අම්මාගේ අවතාරය


























අපේ තාත්තා දුම්රිය ස්ථානාධිපතිවරයෙකි.මව ගුරුවරියකි.තාත්තා දුම්රිය ස්ථානාධිපතිවරයෙක් ලෙස සේවය කරන නිසා අපි අම්මා,මල්ලී සහ මට ඔහුට මාරුවීම් ලැබෙන ප්‍රදේශ වලට අපිට ද මාරුවීම් සාදා ගැනීමට සිදුවිය.එක් අවස්ථාවකදී තාත්තාට ඔහිය දුම්රිය ස්ථානයට මාරුවක් ලැබිණි.අපිද එහි නිල නිවාසයේ පදිංචියට ගියෙමු.නමුත් මෙවර අම්මාට මාරුවීම සාදා ගැනීම අසීරු කටයුත්තක් විය.ඇයට මාරුවීම සාදා ගැනීමට මාස 3ක කාලයක් යනු ඇතැයි තාත්තා සමග පවසනු මට ඇසිණි.

මේ වනවිට මා 4ශ්‍රේණියේ ද මල්ලී 2ශ්‍රේණියේ ද ඉගෙනුම ලබමින් සිටියහ.කෙසේ නමුදු අම්මා ද නොමැති නිසා විශාල මෙන්ම සැප පහසු නොවූ නිල නිවාසයේ නවාතැන් ගැනීමට තාත්තා කැමති නොවීය.එනිසා අපි වෙනත් ගෙයක් කුලියට ගත්තෙමු.එය අලංකාර කුඩා නිවසකි.සීතල දේශගුණයට සරිලන ලෙස සාදා තිබූ ඒ නිවස තරමක් පැරණි වුවත් අප සියලු දෙනාගේ සිත් ගත්තෙමු.අම්මා නොමැති නිසා අපිව බලා කියා ගැනීමට තංගම්මා නැමති කාන්තාවක් ගෙදර සේවයට පැමිණියාය.නමුත් ඇය අපි සමග එතරම් සුහදශීලි ලෙස කටයුතු කලේ නැත.කොටින්ම කිවහොත් ඇය අපිට කෑම සෑදීම සහ ගෙදර අස් කිරීම පමණක් සිදු කලාය.ඉන්පසු එකම රාජකාරිය ඇය රැගෙන එන නවකතා පොතක් කියවමින් සෝෆාවට වී කෝපි බීමයි.නමුත් අපිට එය එතරම් ගැටලුවක් නොවිනි.ඒ මන්ද යත් මෙම නිවසේ පිටුපස සෙල්ලම් කිරීමට අගනා තනබිමක් නිරමාණය වී තිබීමයි.මේ නිසා තාත්තා පැමිණෙන තුරු අපි එහි සෙල්ලම් කලෙමු.

ඔහිය ප්‍රදේශයට නිතරම වැසි ඇදහැලේ.මේ දිනවලට අපි පාසල් පවා නොයා සිටින්නෙමු.එදින වලට නිවසට කොටු වන අපේ එකම සෙල්ලම වන්නේ දූවිලි පිරුනු අහුමුලු පරීක්ශා කිරීමයි.අහ්...එය අපගේ එකම සෙල්ලම නොවේ...හික්..හික්..තවත් එකක් පවතී...අපි ඒ ගැන කාටවත් පවසා නැත..එනම් අවතාර සෙල්ලමයි.

ඇය කාන්තාවකි.අපි ඇයව අම්මා ලෙස ඇමතුවෙමු.මොකද ඇය අප සෙල්ලම් කරන විට පිට්ටනියට පැමිණ අපේ තනියට සිටී.එමෙන්ම එක වරක් මා ගසකට නැග එයින් වැටීමට ගොස් බේරාගත්තේද ඇයයි..ඇය අපට කතන්දර පවා කියා දෙයි.ඇය කරුණාවන්තයි.ආදරනීයයි.

මෙලෙස කාලයක් ගතවිනි.එක් දිනක උදෑසන අවදි වූ අපිට අපගේ ඇද අසල ලස්සන පොඩි වීදුරුවක් දක්නට ලැබිණි.එය පෙර රාතියේ එහි නොතිබුණු එකක් විය.මෙය ;අම්මා;(අවතාරය) විසින් අපිට රාත්‍රියේ පිපාසය සෑදුනහොත් එයින් මිදීමට තබා ගොස් ඇතැයි සිතුවෙමු.මේ වනවිට තාත්තාට මල්ලීගේ යම් යම් වෙනස්කම් දක්නට ලැබුනත් ඔහු ද මේ ගැන කිසිවක් ඔහුට නොපැවසුවේය.අම්මාට තවම මාරුව සාදා ගැනීමට අපහසූ වී ඇති බව තාත්තා මා සමග පැවසීය.

අපේ ආලිනදයේ ලස්සන පැරණි පුටුවක් විය.මෙය කෑම මේසයට අයත් වූවක් නොවූ අතර තාත්තා මෙය අයින් කිරීමට උත්සහ කලත්; අපි එයට ඉඩ නොදුන්නෙමු.මොකද මෙය ;අම්මා; ඉදගන්නා පුටුවයි.අපි නිවසේ සෙල්ලම් කරන විට ඇය මෙහි හිදගෙන තංගම්මාට නොපෙනෙන ලෙස සිටී.එකම ප්‍රශ්නය වූයේ ඇය මෙම පුටුව අප කෙතරම් බිත්තිය ආසන්නේ තැබුවත් නැවතත් එය සාලය මැද්දට ගෙනවිත් ඉද ගැනීමයි..මේ නිසා තංගම්මා අපිට හැමදාම පුටු සාලේ මැද්දේ තියනවාදැයි අසමින් බැණ වදී.

මාස 10ක් පමණ ගෙවුණු තැන අම්මාගේ මාරුව නොලැබෙන පාටක් පවතින නිසා තාත්තා අම්මා සිටින ප්‍රදේශයට මාරු වීමට තීරණය කලේය.අවසානයේ අපි නිවස හැර ගියෙමු.අපේ එකම දුක වූයේ ;අම්මාදමා යාමට සිදු වීමයි.මෙයින් වසර 5ක් පමණ ගෙවුණු පසු මාහට නැවත ඔහියට යාමට ලැබුණි.ඒ මා මේ වනවිට ඉගෙනුම ලබමින් සිටි පාසලේ විවාද කන්ඩායමේ සාමාජිකයෙක් ලෙස තරග කිරීමට ඔහිය මධ්‍ය විද්‍යාලයෙන් ලද ඇරයුමකට අනුවයි.

මා සහ තවත් 4දෙනෙක් අතුලු අපේ සංගමය භාර ගුරුවරයාද එහි ගියෙමු.දවස් 3ක් පමණ එහි නැවතී සිටීමට අපිට සිදුවිය.මේ අතරවාරයේදී මම ඒ ප්‍රදේශයේ පුස්තකාලයට ගියෙමි.ඒ විවාදයට අදාල කරුණු සොයා ගැනීමටයි.එහිදී පැරැණි පුවත්පතක ලිපියක් අහම්බෙන් මෙන් මාගේ නෙත ගැටිණි.

එහි තිබුනේ අප පෙර වාසය කල ඔහිය ප්‍රදේශයේ කුඩා නිවසය.අප වාසය කිරීමටත් අවුරුදු 10කට පෙර මෙම ලිපිය පලවූ බව දිනයෙන් මට තේරුනි.එහි එම නිවසේ කාන්තාවක් තම දරු දෙදෙනාට වස පොවා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව දුටිමි.එයින් ත්‍රාසයට පත් වූ මා හට පෙර සිද්ධි දාමය මැවි පෙනිනි.කෝප්පයත් , සාලය මැදට ගෙන එන පුටුවත් මාගේ මතකයට නැගුණි....

පලවෙනි කතාව..අඩුපාඩු ගොඩක් ඇති..ඒවා පෙන්වා දෙන්න..ඉදිරියට තවත් කතා රැගෙන එන්නම්..



No comments:

Powered by Blogger.