බෝගම්බර සාපලත් ආත්ම...


























සත්‍ය සිදුවීම් පාදක කරගත් නිර්මානයක් වන අතර කිසිවක් වෙනස් කර නොමැත

'2018 05 16 දර්ශණ අයිය සුනිල් අන්කල් ශිුපාලි එක්ක අපි මහනුවර යන්න කෝච්චියට නැග්ගෙ "කායම් කුලම් කොච්චුනී" කේරල ෆිල්ම් එකට සෙට් වෙන්න බෝගම්බර හිර ගෙදර හරි බලල එන්න පුළුවන් හින්ද මාත් ගියා මොකද ඒකෙ රැවුල් කොන්ඩ කපන කේස් එකක් තියන නිසා වැඩේ ශුවර් කලේ නෑ . 17 ෂූට් එක පටන්ගන්න නිසා රෑ මැනික් හින්නෙ ගෙදරක නැවතිල උදේම ගියා ... කවදාවත් නොදැකපු බෝගම්බර හිර ගෙදර අහල තිබුනත් දැකගන්න තිබුනෙ ලොකු කැමත්තක් ඒත් හිරගෙදර ඇතුලට අඩිය තියනවත් එක්කම ඒ කැමත්ත අකමැත්තක් බව⁣ට හැරෙන්න වැඩිවෙලා ගියේ නෑ දැනුන හැගීම මට වචන වලට පෙරලන්න බෑ අැයි මං මෙහේට ආවෙ ඇයි මේ මං මගේ හිතින්ම අහල මොහොතකට තනි උනා අදුරැ සිරකුටි දිහා බලපු මොහොතේ මගේ හදවත ඇතුලෙන් මහා වෙිදනාවක් එක්ක ඉකියක් ආවෙ මටත් නොදැනිම... 'ඒ ⁣එක්කම
ෆෝන් එක රිං උනා දර්ශණ අයිය .. කොහේද සපූ ඉන්නෙ 'ආ මම මේ ඉස්සරහ ගේට් එක ගාව අයියල කොහේද? අපි පිටිපස්සෙ ඉන්නෙ ඔහොම්ම එන්න හිරගෙදර අැතුලෙන් මම ගියේ හිතේ තිබුන කියාගත නොහැකි හැගීමත් එක්ක. දර්ශන අයිය කට්ටිය වටකරගෙන කතාව පටන් අරන් හට් ගහල පුටු තියල... කාලය ගත උනා හිතා⁣ගන්න බැරි විදියට දේවල් වෙනස් උනා හිරගෙදර බලන්න ආපු මම ඒ ෆිල්ම් එකේ චරිතයකට ගත්තෙ ගොඩක් අයගෙ අැස්වග ඉරිසියාවේ පැහැය එකතුකරල මොකද මට මුලින් කීව කොන්ඩෙ කපන්න කියල මම බෑ කියල ඉදිය පස්සෙ ඩිරෙක්ටර් අනෙත් අය තෝරන අතරෙ මම දිහා බැළුව දෙතුන් පාරන් මම ලොකු සීන් හින්ද බෑ කීව කියල හිතනව ඇති කියල මම පස්සෙ ෆෝන් එකේ තිබුන මගේ අනිත් ෆොටෝ පෙන්නල කීව තවම රගපාල ඉවර නැති ලංකාවෙ බාරගනිපු වැඩ තියනව මට සමාවෙන්න කොන්ඩෙ කපන්න බැරි වෙන එකට කියල මෑන් ෆෝන් බලල හිනාවෙල කීව ඔයාට සටන් පුළුවන්ද මේ ග්ලැඩියේටර් ඇදුම එක්ක කියල මම කීව ඔව් මට පුළුවන් කියල මෑන් මාව තෝරගත්ත. මේ දේවල් මම හිතපු දේවල් නෙමෙයි ඇදුමක් වත් අරන් නාපු මම වැඩේට තේරෙන කොට ඇදුම්කැඩුම් අරන් ආපු දර්ශණ අයියට ගෙදර යන්න උනා.

අපේ සීන් තිබුනෙ ෆිල්ම් එකේ අන්තිම හරියෙ ඒත් මට දවස ගානෙ ගෙවීම් ලැබුන හැමදාම උදේට බෝගම්බරට ඇවිත් නම ලකුණු කරල මම නුවර පුරා ඇවිද්ද පාළු වෙච්ච බන්ධනාගාරෙ පුරා ඇවිදල විනෝද වෙන එක මගේ අනිත් යාළුවන්ට පට්ට විනේදයක් වෙලා තිබුනට මද අදුරත් නොමැකෙන මූසල සීතලෙන් යුතු මහ උළු ගෙදර ලෑලි අතුරපු තට්ටු අවුරැදු ගනනාවක් මිනිසුන්ගෙ පා පහසින් ගෙවිච්ච ලෑලි පඩිපෙලවල් දකින්න මොකක්දෝ අහේතුවකට මං අකමැතිවෙලා ඉදිය ඇහැලේ පොල කුමාරිහාමි ගිල්වල මරපු බෝගම්බර වැව ගොඩකරල පර සුද්ද හදපු නිවැරදි සිංහලයන්ව වැරදිකාරයො කරල කබුක්කු පාරවල් දීල එල්ළුම් ගස් යවපු බන්ධනාගාරේ මම දැක්කෙ ප්රාණය නිරැද්ධ වදකයෙක් වගේ මේ සිදුවීම උනේ අපි එන්න දවස් 5කට කලින් දවසක එදා අනිත් අය ඔක්කොම එලියෙ ඉස්සරහ ලෑලි දොරත් වහල දොර පියන විතරයි අැරල තිබ්බෙ රෑ 7ටවිතර මම ආවෙ වැස්ස⁣ට කොටුවෙලා තියෙද්දි ....

එකෙක් වත් මගේ බෑග් එක අරන් ඇවිත් නෑ මටම බැනගනිමින් ළා අදුර අතරින් ඉදිරිපස දොරටුවෙන් ඇතුලට ගියේ බෑග් එක අරන් ඉක්මනට එන්න. අපිට වාඩි⁣වෙන්න තිබ්බ තිබුන හට් හදල තිබුනෙ පිටිපස්සට වෙන්න හරියටම කිව්වොත් එල්ළුම් ගහ තියන තැන ඔතන තිබ්බ හට් එහක තමයි මම බෑග් එක තියල තිබුනෙ ළාවට තිබුනු ආලෝකයෙන් මම බෑග් එක හොයනව බෑග් එක තියනව වගේ පේනව ගන්න යනකොට නෑ දෙතුන් පාරක් මෙහෙම උනා කේන්තියට මොන @@@@@@@ වේගෙන් කියඋනේ පස්සෙ බෑග් එක තියනව බිම ...මොනාහරි දෙයක් සිද්දවෙනව වගේ මගේ හිතට දැන් දැනෙනව හරියටම ඒ දවස වෙනකොට හද අැරෙන්න පටන් අරන් පෝයට දවස් කීපයක් අමාවක පෝයට වගේම පෝය ලංවෙනකොටත් සමහර සාපලත් බලවේග වලට යම් ශක්තියක් ලැබෙන ව කියන එක මං දැනන් ඉදිය ..... අැත්තටම මං ඉදපු තැනට දවසක ඔයාලට යන්න ලැබුනොත් බලන්න එල්ළුම් ගහ තියන තැනට ලගින් තියනව සුවිසල් බෝධීන් වහන්සේ නමක් හැම පැත්තටම අතු විහිදල තිබුනත් එල්ළුම් ගහ තියන පැත්තට එකම අත්තක්වත් විහිදිල නෑ එදා බෝගම්බර ක්රියාත්මක උන මේ අසාධාරණ දඩුවම උන් වහන්සේ උනත් අනුමත නොකරන්න අැති.පරංගි මුල්ලේරියාවෙ පිස්සන් කොටුව හැදුවෙ ජාතියටම සාපයක් වෙන්න මුල්ලේරියාව කියන වචනෙ අැහෙනකොට පිස්සන්ව මතක් වෙන්න අදටත් මොකද මුල්ලේරිය හටන කීවම පුදුමාකාර බියක් තිබුන යුද්දෙට ම උපන් රනකාමී අපේ වචනෙන් කීවොත් පට්ට මොරාල් එකක් තිබ්බ මිනිස්සු ඉදල තියනව ඒ කාලෙ නිරපරාදව අල්ලගන්න මිනිස්සු ගහල වද දීල පිස්සො කරල උන්මන්තකාගාර ගත කලා අන්න ඒ වගේ එදා බෝගම්බර උනත් හිරකලේ සුද්දගෙ බළු අවනීතියට විරැද්දව හටන් කොරපු අබීත සිංහලයො නිදහස් හටනේ වීරයො කී දාහක් මේ වදකාගාරේ දුක්විදල මැරෙන්න ඇතිද ? ලියාපදිංචි ගාන 544එදා ඉදන් මැ⁣රැව කියල ඒත් ඒ ගාන පොතකට සීමා වෙච්ච ගානක් ......ඒ සාපලත් ආත්ම වල නිහඩ අදෝනාව අදටත් දැනෙනව ඒ හුදකලා පාළුව තුල ..........

බෑග් එක අරන් දැන් මං යන්න ඕනෙ කියල අඩියක් තියනවත් එක්කම මට දැනුන කවුරැහරි කෙනෙක් මගේ පිටිපස්සෙ ඉන්නව කියල හැරිල බලනවත් එක්කම අදුරැ චායාවක් මිනිස් රෑපයක් එක්වරම පෙනිල නොපෙනිල ගියා ඒත් එක්කම මට ඇහෙනව මං ඉදපු තැන වටේට තනකොල පොඩිවෙනව කවුරැ හරි වටේට ඇවිදිනව වගේ ඒ තැන් වලින් අදුරැ මිනිස් රෑප වටේ යනව ජීවිතේ පලවෙනි වතාවට අමුනුෂ්ෂ ආත්ම ගැන තැතිගැන්මක් අැති උනා ඒ එක්කම ඉතිපීසෝ ගාතාව තරමක් හයියෙන් කියන්න ගත්ත ඒත් එක්කම වටේ තිබ්බ අදුරැ ජායාවන් අතුරැදන් උනා කකුල ඉක්මන් කරල කඩඉරි බන්ධන තුනක් ඉතිපීසෝ ගාථාවෙන් සීමා කරල මම එතනින් ආව එලියට එන තැනදි මට ආයෙ හිතුන හැරිල බලන්න මට දැනුනෙ මංදිහා ආයෙ කවුරැහරි බලං ඉන්නව වගේ ........ එලියට ආවම මම එලියෙ ඉදපු වයසක කෙනෙක්ට කීව මාමෙ මම හොදටම බය උනා නෙ මේකෙ හොල්මන් ඉන්නව ද කොහේද ...ඔය ළමෝ මොකටද රෑ ඔය ගුබ්බෑයමට රිංගන්න ගියේ හැන්දෑවෙ 5පහුවෙනකොට පණ තියෙන බළු නගුටෙක්වත් යන් නෑ ඉස්සර හිරකාරයො ඉන්නකොට වගේ නෙමෙයි දැන් මේක හෝන්පලක්...

වේදනාව අවිනිශ්චිතත්වය මරණබය සාපයන් ගෙන් අඩුවක් නූනු නිහඩ ප්රාණය නිරැද්ධ අළුගෝසුවෙක් වගේ අහසට දෙසවන් යොමා සියක් අැස් හාත්පස විහිදුවා බලාසිටිනා එදවස සුද්දාගේ සුවච වහලෙකු ව ජීවිත කැපකරගත් බෝගම්බර සිරගෙදර අදද සීතල ඌ අදුරැ කුටි සිය අදුරේ සැරිසරනා දරැවන්ට රැකවරනය දෙමින් බලා හිදින්නේය...

. ම ං මුලදිම කිව්ව මට මේක ඇතුලට එනකොට දැනුන හැගීම සමහර විට ගිය ආත්මයක මම මේ කාලකන්නි තැන ඉන්න ඇති හිරකාරයෙක් වෙලා මම නිදහස් වෙලා යන්න අැති මාත් එක්ක ඉදපු අනිත් උන් සමහර විට මේකෙ අැතුලෙම මැරෙන්න ඇති මම පොරොන්දු වෙන්න ඇති දවසක මං උඹලව බලන්න එනව කියල ඒත් මට එදා යන්න බැරිවෙන්න අැති. ඒ වෙලාවෙ දැනුන හැගීම තවමත් දැනෙනව මම මේ කතාව කියවන ඔයාල⁣ගෙන් එක ප්රාර්ථනාවක් ඉල්ලනව පුළුවන්නම් එක ප්රාර්ථනාවක් කරන්න ඒ සිරකුටිය තුල අදටත් විමුක්තිය සොයාගත ානාහැකිව දුක් විදින ඒ ආත්මයන්ට සැනසීමක් ලැබෙන්න කියල.

1 comment:

  1. Nice story.heart touched and learnt about history. thanks for uploading

    ReplyDelete

Powered by Blogger.