ්මි වලල්ලත් පිහිටා තිඛෙනු ඔබ දැක ඇති එලෙස දක්වා තිඛෙන්නේ මෙම ඔිරා නොහොත් රශ්මි වලල්ලයි. ඇත්තෙන්ම මෙය අපගේ ආත්මයේ ප්‍රතිනිරූපනයක් ලෙස හදුන්වන්න පුලුවන්.

අප තුල හටගන්නා සිතුවිලි ධාරාවන් සහ අප සිරුරෙ ඇති රෝගාබාධ අනුව අපගේ ඔිරාව විවිධ වරණයන් ගන්නවා විශේෂයෙන්ම අධ්‍යාත්මික වශයෙන් ඉහල තල වල සිටින අයගේ ඔිරා වලින් විහිදුවන්නේ කහ පැහැති ඉතා ප්‍රභාශ්වර රශ්මි ධාරාවක් මෙම රශ්මි ධාරාවන් පියවි ඇසින් දකින්නට අපහසුයි නමුත් අධි මානසික ශක්තියකින් හෙබි හෝ ධ්‍යාන ලාභි යෝගි සහ සෘෂිවරයන් වැනි අධ්‍යාත්මක වශයෙන් ඉහල තත්වයක සිටින පුද්ගලයන්ට එය පියවි ඇසින් දකින්නට හැකියාව තිඛෙනවා. අද ඇමරිකාවෙි සිටින එවන් අධි මානසිකත්වයක් සහිත මෙිරි ටි බ්‍රවුන් මහත්මිය මෙි පිළිබද ඇගේ මරණින් පසු ජිවිතය (Life after death) නමැති ග්‍රන්ථ යෙහි මනා ලෙස විස්තර කර තිඛෙනවා

ඒ ඒ සිතුවිලි ධාරා සහ හැගිමි අනුව ඔඛෙි සිරුරෙහි රශ්මි ධාරාවන් වෙනස් වන හැටි මෙසේයි, ආදරය සෙනෙහස වැනි පිවිතුරු හැගිමි ඉතා පියකරු රෝස පැහැයක් පෙන්වනවා. නිර්භිත බව තැඔිලි පැහැයෙන් පෙන්නුමි කරන අතර රෝගි බව දුඔුුරු පැහැයෙන්ද සුවපත් බව කොළ පැහැයෙන්ද පෙන්නුමි කරනවා. රතු පැහැයෙන් දන්වන්නේ ඔබ දැඩි කණස්සල්ලෙන් සහ කෝපයෙන් පසුවන බවයි. එමෙන්ම ඔඛෙි සන්සුන් බව සහ ප්‍රඥාවන්ත බව තද දමිපැහැයෙන් පෙන්නුමි කරනවා. අධ්‍යාත්මික දියුණු බව ප්‍රභාශ්වර කහ පැහැයකින්ද වෛරය සහ පසුතැවිල්ල අදුරු කලු පැහැයකින් ද පෙන්නුමි කරනවා. කෙනෙකුගේ ඔිරාව ඔහුගේ සිතුවිලි අනුව දිනකට කිහිප වතාවක්ම වෙනස්වන්නට පුලුවන් අධි මානසික තත්වයක්.

No comments:

Powered by Blogger.