සිරිසේනට හමු වූ අඩනිරුවත් රූමතිය යක්ශනියක්ද























මෙම සිදුවීම අවුරුදු පහකට පමන පෙර සිදුවූ සත්‍ය කතාවකි. සිරිසේන දවසක් යාළුවෝ පිරිසක් එක්ක ගමනක් ගිහින් එන අතර ගමන් මහන්සිය නිවාගන්න මුහුදු වෙරළකට ගියා.එයත් එක්ක ගිය යාළුවෝ අරක්කු බොන්න සෙට් උනා,සිරිසේන බොන්නේ නැතිනිසා කම්මැලිකම යන්න කියලා වෙරළ දිගේ ඇවිද ගියා.ඔහොම ටික දුරක් යද්දි තරමක් ලොකු ගල්තලාවක් දැකල ඒ ගල උඩට නැග්ගා.ඊට පස්සේ අවට පරිසරය දිහා බලලා ගලඋඩ ඉදගත්තා.

ඔහොම පැය භාගයක් විතර ගියාම ඉරත් බැහැලගිහින් තරමක් අදුරුඋනා,ඉතින් සිරිසේන ආපහු එන්න කියලා
නැගිටින්න සූදානම් වෙද්දීම " කොහෙද යන්න හදන්නේ,මොකෝ හදිස්සිය"කියල ගෑණු කටහඬක් ඇහුනා,ඉතින් සිරිසේන වටපිට බලද්දී "මම මෙහේ මේ පහල ඉන්නේ " කිව්වම ගලපාමුල බැළුවා.

මෙන්න හරිම ලස්සන ගෑණු ළමයෙක් හැබැයි අඩනිරුවතින් ඉන්නව.මේක දැකල සිරිසේනට අමුත්තක් දැණුනා,කිසිම පිළිතුරක් නොදී ගලෙන් බහිද්දී ආයෙමත් ඒ ගෑණු ළමයා"කට්ටඩි මහත්තයෝ මොකෝ මට බයද" ඇහුවාම සිරිසේන හොඳින් ඈ දිහා බැළුවාම තේරුම්ගියා මේනම් මනුස්සදුවෙක් නෙවෙයි කියලා.අනිත් කාරනය තමයි එයා එක්ක ගිය යාළුවෝ ඇරෙන්න වෙන කවුරුත් දන්නේනෑ සිරිසේන කට්ටඩි මහත්තයෙක් කියලා.ඉතින් ඒ වෙලාවත්,තැනත් ගැන හිතලා එයා නිෂ්ශබ්දව බැහැලගිහින් යාළුවන්ට විස්තරය කිව්වා.එහෙම කියලා මෙහෙමත් කිව්වා.ඒ ගෑණු ළමයා කවුරුහරි මරාදාලා,දැන් යක්ශනියක් වෙලා පලිගන්නව,ඒ වෙලාවත්,තැනත් එයාගේ නිසා එයා හරිම බලවත්,මම මන්ත්‍ර ශාස්ත්‍රය දන්නව උනත් සුදුසුමදේ තමයි මගහැර ඒම කිව්වා.

සැ.යු.අපිටත් මේවගේ අවස්‍ථාවන්ට මුහුණදෙන්න සිදුවෙන්න පුළුවන් ඒ වෙලාවට සුදුසුමදේ තමයි මගහැර යාම.ස්තූතියි .




No comments:

Powered by Blogger.