ගොරකාන කනත්ත






















මෙයද මට සිදු වූ සත්ය සිදු වීමකි. මම ඒ දින වල කොළඹ සති අන්ත පන්තියකට සහභාගි වුනෙමි. මා නතර වූයේ පානදුරේ සිටි මිත්රයෙකුගේ ගෙදර ය. සති අන්තයේ එහි පෑමිණ උදේ පාන්දරින්ම සූදානම් වී මාගේ මිනි මයිනරයෙන් පන්ති යාම සහ ඊම කළෙමි. එසේ කලේ මිනි මයිනරය නොදුවා තෑබීම නුසුදුසු නිසාත් මට ඈති වන ගමන් පහසුව නිසාත් ය.

එක් දිනක, පන්තියට ගිය විට සර් ට හදිසි අවශ්යතාවක් යෙදී පන්ති නොපෑවෑත්වෙන බව දෑන ගන්නට ලෑබුණු හෙයින් මම ගොඩ කලකින් නොගිය නිසාත් මාගේ අයියා පදිංචිව සිටි විජේරාම හන්දියේ ගෙදරට ගියෙමි.
එහිදී මට දෑන ගන්නට ලෑබුණේ තාත්තා සහ අම්මා ඔවුන් බලන්නට එන බවත් දින කිහිපයක් එහි නතර වෙන බවත් නිසා ඔවුන් දෙපොල දෑක බලා ගෑනීමට හෑකි වන නිසාත් දිවා ආහාරයත් රෑගෙනම යන ලෙස ඔවුන්ගෙන් ලෑබුණු ආරාධනාව නිසාත් ය.

පෑයකින් පමණ ඔවුන් පෑමිණියෝය. ඉන් පසුව ඔවුන් ගේ ගිමන් හෑරීම අතරතුර මා සමග පුත්තලමේ (ඒ වකවානුවේදී මා සේවය කල ප්රදේශය ) විස්තරද කතා කිරීම සිදු විය. දිවා ආහාරයෙන් පසුවද විස්තර කතා කරමින් සිටි අපට අම්මා පෑමිණ කිව්වේ මට රාත්රි ආහාරයත් රෑගෙන එහි නතර වී සිට පසුවදා උදේ යන ලෙසටය. එහෙත් අමුත්තන් තුන් දෙනෙකුට නතර වීමට තරම් ඈනෙක්සියේ ඉඩ නොවූ බෑවින් ද අම්මා සහ තාත්තාට ඉඩ දිය යුතු වූ නිසාද රෑ කෑමෙන් පසු මම මිතුරා ගේ ගෙදර යන්නට තීරණය කළෙමි.
රාත්රි කෑමට බිත්තර ඔම්ලට් සහ පපඩම් ද තිබූ අතර මම ඒවා එකක් වත් නොකා සිටීමට තීරණය කලේ රෑ ගමන් කිරීමට තුබූ නිසාය. එහෙත් අම්මාගේ පෙරෑත්තය නිසාම මට බිත්තර ඔම්ලට් සහ පපඩම් කන්නට සිදුවිය.
රාත්රි 10.30 පමණ වන විට මම පිටත් වූයෙමි. දෙමවුපියන් ගෙන්, අයියා සහ ඔහුගේ බිරිඳගෙන් සමුගත් මා මෝටර් රථය හයි ලෙවල් පාරේ කොට්ටාවට පදවාගෙන ඈවිත් දකුණට හෑරවූයේ පිළියන්දල හරහා බෙලෙක් කඩේ හන්දියට පෑමිණ ගාලු පාර ඔස්සේ පානදුරයට පෑමිණීමටය. පෑයට කි මී 30ක පමණ වේගයෙන් මා රථය පෑදවූයේ කි මීටරයක පමණ දුරින් දකුණට හෑරවිය යුතු හෙයිනි. මෙම මාර්ගය මම නිතරම ගමන් ගන්නා හොඳට පුරුදු මාර්ගයකි.
එහෙත් මට කොහේ හෝ වෑරදුණු බව තේරුනේ නුපුරුදු ගොඩනෑගිලි පසු කිරීමට සිදු වූ හෙයිනි. සුළු වේලාවකින් මා වෑටී තිබුනේ මත්තෙගොඩ නිවාස සංකීර්ණය ගොඩ නෑගෙන තෑනට බව පෙණුනි. එහි ඉදිරිපසින් පාර හරස් කොට දිග උණ ලීයක් දමා එහි “ඈතුල්වීම තහනම්” යන්න දිස්වෙන කාඩ්බෝඩ් පුවරුවද ප්රධාන ලාම්පු එලියෙන් කියවූයෙමි. මෝටර් රථය රිවර්ස් කර ගෙන ටික දුරක් ආ මට, දකුණට වංගුවක් ඈති බව පෙනී ගියේය.ඒ ලඟම කඩයක් ඈර තිබුණි. මම විගසින් එතෑනට ගියේ ඔහු කඩය වෑසීමට සූදානම් බවක් පෙණුනු බෑවිනි. ඔහුගෙන් මාර්ග විස්තරය අසා ගත් මම නෑවත මෝටර් රථයට ගොඩ නෑගී පණ ගන්වන විට වංගුවේ සිටගෙන සිටි තනි සුදු ඈඳ ගත් වයසක මිනිහෙක් දුටුවෙමි.
එතෑනට හෙමින් මෝටර් රථය පදවා ගෙන ආ මට, ඔහු පාර හරස් කොට ඔහුගේ වම් අත ඔසවා පාර මෙහේ යනුවෙන් හස්ත මුද්රාවෙන් සංඥා කලේය. ඔහු අසල නෑවතූ මා කොහාටද යන්නෙ? එනවද මාත් එක්ක? යන ප්රශ්ණයට ද අතින් "බෑහෑ" යනිවෙන් සංඥා කළ නිසා මම දිගටම රිය පදවාගෙන ගියෙමි ටික වේලාවක් ගමන් කිරීමෙන් පසුව පොල්ගස් ඕවිට ට වෑටුණි. ඉන් දකුණට හෑරී පිලියන්දලට ආ මට සිතෙහි රෑව් දෙන්නට වූයේ මෙතෙක් දුර ආවත් මනුස්සයෙක් හෝ වාහනයක් මුණ නොගෑසුනේ මන්ද යන්නයි.
කොයි එකටත් කියා මම පිලියන්දල ශෙඩ් එකෙන් ෆුල් ටෑන්ක් ඉන්ධන පුරවා ගෙන ඉතිරි ගමන පිටත් වුනෙමි. බෙලෙක් කඩේ හන්දිය පසු කර මොරටුව දෙසට හෑරෙන විට තරමක සෑනසුමක් දෑණුනි. ගාලු පාර දිගේ ආ මම දිගරොල්ල පාලම ලඟින් වමට හෑරුනේ ඒ දින වල අළුත් පාර ගෑන සිහිණයක් වත් නොතිබූ හෙයිනි.
මම සිහින් හඬින් සිවුරුහන් නාද කරමින් දිගරොල්ල පාලම පසු කර පාළුවට දිස් වෙන ගාළු පාර දිගේ රිය පදවාගෙන ආවේ, ගාළු පාර වෙලත් වාහන නෑති එකනෙ පුදුමේ කියමිනි. කෙසෙල් වත්ත පසු කර හරියටම ගොරකාන කනත්ත ඉදිරිපස ගේට්ටුව ලඟට ආවා පමණි. මාගේ පිට දිගේ සීට් එකේ උඩ මට්ටමින් වමේ සිට දකුණටත් දකුණේ සිට ආපසු වමටත් සීතල ඈඟිලි දෙකක් ඈදින. මෝටර් රියෙහි පිටත් වන විට සිටියේ මා පමණක් බෑවින්, මෙය අමනුෂ්යයෙකු විය හෑකි යයි සිතුණු බෑවින්ද, එක් වරම තදින් තිරිංග පාගා රථය නතර කර ගත් මා පසුපස බලන කන්නාඩියෙන් පසුපස බලා ගෙනම කෑබ් ලයිට් දෑල්වූයෙමි. කිසිවෙකු රථය තුල නොමෑති බව පෙණුනෙන් ඔවුන් ගේ --ණි ----න්ට පින් දෙමින් දකුණු පස දොර ඈර ගෙන එලියට බෑස්සේ පිටුපස අසුන නිරීක්ෂණය කිරීමටය. එහි කිසිවෙකු නොමෑත.
එක් වරම පාරේ එහා පෑත්තේ නිවෙසක විදුලි ලාම්පුවක් දෑල්විණ. යතුරකින් කරකවා දොරක් අගුළු අරින හඬ ඈසිණ. ඉදිරිපස දොර ඈර ගෙන වයස 70ක පමණ මනුස්සයෙක් එලියට විත් එතෑන සිටගෙනම මගෙන් ඈසුවේ "ඕයි, කාව හරි කාර් එකේ හෑපුණාද? පොලීසිය පානදුරේ තමයි". ඔහුගේ මුහුණ දුටු මම අන්දුන් කුන්දුන් වුනෙමි. ඒ මත්තෙගොඩදී මා දුටු වයසක මනුස්සයාය. "කොහොමද මට ඉස්සෙල්ලා ආවෙ? බයික් එකකද? නොසෑහෙන වේගෙකින් ඈවිල්ලානෙ. ඔහු කට කොණකින් සිනා සී කිවුවේ "මම කොහෙවත් ගියෙ නෑ අයිසෙ, තමුසෙ මොකකට හරි බය වුනාද?"එහෙම නම් වුනේ නෑහෑ. මම කිවුවෙමි.
ඔහුගේ වචන වලට මට තරහ ආවද ඉවසා සිටියේ වෙනත් කිසි කෙනෙක් පෙනෙන්නට නොසිටි බෑවිනි. ඔහු ලඟට ගොස් කවුරු හෝ මගේ පිට අත ගෑ බවත් ඒ නිසා රථය නෑවෑත්වූ බවත් කිවුවෙමි.
ආ..ආ.. මෙතෑන ඔය වගෙ දේවල් වෙනවා. ගණන් ගන්න එපා. කොහාටද යන්නෙ? මම යන තෑන කිවූ විට ඕනෙ නම් මම එන්නම් බස්සවලා එන්න කිවුවාම මට දෑන් ඔහේ ව බස්සන්න ආපසු එන්න විදියක් නෑහෑ නෙ, රෑ වෙලා නිසා. කමක් නෑහෑ තව ටික දුරයි නෙ. මම යන්නම්, ඔහුගෙන් සමු ගතිමි. මෝටර් රථයට ගොඩ වීමට පෙර මට ඈසුණු " භරස්, භරස් " යන හඬින් ගොනෙකු හෝ එළ දෙනක ලඟම තණ බුදින බව සිතා ගතිමි. එහෙත් පෙනෙන්නට නොමෑත. රිය පණ ගෑන්වීමට සූදානම් වනවාත් සමගම කනත්තේ ගේට්ටුව අසලින් තද දුඹුරු පාට හරකෙක් හෝ එළදෙනක් තණ කන අයුරු පෙණුන බෑවින් නෑවත එලියට බෑස බලන විට බිම තිබූ 2"*2" කළු ගල් කෑල්ලක සපත්තුව වෑදුණු හෙයින් එය අහුලා ගෙන සතාගේ ඈඟේ වදින ලෙස වීසි කර බලා සිටියෙමි.
එහෙත් ගල උගේ කඳ හරහා ගොස් එහා පෑත්තට වෑටෙන බව දුටු මට නිකම්ම "---ගෙ ----ලා-- --ම----ඩ" යි කියෑවින. ඒත් සමගම ඌ ගාටා ගෙන ඉදිරියට ඈදුණු හෙයින් මම පිටත් වුනෙමි.
තවත් විනාඩි තිහකින් පමණ මම මිතුරා ගේ ගෙදරට ආවෙමි. ඔවුන් මා එන තුරු බලා සිටියහ.
පන්තිය නොපෑවෑත්වුණු බවත් අයියාගෙ ගෙදර ගිය බවත් තාත්තා සහ අම්මා ආ බෑවින් ඔවුන් හා කතා කරමින් සිටි නිසා රෑ වූ බවත් රාත්රියට කෑම කා ආ බවත් කියා මම ඈඟ සෝදා ගෙන නිදා ගතිමි. කුඩා දරුවන් එහි සිටි නිසා සිද්දිය ගෑන මම කිසිවෙකුට නොකීවෙමි.
පසු දින අළුයම මා, මගේ මිතුරා තනි වන වේලාවක් බලා අතින් සංඥා කර එලියට එක්ක ගොස් හෙමින් ඔහුට වූ ඈබෑද්දිය කිව්වෙමි. ඔහොමම යමු බලන්න ගොරකානට කියූ ඔහු මගෙන් යතුර ගෙන මෝටර් රථය පෑදවීය. යන ගමනේදී මම සියළු විස්තර ඔහුට කීමි. රාත්රියේදී නොකීවේ කුඩා දරුවන් බිය වේ යෑයි සිතුණු නිසා බවත් කීවෙමි.
හරියටම ගොරකාන කනත්ත ඉස්සරහ රථය නෑවතූ අපට පෙණුනේ ඊයේ රාත්රි විදුලි ලාම්පු දල්වා ගෙන වයසක මනුස්සයා දොර ඈර ගෙන එලියට ආ නිවසේ ඈත්තේ ගෙදර ඉස්සරහ බිත්තිය පමණක් බවත් විදුලි සම්බන්දතාව ගොඩ කලකට ඉහතදී විසන්දි කර ඈති බවත් ය. අප දෙදෙනා එතෑන කතා කරමින් සිටින විට ඊට මීටර් දෙතුන් සීයක් ඈතින් ගෙදරක සිටි අයෙකු අප දෙසට එන්නට විය.
ඔහු දුටු මගේ මිතුරා මොහුට ඈත්ත කියන්න එපා මොනවා හරි ඈහෑවුවොත් කියා මට කිව්වේ ය. ඔහු ඈත තියාම, "කාව හරි හොයනවාද" ?මගෙන් ඈසුවේ ය . මම කිවුවේ, ඔවු, මගෙත් එක්ක එකට ඉගෙන ගත්ත කෙනෙක් මේ ගෙදර හිටියා දෑන් අවුරුදු තිහකින් විතර මුණ ගෑසුනෙ නෑහෑ. මම හිටියෙ රට. ඉතින් මෙතෑනින් යන ගමන් මතක් වෙලා බලන්න හිතුනා ඔහුව කියා බොරු නමක් ද කිවුවේ ඔහුගෙන් ගෑලවීමටය. එහෙම කෙනෙක් ඔය ගෙදර හිටියෙ නෑහෑනෙ. හිටිය නම් මම දන්නවානෙ.
" මම කිව්වෙ එයාගෙ ඉස්කෝලෙ නම. සමහර විට මෙහාට වෙන නමක් කියන්ඩ ඈති". මම තවත් බොරුවක් කිව්වෙමි. ඔය ගෙදර හිටිය අය ගෑන හොයන්ඩ එපා. ඔය ගොල්ලො ආපසු යන්ඩ, යි කී විට ඔහුට අවනත වූවාක් මෙන් මම " අපි යන්නම් එහෙනම්" බොහොම ස්තුතියි යි කියා ආපසු ආවෙමු.
මට අදටත් පිළිතුරු නොමෑති ප්රහේලිකාවන් වූයේ,
මත්තෙගොඩ දී දුටු මිනිසා මෙතෑන ගෙදරට ආවේ කෙසේද?
කඩා වෑටුනු බිත්ති ඈති ගෙදර ඔහු ලයිට් පත්තු කළේ කෙසේද?
මගේ පිට අත ගෑවේ කවුද ? යනුයි.
අදටත් එතෑනින් ගියොත් එය මතක් කරණ මා, මිතුරාගේ උපදෙස් අනුව,
රෑ බෝ වුනොත් එහිම නෑවතී සිට එන්නෙමි.
රාත්රි ගමන් යන්නේ නම් බෑදුම්, පපඩම් ආදිය නොකන්නෙමි.
කියවූ ඔබ සෑමට ස්තුතියි.

No comments:

Powered by Blogger.