වියපත් අමුත්තාගේ උදවුව

මගේ හිතවත් මිතුරෙක් මා හමුවීමට කිසියම් වුවමනාවක් සදහා දිනක් පැමිණියේය.ඔහුට ලැබුනු පුදුම අත්දැකීමක් පිළිබඳව ඔහු මට කීවේය.මෙය සිදුවූයේ පිටිසර ප්‍රදේශයකය.රාත්‍රියට බොහෝ පාළුය.ඔහු දිනක් යතුරුපැදිය පදවාගෙන පාළු පාරදිගේ යද්දී හදිසියේම බයිසිකලය ක්‍රියාවිරහිත විය.ඔහු යතුරුපැදියෙන් බැස්සේය.රදවනයට බර දී යතුරුපැදිය නවතා ගත් ඔහු බිම ඇන තියාගෙන වාඩිවී ඇංජිමේ වරද සාදාගන්නට තැත්
කරේය.ඔහුගේ ඉදිරිපසින් යතුරුපැදියට එහා පැත්තෙන් ඔහු ලගට කෙනෙකු ලගට පැමිණ ඇති බව ඔහුට දැනුනි.

මොකද පුතා වෙලා තියෙන්නේ ?
අමුත්තා ඉතා සන්සුන් ස්වරයකින් ඇසුවේය.

අනේ මංදා අංකල් පොඩි අප්සෙට් එකක්
ඔහු හිස ඔසවා නොබලාම පිලිතුරු දුන්නේය .

ආ ....ඕක දැන් හරියාවි.පරිස්සමින් යන්න පුතා ඉතා කරුණාවන්ත ලෙස අමුත්තා කීවේය.

එකෙනෙහිම ඇංජිමේ වරද නිවැරැදි වූවා යැයි මගේ මිතුරාට හැගී ගියෙන් ඔහු නැගිට්ටේය.ඔහු කතා කල අමුත්තා පේන මානයක නොවිනි.ඒ තත්පරයට අමුත්තා අතුරුදන්ව ඇත.අමුත්තා ගේ කටහඩට අනුව ඔහු බොහෝ වියපත් පුද්ගලයෙක්මය.වයසක කෙනෙකුට තබා තරුණයෙකුටවත් ඒ ඇසිල්ලකින් නොපෙනී ඇවිදීමට නොහැක.දෙපැත්තට වෙල් යායක් විහිදෙන මාර්ගයෙහි සැගවී යාමටද අතුරක් නොමැත.මෙය තවමත් මගේ මිතුරාට ප්‍රශ්නයකි.



No comments:

Powered by Blogger.