ගහ උඩ සිටි බලු ආත්මය
























මම ඒලෙවල් ඉවර නිසා චූටි ජොබ් කට්⁣ටක් හොයා ගත්තා... ආයතනයක පොඩි ජොබක්. .
මගෙ රාජකාරිය වුනේ ඒ ආයතනයේ විස්තර පරිගනක ගත කරන එක. මට වැඩේ වැඩිය අමාරු වුනෙත් නෑ... ඒත් වෙලා යන වැඩක්... සමහර දවස් වලට කලින් රිලීස්.... ඒත් සමහර දවස් වලට ටිකක් වැඩ වැඩියි... මෙදත් මට වැඩ වැඩි දවසක්... මම ගෙදර එන්න පිටත් වෙද්දි හවස් වුනා... පහත් පහ් වුනා... මට තව වැඩකුත්
තිබුනා.... මගෙ පුංචි බයික් කට්ට කැඩිලා ගැරේජ් එකේ තිබුනෙ....
ඒක ගන්න ගියා... කොහෙද... ඒ ගැරේජ් එකේ මිනිහා ඒක හදලා නෑ... මම ආපු නිසා හදන්න ගත්තත් වැඩේ ඉවර වෙද්දි ටිකක් රෑ වුනා.. හතට හත හමාරට විතර ඇති... මම ගෙදර එන්න පිටත් වෙද්දි.

මගෙ බයික් එකේ හෙඩ් ලය්ට් එකත් ටිකක් මදි.. කරුවලයි... කරන්න දේකුත් නෑ... වෙනදට මම හැටට හැටේ පාගලා ආවට මම මෙදා නම් ගියේ හිමින්... කරුවල හින්දා...අපේ දෙරට එන පාරෙදි පොඩි කැලයක් හම්බෙනවා... කැලේ මැදින් තමයි යන්න වෙන්නෙ... දවල්ට නම් එතනින් යන්න බයක් නෑ... ඒත් රෑට... කරුවලය් බයය් අම්මෝ.. මම බයේම ආවා. මොනා කරන්නද...

එක පාරටම පාර හරහා සතෙක් පැන්නා... මම බ්‍රේක් පාරක් ගැහුවා... සතා යන්තම් ගෑවී නොගෑවී බෙරුනා වගේ දැක්කා... එ්ත් එහෙම මොන සතෙක්වත් නෑ.. පාර පැන්නනම් ඌ ලග පාතම ඉන්න එපැයි.. හැබැයි,, සතෙක් තියා මොකෙක් වත් නෑ.. මම ඉන්නෙ කැලේ මැද කියලා මතක් වුනේ ඊට පස්සෙ.. එහෙමම පාගලා එන්න ගත්තා.. මට මතක හැටියට පාර පැන්නෙ කලු පාට බල්ලෙක්. මම එහෙම තමයි දැක්කෙ. ඔහොම හිත හිත මම එද්දි ටිකක් ඈත පාරට නැමිලා තියන ගහක් උඩ කලුම කලු පාට බල්ලෙක් ඉන්නවා.. මේක වෙන්න පුලුවන් දෙයක්ද??? බල්ලෙක් මේ මහ රෑ ගහ උඩ?? කොකටත් මම ටිකක් බයික් එකේ වේගෙ වැඩි කලේ බය කියන හැගීම මාත් දන්න නිසා. මම ඒක හිත හිතම එන්න වුනා. මට එකක් නම් පැහැදිලියි.. ඉස්සල්ලා පාර හරහා පැන්නෙත් දැන් ගහ උඩ හිටියෙත් මේ බල්ලම තමයි ... තව දුර යන විට තවත් ගසක අර බල්ලා අර විදියටම උඩ ඉන්නවා මෙන්න.. එකක් පැහැදිලිය.. මේ බල්ලෙක් නොව බලු හොල්මනක් විය යුතුමය.. බල්ලා හොල්මනක් වීද?? නැත්නම් හොල්මන බලු වීද?? මම දන්නෙ නෑ.. මම බය කියන හැගීමේ උච්චතම අවස්ථාවට පැමිණ ඇත. බයික් එකේ කොච්චර වේගෙන් ආවද කියලා නම් මට මතක නෑ.. ඒ වෙනදට වඩා වේගෙන් ආවා කියලනම් මතකය්.. ඒක එච්චරය්.. මම ගෙදර කාටවත් ඒ ගැන කියන්න ගියෙ නැත්තෙ මම නිකම් පිස්සු කියවනවා කියලා කට්ට්ය මාව ජෝක්ස් එකට ගනී කියලා...

ඒත් මට මෑතකදි අහන්න ලැබුනා මේ සිද්දියෙ යම් ඇත්තක් තිබෙන බව.


No comments:

Powered by Blogger.