හාමු අතින් කෙලෙසී මිය ගිය සිරියාගේ පලිගැනීම
























ඈත පිටිසර ගම්මානයකි, ස්වභාව සෞන්දර්යයෙන් පිරී ඉතිරී ගිය, ජල උල්පත් දිය උල්පත් වලින් ගහන ඒ ගම්මානය නිදහසේ ජීවිතය විදීමට කියූ ස්ථානයකි. එම ගම්මානයේ ප්‍රදාන පවුල එසේත් නැත්නම් ප්‍රභූ පවුල වුනේ ජයවික්‍රම වලව්වේ වාසය කරන පිරිසයි. කෙසේ වෙතත් වලව් පරම්පරා වල අවසාන පුරුක් ජීවත් වුන කාලයක් වූ එම කාලයේ ඔවුන්ගේ කල්ක්‍රියාද කිසිසේත්ම වලව්ව යන වචනයටවත් නොගැලපුනේය. කෙසේ වෙතත් ජයවික්‍රම පවුලේද එකම දරුවා වූ ජෙරාඩ් රත්නායක හාමු මහතාද ඉහත කී ආකාරයටම තම වලව් මාන්නයෙන් හිස උදුම්මාගත් කෙනෙකු විය, බීමත් කම, සල්ලාල කම යහමින් තිබූ ඔහු හට කිසිම දෙයක් කිරීමට ලැජ්ජාවක්ද කිසියම්ම මොහොතකදීවත් සිතී නොමැත. ඔහුගේ සියලුම රහස් දත් අතවැසියෙකුද සිටියේය හේ නමින් සිරිපාල විය.

සිරිපාලද කිසිම තෙතමනයක් වෙනත් කිසිම කෙනෙකු හට ගෞරවයක් දැක්වූ කෙනෙක් නොවූයේ ඔහු කුඩා කල සිටම ජෙරාඩ් හාමු මහත්තයා සමගම හැදී වැඩුනු හෙයිනි, සිරිපාලට ඉතාමත් රූමත් ඇවැස්ස නෑනන්ඩියෙක් විය, ඇය නමින් සිරියාය, නම මෙන්ම ඇයගේ රුවද සිරියාවක්ම විය, ජෙරාඩ් හාමු මහත්තයාගේ සිතේ ඇදි කාන්තා රූප වලින් මුල් තැන ගත් සිරියා ඔහුගේ දැලේ දා ගැනීමට මෙතෙක් කල් නොහැකි වීම පිලිබදව ඔහු සිටියේ යම් කිසි තරහකිනි. කාලය ගෙවෙත්ම සිරියා පිලිබදව වූ අශාව ටිකෙන් ටික වැඩිවූ අතර ඒ බව කිසිම පැකිලීමකින් තොරව සිරියාගෙ ඇවැස්ස මස්සිනා වූ සිරිපාලට කීමට හාමු මහතා දෙවරක් නොසිතුවේ සිරිපාල තමුන් වෙනුවෙන් මිය යාමට වුවද නොපැකිලෙන බව දත් නිසාය, 
" සිරිපාල, මට උබේ නෑනව ඕන බන්, මෙච්චර කාලෙකට මගේ හිතේ ඉදපු ගෑනුන්ගෙන් මට ලන් කරගන්න බැරිවුන එකම ගෑනි ඕකි, ඒක උබ හොදටම දන්නවනෙ, මට ඒකිව ලන් කරගන්න විදියක් කියපන්..." 
" හාමු මහත්තයො ඒකි මගේ නෑන බව ඇත්ත ඒත් ඕකිව මහත්තයට ඕනමනම් අපි දෙයක් කල්පනා කරල කරමු, අපි ඕකිව වලව්වෙ වැඩට ගෙන්නගමු, මම කීවොත් මාමන්ඩිය නාහ ඉන්නෙ නෑ..."

මෙසේ සිදුවූ දෙබසින් දින දෙකකට පමන පසු සිරියාට අකමැත්තෙන් වුවද වලව්වේ වැඩ පල කර දීමට එන්නට සිදුවුනේ සිරිපාලගේත් තම පියාගේත් පෙරැත්තය නිසාමය. එදින වැසි දිනයකි වලව්වටම සිටියේ කුස්සියේ සිටි සිරියාත් වලව්වේ හාමුත් පමනි, එදින ඇය නොසිතූ විරූ ලෙස අහින්සක මුව පොව්වෙක් බදු සිරියා වලව්වේ හාමු අතින් කෙලෙසුනේ වලව්වේ බිත්ති පමනක් එම සිද්දියේ සාක්ශි කරුවන් ලෙසින් තබමිනි, මාස දෙකක් පමන ගත විය, සිරියාගෙ කලින් තිබුනු ප්‍රියමනාප මුහුන සුදුමැලි වී තිබුනි ඇය කිසිම බලාපොරොත්තුවක් නැති කෙනෙක් මෙන් කල්පනා කරමින් සිටී, ඇය ගැබ්බර වී ඇති බැව් දන්නේ ඇය විතරකි, මේ බව තමන්ගේ පවුලේ අය දැනගැනීම තරම් වේදනාවක්ද ඇයට නැත, ඇය තීරනයකට පැමිනියාය ඒ කන්දේ ඇල්ලෙන් පැන තම ජීවිතය නසා ගැනීමටයි, පසුදින උදේ මුලු ගමම එකතුවූයේ එක ස්ථානයකටය ඒ කන්දේ ඇල පාමුලට වූයේ සිරියාගේ දේහය එහි ගොඩට ගෙන තිබූ නිසාවෙනි, කවුරුත් නොදන්න කා හටවත් නොතේරෙන සිරියාගේ අභිරහස් මරනය ඇයගේ අවසන් කටයුතු වලින්ම අවසාන විය, නමුදු එයට හේතුව ජෙරාඩ් හා සිරිපාල හොදින්ම දැන සිටියෝය.

දින සති මාස ගෙවී ගියේය, දැන් කා හටවත් සිරියා මතක නැත, හාමු හා සිරිපාලද සෑම දිනකම මෙන් කටගොන්නක් බීගෙනම සිටිති, සෙනසුරාදා දිනයක් වූ එදින සවස 7 පමන වූ විට බෝතලයම හිස් කර අවසන් වූ ඔවුන් දෙදෙනට වෙනත් කිරීමට දෙයක් නොතිබූ හෙයින් සිරිපාල හාමුගෙන් අවසර ගෙන නාගැනීම පිනිස පිටත් වූයේ කන්දේ ඇල්ල සුන්දර ඇල්ල වෙතයි, වෙරි මතින්ම ජලයට පැන්න සිරිපාල නාමින් සිටියේ සීතල ජලයේ පහස හොදින් විදිමිනි, "සිරිපාල අයියේ, සිරිපාල අයියේ" අසා පුරුදු හඩකි, ඔහු ගොඩට පැමින විපරම් කලද කිසිදු කෙනෙක් නොවීය, නැවතත් ඉකි බිදිමින් හඩන ශබ්දයකට ඔහුගේ සිත සසල විය, ගත වූයෙ තත්පරයකි " මොකද යකෝ උබ මට එහෙම කලේ" ඔහුගේ කන ලගටම පැමිනි රෞද්‍ර කාන්තා කටහඩකි ඒ සමගම තමන්ගේ මුහුන ඉදිරියේ ලේ පෙරාගෙන ඔලුව කුඩුවී සිටින සිරියා විය. ඔහු පිස්සුවෙන් මෙන් ඇල්ල උඩට නැගගත්තේ සිහියක් නැති කෙනෙකු මෙනි, ඔහුද ඔහුගේ නෑනන්ඩිය මෙන්ම කන්දෙ ඇල්ලෙන් පහලට පැන මිය ගියේය.

සිරියා මැරුනා වගේම සිරිපාලත් මැරුනෙ ඇයි යන මහා ප්‍රහේලිකාව මුලු ගම පුරාවටම පැතිර ගියේ ඔවුන් දෙදෙනාම එකම ආකාරයෙන් එකම තුවාල හැඩයන් සහිතව මිය ගිය නිසාවෙනි.
තවත් කල් ගත විය වලව්වද කෙමෙන් කෙමෙන් ගරා වැටෙමින් ඇත, එහෙ ජීවත් වන්නෙ හාමු හා වයසක ආච්චී කෙනෙක් පමනි, ඇයද පන්සලේ පූජාවක් නිසා එදින සියලු වැඩ නිමාකොට සවස් වන්නට කලියෙන් වලව්වෙන් නික්මී ගියාය, හාමු සුපුරුදු පරිදි තනික්මෙන් බෝතලය හිස් කරීමට පටන්ගති, තමන්ගේ හොදම අතවැසියා වූ සිරිපාලගේ වියෝවෙන් පසුව ඔහු ගෙවූයේ තනිවූ ජීවිතයකි, තනිකමටත් වඩා ඔහුගේ මරනය සිදුවූ ආකාරය පිලිබදව තැති ගැන්මකිනි, වේලාව ටිකෙන් එඉක ගෙවී ගියේය, රාත්‍රී 9 පමන වන්නට ඇත, කුස්සිය දෙසින් ඇසුනේ ඉකි ගැසීම් හඩකි, නමුදු නිවසේ තමන් හැර කිසිවෙකු නොමැත, ඔහු වහා ඔහුගේ කාමරයට වැදුනේ තමන්ගේ තුවක්කුව අතට ගැනීමේ අටියෙනි, කාමරයට ඇතුලු වූ විගස එහි දොර පියන් වැසී ගියේ වලව්වම දෙදරන තරම් ශබ්දයකිනි, ජෙරාඩ් පිස්සෙක් මෙන් කෑ ගැසීය 

" කවුද යකෝ, මම ජෙරාඩ් හාමු, ඕන එකෙක් වරෙන් මූනට "
නමුත් එතරම් දැඩි ලෙස කෑ ගැසූ ජෙරාඩ් නිහඩ වූවේ මීයාට පිම්බාක් සේය, ඒ සුපුරුදු සිරියා දැකීමෙනි, නමුදු ඇය සිටියේ තමුන්ට පිටුපා බැවින් මේ ඇයමද යන්න සිතාගත නොහැකි විය, " ආ, හාමු මහත්තයා, මගේ දරුවගෙ තාත්තා, උබ හොදින් ඉන්නව නේද, උබට හිතක් හදාගෙන ඉන්න පුලුවන් වුනා නේද? " ඒ වදන් ඇසීමෙන් ඔහුට ඒ සිරියා බව සැක හැර දැන ගැනීමට හැකි විය.ගත වූයේ ක්ෂනයකි විරූපී සිරියා ජෙරාඩ්ගේ මුහුනටම ලන්විය.....
පසුදා උදෑසන වලව්වට පැමිනි වයසක කාන්තාවගේ විලාපයෙන් රැස්වූ ගැමියන්ට දැක ගත හැකි වූයේ බාල්කයක එල්ලී මැරී ඇති ජෙරාඩ් හාමුය, ඒ සමගම ලිපියක්ද විය, ඒ තමන් අතින් සිරියා හට වූ අසාදාරනය ගැන පාපොච්චාරණය විය, එතැනින් ජයවික්‍රම පරම්පරාවද අවසන් විය...

No comments:

Powered by Blogger.