රුසිරුගේ පෙර ආත්මයේ බිරිය මාලිනීගේ පතිවත කෙළෙයසි

මාලනී ගමේ සිටි රූමතිය යැයි පැවසුවහොත් එහි වරදක් නැත. වසර කිහිපයක සිට එක දිගට ගමේ ‘අවුරුදු කුමාරිය’ ලෙස කිරුළු දැරුවේ ඇයයි. මේ හේතුවෙන්ම ගමේ තරුණයන්ගේ බැල්මෙන් බේරී සිටීමට ඇයට හැකිවූයේ නැත. පාසල් වියේ සිටම ආදරයේ පහස විඳින්නට අවස්ථාව උදාවීමට ඇයගේ රූපය බොහෝ සෙයින් හේතු විය. රුසිරු ඇයට සමීප වන්නේ පාසලේදීමය. ගමේ සියලූ තරුණයන් පරදවා ඇයගේ අතගන්නට අවස්ථාව උදාකර ගන්නේ ඔහුයි. පාසල් වියේ පටන්ගත්
ආදරය අතුපතර විහිදී ගොස් අවසානයේ ඔවුන් එක් වහළක් යටදී පවුල් ජීවිතය අරඹන විට වසර දහයක් පමණ ගෙවී ගොසිනි.

මාලනී ගමේ රූපසුන්දරිය වුවත් ඇයගේ පවුල බොහෝ අඟහිඟකම්වලින් පීඩා විඳි බව ගමේ කවුරුත් දැන සිටියහ. මේ හේතුවෙන්ම රුසිරුට ඇයගේ ආදරය දිනා ගැනීමට බොහෝ පරිත්‍යාග කිරීමට සිදුවිණි. සිය මවුපියන්ගේ විරෝධය මත ඔහු තම උරුමයන් මෙන්ම උපන්දා පටන් හැදුණු වැඩුණු නිවසද ආදරණීය මවුපිය සොහොයුරන්ද අතැර දමා මාලනීවද රැගෙන ගමෙන් පිටවූයේ කෙසේ හෝ ඇය සමග ජීවිතය ගොඩනගා ගැනීමේ අරමුණෙනි. රුසිරු යනු අහිංසක ගුණ යහපත් තරුණයෙකි. උසස් පෙළ ඉහළින් සමත්ව සරසවි වරම් හිමිවුවද ඔහු මාලනී වෙනුවෙන් ඒ සියල්ල කැපකළේය.

උගත්කමට ගැළපෙන රැකියාවක් ලැබෙනතෙක් බලා සිටිනු වෙනුවට කුලී වැඩක් කර හෝ පවුලක් ලෙස සතුටින් සිටිමින් අවශ්‍ය වියහියදම් සොයාගන්නට ඔහු මැලිවූයේ නැත. විවාහ වී ගෙවී ගියේ තුන් මසකි. ඒ අඟහරුවාදා දිනකි. නිවසක වහළයක් සෙවිළි කිරීමට අත් උදව් දීමට ගිය ඔහු පැමිණෙන විට රාත‍්‍රී දහය පමණ වී තිබුණි.

ටක්.... ටක්.... ටක්

‘මාලනී....’

නිවසේ දොරට තට්ටුකර දොර නොඇරුණු හෙයින් ඔහු තරමක් උස් හඬින් මාලනීට කතා කළේය. එහෙත් ඇයගෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නැත. ඇයට නින්ද ගොසින් ඇතැයි ඔහු සිතුවද ඒ මොහොත වනවිට කුමක්දෝ සියුම් බියක්ද ඔහුගේ සිතට ඇතුළුවෙමින් තිබිණි. මඳ වේලාවක් දොරට ගසමින් සිටි ඔහු කුස්සියේ අඩවල් කර තිබූ ජනේලයෙන් නිවස තුළට පැනීමට තීරණය කළේය. ජනේලයේ ග‍්‍රිල් සවිකර නොතිබූ නිසා පහසුවෙන් ගෙය තුළට රිංගාගත් රුසිරු දුටු දෙයින් ඔහු ගල් ගැසී ගියේය.

‘මාලනී.... ඔය මොකද?’

ලයිට් නිවා ඇති කුස්සියේ මුල්ලක ඇය වාඩි වී සිටියි. කොණ්ඩය කඩාගෙන බිම බලාගෙන වකුටු වී සිටින ඇය දුටු සැණින් ඔහු තුළ ඇති වූයේ බියකි.

‘මාලනී මොකද මේ.....’

ඔහු වහා ඇයව නැගිටවීමට උත්සහ දැරුවේය.

‘අත ඇරපන් මාව.......’

කිසිදු දිනක මෙලෙසින් කතා කර නැති ඇය අද දිනයේ මේ ආකාරයට හැසිරෙනුයේ ඇයිදැයි ඔහුට සිතාගත නොහැකි විය. ඔහු වහා කුස්සියේ විදුලි පහන් දැල්වුවේය.

‘මගේ යකා අවුස්ස ගන්නැතුව ඕක නිවපන්.......’

‘මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ.....’

‘මට මුකුත් වෙලා නෑ.....’

‘අවලමේ ගිහින් ගිහින් නිදාගන්න වෙලාවටද ගේ මතක් වෙන්නේ.... මට මගේ පාඩුවේ ඉන්න දීලා ඕක නිවපන්’

‘දැනුයි වහළේ වැඩ ඉවර වුණේ ඔයාට මම අටට විතරනේ කතා කළේ. විකාර නැතුව එන්න කන්න’

‘ඇයි උඹ වෙනදටත් මාත් එක්කද කන්නේ? ඇයි අද අරකිගේ බත් හැළිය තැම්බිලා නැද්ද?’

රුසිරුට ඇය කියන කිසිවක් තේරුම්ගත නොහැකිය. ඇත්තෙන්ම ඔහුට අනියම් සබඳතාවක් නැත. වෙනදාට කොතරම් ? වුවද මාලනී ඔහු එනතුරු බලා සිට දෙදෙනාම එකට ආහාරය ගන්නේ සතුටිනි. අය හදුණාගත් දින සිට ගතවූ දස වසරක කාලයක් තුළ කිසිදු දිනක අමනාපයෙන් හෝ කතා නොකළ ඇයට අද සිදුව ඇත්තේ කුමක්දැයි ඔහුට තේරුම්ගත නොහැකි විය.

‘මාලනී දැන්වත් ඔය විකාරේ නවත්තනවද? මොන ගෑනියෙක් ගැනද ඔයා මේ කියවන්නේ. වෙනදට ?ට අපි දෙන්නා එකට නෙමෙයිද කෑවේ. කන්න බැරිනම් යමු

නිදාගන්න’

‘මට ඕන වෙලාවට මම නිදාගන්නම්. උඹට ඕන තැනකට පලයන්’

ඔහුගේ සිතේ චංචලභාවය මෙන්ම ඉවසීමේ සීමාවද ඒ වනවිට පැන ගොස් තිබුණි.

‘ ඕන මඟුලක් කරගන්න. මම යනවා නිදා ගන්න’

විවාහයෙන් තුන් මසක් ගෙවී යද්දී ඔවුන්ගේ විවාහයට කණකොකා හඬන්නට පටන් ගත්තේ එසේය. මාලනීගේ එතෙක් පැවති ආදරය, දයාව වෙනුවට තරහව, බැණ වැදීම්, සැක කිරීම් ආදී බොහෝ දේ වර්ධනය වන්නට විය. බොහෝ දිනවල රුසිරුට නිවස තුළට ඒමට දොර හැරීම පවා ඇය ප‍්‍රතික්ෂේප කළාය. මේ හේතුවෙන්ම අමතර යතුරක් සාදාගන්නා තැනට පවා කාරණා යෙදුණි.

බොහෝ දිනවල රාත‍්‍රී කාලයේ නිවස පැවතියේ යුද පිටියෙක් සේය. ඔහු නිවසට පිවිසෙන විටම ඇය ඔහුගේ ඇඟට කඩාගෙන පැන්නේ කිසිදු හේතුවක් නොමැතිව රුසිරුගේ සබඳතාවක් ගැන කියමිනි.

‘උඹ හිතන්න එපා මාව දාලා ඒ ගෑනිත් එක්ක මඟුල් නටන්න මම ඉඩ තියයි කියලා’

බොහෝ විට ඇයගේ මුවින් පිටවූයේ ඒ වචන කිහිපයයි. ඇයගේ මුහුණ බලන්නට බැරි තරම් විරූපී වෙමින් පැවතුණි. ඇය තුළ පැවති සුන්දරත්වය වියැකී ගියේ බලාහිඳිද්දී මෙනි.

මේ අතරතුර ඇයගේ තවත් සබඳතා කිහිපයක් පිළිබඳ තොරතුරු රුසිරුට ලැබෙන්නට විය. අනියම් සබඳතාවලින් ඔබ්බට ගිය

ලිංගික සබඳතා කිහිපයක් ගැනම තොරතුරු ඔහුට දැනගන්නට ලැබෙන්නේ මේ කාලයේදීය.

ඔහුගේම මිතුරන්ට ගෙදරට කතාකොට සිය බිරිඳ ඔහුන් හා යහන්ගත වීමට පොළඹවා ගත් සිදුවීම් පිළිබඳ ආරංචි ඔහුට ලැබුණි. ඔහුට ඒ ආරංචිය නම් දරාගත නොහැක්කක් විය.

එක් දිනක් ඇයගේ මුවින් පිටවූ වචන පෙළක් ගැන රුසිරු අවධානයෙන් අසා සිටියේය. ඇය කුස්සියේ මුල්ලක වාඩි වී කියවයි.

‘මගේ දරු පවුල විනාශ කළා. මම මුන්ට යහතින් ඉන්න දෙන්නෑ. මම දුක් විඳලා මැරිලා ගියා. මූ මෙහේ සුරසැප විඳිනවා’

‘මැරිලා ගියා’ යන වචනය ඇසුණු සැණින් රුසිරුට සිත් වූයේ මාලනීගේ ශරීරයට යම් මළගිය ආත්මයක් ඇතුළු වී ඇතැයි යන්නය.

ඔහු තම බිරිද වු මාලනී සමගින් මා හමු විමට පැමිණියේ මේ අතර තුරය. මොහුන් දෙදෙනාට පසුපසින් වෛරයෙන් පසුවන නිරුවත් මලගිය ආත්මයක් ඇත් බව මම දුටුවේය.

ඒ වෙන කිසිවෙකුත් නොව රුසිරුගේ පෙර ආත්මයේ බිරිදය.

‘ඔබේ කලින් ආත්මේ බිරිද පස්සෙන් එනවා පළිගන්න. උඹ ඒකිව දාලා වෙන ගෑනියෙක් එක්ක ගිහිල්ලා. ඊට පස්සෙ ඒ ගෑනු කෙනා මිනිස්සුන්ගේ අතින් අතට මාරුවෙලා දුක් විඳලා මැරිලා. ඒ ගෑනු ආත්මය දැන් උඹේ බිරිදගේ් ඇඟට රිංගලා ඉන්නේ. ඒ ආත්මය උඹේ බිරිදව විනාශ කරයි. ඒකි දන්නේ නෑ තමන්් කරන්නේ මොනවද කියලා. ඒකිව ගණිකාවක් කරලා උඹගෙන් පළිගන්නයි හදන්නේ’

සිදුවී ඇති දේ පිළිබඳ රුසිරුට සියල්ල පැහැදිලි විය. මාලනී එවැනි තරුණියක් නොවන බව ඔහු දනියි. එසේ නම් කුමක් හෝ සිදුවී ඇත. මෙම ආත්මය මිදෙන්නටද කැමැත්තක් නැත . ඒ ඇය පළිගැනීමේ අදහසින්ම ජිවත් වීමයි . එහෙත් මා උත්සහය අත හැරියේ නැත .

කෙසේ හෝ අවසානයේ ඇය මාලනි අත හරින්නට කැමති විය. ඒ වෙනුවට ඇය ඉල්ලා සිටියේ රෝස මලක් මසන ලද රතු පැහැති කොට්ටයකි. ඒය රුසිරුගේ නිවසින් තැමක් ඈත ඇති තුන් මං හංදිය අසල බෝක්කුව තුළට දමැන්නැයි ඇය පැවසුවේ ඒ උදෙසා දිනයක් වෙලාවක්ද පවසමිනි.

මළගිය ආත්මය ඉල්ලා සිටි ලෙසම ඔහුන් එය ඉටු කලේය. ඉන් පසු මාලනි සාමාන්‍ය තත්වයට පත්විය. ඇයගේ ශරීරයේ සිටි මළගිය ආත්මය ඉවත්වී ඇති බව රුසිරුටද දැනෙන්නට වුයේ පෙර සිටි මාලනි නැවත නිවස තුළ ඇති බව දැනීමත් සමගය. මාස හයක් තිස්සේ දෙදෙනාම දුක්විඳි කාරණාව මොහොතකින් වෙනස් විය. ඇය ගෙවීගිය කාලය තුළ සිදුවූ කිසිවක් ඇය දන්නේ නැත. එහෙත් ඇයගේ ජීවිතයට ඇතුළු වූ කළු පැල්ලම ජීවිත කාලයේදීවත් ඉවත්කර ගත හැකිවේද යන්න ගැටලූවකි.



No comments:

Powered by Blogger.