වියරු අග්ණියේ ශාපය

වීදි දිගේ ඇදෙන කුලී රථයේ පසු පස අසුනේ කෝපි කෝප්පයක රස බලමින් වාඩිවී සිටි ඔහු ජින් සයිමන් ය. පිලිපීන් ජාතිකයෙකු වන මොහු පෞද්ගලික බැංකුවක ඉහල තනතුරක් දැරීය. සයිමන් රසල් කයීමා හී සේවය කල අතර මොහුට අවුරුද්දක පමන කාලයක් ඩුබායි නගරයේ ඔව්න්ගේ ශාකාවට මාරුවීමක් ලැබිනි.
මොහුට හදිස්සියේම ලැබුනු මෙම ස්ථාන මාරුව නිසා ඔහුට නවාතැන සුදානම් කිරීමට ඔහුගේ ආයතනය විසින් වෙනත් ඒ සම්බන්ධ ක්‍රියා කරන ආයතනයකට පැවරීය. මොහුට ඒ මගින් සූදානම් කර තිබුනේ ඩිස්කවරි ගාර්ඩ්න් නම් පෙදෙසේ දෙවන වීදියේ අංක හතලිහ දරන ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පිහිටි තුන්සිය අටවන එපාට්මන්ට් එකය.
රථය අධිවේගී මාර්ගයෙන් වෙනත් මාර්ගයකට
දැමීමත් සමග රථයේ වේගය බාල විය. කුලී රථය ඉදිරියට යාමත් සමග පරිසරය වෙනස් වන බව සයිමන් දිටීය. හාත්පස හරිත වර්නයෙන් යුක්ත විය. කොහොඹ ඔලිව් සහ රට ඉදි ගස් බහුලව වවා තිබිනි. කාන්තාරයේ මෙවන් පෙදෙසක ජීවත් වීම අනර්ග දෙයකි. ඒ ශාක මගින් සිසිලස ගෙනදෙන බැවිනි. එක් රටාවකට පිහිටි ගොඩනැගිලි රාශියක් ද විය.
අවසානයේ කුලී රථය රථ ගාලක නැවැත්වීය. සයිමන් මුදල් ගෙවා රථයෙන් බැස ගොඩනැගිලි දෙසට ගියේය. අංක හතලිහ දරන ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව සමීපයට පැමිනි ඔහු කලින් ලැබී තිබුනු ස්වයන්ක්‍රිය කාඩ්පතින් විවෘත කර ඇතුල් වී විදුලි සෝපානය ඔස්සේ තුන්වන මහලට ගොස් ඔහුට අදාල එපාට්මන්ට් එකට පිවිසියේය.
අදාල ආයතනය මගින් සියල්ල සූදානම් කර තිබූ බැවින් ඔහුගේ විඩාව නිවා ගැනීමට සැප පහසුවම අවස්ථාව තිබිනි. දුරකථනය ගෙන රාත්‍රි ආහාරය සදහා පීසා එකක් ඇනවුම් කල ඔහු ඇග තෙමා ගැනීමට නාන කාමරය වෙත ගියේ ය. ඔහු නා අවසාන වනවාත් සමගම නිවසේ විදුලි සීනුව වැදිනි, කඩිමුඩියේ ඇග පත පිහදා ගෙන ගොස් දොර විවෘත කර බැලූ මුත් කිසිවෙකුත් දක්නට නොලැබිනි. ඔහු එය ගනනකට නොගෙන ආපසු පැමින තම රෙදි පෙරදි අස් කිරීමේ කටයුතු වල නියැලුනි.
මද වේලාවකින් නැවත විදුලි සීනුව නාද විය ඔහු ගොස් බලන විට එවර පැමින සිටියේ අහාර රැගෙන ආ පුද්ගලයාය. ඔහුට මුදල් ගෙවා ස්තූති කර පිටත් කර හැරීය. ඉන්පසු ඔහු ගීයකට සවන් දෙමින් අහාර රස වින්දේය. එදින ගමන් මහන්සියටම සයිමන්ට නින්ද ගියේ සෝෆා එක මතමය. වතුර තිබහක් හැදී අවදි වූ සයිමන් කිසියම් පිලිස්සුම් ගන්ධයක් හමන බව දැනිනි. ඔහු වහාම තම මුලුතැන්ගෙය පරික්ෂා කලේය. එහෙත් එහි ගැටලුවක් නැති බව පෙනී ගියේය. මද වේලාවකින් එම ගන්ධය නැති වී ගියේ ය.
පසුදින උදෑසන අවදි වී නව රාජකාරි ස්ථානය කරා ඔහු ගියේය. මෙසේ දින දෙකක් පමන ගතවිය. එදින මධ්‍යම රාත්‍රියේ සයිමන් අවදි වුයේ ගොඩනැගිල්ලේ ගිනි ගන්නා විට ක්‍රියාත්මක වන සීනුව වැදීමෙනි එහි ශබ්දය කොතෙක්ද කිවහොත් එහි තව මොහොතක් සිටීමට ඔහුට නොසිතුනි ඔහු වහ වහා පාවහන් ලා මුදල් පසුම්බිය සහ ජන්ගම දුරකථනය රැගෙන පඩිපෙල දෙසට දිව ගියේ සිහිනයෙන් මෙනි ඔහු පඩිපෙල බැසීමට පටන්ගෙන පලමු තරප්පු පෙල බහිනවාත් සමග එලාම් හඩ නතර වී ගියේය. ඔහු නැවතී සවන් දුන්නේය. නැත කිසිම ශබ්දය ක් ඇසෙන්නේ නැත.
උදෑසන යම් කිසි අපහසුවක් දැනී ඔහු ගැස්සී අවදිවිය. අහෝ ඔහු සිටින්නේ පඩිපෙලක් මතය. රාත්‍රි යේ වු සිදුවීම ඔහුට සිහිනයක් මෙන් ය. නිවැරදි මතකයක් නැත. ඔහු වහ වහා නැගිට ඉහලට දුවන්නට විය. එහි තුන්වන මහල නමින් පුවරුවක් තිබීය. ඔහු එතනින් ඇතුලුව ඔහුගේ එපාර්ට්මන්ට් එකට ගොස් දොර වසා ගත්තේය.
එදින ඔහු ආයතනයට දුරකථන පනිවුඩයක් ලබා දී පැවසුවේ අසනීප බැවින් එදින නොපැමිනෙන බවය. සයිමන් ගෙදරට වී කල්පනා කලේ ඔහුට සිදු වුනු සිදුවීම ගැනය. ඔහුට කිසිවක් සිතා ගැනීමට නොහැකිවිය. ඔහු මේ පිලිබදව කිසිවෙකුටත් නොකීවේය.
සාමාන්‍ය පරිදි දින කිහිපයක් ගතවිය. ඔහු රාජකාරි නිම වී නිවසට පැමින සිටින විට නිවසේ විදුලි සීනුව නාද විය. එහෙත් දොර විවෘත කර බැලුවද කිසිවෙකු එහි නොවීය. පසු දින ඔහු නිවසට පැමිනෙන විට මදක් රෑ විය. ඔහු පැමින කෑම ඇනවුම් කර කෑම කන අතර වාරයේ හදිස්සියේම ගිනි ගන්නා විට ක්‍රියාත්මක වන එලාම් ශබ්දය නැගිනි. ඔහු වහා කෑම ගැනීම නවතා එලියට පැමිනියේය.
ඔහු දුටුවේ ඔහුගේ එපාර්ට්මට් එකට තවත් එපාට්මන්ට් දෙකක් දුරින් ඇති එපාර්ට්මන්ට් එකෙ වසා ඇති දොර අස්සෙන් දුමක් එලියට එන ආකාරයත්, පිලිස්සෙන ගන්ධයත්, ඇතුලතින් ඇසෙන කෑ ගසන ශබ්දයත් ඔහුට ඇසුනේ ය. ඔහු වහාම විදුලි සෝපානය දෙසට දුව ගියත් ඔහුට එක්වර මතකයට නැගුනේ ගින්නක් වැනි හදිස්සි අවස්ථාවක විදුලි සෝපානය භාවිතා නොකල යුතු ය යන්නයි. ඔහු වහ වහා පඩිපෙල භාවිතා කොට ගොඩනැගිල්ලේ මුරකරු සොයා පැමිනියහ.
මුරකරු ඒ අවස්ථාවේ සිටියේ ප්‍රධාන දොර අසල ඔහුගේ මෙසය ලගට වී පුටුවට බර දී සගරාවක් කියවමිනි. සයිමන් එදෙසට පැමිනීමත් සමග ඔහු කලබලයෙන් පුටුවෙන් නැගිට්ටේ සයිමන්ගේ හති ඇරීමත් මුහුනෙන් පිලිබිඹු වූ කලබලකාරී ගතියත් නිසාය.
සයිමන් සිදු වූ දේ මුරකරුට පැවසූහ. මුරකරු කීවේ ගිනි අනතුරු සීනුව ක්‍රියාත්මක නොව් බවය. සයිමන්ට එවෙලේ සිහි වුයේ එලාම් ශබ්දයක් නොමැති බව ය. මුරකරු ඔහු සමග එම කාමරය වෙතට ගියේය. ඔවුන් එහි යනවිට කිසිදු හැල හොල්මනක් නැත. මුරකරු එම එපාට්මන්ට් එකේ විදුලි සීනුව නාද කරද ඉන් ප්‍රතිචාරයක් නොවීය. මුරකරු දොරේ අගුල කරකැවීය එය නිකම්ම විවෘත විය එහි ඇතුලතින් පුස් ගදක් වහනය විය. කාලෙකින් කිසිවෙකු නොසිටි බව පෙනී ගියේය. කොරිඩොවෙන් ඇතුල් වු මලානික ආලෝකයෙන් ඔවුන් දුටුවේ ඇතුලත බැදී ඇති දුහුවිලි තට්ටුය. මුරකරු දොර වසා යාමට සැරසෙන විට සයිමන් ඔහුට ස්තුති කොට සයිමන් ඔහුහේ එපාට්මන්ට් එකට ගියේය.
ඔහු එහි යන විට ඔහු බාගයක් කා අවසන් කල අහාරය මේසය මතත් බිමත් ඉහිරී ඇති ආකාරය දිටිය. එය කිසියම් සතෙකු විසින් ඇද කා ඇති ආකාරයෙන් දිස් විය. ඔහුගේ සිතට අමුත්තක් දැනුනි. එම ස්ථානය අස් කර ඔහු යහනට ගොඩවිය. එනමුදු නින්ද ඔහු කරා නොආවේය. ඔහු දුරකථනය ගෙන වේලාව බැලීය. වේලාව පාන්දර දෙක පසුවී විනාඩ් දාහත ක් ලෙස සටහන් වී තිබින. කුමක් සිදුවුයේ ද, මෙය කුමක් ද, මානසික වියවුලක් ද, සිතිවිලි සමුදායකින් ඔහුගේ සිත පිරී ගියේය. ඔහු දෑස් පියාගෙන කල්පනා කරමින් සිටියේය.
අහෝ එක්වරම ඔහුට අසන්නට ලැබුනේ මේ වන විට තමා අසන්නට අකමැතිම ශබ්දයයි. ඒ අන් කිසිවක් නොව ගිනි අනතුරු එලාම් එකය. ඒ සමගම මිනිසුන් කලබල කාරී ලෙස කෑ ගසන් හඩ එන්න එන්නම වැඩි විය. මිනිසුන් දුවන ශබ්දය ද ඇසේ. ඒ සමගම පිලිස්සුම් ගද දැනෙන්නේ විශාල ගින්නක් ලග ම ඇති බව හැගවීමට මෙනි.
සයිමන් වහාම එපාට්මන්ට් එකෙන් එලියට ආවේය ඔහු දුටු දෙයින් විස්මයට පත් විය. මිනිසුන් පඩිපෙල දෙසට දුවමින් සිටියේය. දුමාරයක් කොරිඩෝව තුල පැතිර තිබුනි. පුදුමයකි ඔහු රාත්‍රියේ දුටු ආකාරයටම කලින් කී එපාට්මන්ට් එකේ දොර තුලින් දුම් ගුලි පැමිනෙමින් තිබුනි. සයිමන්ට එතනින් ඉවත් වී දිවීමට අවශ්‍ය වුවද ඔහුගේ ඇග පන නැති ගතියක් දැනුනි. ඔහු කාන්දමකට ඇදෙන යකඩ කැබැල්ලක් සේ ඇදී ගියෙ දුම් පිටවන එපාට්මන්ට් එක දෙසටය. ඔහුට කෑ ගැසීමට උවමනා වුවත් කටින් හඩක් පිට නොවීය. ඔහු ඉතා අසරන තත්වයකට පත් ව සිටියේය. ඔහු පාවෙලා වගේ ගොස් නතර වූයේ එහි දොර අසලය. මේ වන විට දුමාරය ඉතා දරුනු තත්වයකට පත්ව තිබිනි. සයිමන්ගේ දෙනෙතින් කදුලු පැන ඇත. සිදුවන සිදුවීම ඔහුට තවම සිතා ගැනීමට නොහැක.
එක් වරම එහි දොර විවෘත විය. ඔහු දුටුවේ කලින් තමන් හිස්ව දුටු නිවසේ බඩු මුට්ටු ඇති ආකාරයත් ඒවා සියල්ලම ගිනි ගෙන දැවෙමින් තිබෙන ආකාරයත් පෙනීය. දැන් දැන් ඔහුට ගිනි රශ්නය ද දැනේ. එහෙත් ඔහුට කිසිවක් කරගත නොහැකිය වෙනත් අයෙකු ඔහුව පාලනය කරනවා වැනිය. එක් වරම එපාට්මන්ට් එක ඇතුලතින් කෑ ගසන ශබ්ද වැඩි වන්නට විය. ඔහුට දැක ගන්නට ලැබුනේ ගිනි ගන්නා වැඩිමහල් සිරුරු දෙකක් සහ කුඩා සිරුරක් ඔහු දෙසට එන ආකාරයයි. ඒ සිරුරු පිලිස්සෙමින් පැවතිනි. පිච්චුනු මස් කැදලි සිරුරු වලින් එල්ලා වැටුනි. මුහුනුවල වූයේ ශෝකානුකූල කෘර බැල්මකි. ඔව්න් සෙමෙන් සෙමෙන් ඔහු ලගට කිට්ටු විය. එම සිරුරු වල කටින් හින්දි භාශා වෙන් කෙරෙන අදෝනා පිටවීය. විටෙක වියරු සිනා හඩද ඒ සමගම පිට විය. සයිමන් සියලු වෙර යොදා දැගලීය. ඔහු 'දඩස්' ගා බිම පතිත්වීය.
ඔහු දෑස් විවර කර බැලීය ඔහු තමාගෙ කාමරයේ ඇද අසල බිම සිටියේය. මුලු ගතම ඩහඩියෙන් තෙත් වී තිබින. ඔහු දුටුවේ සිහිනයක්ද ඔහුට සිතා ගත නොහැකිවිය. ක්ෂණික ව නැගිටගත් ඔහු පහල මාලයෙ ප්‍රධාන දොර දෙසට දිව ගියේය. ඔහුට විකාර රූප පෙනෙන්නට විය. ගිනිගෙන දැවෙන සිරුරු පෙනෙන්නට විය. මනස අතිශයින්ම කැලබී තිබින. ඔහු ප්‍රදාන දොර සමීපයට පැමිනෙත්ම අවට මීදුම සේ පෙනෙන්නට විය. ඇග පන නැති වී යන ආකාරයක් දැනිනි.
සයිමන් දෑස් හරින විට යහනක් මත සිටියේය. ඔහුට නුපුරුදු ස්තානයක් බව අවබෝධ විය. තද හිසේ කැක්කුමක්ද දැනුනි. ඔහු අයාසයෙන් වට පිට බැලීය. ඔහුට මදක් එහායින් හෙදියක් සිටියේය. ඔහු සිටින්නේ රෝහලක බව පසක් වීමට වැඩි වේලාවක් ගත නොවීය. ඔහුට දැන ගැනීමට ලැබුනේ ඔහු සිහිසුන්ව දිනකට අදික කාලයක් රෝහලේ සිටි බවය. පසුදින සුව අතට හැරුනු නිසා ඔහුට ගෙදර යාමට අවස්ථාව සැලසිනි.
නමුදු ඔහුට නැවත එම එපාට්මන්ට් එකට යාමට කෙසේවත් හිත් නොදුන්නේය. මේ සිදුවූ කරදරය නිසා ඔහුට ආයතනයෙන් සතියක පමන කාලයක් නිවාඩු ලැබී තිබින. ඔහු කිහිප දවසක් හෝටලයක නැවතීමට තීරනය කර ගත්තේය. ඔහු තමාගේ බඩු භාහිරාදිය ගැනීමට එපාර්ට්මන්ට් එක කරා ගියේය.
ඔහු ගොඩනැගිල්ල දෙසට පැමිනෙනවාත් සමගම මුරකරු පැමින දොර විවෘත කලේය. ඔහු සුහද සිනහවක් පා "සර්ට දැන් කොහොමද යි " විමසීය. සයිමන් පැමිනෙන විට සිටි මුරකරු නොවන නිසා ඔබ මාව හදුනනවාදැයි, සයිමන් විමසීය.
" ඔව් සර් පෙරේදා සර් කලන්තෙ දාල ඉන්න වෙලේ ගිලන් රථයකට කෝල් කලේ මම ඒක අපේ වගකීමනෙ" මුරකරු පැවසීය. සයිමන් ඔහුට ස්තූති කලේය. මුරකරු ග්‍රේස් වන අතර ඔහු කලු ජාතිකයෙකි. අවුරුදු හතලිස් පහක පමන පෙනුමින් යුත් හැඩි දැඩි පුද්ගලයෙකි.
"සර් මෙහෙට අලුත් නේද? මුරකරු විමසීය. ඔව් මම දැන් ඇවිත් සති දෙකක් විතර වෙනව, ඒ වුනාට මම ග්‍රේස් ව මීට කලින් දැකල නෑ නෙ. ඔව් සර් මම මාසයක් නිවාඩුවට අපේ රටට ගියා, ආපහු ඇවිත් වැඩ බාරගත්තෙ පෙරෙද උදේ, ඒක නෙමෙයි, සර් ඉන්නෙ තුන්වෙනි තට්ටුවේ නේද? මීට කලිනුත් ඔය තට්ටුවේ හිටිය අයට කරදර උනා, ඒ තට්ටුවේ හිටපු අය වැඩි කාලයක් හිටියෙ නෑ යන්ඩ ගියා, කාලෙකින් ඒ තට්ටුවේ කවුරුත් හිටියෙ නෑ. ඔව් ග්‍රේස් මම ඉන්නෙ ඒ තට්ටුවේ තමා ඇයි? ඒ අයට මොකද වුනේ. මට ඊට කලින් කියන්ඩකො සර්, සර්ට මොකද උනේ කියල. " සයිමන් ඔහුට සිදු වු සියල්ලම පාහේ මුරකරුට පැවසීය.
"සර් ට වුනා වගේම කරදර තමා ආපු අනිත් අයටත් වුනේ." ඉතින් ග්‍රේස් කොහොමද මෙහෙම වෙන්නෙ, හැමෝටම එකම විදියට, මට නම් තේරෙන්නෙ නෑ." සයිමන් පැවසීය.
" සර්ට මම මේක කිව්වාම තේරෙයි සමහර විට. දැන් අවුරුදු ගානකට කලින් ඔය කියන තුන්සිය පහ එපාර්ට්මන්ට් එකේ ඉන්දියන් ජාතික පව්ලක් හිටියෙ, දවසක් රෑක එගොල්ලන්ගෙ එපාර්ට්මන්ට් එකේ ගෑස් බටේ පුපුරල ගිනි අරගත්ත, ගින්න පැතිරිලා තියන වේගෙට ඒ ගෙදර කට්ටියට මුකුත් කර ගන්ඩ බැරි වෙලා, අපටත් ලොකු දෙයක් කරන්ඩ බැරි වුනා, දොර ඇතුලින් ලොක් කරල තිබුනු හින්ද එලියෙන් දොර කඩනකොටත් පරක්කු වැඩී, ගිනි නිවන හමුදාව ඉක්මනට ආවත් ඇතුලෙ හිටපු තුන් දෙනා මැරිල ඒ වෙනකොටත්, දෙපැත්තෙ එපාට්මන්ට් දෙකටත් ගින්න පැතිරුනා ඒත් ජීවිත හානියක් වෙලා නෑ ගින්න ගොඩක් මහන්සිවෙලා ගිනි නිවන සෙබලු නැවැත්තුව. මරන පරීක්ෂන කරල මිනී තුන ඉන්දියාවට යවල ඒත් අදුර ගන්ඩ බැරි විදිහට පිච්චිලා තිබ්බ, මම දැක්ක, මම එතන හිටියනෙ, එතකොට මේ රස්සාවට ආපු අලුත ඒත් මේ ගොඩනැගිල්ලෙ නෙමේ එහා ගොඩ නැගිල්ලෙ මේ සිද්දිය වෙලා දැන් අවුරුදු විස්සක් විතර වෙනව.
කොහොම හරි ආපහු තිබ්බ විදිහට විනාශ වුනු තැන් හදල ඒ තට්ටුවේ එපාට්මන්ට් කුලියට දුන්නත් ඒවට ආපු අය වැඩිකල් හිටියෙ නෑ සර්ට උනා වගේ කරදර උනා. ඒ තට්ටුවේ ඉන්න අයට කරදර වෙනවලු. මට නම් මෙච්චර කාලයක් හිටිය මුකුත් කරදරයක් නම් වෙලා නෑ සර්, දැන් මම මේ බිල්ඩින් එක ට ඇවිත් අවුරුදු දහයක් විතර, ඒත් අවුරුද්දට වතාවක් දෙවතාවක් ගිනි අනතුරු එලාම් එක වදිනව. ඔය කාමරේ කියල තමා මෙහෙන් පෙන්නන්නෙ, ඒක ඕෆ් කරාම හරි යනව. හැබැයි සර් මට එක උදව්වක් කරන්න ඕනෙ, මම මේ කතාව සර්ට කිව්ව කියල කියන්ඩ එපා කා එක්ක වත් මගේ රස්සාවත් නැති වෙන්ඩ ඉඩ කඩ තියෙනව.
ඔහුගේ කතාවෙන් පසු සයිමන් මුරකරු සමගම ඔහුගේ එපාට්මන්ට් එකට ගොස් ඔහුගේ බඩු මුට්ටු රැගෙන මුරකරුට ස්තූති කොට පිටව ගියේ ආපසු මේහි කිසිදාක නොඑන බව සිහියේ තබා ගෙනය. ඔහු පසුව ආයතනය සමග කතා කොට ඔහු පෙර රැකියාව කල රසල් කයීමා පෙදෙසටම යන ලදී .
නිමි.
දෙව්


No comments:

Powered by Blogger.