වඩේ සුවදට ආ සුදු අවතාරය

"මොකද බොල ආතල් ගන්නවද?" ඒ මගේ බොක්කේ යාලුවෙක්ගේ වදන් පෙලයි. ලොකු කතාවක් නම් නෙමේ, නමුත් මගේ ජීවිතයේ සිදුවූ සත්‍ය පළමු බිය ජනක අත්දැකීම එය විය.
කතාවට එමු, වැඩි කාලයක් නොවේ. අවුරුදු 2ක් විතර ඇති. මම o/l කරලා ටික කාලයයි. මම එක එක ජොබ් වලට යන්න ගත්තා, හැබැයි මට එක තැනක මාසෙට වඩා වැඩ කරන්න බැරි ලෙඩක් තිබුනා. ඒ අතරෙදි මගේ තාත්තා මට බයික් එකක් අරන් දුන්නා. ලයිසන් නෑ. ගන්න තරම් වයසකුත් නෑ. මගේ ගමේම
යාලුවෙක් හොදම යලුවන්ගෙන් කෙනෙක් පැවසුවා ඔහු සමග රෙදි කඩේකට වැඩට යන්න එන්න කියලා." යමු බන්" යනුවෙන් මා පැවසුවේ එක පයින්මයි. මම උදේට එයාව ගෙදරින්ම අරගෙන රෑට වැඩ් ඇරිලා එද්දි ගෙදරින්ම බස්සනවා.

සති දෙකක් පමණ මෙසේ ගෙව්නා. එක් දිනයක වැඩ ඉවර වෙද්දී රෑී 11.30 වුනා. හේතුව ඒ නත්තල් මාසේ නිසාවෙනි. අපි එදින පුරුදු විදියටම පුරුදු අස්සේ පාරෙන්ම ගියේ මහ පාරේ පොලිසිය ඇති කියා සාදාරන බිය නිසා වෙනි." අද නම් වඩයක් කන්නම ඕන" කියා මගේ කල්‍යාණ මිත්‍රයා පැවසීය. මේ ඔක්කෝටම මුල ඒ වදන් පෙල. ඉතින් එද දෙන්නටම රු.100 වඩේ ගත්තා. එතෙනට ආවේ පාසල් නිවාඩුවට වැඩ කරන්න ආපු පොඩි එකා. ඒ කිව්වෙ වැඩ කරන සේවකයන්ගෙන් වයස අඩුම සේවකයා. "උබ නම් මහ කාබාසිනියෙක්, ඉදා කාපන් වඩයක්" කියමින් වඩ මුල ඔහු අත මත තැබුවත් ඔහු නැවත මට එලෙසම ලබාදී පැවසුවේ, " අම්මෝ වඩේ එපා. මම යන්න ඕන තනියම. පුළුවන් නම් මිනිපිට්ටනියෙන් එහට ගිහින් දාන්නකෝ" කියාය. අප යා යුත්තේ ඔහු යන දිශාවට විරුද්ධ පැත්තට උනත් ඔහුගේ මූනෙන් බිය ප්‍රකාශ උනු නිසාවෙන් ඔහුට අපි එකග විය. කතාවුනු විදියටත් වඩා දුරට ගෙවල් පේන මානයට වෙනකන් ඔහු සමග ගොස් අනිත් අතට හැරි අපි අපේ ගමනට පිටත් වුනි. මම එදින මගේ බයික් එකේ ගියේ මීටරේ 5ට. මොකද කියනවා නම් වඩේ කන්න පෙරේත කමට.
ටික දුරක් යන විට සෙනිකෙන් වෙනසක් සිදු වුනු බව මට හැගිනි. මොකද බයික් එකට 3ක් නැග්ගාම තියෙන බර මට මනාව හදුනා ගත හැකි නිසාවෙනි. එය සිදු වී තප්පරයක් යන්න කලින් මගේ බයික් එකේ නලාව(හෝන් එක) එක දිගට නොනවත්වා යමකිසි තාලයකට නාද වීමත් සමග මගේ යාලුවා පැවාසුවේ මොකද බොල ආතල් ගන්නවද කියාය. ඔහු එසේ පවසන විටත් එක අතක් ඇස්ලේටරේය. අනික වඩේ ඇතැතිව කට ලගය. වම් අත බයික් එකට ගෑවිලාවත් නෑ. "මම නෙමෙයි බන් මේ බලපන් මගේ අත" කියලා ඔහුට පෙන්වුවත් ඔහු ඒ දෙස බැලුවේ නැත්තේ වඩේ සිහියෙන් සිටිය නිසාවෙනි, ඒත් එක්කම ඔහුට මම පැවසුවේ වඩ මුල විසික් කරපන් කියාය. එවිටයි ඔහුට ඇත්ත නැත්ත තේරුම් ගියේ. ඒ නලාව ගහන්නේ සැබවින්ම මම නොවන වග. "උබ ඇත්තටමද කිව්වෙ" කියලා ඇහුවේ මම වඩේ වලට පෙරේත කමක් දක්වන බව ඔහු දන්නා නිසාය. ඔහු වඩ මුල විසිකරපු නැති නිසා අත පිටිපස්සට යවා ඔහුගේ අත තිබුනු වඩ මුල අරන් විසික් කලෙමි. මගේ අතින් ගිලිහෙනවාත් සමගම නලාව නැවතිනි. ඒ වන විටත් අපි මීටර් 100ක් විතර ඇවිල්ලා. මගේ යාලුවා දන්නෙ එපමනයි. නමුත් එතන වුන දේවල් දන්නේ මා පමනයි . මන්ද යත් මා වඩේ මුල විසික් කිරීමට හේතුව පාරේ අයිනේ සුදු ඇදගත්තු මනුස්සයෙක් මගේ ඇස් දෙකටම දැක්ක නිසාවෙනි. එය එතනින් අවසන් විය.

1km පමන යන විට මගේ ඇග හිරිගඩු පිපිලා ඉවසා ගත නොහැකි බඩේ රුදාවක් හැදුනා. නමුත් වඩේ අප්සට් එකක් නොවන බව ඉර හද වගේ විශ්වාසය .. ඉන් පසු මම මග නවත්වා මගේ යාලුවට ඇත්ත සගවමින් පැවසුවේ "මට නිදිමතක් අවා බන්. උබ චුට්ටක් පැදපන්කෝ" කියාය. ගෙවල් ලන් වන විට බඩේ රුදාවක් තිබුනද කියාවත් ගානක් නැති වුනි.
මෙය නම් මාගේ වඩේ කතාවයි. කෙසේ වෙතත් පොලිසියෙන් අල්ලලා බයික් එක රාජ්‍ය සන්තක කරත් කමක් නෑ කියලා මහ පාරෙන්ම වැඩට ආව ගියා.




No comments:

Powered by Blogger.