මහාසෝනා සමග හැප්පුනු ජෝසප්ගේ අවසානය

මේක අපේ ගමේ අවුරුදු 100කට ඉස්සර වෙච්ච සත්‍ය සිදුවීමක්ලු. ඒක අපේ තාත්තා කියපු කතාවක්. අපේ තාත්තාගේ තාත්තා සයිමන් වන අතර එයාගේ තත්තා ජෝසප්ට වෙච්ච සිදුවීමක්. ජෝසප් මාලූ අල්ලා විකුනා ජීවත්වන පුද්ගලයෙකි. දවසක් රාත්‍රි 8ට විතර මාලූ අල්ලන්ඩ ඔහු මෝය කටට ගිහින් තියෙන අතර පුතාට 11ට විතර එන්ඩ කියලා තියෙනවා.
තාත්තා සෑහෙන වේලාවක් මාලූ අල්ලමින් ඉදලා තියෙනවා. පසුව එයාට දැනිලා තියෙනවා අල්ලන මාලූ කූඩෙන් මාලූ අඩු වන බව එයාට තේරිලා තියෙනවා කවුරුහරි ලග ඉන්නවා වගේ. ඔහු කිහිල්ලට යටින් බලන විට තාත්තා දැක තිබෙනවා උස මහත මිනිහෙක් ඉන්නවා මේ නම් මහාසෝනා තමා කියලා හිතලා තියෙනවා. කොහොමහරි මේ දෙන්නා හොදටම ගහගෙන තියෙනවා.

ටික වේලාවකින් පුතා තාත්තා සිටින තැනට ඇවිත් තියෙන අතර එතනදි දැකලා තාත්තා අත පය එහෙට මෙහෙට විසි කරනවා. ඒත් එතන කවුරුත් ඉන්නවා පුතා දැකලා නෑ. පුතා තාත්තා ලගට යන විට මහසෝනා ගිහින් තියෙනවා. තාත්තේ මොකද මේ කාටද ගහන්නේ නෑ බන් කවුරුත් නෑ උබට ඕවා වැඩක් නෑ. මාලූ ටික ගනින් ගෙදර යන්ඩ. මාලූ දැල පුතාගේ බෙල්ල වටේ ඔතලා පිට වැහෙන්ඩ දාලා තාත්තා මාලූ කූඩේ අරන් දෙන්නම එන විට අතරමගදි තාත්තාට තේරුනා ඔහු පස්සෙන් එන බව.

නමුත් බය නැතුව ගේ ගාවට තාත්තා ඇවිත් පුතේ උබ ඇතුලට පලයන් මන් එන්නම් කිව්වා. මාලූ කූඩේ බලද්දි මාලූ කටු විතරයි තිබිලා තියෙන්නේ ලේ පෙරෙනවා මාලූ කූඩෙත් විජහට කූඩේ දෙහි ගහේ එල්ලා හැරි බලනවාත් සමග දොරකඩ ලග උස මිනිහෙක් හිටගෙන ඉදලා තියෙනවා තාත්තා දැකලා තාත්තා වැටිලා තියෙනවා ඒ වැටුනු පාර ඔහුට අන්ස බාගේ හැදිලා.

පසුව මොකද උනේ කියලා අහද්දි මේ විස්තරේ කියලා තියෙනවා. ඇදේ සෑහෙන දවසක් ඉදලා මැරිලා තියෙනවා කියලා තමා අපේ තාත්තා මා සමග පැවසුවේ මට නම් ඇත්තටම මේක හිතාගන්ඩත් බෑ මොකද ඒ කාලේ මිනිස්සු යක්කුන්ටත් බය නෑ කියද්දි


No comments:

Powered by Blogger.