අවුරුද්දට ගෙදරට ආ අත්තම්මාගේ අවතාරය

















අපෙ අත්තම්මා ඒ කියන්නෙ තාත්තගෙ අම්මා ජීවත් වුණේ ලොකු තාත්තලාගෙ ගෙදර.එයා නිතරම අපේ ගෙදර ආවා.ඒ ආවෙ එයාට හිටපු මුණුබුරු මිණිබිරියන්ගෙන් එයා වැඩිපුරම ආදරේ කරපු මිණිබිරියො දෙන්නා වුණු මාවයි අපෙ අක්කිවයි දකින්න.අපිත් අත්තම්මාට හරි ආදරෙයි.ඉතින් ඔහොම ඉද්දි දවසක් අත්තම්මා අපේ ගෙදර එද්දි කලන්තෙ හැදිලා පාරෙ වැටිලා.ඊට පස්සෙ එයා එක්තැන් වුණා.අපි නිතරම ගිහින් අත්තම්මාව බලලා ආවා.අත්තම්මාට සිංහල වෙදකම් කළත් කිසිම ගුණයක් තිබුණෙ නෑ.එන්න එන්න ඔත්පල වුණා.දවසක් අපි ගියා අත්තම්මා බලන්න..

"පුතේ උඹලා ආවද මාව බලන්න."
"ඔව් අත්තම්මා.දැං ඔයාට හොදයිද?"
"ඔහෙ නෑ පුතේ.මට මැරෙන්න කලිං එහෙ එන්න ආසයි"

අත්තම්මා එහෙ කියලා කිව්වේ අපේ ගෙදරට.අපි එයාට හොද වුණු ගමන් ගෙදර යමු කියලා එයාගෙ හිත හැදුවා.සිංහල අළුත් අවුරුද්දට තිබුණෙ සති දෙකයි.අපි අවුරුද්දට අත්තම්මාව බලන්න එනවා කියලා පොරොන්දු වෙලා ගෙදර ආවා.

ඊට දවස් දෙකකට විතර පස්සෙ මම අපේ ගෙදරින් එළියෙ පුටුවක් තියලා වාඩි වෙලා පොතක් කියව කියව හිටියා.අක්කී මගේ ළගම බිම වාඩි වෙලා q-tex ගානවා.ගෙදර වෙන කව්රුත් හිටියෙ නෑ.එකපාරටම හයියෙන් හුළගක් ආවා.ගේ ඇතුළේ දොර රෙදි මහා හයියෙන් හෙලවෙනවා අපි දෙන්නම දැක්කා.හැබැයි අපෙ ගේට්ටුවෙන් එළියෙ පරිසරය හරිම නිස්කලංකයි.ගහක්වත් හෙලවෙන්නෙ නෑ.අපේ ගෙදරට විතරක් මේ හමන හුළග අපි දෙන්නටම පුදුමයක් වුණා.ඒ විතරක් නෙවෙයි කියාගන්න බැරි සීතලක් අපිට දැණුනා.

"ලොකු වැස්සක් එන්න වගේ"
අක්කී මගෙ දිහා බලලා කිව්වා.
"මොන වැහිද මේ පට්ට අව්වෙ"

මං එයාගෙ වචනෙට විරුද්ධ වුණා.අපේ ගෙදර ප්‍රධාන ගේට්ටුව හැරුණම ඉඩමෙ කොනට වෙන්න තව පොඩි ගේට්ටුවක් තියනවා.අපි ඒක පාවිච්චි කරන්නෙ කරවල,මස්,මාළු වගේ දේවල් ගෙට ගන්න විතරයි.අපෙ අම්මා ඉස්සරහා දොරෙන් ඒ වගේ දේවල් ගන්නෙ නැති නිසා අපි ඒ ගේට්ටුවෙන් ඒවා අරන් කුස්සිය පැත්තෙ දෙරෙන් ගෙට ගන්නවා.ඉතිං අර හුළගත් එක්කම ඒ ගේට්ටුව නිකන්ම ඇරුණා.අපි දෙන්නම ඒ පැත්ත බැලුවා.පුදුමයි ඇවිදින්නවත් බැරුව හිටපු අත්තම්මා එයාගෙ සුදු සාරියත් ඇදගෙන ගේට්ටුවෙන් ඇතුලට ඇවිත් අපි දිහා බලලා කුස්සිය පැත්තට ගියා.

අපි දෙන්නම දැං මුකුත් හිතාගන්න බැරුව බලන් හිටියා.කුස්සියේ මොකක් හරි පෙරලෙන සද්දෙත් ගෙදර 4න් එකේ rings ගියෙත් එකවැරම වගේ.අක්කි 4න් එක ගන්න දුවද්දි මං දිව්වෙ කුස්සියට.පුදුමයි අත්තම්මා කුස්සියේ නෑ.ඒ විතරක් නෙවේ පෙරලුණු දේකුත් නෑ.දැන්නම් ඔළුව හොදටම විකාරයි.අත්තම්මා කොහාට ගියාද?එහෙම හිතලා කුස්සියේ දොරෙන් එළියට යන්න හදද්දිම අක්කී දුවගෙන ඇවිත් මාවත් ඇදගෙන එළියට දිව්වා. එයාගෙ මුළු ඇගම වෙව්ලනවා.

"නංගී අත්තම්මා නැති වෙලාලු.ලොකු අම්මා කෝල් කළේ"

මට ඇඩෙන්න ආවා.පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙනවා.එතාකොටම කඩේ ගිහිං හිටපු අම්මා ආවා.අක්කී අම්මාට අත්තම්මා නැති වෙලා කියලා කිව්වත් අපිට වුණු සිද්ධිය කිව්වෙ නෑ.එයාගෙ ඇස් වලින් මටත් ඒ ගැන මුකුත් කියන්න එපා කියලා ඉඟි කළා.අම්මා මළගෙදර යන්න ලෑස්ති වෙන්න කියද්දි අපි ලෑස්ති වුණේ ගෙදර තනියම ඉන්න තිබුණු බය නිසාමයි.අපි ලොකු තාත්තලාගෙ ගෙදරට යනකොටත් මිණිය ඇද උඩ.ග්‍රාමසේවක එනකල් කට්ටිය බලන් ඉන්නවා.ලොකු අම්මා අපි ළගට ආවෙ කදුලු පිහදාන ගමන්.

"අනේ බලපං නංගී උදෙත් හොදට කතා කලා. මට කිව්වා මං 11 වෙද්දි කෙල්ලො දෙන්නා බලන්න එහෙ යනවා.ඊට කලින් මට තේ ටිකක් දීපං කිව්වා.ඊට පස්සෙ තේ එක බීලා කොට්ටයක් අතගගා මයෙ කෙල්ලො දෙන්නාට බුදුසරණයි. සුභ අලුත් අවුරුද්දක් වේවා කිය කිය හිටියා.අනේ හරියට 11 වෙද්දි ඇස් පියාගත්තා දෙයියනේ"

ලොකු අම්මා කියද්දි අක්කී මායි මූණෙන් මූණ බලාගත්තෙ අපි දෙන්නා අත්තම්මා දකිද්දී වෙලාව 11ට ඇති කියලා හිතුණු නිසා. මළගෙදර වැඩකටයුතු ඉවර වුණාට පස්සේ අපි අම්මාට මේ ගැන කිව්වා.අම්මා කිව්වෙ අපි දෙන්නට තිබුණු ආදරේ නිසා අන්තිම මොහොතෙත් අපි දෙන්නා බලන්න ආවා කියලා.



No comments:

Powered by Blogger.