පැල් රකින්න සීයා තනියට ගෑනු පරාණය




















අපේ සීයා තමයි මේක කිව්වේ... එයා මුහුණ දීපු අත්දැකීමක්...

අපේ පැත්තේ තියනව ඉස්සර තාපසවරු හිටපු ආරාමයක්... කන්දක් අයිනෙ,කැළෑවෙන් වටවෙලා...අපි පොඩිකාලෙ ඒ ආරමෙට යනව මටත් පොඩ්ඩක් මතකයි.... මොකක්දෝ හේතුවකට ඒ ආරමේ හිටපු තාපස තුමා යන්න ගියා... කාලයත් එක්ක ඒ පැත්තේ වල් බිහි උනා...

අපේ සීයාට අයිති කුඹුරක් ඒ ලගම තියෙනවා... ලොකු ගල් තලාවක් එක්කම තමයි කුඹුර තියෙන්නේ.... ඒ
පැත්ත ගොඩක් පාලුයි .... කතාවක් තිබුනා එහේ හොල්මන් තියෙනවා කියලා... ඒ උනාට අපේ සීයනම් යකෙකුටවත් බයක් තියෙන කෙනෙක් නෙමෙයි..

කොහොමහරි එක පාරක් ඔය කුඹුරේ වැඩ කරලා ගොයම් පැළත් හොදට හැදීගෙන එනකොට කුඹුරට සත්තු එන්න ගත්තලු... ඉතින් අපේ සීයා යනවලු පැල් රකින්න... ඒ ගිහිල්ලා රෑට ඉන්නේ අර ගල් තලාවෙලු.. ඒක ටිකක් උසට තියෙන හින්දා ආරක්ෂාවටත් හොදයිනේ.. දවසක් රෑට කෑමත් කාලා 7ට විතර යන්න පිටත් වෙලා... ඒ ගිහින් ගිනි මැලේකුත් ගහලා ටිකක් වෙලා ඉන්නකොට සීයට නින්ද ගිහින්... එක පාරම කවුරු හරි කතා කරනව ඇහිල නැගිටලා බලනකොට ගෑනු කෙනෙක් ඉදන් ඉන්නවලු ගිනි මැලේ ළග... ඒ වෙලාවෙනම් සීයගේ හිත ටිකක් බයවෙලා...කුනුහරුපයක්වත් මතක් උනේ නැතිලු.. වටපිට බලනකොට සීයගේ අතට අහුවෙලා තියෙන්නේ රතිඤ්ඤා .... එයා මොකද කරන්නේ රතිඤ්ඤා එකක් අරගෙන ඒ ගෑනු කෙනා ඉන්න පැත්තට දාලා.... ඊට පස්සේ එයා නැති උනාලු.... ඒත් ඒ වෙලාවෙම සීයා ගෙදර ඇවිත් .... එනකොටත් කවුරුහරි පස්සෙන් එනවා වගේ දැනෙනවලු... මෙයා පස්සවත් බලන්නේ නැතුව ගෙදරම ඇවිත් ...

ටික දවසක් යනකම් සීයගෙ හිතේ බය තිබුනලු... අපිනම් දවල්ටවත් ඒ පැත්තේ යන්නේ නෑ තවමත්...


No comments:

Powered by Blogger.